theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔසප් දවස් වලට ඇඟටත් ලේසි, පර්ස් එකටත් වාසි, සෞඛ්‍යටත් හිතකර ඔසප් කෝප්පය ( Menstrual Cup)

5 අවම කියවීම
ඔසප් දවස් වලට ඇඟටත් ලේසි, පර්ස් එකටත් වාසි, සෞඛ්‍යටත් හිතකර ඔසප් කෝප්පය ( Menstrual Cup)ඔසප් දවස් වලට ඇඟටත් ලේසි, පර්ස් එකටත් වාසි, සෞඛ්‍යටත් හිතකර ඔසප් කෝප්පය ( Menstrual Cup)

ඔසප් දවස්  යනු අප බොහෝ දෙනෙක්ට මාසයේ අමිහිරිම දවස්. නමුත් දැන් ඔසප් කෝප්පය ( Menstrual Cup) නම් වූ මේ නවතම සොයාගැනීම නිසා කාන්තා අපගේ ඔසප් දවස් තවදුරටත් අමිහිරි වන්නේ නැහැ.

කාන්තා අපගේ ජිවිතයේ කොටසක් වූ ඔසප් වීම මහා ලොකු දෙයක් නොව අපට තව එක දවසක් පමණයි. අප මෙසේ කීවත් ඔසප් දවස්  යනු අප බොහෝ දෙනෙක්ට මාසයේ අමිහිරිම දවස්. නමුත් ඔසප් කෝප්පය ( Menstrual Cup) නම් වූ මේ නවතම සොයාගැනීම  ඔසප් දිනය අපට ප්‍රසන්න එකක් කරන්නට සමත් වනවා. 

ඔසප් දවසට අපට ඇතිවන මානසික අපහසුතා වලට අමතරව මුහුණ දෙන ප්‍රායෝගික අපහසුතා කිහිපයක් 

1. සනීපාරක්ෂක තුවා කිහිපයක්ම අපගේ ගමන් මල්ලේ තබාගත යුතු වීම. 

ගමන් මල්ලේ  නිතර තබාගත යුතු වැඩිපුර සනීපාරක්ෂක තුවා එහි ඉඩ කඩ සීමා කරනවා. එපමණක් නොව, පවතින ආරක්ෂක තත්වය නිසා ගමන් මලු පිරික්සේමිදී යම් අපහසුතාවයකට පවා ලක් කරනවා. 

2. පාවිච්චි කල සනීපාරක්ෂක තුවා බැහැර කිරීමේ අභියෝග 

පාවිච්චි කල සනීපාරක්ෂක තුවා බැහැර කිරීම පහසු කාර්යක් නොවෙයි.

විශ්ෂයෙන් බොහෝ විට කෙරෙන්නේ මේවා මිදුලේ කසල ගොඩක පුළුස්සා දැමීම. මෙම කාර්යයට සැලකිය යුතු කාලයක් හා ශ්‍රමයක් වය වනවා.

3. බැහැර කරන සනීපාරක්ෂක තුවා බල්ලන් බළලුන් විසින් එහෙ මෙහෙ ඇදගෙන යාමේ අවධානම.

සාමාන්‍ය කුණු සමඟ කෙතරම් ප්‍රවේසමෙන් බැහැර කලත් බල්ලන් බළලුන් විසින් මේවා හොයාගෙන ඒවා හැමතැන ගෙනිහින් දමනවා. 

මෙය මහා හිසරදයක් මෙන්ම අපහසුතායට ලක් වන තත්වයක්.

4. සනිපාරක්ෂක තුවා වලින් ඇති වන සෞඛ්‍ය බලපෑම් 

පොදුවේ කාන්තාවකගේ ජිවිත කාලය තුළ සනීපාරක්ෂක තුවා 6000ක් පමණ පාවිච්චි වන බව සමීක්ෂණ වලින් සොයාගෙන තිබෙනවා.

කාලයක් තිස්සේ මෙවන් විශාල ප්‍රමාණයක් පරිහරණය වනවා.

එබැවින් සිරුරේ එකතු වන ඩයොක්සින් නිසා ශරීරයට අහිතකල බලපෑම් රැසක් ඇතිවන බව කියවෙනවා. 

ප්‍රතිශක්තිය හීන වීම, දියවැඩියාව, හෝමෝන අසමතුලිතතාව, යටි බද පිපීම, ඩිම්බ කෝෂ ආශ්‍රිත පිළිකා ආදිය මින් ඇතිවිය හැකි  ආදීනව කිහිපයක්.

5. පරිසරයට අහිතකර බලපෑම් ඇතිවීම.

එක් කාන්තාවකගේ ජිවිත කාලය තුල සනීපාරක්ෂක තුවා 6000ක් පාවිච්චි කර බැහැර කෙරෙන්නේ නම් ලෝකවාසි කාන්තාවන් පරිසරයට බැහැර කරන තුවා ප්‍රමාණය ගැන කවර කතාද? මෙය අතිශය ඛේදවාචකයක් නොවේද?

