ගැබ් ගැනීම් අතර අවම කාලය අවුරුද්දක් වීම අවදානම අඩු කරනවාලු

ගැබ් ගැනීම් අතර අවම කාලය අවුරුද්දක් වීම අවදානම අඩු කරනවාලු

ළදරු නාම උත්පාදකය

ස්ත්‍රී පුරුෂ භාවය

අකුර

ප්‍රභේදය

සොයාගත් ළදරු නම්

සොයාගත නොහැක

ලෝක සෞඛ්‍ය සංවිධානය  නැත්නම් WHO අනුව ගැබ් ගැනීම් අතර කාලය නැත්තම් පරතරය මාස  24 ක්  වෙන්න අවශ්‍යයි. 

කෙසේ වෙතත්, මෑත අධ්‍යයනයක දී විද්‍යාඥයන් සොයා ගත්තේ එසේ වීම අවශ්‍ය නොවන බවයි.

ඒ අනුව ගැබ් ගැනීම් අතර කාලය අවම වශයෙන් මාස 12 ක් විය යුතු බව ඔවුන් සොයා ගත්තා.

තවත් දරුවෙකු ලැබීමට වසරක් පමා කිරීමෙන් මවට සහ ඇගේ දරුවාට විදීමට ඇති සෞඛ්‍ය ගැටලු අවම කරයි.

දරුවෙකු ලැබීමෙන් පසු නැවත ඉක්මනින් ගැබ් ගැනීම (එනම් මාස 12 ට පෙර) බොහෝ අවදානම් සහිත වෙනවා.

 නොමේරූ උපත්  අඩු බර උපත්, මාතෘ මරණ වගේ අවදානම් එහි තියෙනවා.

ආචාර්ය වෙන්ඩි නෝමන් මෙම අධ්‍යයනයේ ජ්‍යෙෂ්ඨ  කතුවරයෙකි. 

තව දරුවන්  අවශ්‍ය වයස 35 ට වැඩි කාන්තාවන්ට අධ්‍යයනයේ ප්‍රතිඵල  “දිරිගන්වන සුළු” බව ඇය සොයා ගන්නවා.

"වැඩිහිටි අම්මලාට දරුවන්ගේ පරතරය මඟ පෙන්වීමට හොඳ සාක්ෂි තිබෙනවා,”  වෛද්‍ය නෝමන් පවසනවා.

 “හිතකර වසරක කාල පරතරය පවත්වා ගැනීම  බොහෝ කාන්තාවන්ට කරන්න පුළුවන්. 

ඒ මඟින් සංකූලතා අවදානම අවම කරගන්නත් පැහදිලිවම පුළුවන් .”

ගැබ් ගැනීම් අතර කාලය ගැන අධ්‍යයනයේ සොයා ගැනීම 

මෙම අධ්‍යයනය මඟින් කැනඩාවේ දරු ප්‍රසූතියක් සිදු කළ කාන්තාවන් 150,000 ක් විශ්ලේෂණය කළා . 

එය මෙහෙයවනු ලැබුවේ බ්‍රිතාන්‍ය කොලොම්බියා විශ්ව විද්‍යාලය (UBC) සහ හාවඩ් හි TH චෑන් මහජන සෞඛ්‍ය පාසල විසිනි.

පර්යේෂකයන් ඔවුන්ගේ ප්‍රතිඵල JAMA අභ්‍යන්තර වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජර්නලයේ ප්‍රකාශයට පත් කළා.

ඔවුන් සොයා ගැනීම ගැන කෙටියෙන් කියනවා නම්, දරු ප්‍රසුතියෙන් මාස 12 කට පසු  ගැබ්ගන්නා අම්මලාගේ වයස වැදගත් වන්නේ නැහැ .

ගැබ් ගැනීම් අතර අවම කාල (වසරක්) ට අඩුවෙන් නැවත ගැබ් ගැනීම ඕනෑම වයස් කාණ්ඩයක කාන්තාවන්ට අමතර අවදානමක් ඇති බව ඒ මඟින් සොයාගත්තා.

