විද්‍යාවට අනුව පිරිමින් වයස අවුරුදු 40 ඉක්මවන තුරු පරිණත වෙන්නේ නෑලූ.

විද්‍යාවට අනුව පිරිමින් වයස අවුරුදු 40 ඉක්මවන තුරු පරිණත වෙන්නේ නෑලූ.

Naughty forty නම් ඔන්න පරිණතයිලු.

ළදරු නාම උත්පාදකය

ස්ත්‍රී පුරුෂ භාවය

අකුර

ප්‍රභේදය

සොයාගත් ළදරු නම්

සොයාගත නොහැක

පිරිමින්ගේ පරිනතභාවය ගැන පුංචි අනාවරණයක් කරන්නයි ‌මේ සුදානම.

මනමාල හතලිහ 

ඔන්න දැන් හිතන්න එපා අවුරුදු 40 ට අඩු පිරිමින් අවතක්සේරු කරනවා කියලා. ඒත් අවාසනාවකට විද්‍යාවෙන් මේ කථාව තහවුරු කරලා සාක්ෂි හොයාගෙන තියෙනවා.

සාමාන්‍යයෙන් ජිවිතයේ පිරිමින් කොතරම් පරිණතද කියලා පෙන්වන්න උත්සාහ කලත් ඔවුන් ළමයි වගේ හැසිරෙන අවස්ථා ඕනී තරම්. 

සමහරුන් විවාහය, පවුල පමණක් නෙවෙයි සම්බන්ධතාවයන් ඇතුලේ වුනත් හැසිරෙන්නේ එහෙමයි. එහෙම අවස්ථා වලදී කාන්තාවන් තමයි වැඩි වගකීමක් ගනිමින්  වැඩි පරිණත භාවයක් ප‌ෙන්නුම් කරන්න‌ේ.

මේ කතා පසෙකින් තබා අලුත්ම විද්‍යාත්මක පරීක්ෂණයක් සොයාගත් දේවල් මොනවාද කියලා බලමු. 

විද්‍යාවට අනුව පිරිමින් වයස අවුරුදු 40 ඉක්මවන තුරු පරිණත වෙන්නේ නෑලූ.

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ පරීක්ෂකයින් කාන්තාවන් හා පුරුෂයන්ගේ පරිණතභාවය හා සංවර්ධනය පිළිබඳ වෙනස්කම් අධ්‍යනය කලා. 

ඒ මඟින් ලැබුන ප්‍රතිඵල සලකා බලමින් නිගමන වලට එන්න ඔවුන්ට පුළුවන් වුනා. මොළය පරිණත වීම හා  ක්‍රියාකාරී හා ව්‍යුහාත්මක සංවර්ධනයන් වැඩිහිටි විය දක්වාම දිවෙන බව පරීක්ෂණයේදී  නිගමනය කළා.

එයිනුත් පිරිමින් පරිණත වීමට වැඩි කාලයක් ගතවෙනවාලු. ඒ අනුව මේ සම්බන්ධතාව ඔවුන් බොහෝ පරීක්ෂණ කළා. 

ඒ අනුව අවුරුදු 4 සිට 40 දක්වා වයස්වල පසුවන 121 දෙනෙකුගේ මොළය පරීක්ෂා කර දත්ත සටහන් කර ගත්තා.

ප්‍රතිඵල අනුව සෑම අයෙක්ගේම මොළය සමාන ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කලද කාන්තාවන්ට සාපේක්ෂව පිරිමින් ක්‍රියාකාරී ජාලයන්හි දීර්ඝකාලීන සංවර්ධනයේ දී යම් ප්‍රමාදයක් ප්‍රදර්ශනය කලා.

එය ඉතින් වසර 40 ක් විතර වෙනකම් එහෙම වෙනවාලු.

පිරිමින්ගේ පරිනතභාවය: Ladies first

කාන්තාවන්ට වඩා පිරිමින් පරිණත වීමට කල් ගත වෙන නිසා කාන්තාවන් තියුණුයි.

මෙක්සිකානු යුනාම් හි සේවය කරන ප්‍රොෆෙසර් එඩ්වාඩෝ කැලික්ස්ටෝ පවසන්නේ පුරුෂයින්ට වඩා ප්‍රමාණයෙන් විශාල මොළයක් කාන්තාවන් සතු බවයි. 

ඒ නිසා කාන්තාවන් විවිධ පැතිවලින් සිය කාර්යක්ෂමතාව ප්‍රදර්ශනය කරනවාලු. එයට හේතුව හෝමෝන වෙනස්කම් බවත් ඔහු පවසනවා.

කාන්තාවන්ට වඩා පිරිමින්  පරිණත වීමට පමා වීම අලුත් දෙයක් නම් නෙමෙයි. ඒත් එය තහවුරු කර ගැනීම සතුටක් නේද?

Naughty forty ලා නම් දැන් පරිණතයි කියලා සතුටු ‌වෙයි ‌නේද? Below forty ලා ඉතින් අමනාප ‌‌වෙන්න එපා ‌මේක අපි නිකමට න‌ෙම‌ෙයි කියන්නේ අධ්‍යයනයක් තමයි ඔය කාරණාව ඔප්පු කරලා තිය‌ෙන්‌නේ.

මේ අපූරු කාරණාව ඔබගේ සැමියා, සොහොයුරා හා පිරිමි මිතුරන් හා බෙදාගන්න අමතක කරන්න එපා. 

මුලාශ්‍ර 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.