theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔසප් චක්‍රය ගැන ඔබ දැන ගත යුතු දේ

4 අවම කියවීම
ඔසප් චක්‍රය ගැන ඔබ දැන ගත යුතු දේඔසප් චක්‍රය ගැන ඔබ දැන ගත යුතු දේ

ඇත්තටම මොකද්ද මේ periods කියන්නේ?

ඔසප් චක්‍රය කියන්නේ මොකද්ද? පුංචි ළදැරියක් ඉපදෙන කාන්තාවක් තුල මල්වර වීමෙන් පසු වයසට යන තුරුම ජිවයේ අඛණ්ඩත්වය වෙනුවෙන් සිදුවන ක්‍රියාවලියක් සක්‍රීයව සිදුවෙනවා.

ඔබ විවාහක වුවද නොවුවද සාර්ථක එක්වීමක් බලාපොරොත්තුවෙන් ඔබගේ ඩිම්බ කෝෂ සෑම දවස් 28 කටම වරක් සජිවී බීජයක් පිට කරනවා.

ඔසප් චක්‍රය

ගර්භාෂය යුක්තාණුවක් පිළිගන්න සුදානමින් දරුවෙකුගේ වර්ධනයට සුදුසු පරිසරයක් ඒ තුල නිර්මාණය කරනවා. නමුත් සෑම ඩිම්බයක්ම ශුක්‍රාණුවක් හා එක් ව යුක්තාණුවක් වී දරුවෙක් තනන්නට වරම් ලබන්නේ නැහැ .

අවසානයේදී ඒ බලාපොරොත්තු  බිද වැටුන  ඩිම්බය සිරුරෙන් පිටවෙන්නේ ඒ සදහා සුදානම් වු ගර්භාෂ බිත්ති සියල්ල බිද වට්ටමිනි.

ඒ සියල්ල රුධිරය සමගින් යෝනි මාර්ගයෙන් පිට වෙමින් ඔබට අපහසු දවස් කිහිපයකට මුහුණ දෙන්න වෙනවා. මෙය ඔසප් වීම ලෙසත්, මෙම චක්‍රිය ක්‍රියා වලිය ඔසප් චක්‍රය ලෙසත් හදුන් වනවා.

ඔසප් චක්‍රය: පළමු ඔසප් වීම හෙවත් මල්වර වීම

ස්ත්‍රී ප්‍රජනක පද්ධතියට ඩිම්බකෝෂ දෙකක්, පැලෝපීය නාල දෙකක් සහ ගර්භාෂයක් ප්‍රධාන වශයෙන් අයත් වෙනවා.

ඔසප් චක්‍රය

ගැහැණු දරුවෙකුගේ ඩිම්බ සකස් වන්නේ ඇය මව්කුස තුල සිටියදීමය. එම ඩිම්බ උපතෙන් පසුවද ඩිම්බ කෝෂ වල තිබෙන අතර වැඩි විය පැමිණිමෙන් පසු එම ඩ්ම්බ එකෙන් එක පරිණත වී ශුක්‍රාණුවක් හා එක් වීමේ බලාපොරොත්තුවෙන් පිට වෙනවා.

සාමාන්‍යයෙන් ගැහැණු දරුවන්ගේ  පලමු ඔසප් වීම අවුරුදු 8-13 අතර කාලයෙදී සිදුවෙනවා.

මෙය වැඩිවිය පැමිණීම නැතිනම් මල්වර වීම ලෙස හැදින්වෙනවා. ඒත් එක්කම සිදුවෙන  හෝමෝන ( ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටෙරෝන්) වෙනස් කම් එක්ක ඔවුන්ගේ සිරුර වගේම  මනසත් විවිධ ආකාරයෙන් වෙනස් වෙනවා.

පළමු ඔසප් වීමේ සිට දින 28 කට වරක් ආර්තවය හෙවත් ඔසප් වීම සිදුවෙන බව සලකනවා. නමුත් නිරෝගී කාන්තාවකට එය දින 21 සිට දින 35  පරාසයක සිදුවෙන්න පුළුවන්.

ඒ වගේම මේ චක්‍රයේ දින ගණන ඉහත පරාසය තුල කාන්තාවක ගෙන් කාන්තාවකට වෙනස් වෙනවා.