ඉතින් මෙවන් ආදීනව රැසක් ඇතිවීමේ අනතුරුදායක තත්වය හමුවේ කාන්තාවන් සනීපාරක්ෂක තුවා භාවිත කරන්නේ ඇයි?  ඒ අන් කිසිවක් නිසා නොව ඔවුන්ට වෙනත් විකල්පයක් තිබුනේ නැති බැවිනි. 

මොකද්ද මේ ඔසප් කෝප්පය ( Menstrual Cup)

ඔසප් කෝප්පය menstrual cup

ඔසප් කෝප්පය යනු පුංචි පුනීලයක නොහොත් කෝප්පයක හැඩයට නිර්මාණය වූ ඔසප් කාලයේ පැළඳිය හැකි උපකරණයකි. මෙය ස්වභාවික අමුද්‍රව්‍ය යොදා නිර්මාණය කරන ලද්දකි. මෙය නැවත නැවතත් පාවිච්චි කල හැකි අතර වසර ගණනාවක් තබාගත හැකියි.

මෙය ඔසප් කාලයේදී සනීපාරක්ෂක තුවා වෙනුවට පැළඳිය හැකියි. ලොව පුරා කාන්තාවන් අතර ජනප්‍රිය වී ඇති මෙම කෝප්පය පසුගිය වසරේ (2018) කාන්තා ලොවේ පෙරලියක් ඇති කරමින් ඉහත කී අපහසුතා රැසකට පිළිතුරක් ලෙස නදීෂා පෝලිස් විසින් ලංකාවට හඳුන්වා දී ඇත.

ඔසප් කෝප්පය menstrual cup

ඔසප් කෝප්පය (මෙන්ස්ට්‍රල් කප්) ලාංකික කාන්තාවන් අතර ව්‍යාප්ත කිරීමට කැපවී සිටින නදීෂා පෝලිස් සඳහන් කරන්නේ, මෙය මිල අධික සනීපාරක්ෂක තුවා මෙන්ම ඒවායින් සිදුවන පරිසර හානිය අවම කිරීමට හැකි “කදිම” විකල්පයක් බවය.

“මම දැන් වසරකට වැඩි කාලයක් ‘මෙන්ස්ට්‍රල් කප්’ එක භාවිත කරනවා. එය ඇත්තටම සුවිශේෂී නිෂ්පාදනයක්. ‘මෙන්ස්ට්‍රල් කප්’ එකක් අවුරුදු ගණනක් භාවිත කරන්න පුළුවන්. එය පරිසර හිතකාමී, වියදම් අඩු, ඉතා පිරිසිදු ක්‍රමයක්” යැයි නදීෂා පෝලිස් bbc.com//sinhala/sri-lanka වෙබ් අඩවියේ සඳහන් කළා.

ඔසප් කෝප්ප ( Menstrual Cup) මගින් කාන්තාවගේ ඔසප් දිනයට ඇති කරන සුභවාදී පෙරළිය 

ඉතින් කොහොමද බලමු ඔසප් කෝප්පය ඔසප් දවස් සලට සහනයක් වන්නේ

1. එක් ඔසප් කෝප්පයක් ඔබට වසර ගණනාවක් වුවද භාවිතා කරන්නට පුළුවන්. 

2. පෙර කිවා සේ මෙය වරින් වර පාවිච්චි කරන්නට පුළුවන්. වරකට පැය 8ත් 15ත් අතර කාලයක් මෙය පැළඳ සිටින්නට පුළුවන්. 

3. පසුව මෙය එළියට ගෙන සෝදා, නැවත පළඳින්නට පුළුවන්. මෙමගින් ඔසප් වීමේදී බැහැර වන රුධිරය එක්කාසු කරන නිසා යෝනි ප්‍රදේශය ඉන් අපිරිසිඳු වීමෙන් වැළකෙනවා. අනවශ්‍ය ලෙස වියලිමකට ලක් වන්නේද නැහැ. 

4. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ මෙය පැළඳ පිහිනීම හා අනෙකුත් ක්‍රීඩා වල සාමාන්‍ය ලෙස නියැලෙන්නට පුළුවන්. 

5. පරිසරයට හිතකර වීම. 

ඔසප් කෝප්ප (Menstrual Cup) භාවිත කරන අකාරය.

මෙය පාවිච්චි කරන මුල් කාලයේ ඔබට යම් නුහුරු බවක් හා අපහසුතාවක් දැනෙන්නට පුළුවන්. නමුත් කිහිප වතාවක් පාවිච්චි කර එයට හුරු වූ පසු එහි ඇති සුව පහසුව අත්දකින්නට පුළුවන් වේවි.

ඔසප් කෝප්පය menstrual cup

ඔසප් කෝප්පය (Menstrual Cup)

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

1. මුලින්ම ඔසප් කෝප්පය නටන වතුරේ විනාඩි 3ත් 5ත් අතර කාලයක් ජීවානුහරණය කර පිරිසිඳු කරගන්න.

