theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබේ මද්දුම දරුවා ඔබේ අනෙක් දරුවන්ට වඩා බලවත් වන්නේ ඇයි?

5 අවම කියවීම
ඔබේ මද්දුම දරුවා ඔබේ අනෙක් දරුවන්ට වඩා බලවත් වන්නේ ඇයි?ඔබේ මද්දුම දරුවා ඔබේ අනෙක් දරුවන්ට වඩා බලවත් වන්නේ ඇයි?

ජනප්‍රිය විශ්වාසයකට එරෙහිව යමින්, මැදි දරුවා වීම සමහර පුද්ගලයන්ට වයසින් වැඩෙත්ම ශක්තිමත් නායකත්ව ගුණාංග වර්ධනය කිරීමට උපකාර වී තිබෙනවා.

සාමාන්‍යයෙන්  වැඩිමහලු දරුවාගේ වැඩකටයුතු කිරීම නිසා හෝ, සුරතල් බාල දරුවාගේ අවශ්‍යතා නිසා මද්දුම දරුවා නොසලකා හැරෙන බවට පොදු සංකල්පයක් තියෙනවා. ඔවුන් නිතරම පවුලේ ප්‍රශ්න ගැටලුවලින් අතරමං වෙන අතර, කිසිදා මැකි නොයන අවිනිශ්චිත සංකීර්ණත්වයක් වර්ධනය කර ගන්නවා.

එය පොදු සම්ප්‍රදායික ජනප්‍රිය සංකල්පයක් වේ. එය සත්‍යයක් ද?  නව පර්යේෂණයකින් පෙනී යන්නේ මද්දුම දරුවා එසේ වීමේ වාසි ඇති බවයි.

ජනප්‍රිය විශ්වාසයකට එරෙහිව යමින්, මද්දුම දරුවා වීම   සමහර පුද්ගලයන්ට වයසින් වැඩෙත්ම ශක්තිමත් නායකත්ව ගුණාංග වර්ධනය කිරීමට උපකාර වී තිබෙනවා.

 

මද්දුම දරුවා වීම තුල ලැබෙන වාසී

මැද ළමයා ඇත්ත වශයෙන්ම බොහෝ වාසි ලබයි.

1. ඔවුන් දක්ෂ  සාකච්ඡාකරුවන් සහ සාමය ඇති කරන්නන් වේ.

මද්දුම දරුවා සෑම විටම අවධානය හා සම්පත් වෙනුවෙන් අනෙක්  සහෝදර සහෝදරියන් සමඟ තරග වදින බැවින්, ඔවුන්ගේ හඩට හා තැනට ඔවුන් ප්‍රමුඛ ස්ථානයක් ලැබේ.

රදන්ඩ්ස් විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක් හා කතුවරියක වූ කැතරින් සැල්මොන් මෙසේ පවසනවා.  

ළමා කාලයේ අත්දැකීම්වල ප්‍රතිඵලයක් ලෙස මැද දරුවන්ගේ  කුසලතා වලට සංවේදී බව බද්ධ වෙලා තියෙනවා. තවත් පුද්ගලයෙකුගේ දෘෂ්ටිකෝණයකින්  යමක් දෙස බැලිය හැකි නිසා ඔවුන්ට වඩා හොඳන් ගැටලු නිරාකරණය කල හැකිය.

"සාකච්ඡා කරුවන්ගේ කාර්යභාරය නම්,  සාමාන්‍යයෙන්  සැනසීම ගැන නොසිතා තරගකාරීත්වයේදී ආශාව හා අවශ්‍යතාව   අනුව  කටයුතු කිරීමයි" යයි සැල්මොන් පැවසුවා.

මැද දරුවන්ගේ  සාකච්ඡා කුසලතා තියුණු කිරීමෙන්  සමාජ සහ වෘත්තීය වාසි ඇතිවේ. මේ නිසා ඔවුන් මිතුරන් ඇති කරගැනීමේදී දක්ෂයෝ වෙයි.