දින 28  ක් වු ඩිම්බයක ගමන් මග

පරිණත වු ඩිම්බයක්  ඩිම්බ කෝෂ  මගින් වරකට එක බැගින්  පැලෝපීය නාලය වෙත මුදා හරිනු ලබනවා.

මෙම ඩිම්බ මෝචනය සාමාන්‍යයෙන් සිදුවන්නේ අවසන් ඔසප් වීම සිදු වු දින සිට දින 13 දින 14 දක්වා කාලයේදීය.

මෙම කාලය සරු කාලය ලෙස හදුන්වන අතර එහිදි ඩිම්බයට ශුක්‍රාණුවක් හා එක් වුවහෝත් යුක්තාණුවක් සැදීමේ වැඩි සම්භාවිතාවයක් තියෙනවා.

එසේ යුක්තාණුවක් සැදුනහොත් එය පැලෝපීය නාලය දිගේ ගර්භාෂය තුලට ඇවිත් එහි බිත්තියේ අධිරෝපණය වී කලලයක් සේ වැඩෙන්නට පටන් ගන්නවා.

එහිදී හෝමෝන මගින් ඔසප් චක්‍රය තාවකාලිකව අත් හිටවනු ලබනවා.

නමුත් එසේ සාර්ථක එක්වීමක් නොලබන ඩිම්බයකට අත් වෙන ඉරණම කුමක්ද?

එසේ සාර්ථක අවසානයක් ලබන්නේ ස්ත්‍රියකගේ ජීවිතයේ ඩිම්බ කිහිපයක් පමණි.අනෙක් ඩිම්බ සියල්ලම ඇයගේ සිරුරෙන් පිට කරනු ලබනවා.

දින විසි අටකට වරක් ඩිම්බයක් මෙසේ සිරුරෙන් පිටවන්නේ තනිව නම් නොවේ.

ඒ සමගම අලුත් ජීවයක් පිළිගන්න සුදානම් වු ගර්භාෂයේ ඇතුළත බිත්ති කැඩී එයින් පිටවෙන  රුධිරය යෝනි මාර්ගය ඔස්සේ පිටතට පැමිණෙනවා. මෙය  ඔසප් වීමයි.

යෝනි මාර්ගයෙන් මෙසේ රුධිරය පිටවීම  දින  2 සිට දින 6 දක්වා කාලයක් පවතිනවා.

මෙය ඉතා අසිරූ කාලයක් වෙන අතර ඒ සදහා සනීපාරක්ෂක තුවා මෙන්ම ඔසප් කෝප්පය ( Menstrual Cup) භාවිතා කරන්න පුළුවන් .

මේ ඔසප් කෝප්පය ( Menstrual Cup) නම් ශ්‍රී ලංකාවේ අපිට ටිකක් අලුත් අත්දැකීමක්, එහෙම නේද ?  ඔබ මේ ඔසප් කෝප්පය ( Menstrual Cup) එක භාවිතා කරන්න චකිතයකින් පෙලෙනවා නම් හෝ ඒ ගැන වැඩි දුර කියවන්න කැමතියි නම් මෙතැනින් කියවන්න.

මෙසේ ඩිම්බයක් සිය ගමන් මග සම්පුර්ණ කිරීමත් සමගම අනෙක් ඩිම්බයේ අපූර්ව චාරිකාව ඇරඹෙනවා. මෙම චක්‍රීය ක්‍රියාවලිය ඔසප් චක්‍රය  ලෙස හදුන්වනවා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

කාන්තාවක් ලෙස මෙය කොතරම් අසීරු ක්‍රියාවලියක් වුවත් ගැහැනියක ලෙස ජීවිතයේ ලබන උතුම්ම පදවිය වු මාතෘත්වයට මග පාදන ක්‍රියාවලියත් මෙය බව අමතක නොකරන්න.

ඔසප් වීම හා සම්බන්ධ ගැටළු

ඔසප් වීම කාන්තාවකගේ ජීවිතයේ සාමාන්‍ය සංසිද්ධියක් වුවත් එහි ක්‍රියාවලිය  සාමාන්‍ය නොවන අවස්ථාත් තියෙනවා. පහත සදහන් ලක්ෂණ තිබේ නම් වෛද්‍ය උපදෙස් ලබාගැනීම සුදුසු වෙනවා.

