theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මෝසම් වැසි සමය තුළ ඔබේ පවුල නිරෝගිමත්ව තබා ගත හැක්කේ මෙහෙමයි

4 අවම කියවීම
මෝසම් වැසි සමය තුළ ඔබේ පවුල නිරෝගිමත්ව තබා ගත හැක්කේ මෙහෙමයිමෝසම් වැසි සමය තුළ ඔබේ පවුල නිරෝගිමත්ව තබා ගත හැක්කේ මෙහෙමයි

ළඟ එන මෝසම් වැසි සමයට සිය පවුලම නිරෝගීවත්ව තබන්නේ මෙසේය.

කලකින් මෝසම් වැසි ලැබීම ප්‍රීතියට කරුණක් වුනත් මෙම කාලගුණ විපර්යාසය නිසා පරිසරයේ වෙනස් කම් ඇති වන අතර නොයෙකුත් වෛරස් රෝග ඇතුලු බෝවන රෝග පැතිර යාමේ අවධානම වැඩි වනවා.

මෝසම් වැසි

මෙම තත්වයට අප ශරීර ක්‍රියාකාරිත්වය ප්‍රතික්‍රියා කරන අයුරු පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන්නට පුළුවන්. පුංචි දරුවන්ගේ ශරීරයේ මොළකැටි හා සංවේදී බව නිසා ඔවුන් නොයෙකුත් රෝග වලට ගොදුරු වීමේ අවධානම ගොඩක් වැඩියි.

මවක් හැටියට විශේෂයෙන් අපගේ දරුවන් මෙම මෝසම් සමයට සුදානම් කිරීමේදී සැලකිය යුතු පිළිවෙත් කිහිපයක් අනුගමනය කිරීමෙන් එවැනි රෝග පීඩා අවධානම අවම කරගත හැකියි.

ඉදිරි මෝසම් වැසි සමයට අප දරුවන් සුදානම් කල හැක්කේ කෙසේද?

මෝසම් වැසි

1. නිවසේ අත් බෙහෙත් ගබඩාව පරිපුර්ණ කර තබන්න.

දරුවෙකුට උණ සෙම්ප්‍රතිශ්‍යාවක් හෝ කැස්සක් වැළඳීගෙන එන විට කිමුහුම් යාම, නොසන්සුන් හෝ කිපෙනසුළු ගතිය වැනි ලක්ෂණ තුළින් හඳුනාගත හැකි අතර එම මුල් අවස්තාවේම යම් යම් අත් බෙහෙත් වලින් ඒවා මැඩ ගැනීම හෝ අවම කර ගන්නට පුළුවන්.

පැරන්නන්ගෙන් පැවත එන එවන් ආයුර්වේදීය ගුණැති අමුද්‍රව්‍ය තබා ගැනීමෙන් නිවස තුළ රෝග උවදුරු පැතිරීම අවම කරගත හැකියි. නිවසේ තිබිය යුතු එවන් අත්දුටු අමුද්‍රව්‍ය කිහිපයක් තමා අසමෝදගම්, කොත්තමල්ලි, පස් පංගුව මිශ්‍රණයක්, පෙරුම්කායම් වැනි දෑ.

උණ සෙම්ප්‍රතිශ්‍යවක් සැදී එන විට නිවසේ කොත්තමල්ලි ටිකක් තම්බා ගැනීමෙන් එන හුමාලය පවා බොහෝ ගුණ ගෙන දෙන බව මා පුද්ගලිකව අත් දැක තිබෙනවා. විටමින් C 10mg පෙත්තක් හෝ විටමින් C සහිත එළවළු හා පළතුරු ආහාරයට ගැනීමත් එවන් දිනවල බොහෝ ගුණ ගෙන දෙනවා.

2. ආහාර පාන සකස් කිරීමේදී ඒවා පිරිසිඳු කිරීම ගැන කල්පනාකාරී වීම.

දරුවන්ගේ ස්වභාවික ප්‍රතිශක්තිය ශක්තිමත් කිරීමට සුදුසු ලෙස ආහාර පාන කළමනාකරණය කිරීම ඉතා වැදගත්. සමබල අහර වේලක් පිළියෙළ කිරීමට සැලකිලිමත් වන අතරම පිසීමට ගන්නා එළවලු හා පළතුරු වල පිරිසිඳු බව ගැන ඉතා සැලකිලිමත් විය යුතුයි.