1976 දී පෞරුෂත්ව හා සමාජ මනෝවිද්‍යාව සගරාවක  පළ වූ  අධ්‍යයනයකින් සොයා ගත් පරිදි පළමුව උපන් දරුවා  සමඟ සසඳන විට ඔවුන්ට පසුව උපදින දරුවන් වඩා හොඳ සමාජ කුසලතා ඇති අය වු අතර වඩාත් ජනප්‍රිය පුද්ගලයන්  වුනා.

2. ඔවුන් අවදානමක්  ගන්නන් සහ නිර්මාණශීලී පුද්ගලයන් වේ.

දෙමව්පියන් හා දරුවන් සහභාගි කර ගෙන කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වුයේ දෙමාපියන්ගෙන් තුනෙන් කොටසකට බොහෝ විට තම මද්දුම දරුවා නොසලකා  ඇති බවයි.

කෙසේ වෙතත්, මද්දුම දරුවා දැඩි පරීක්ෂණයට ලක් කිරීම සම්බන්ධයෙන් මෙහි ධනාත්මක බලපෑමක් ඇත. මෙයින් අදහස් කරන්නේ මැද දරුවන් බොහෝ විට නිදහස්, වඩා නිර්මාණශීලි වන අතර  නව දේවල් කිරීමට කැමැත්තෙන් සිටින බවයි.

නිදසුනක් වශයෙන්, මැද දරුවන් බොහෝ විට තනිවම කාලය ගත කරමින් ඔවුන්ට විනෝදය ලබාගැනීම සදහා නිර්මාණශීලී මාර්ග සොයා ගන්නවා.

3. පීඩනය යටපත් කිරීමට ඔවුන්ට ගන්නේ අඩු උත්සහයකි.

වැඩිමල් දරුවා තම  දෙමව්පියන්ගේ අපේක්ෂාවන්ට මල්ඵල ගැන්වීමට දැඩි පීඩනයක කටයුතු කරනවා. මෙය ඔවුන්ට පසුව උපදින දරුවන්ට වඩා ඔවුන්ට විෂාදය ඇතිවීමේ ඉහල අවදානමක් ඇති කරනවා.

මැද දරුවන්ට ඇති  පීඩනය අඩු නිසා ඔවුන්ට මෙම ගැටළුව නැහැ. එමනිසා ඔවුන්ට  වැඩිහිටි වියේ ඇතිවෙන අසමත් කම් හා කලකිරීම් වලදී  ඇතිවෙන අසීරු තාවය අඩු වේ.

4. මද්දුම දරුවා ට ලාබ අලාබ දරාගැනීමේ මානසික ශක්තියක් ඇත.

ස්වභාවිකව නායකයන් වීමේ ප්‍රශංසාව වැඩිමල් දරුවන්ට හිමි විය යුතු බව සත්‍ය වුනත්, මැද දරුවන් බොහෝ ඉහළ වටිනාකම් සහිත නායකත්ව ලක්ෂණ ඉගෙන ගැනීමට පෙළඹෙනවා.

මේවා අතර සහයෝගීතා කුසලතා, සබඳතා ගොඩනැඟීමේ හැකියාවන් සහ නිදහස. (එක්සත් ජනපදයේ ජනාධිපතිවරුන්ගෙන් සියයට 52 ක්ම මැද දරුවන් වේ. ඔබ තීරණය කරන්න .)

සැල්මොන් පවසන පරිදි වැඩිමහල් දරු දැරියන් ආධිපත්‍යය  භාවිත කරමින් පාලනය  කරන අතර  මැද  දරුවන් විසින් සාකච්ඡා සහ සාමය පිළිබඳ කුසලතා ඉගෙන ගෙන ඇති හෙයින් ඔවුහූ විශ්වාසයෙන් යුතුව පාලනය   කරයි.

මීට අමතරව, මැද දරුවන් පුළුල්ව සිතීමට පෙළඹෙන අතර  එහි ප්‍රතිඵලයක් ලෙස අත්දැකීම් සඳහා වැඩි විවෘතතාවයක් ලැබෙනවා .   (එමඟින් පවුල තුළ විවිධ ස්ථාන  ගවේෂණය කිරීමට පහසුකම් සලසා දී ඇත) ඒ මගින් ලාබ අලාබ දරා ගන්න දායකත්වයක් ලබා දෙනවා.