  • අධික රුධිරය පිටවීම
  • දින හතකට වඩා වැඩියෙන් රුධිරය පිටවීම
  • ඔපස්වීමට පෙර හෝ පසු දරාගත නොහැකි වේදනාව
  • ඔපස්වීම මාස කිහිපයක් ප්‍රමාද වීම
  • ඔපස් චක්‍රය අතර තුර වරින් වර රුධිරය පිට වීම

ඔසප් චක්‍රය :  ජීවයට අරුත දුන් අරුත් බර ක්‍රියාවලියක අවසානය ආර්තවහරණය

කාන්තාවක් වයස අවුරුදු 50ට ලගාවෙද්දී ඇයගේ ප්‍රජනන පද්ධතිය විශ්‍රාම ගන්න සුදානම් වෙනවා.

එහි ප්‍රථම පියවර ලෙස ඔසප් වීම නවතිමින් ජීවය තනන්නට ඇයට තිබු ආශිර්වාදය අහිමි වෙනවා. මෙසේ ඔසප් වීම නැවතීම ආර්තවහරණය ලෙස හදුන්වනවා.

සෑම සාමාන්‍ය කාන්තාවක්ම මල්වර වීමේ සිට ආර්තවහරණය දක්වා වු මේ සිද්ධි මාලාවටම මුහුණ දෙනවාඔසප් චක්‍රය.  ඒ අතර තුර ලබන ඉහලම දේ මාතෘත්වය බවද අමතක නොකරන්න.

ඔසප් චක්‍රය අඩාල හෝ අක්‍රමවත් කරන සාධක කිහිපයක්

  • ගර්භණීත්වය හෝ මව් කිරි ලබාදීම
  • මානසික ආතතිය
  • නිසි පෝෂණය නොලැබීම
  • රෝගී තත්වයක්
  • සමහර රෝග වලට ගන්න ඖෂධ
  • හෝමෝන අඩංගු උපන් පාලන ක්‍රම
  • සිරුරේ බර වැඩිවීම
  • සිරුරේ හෝමෝන අසමතුලිතතාවය

 පෞද්ගලික සනීපාරක්ෂාව

අනෙක් සෑම දවසකදීම වගේම  ඔසප් වන දින  වලත් පිරිසිදුව සිටීම වැදගත් වෙනවා.

නිසි පරිදි සනීපාරක්ෂක තුවා මාරු කිරීම, ඔසප් කෝප්පය (Menstrual Cup) පිරිසිදු කිරීම කල යුතුය.

 

කාන්තාවක් ලෙස ඔබගේ ජීවිතයේ දින 28 කට වරක් ක්‍රියාත්මක වෙන ඔසප් චක්‍රය ගැන මේ තොරතුරු ඔබ වෙත ගෙන එන්නේ theAsianparent Sri Lanka වෙතිනි.

ලිපිය: නදීශා ලක්මිණී

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • ඔසප් චක්‍රය ගැන ඔබ දැන ගත යුතු දේ
බෙදාගන්න :
  • ඔසප් චක්‍රය අක්‍රමවත්ද? මෙන්න  හේතු 4 ක්

    ඔසප් චක්‍රය අක්‍රමවත්ද? මෙන්න හේතු 4 ක්

  • කාන්තා ඔසප්චක්‍රය පිළිබඳව වයස අවුරුදු 7ක් වන වන මගේ පුතාට කියා දුන් හැටි

    කාන්තා ඔසප්චක්‍රය පිළිබඳව වයස අවුරුදු 7ක් වන වන මගේ පුතාට කියා දුන් හැටි

  • ඔසප් චක්‍රය අක්‍රමවත්ද? මෙන්න  හේතු 4 ක්

    ඔසප් චක්‍රය අක්‍රමවත්ද? මෙන්න හේතු 4 ක්

  • කාන්තා ඔසප්චක්‍රය පිළිබඳව වයස අවුරුදු 7ක් වන වන මගේ පුතාට කියා දුන් හැටි

    කාන්තා ඔසප්චක්‍රය පිළිබඳව වයස අවුරුදු 7ක් වන වන මගේ පුතාට කියා දුන් හැටි

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it