නමුත් මාතෘ අවදානම වයස අනුව වෙනස් වෙනවා. 

වයස 35 ට වැඩි මවුවරුන් තම ඊළඟ දරුවා ඉක්මණින් ලැබෙන්නේ නම් වැඩි මාතෘ සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ අවදානමක් තියෙනවා.

 නූපන් ළදරුවන්ට ඇති අවදානම සියලු වයස් වල කාන්තාවන් තුළ ඇති අතර  වයස අවුරුදු 20 ත් 34 ත් අතර කාන්තාවන්ගේ දරුවන්ට වැඩි අවදානමක් තියෙනවා.

දරු ප්‍රසූතියෙන් මාස හයකට පසු ගැබ් ගන්නා වයස අවුරුදු 35 ට වැඩි මවුවරුන්ට මාතෘ මරණ හෝ තුවාල වීමේ අවදානම 1.2% ක් පමණ වෙනවා. 

ඒ වගේම දරු ප්‍රසූතියෙන් පසු පළමු මාස ​​18 ගත වෙන තුරු  ගැබ් නොගැනීමෙන් මෙම අවදානම 0.5% දක්වා අඩු වෙනවා.

තවද, දරු ප්‍රසූතියෙන් මාස හයකට පසු නැවත පිළිසිඳ ගත් ලාබාල කාන්තාවන්ට මාතෘ මරණ හෝ තුවාල වීමේ අවදානම 8.5% ක් වෙනවා. 

ඔවුන් මාස 18 කට පසු  නැවත ගැබ් ගත්තා නම් අවදානම 3.7% දක්වා පහත වැටෙනවා.

“අන්තිමට එය කාන්තාවගේ තේරීමයි”

මෙම අධ්‍යයනයේ ප්‍රධාන කතෘ වන ලෝරා ෂුමර්ස් පැවසුවේ දරු ප්‍රසූතියෙන් පසු මවුවරුන් ඉක්මනින් ගැබ් ගත් විට මවට සහ ළදරුවාට ඇති අවදානම වැඩි බවයි. 

එය වයස 35 ට වැඩි කාන්තාවන්ටත් එසේමයි.

වැඩිහිටි මවුවරුන්ට මෙම සොයාගැනීම් ඉතා වැදගත් බව ෂුමර්ස් අවධාරණය කරනවා. 

එයට හේතුව වන්නේ ඔවුන් “ඔවුන්ගේ ගැබ්ගැනීම් වඩාත් ආසන්න පරතරයකට නැඹුරු වන අතර බොහෝ විට එය හිතාමතාම සිදු කරනවා”.

වින්නඹු මාතාවන්ගේ රාජකීය විද්‍යාලයේ මැන්ඩි ෆොරෙස්ටර් අදහස් දක්වමින් කියා සිටියේ මෙම ප්‍රධාන පර්යේෂණයේ වු උපත් පරතරය පිළිබඳ පෙර සොයා ගැනීම් සඳහා සහාය වන බවයි. 

කෙසේ වෙතත්, ඇය තවමත් එය මෙසේ අවධාරණය කරනවා.

“ ඔවුන් කුමන වයස් මට්ටමක සිටිය යුතුද, ඔවුන් ගැබ් ගැනීම් අතර කොපමණ පරතරයක් තිබේද යන සියල්ලම අන්තිමට එය කාන්තාවගේ තේරීමයි. 

උපත් පරතරය සම්බන්ධ  සාක්ෂි ඔවුන් දැනුවත්ව සිටීම හා ඔවුන්ගේ තේරීම සඳහා නිවැරදි තොරතුරු ලබා දීම වැදගත් වෙනවා.