5. මැද ළමයා විශ්මයජනක සම්බන්ධතා වල සහකරුවන් වේ.

ඒ අනුව මද්දුම දරුවාට  හොඳ පුද්ගල හැකියාවන් ඇත. ගැටුම් නිරාකරණය කිරීමේ හැකියාව රැකියාව තුළ සහ දිගුකාලීන විවාහයක් තුළ ප්‍රයෝජනවත් වෙනවා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ අධ්‍යයනයකින් සොයා ගත්තේ සම්මුතියක් ඇති කර කිරීමට වැඩි කැමැත්තක් දක්වන යුවල බොහෝ  සන්නිවේදන කරන බවයි. තර්ක අතරතුරදී ඔවුන්ගේ ස්ථාවරය පැහැදිලි කිරීමට ඔවුන්ට හැකි වුනා. ඒ වගේම ඔවුන්ට ශක්තිමත් විවාහයක් තිබුනා.

මැද දරුවන්ගෙන් 80% ක් තම  අන්න්‍යතාවය මත කිසිවෙකුට  වංචා  නොකරන අතර වැඩිමල් දරුවන්  ගෙන්  65% ක් සහ බාල දරුවන් ගෙන් 53% ක් එසේ කරන බවත්  සැල්මොන් විසින් ඇයගේ පොත වෙනුවෙන් පැවැත් වු සමීක්ෂණයකදී හෙලි කර ගත්තා.

6. ඔවුන් නම්‍යශීලී වේ.

බොහෝ අධ්‍යන මගින් සහෝදර සහෝදරියන් සමග වැඩීම තුල ලැබෙන  සමාජ හා මානසික ප්‍රතිලාභ  විස්තර කර තියෙනවා

ඔහයෝ ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ එක් අධ්‍යයනයකින් හෙළි වූයේ එකම දරුවා ලෙස සිටින දරුවන්  වඩා සහෝදර සහෝදරියන්  සමග වැඩෙන දරුවන් තුල  දැඩි සමාජීය කුසලතා තිබුණු බවයි. මෙය  ඔවුන්ට අඩු වයසකදී පටන් අනෙක් අය සමඟ හොඳින් සෙල්ලම් කිරීමට හැකිවීමට හේතු වෙනවා.

මෑත සමීක්ෂණ විසින් මේ පිලිබඳ  සොයාබලා ඇත. තර්කය වන්නේ එකම දරුවා වීම අනාගත සමාජ සංවර්ධනයට කිසිදු බලපෑමක් නැති බවයි. එහෙත්, සහෝදර සහෝදරියන් සමඟ වර්ධනය වීම   දික්කසාදය වීම හා පරාර්ථකාමි  වීම සමග  සම්බන්ධ කම් තියෙනවා .

මද්දුම දරුවාට  හොඳ අවස්ථාවක්  ලැබෙනවා. ඔවුන් තම වැඩිමහලු සහෝදරයන්ගේ දැනුම හා වැරදි වලින් ඉගෙන ගන්නත් තම  බාල සහෝදර සහෝදරියන්ට ඒ දේවල්  උගන්වන්නත්  ඔවුන්ට පුළුවන් .

මෙය ඔවුන්ව නම්‍යශීලී  කරනු ලබයි. මද්දුම දරුවාට  පැවරුනු කාර්‍ය බාරයක් නොමැත. ඔවුන්ට  ශිෂ්‍යයා වීමටත් හෝ ගුරුවරයා වීමටත් පුළුවන්.

7. මැද දරුවන් වැඩි අවධානය යොමු කරන දෙමාපියන්ට යටපත්ය.

මේ දැඩි විමසිලිමත්  දෙමාපියන්ගේ යුගයයි.  ඔවුන් ඔවුන්ගේ ළමයින් පසුපස හඹා යමින් ශබ්ද නගමින්, බල කරමින් දරුවන්ව  අධි ආරක්ෂිත බවට පත් කරනවා . ඔබ ඒ බව දන්නවා.