2. මද රස්නේ වතුරෙන් ඔබේ දෑත් හොඳින් පිරිසිඳු කරගන්න. 

3. ඔසප් කෝප්පය සිරුරට ඇතුලත් කරගැනීමට ඔබට පහසු ඉරියව්ව තෝරාගන්න.

4. දැන් මෙම කෝප්පයේ කට හරිය සිහින් වන සේ මිරිකාගන්න.

5. දැන් මෙසේ මිරිකාගත් කෙළවර යෝනි මාර්ගයට ඇතුල් කරගන්න. අවශ්‍ය නම් සිරුරට හිතකර ලිහිසි දියර ස්වල්පයක් ගල්වා අතුල්කරගන්න.

6. හොඳින් ඇතුල් කරගත් ඔසප් කෝප්පයේ කට දිග හැරී ‘ප්‍ඔප් හඬින් හොඳින් ප්‍රසාරණය වේවි. මෙය කෝප්පය වටා අතගා බලා දැනගත හැක.

7. කෝප්පය හොඳින් ප්‍රසාරණය වී සවි වී නැති බවක් දැනේ නම් හොඳින් සවි වන තුරු කෝප්පයේ වටේට කරකවමින් සවිකරගන්න. (කෝප්පයේ නටුව නොවේ)

8. නටුවෙන් සෙමින් පිටතට අදින්නට තැත් කරන්න. ප්‍රතිවිරුද්ධ ආයාසයක් දැනේ නම් කෝප්පය හොඳින් සවි වී ඇත.

ඔසප් කෝප්පය ඉවතට ගැනීම 

9. දෑත් හොඳින් සෝදාගන්න.  දවස අවසානයේ කෝප්පය ඉවත් කිරීමට, යටි බඩින් පහතට තෙරපමින්, ඔසප් කෝප්පය ඉවතට තල්ලු කරන්න.

10. නටුව දෙපැත්තට පදවමින් සෙමින් කෝප්පය යෝනි මාර්ගයෙන් ඉවත් කරගන්න.

එකතු වූ රුධිරය ඉවත් කරගන්න. දැන් හොඳින් සෝදා නටන වතුරේ විනාඩි 3ත් 5ත් අතර තම්බාගන්න. නැවත පාවිච්චි කරන තෙක් පිරිසින්දුව අසුරා තමන්න.

මෙය භාවිතයෙන් කන්‍යා පටලයට හානි සිදුවේද?

කන්‍යාපටලය යනු ඉතා නම්‍යශීලි ඇදෙනසුළු සියුම් මාංශපේෂියක්. මෙය  මැදින් හිඩැසක් ඇති අතර එතුළින් ඔසප් වීම සිදුවනවා. මේ නිසා ඔසප් කෝප්පය මගින් කන්‍යා පටලයට හානි සිදුවන්නේ නැහැ. එනමුත් ඔබගේ නව යොවුන් වියේ දියණිය මෙය භාවිතයට කැමැත්තෙන් සිටිනවා විය හැක. ඔබට මේ ගැන තවදුරටත් තහවුරු කරගැනීමට, භාවිතයට පෙර ඔබේ නාරි හා ප්‍රසව වෛද්‍යවරයාගේ උපදෙස් ගන්න.  

ඔසප් කෝප්පයක් (Menstrual Cup) ලබාගන්නේ කෙසේද?

ඉතින් මෙවන් ඔසප් කෝප්පයක් මිලදී ගැනීමට කැමති නම් මෙම Order Form  දිගුව හරහා ඔබගේ ඔසප් කෝප්පය ඇනවුම් කල හැකියි.

Picture Credits: www.bbc.com/sinhala/sri-lanka

www.facebook.com/happybleedingsrilanka/

 

 

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • ශාරීරික සුවතාව
  • /
  • ඔසප් දවස් වලට ඇඟටත් ලේසි, පර්ස් එකටත් වාසි, සෞඛ්‍යටත් හිතකර ඔසප් කෝප්පය ( Menstrual Cup)
බෙදාගන්න :
  • ඔසප් චක්‍රය ගැන ඔබ දැන ගත යුතු දේ

    ඔසප් චක්‍රය ගැන ඔබ දැන ගත යුතු දේ

  • ඔසප් වේදනා වලට නිවසේදී කල හැකි ප්‍රතිකාර හා එය ඇතිවීමට හේතු 7ක්

    ඔසප් වේදනා වලට නිවසේදී කල හැකි ප්‍රතිකාර හා එය ඇතිවීමට හේතු 7ක්

  • ඔසප් චක්‍රය ගැන ඔබ දැන ගත යුතු දේ

    ඔසප් චක්‍රය ගැන ඔබ දැන ගත යුතු දේ

  • ඔසප් වේදනා වලට නිවසේදී කල හැකි ප්‍රතිකාර හා එය ඇතිවීමට හේතු 7ක්

    ඔසප් වේදනා වලට නිවසේදී කල හැකි ප්‍රතිකාර හා එය ඇතිවීමට හේතු 7ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it