ගැබ් ගැනීම් අතර කාලය: ගර්භණී අවදානම් අවම කිරීම සඳහා වෙනත් උපදෙස්
ගැබ් ගැනීම් අතර කාලය: ගැබ් ගැනීමට පෙර උපද‌ෙස්
  • කැලරි, කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන් සහ තන්තු  අඩංගු සමබර ආහාර වේලක් අනුභව කරන්න. 
  • සජලීව සිටින්න. 
  • සුදු සහල් වැනි පිරිපහදු කළ ධාන්‍ය වෙනුවට සම්පූර්ණ කාබෝහයිඩ්‍රේට අඩංගු ආහාර තෝරන්න. 
  • කොළ එළවළු වල අඩංගු ෆෝලික් අම්ලය ද ඔබ වැඩි වශයෙන් ලබාගන්න. යකඩ හා කැල්සියම් ද ලබාගන්න.
  • සිගරට්, මධ්‍යසාර හා හානිකර ද්‍රව්‍යවලින් වළකින්න.
  • ගැබ් ගැනීම පමා කල හැකි බැවින් තේ හෝ කෝලා වැනි කැෆේන් සහිත බීම පානය කිරීම අවම කරන්න. ග්‍රීන් ටී සඳහා නම් එය අදාල වන්නේ  නැහැ .
  • ඔබේ ඩිම්බ මෝචනයට හා එහි සාරවත්බව කෙරෙහි බලපෑම් ඇති කළ හැකි බැවින් නව ආහාර වේල් අත්හදා බලන්න එපා.
  • ඔබගේ පළමු ප්‍රසව සායනය සඳහා යන්න. එහිදී ඔබට ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටලු පිළිබඳව වෛද්‍යවරුන් පරීක්ෂා කර බලා ඒ අනුව ඔබට අවශ්‍ය  උපදෙස් ලබා දෙනවා.
ගැබ් ගැනීම් අතර කාලය: ගර්භණී සමයේදී උපද‌ෙස්
  • ඔබේ ශරීරය ඉහළ මට්ටමක තබා ගැනීම සඳහා නිවිති (ෆෝලේට්), පලතුරු (විටමින් සහ තන්තු) සහ කිරි (කැල්සියම්) වැනි සෞඛ්‍ය සම්පන්න ආහාර ලබා ගන්න.
  • හොඳ රුධිර සංසරණය පවත්වා ගැනීම සඳහා පුංචි ප්‍රමාණයක් සෙමින්  ඇවිදින්න. 
  • ඊට අමතරව, නැවුම් වාතය ඔබේ හැඟීම් වැඩි දියුණු කරනවා.
  • සන්සුන් මනසක් සඳහා සන්සුන් බවක් ලබා ගැනීමට වෙරළට හෝ නිහඬ උද්‍යානයකට යන්න.
පහත දක්වා ඇති  ගෙදර දොරේ වැඩවලින් වළකින්න:
  • රළු හෝ ශක්තිමත් රසායනික ද්‍රව්‍ය භාවිතය
  • විදුලි පංකා, සිවිලිම් හෝ ජනෙල් පිරිසිදු කිරීම
  • පිඟන් කෝප්ප සේදීම
  • බර දේවල් රැගෙන යෑම
  • අතුගා දැමීම, මොප් කිරීම දැමීම සහ වැකූම් කිරීම
  • සුරතල් සතුන් ගෙන් පසු පිරිසිදු කිරීම
සමහර ආහාර වලින්  ඈත්ව සිටින්න. විශේෂයෙන්:
  • අමු හෝ භාගෙට පිසූ මස් (පේට්ස්, සොසේජස්, කූල් කට්ස්, කුකුළු මස්, සෂිමි, සුෂි, මාළු, දුර්ලභ මස් ඇතුළුව)
  • අමු බිත්තර සහ  ඒවායේ නිෂ්පාදන
  • මෝරුන්, මාර්ලින්, ටූනා සහ මැකරල් වැනි රසදිය විශාල ලෙස අඩංගු  ලොකු මාළු.
  • අපිරිසිදු පලතුරු සහ එළවළු 

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.