දැඩි විමසිලිමත්  දෙමව්පියන් සමඟ සිටින විට   ස්වාධීනව ජීවත්  වීම ඉගෙන ගැනීමට දරුවන්ට අපහසු විය හැකිය. නමුත් ඔබ මැද දරුවෙක් නම්   අමතක වීම සහ නොසලකා හැරීම වැනි දේ එතරම් නරක දෙයක් නොවේ.

අනිත් දරුවන්  දෙමව්පියන්ගේ  වඩා වැඩි බලපෑම්වලින් පීඩා විඳිනවා. නමුත් මැද දරුවන් ? ඔවුන් බොහෝ දුරට ඔවුන්ට අවශ්‍ය  විදියට  සිටිනවා.  මෙයින් අදහස් කරන්නේ ඔවුන්ගේ ගැටලු විසඳාගැනීමට වැඩි නිදහසක් සහ තමන් සඳහා මාවතක් සොයා ගැනීමට  අවස්ථාවක් ලැබීමයි.

"එය ටිකක් ප්‍රතිවිරුද්ධ අදහසක් සේ පේන්න  පුළුවන්.   නමුත්,  විමසිලිමත් විය අවදිය ඉක්මවා ගිය හා පාසැල් විය  හා එය ඉක්මවා ගිය දරුවන්  කාලය  සහ උත්සාහයන් කළමනාකරණය කිරීමට දක්ෂ  වේ.  ඒ සමහර විට දෙමව්පියන් විසින්   මේ සදහා  බොහෝ දේ කර ඇති නිසා  වෙන්න පුළුවන්. දෙමව්පියන් සඳහා 24/7 අවධානය යොමු නොකිරීමේ  සැබවින්ම වාසියක්  තියෙන බව දක්නට ලැබෙනවා "යයි සැල්මන් පැවසීය.

මැද ළමා දරුවාගේ මාර්ගය

මම එය මැද ළමයින්ට ලබා දෙනවා. මම  දන්නා වඩාත් උද්යෝගිමත් සහ විශ්වාසදායක පුද්ගලයන්ගෙන් සමහරක් මැද දරුවන් වන අතර ඔවුන් තමන් කවුරුන් දැයි ‍යන්න සමග ඔවුන් ගැඹුරින් සම්බන්ධ වී සිටිනවා.

ඒ නිසා ඔබ මැද  දරුවෙකු වෙන  මිතුරෙකු සිටී නම් හෝ ඔබ මැද දරුවෙකු  නම්, ඔවුන් කලකීරිමෙන් සිටිනවා නම්  ඔවුන් වෙත යන්න. මේ තොරතුරු ඔවුන්ට  පෙන්වන්න. ඒවා පුදුමසහගතයි.  ඔවුන්ගෙන් තොරව ලෝකයක් නැත. ඔබට මද්දුමයන්  නොමැති ලෝකයක් තියෙන්න බැහැ නේද?

මද්දුම දරුවා වීම ගැන පසුතැවෙන ඔබට මේ අපූරු ලිපිය ගෙන ආවේ the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

 

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • දරුවන් ලොකු මහත් කිරීම
  • /
  • ඔබේ මද්දුම දරුවා ඔබේ අනෙක් දරුවන්ට වඩා බලවත් වන්නේ ඇයි?
බෙදාගන්න :
  • ඔබේ දරුවා ඔබට බොරු කියන එක නවත්වන්නේ කොහොමද?

    ඔබේ දරුවා ඔබට බොරු කියන එක නවත්වන්නේ කොහොමද?

  • ඔබේ දරුවා අනාගතයේදී ඉංජිනේරුවෙක්, වෛද්‍යවරියක් විය යුතුමද?

    ඔබේ දරුවා අනාගතයේදී ඉංජිනේරුවෙක්, වෛද්‍යවරියක් විය යුතුමද?

  • ඔබේ දරුවා ඔබට බොරු කියන එක නවත්වන්නේ කොහොමද?

    ඔබේ දරුවා ඔබට බොරු කියන එක නවත්වන්නේ කොහොමද?

  • ඔබේ දරුවා අනාගතයේදී ඉංජිනේරුවෙක්, වෛද්‍යවරියක් විය යුතුමද?

    ඔබේ දරුවා අනාගතයේදී ඉංජිනේරුවෙක්, වෛද්‍යවරියක් විය යුතුමද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it