මෝසම් වැසි එළඹෙනවාත් සමගම එම වගා බිම් වල විෂබීජ ව්‍යාප්ත වීම සීග්‍ර වන්නේ තෙතමණය හා අපවිත්‍ර ජලයේ ක්ෂුද්‍ර ජීවින් සීග්‍රයෙන් ව්‍යාප්ත විය හැකි නිසා. මේ නිසා පිසීමට ප්‍රථමයෙන් එළවලු සහ පලා වර්ග ඉතාම හොඳින් පිරිසිඳු කර ගැනීම වැදගත්. එමෙන්ම මතුපිටින් තැලීම් සිරීම් සහිත එළවළු හා පළතුරු මිලදී ගැනීමෙන් වැළකීමත් වැදගත්.

පිටින් මිලදී ගන්නා එළවළු පළතුරු ගැන විමසිලිමත් වනවා සේම ඔබගේ ගෙවත්තේ පිරිසිඳු කම ගැන පෙරටත් වඩා සැලකිලිමත් විය යුත්තේ ඩෙංගු වැනි රෝග තවත් වැඩිවීමේ අවධානමක් මෝසම් වැසි සමඟ වැඩි වීම නිසයි.

3. වැසි කාලයට සරිළන ඇඳුම් පැළඳුම් හා උපාංග ළඟ තබා ගැනීම.

මෝසම් වැසි

නිවසින් පිටත් වීමේදී කුඩයක්, වැහි කබායක් තොප්පියක් වැනි අවශ්‍ය දෑ ගෙන යාමට අමතක කරන්න එපා. එය දොර ළඟ නෙත ගැටෙන ස්ථානයක තබා ගැනීමෙන් නිවසට එන අමුත්තකුට හෝ අසල වැසියෙකුට වුවද හදිසියකදී ප්‍රයෝජනට ගෙන දිය හැකියි. දරුවාගේ පාසැල් බෑගයේ අමතර වැහි කබායක් දමා තිබීමත් මට ප්‍රයෝජනවත් වී තිබෙනවා.

4. උණුසුම් පානයට මෙය හොඳම කාලයයි.

පසුගිය වියළි සමයේ අප සිසිල් පැන් වලට ඇලුම් වූ සේ මෝසම් සමයේ වැඩි වැඩියෙන් තේ පානය කළ හැක. රාත්‍රී ආහාර සඳහා වැඩි වශයෙන් නොයෙක් සුප් වර්ග පිළියෙළ කළ හැකි අතර ශරීරයට ගුණ දෙන කුරුඳු තේ, හරිත තේ (Green Tea) වැනි දෑ පානයට ගන්නට පුළුවන්.

5. විදුලි උපකරණ නිවා දමා පවුලේ සැවොම එක්ව ගෘහස්ත ක්‍රීඩා කිරීම.

මේ කාලය තුල අකුණු ගැසීම් ඇතිවිය හැකි වැවින් නිවසේ විදුලි උපකරණ ගැන විමසිලිමත්ව කටයුතු කළ යුතු වෙනවා. නිවසෙන් බැහැරව යන විට දුරකථන සම්බන්ධිකරණ වයර විසන්ධි කල යුතයි. රුපවාහිනී සහ අනෙකුත් විදුලි උපාංග විසන්ධි කර පවුලේ සැම සමග එක්වී විනෝදයෙන් කල් ගත කිරීමටත් මෙය හොඳම කාලයක්.

රස කතා බෙදා ගැනීම, ගී ගැයීම, ගෘහස්ත ක්‍රීඩා කිරීම වැනි දෑ කිරීමෙන් ඔබේ දරුවට මේ මෝසම් කාලයේ සොඳුරු මතකයන් සනිටුහන් කරන්න ඔබට පුළුවන්.

මෝසම් සමයට මෙසේ සුදානම් වුවත් ඔබේ දරුවන් සමඟ වැස්සේ ටිකක් සෙල්ලම් කරන්නනත් අමතක කරන්න එපා.

ළඟ ඇති සිල්ලර කඩේට දුවත් එක්ක ගිය දවසක එක පාරටම මහ වැස්සක් වැස්සා. කිසිම ගැලවිල්ලක් නැති තැන, ඔලුව සිලි මල්ලකින් වසාගෙන අපි දෙදෙනා ගෙදරට දුවගෙන ආපු දවස අදටත් මගේ දූ සිහි කරන්නේ බොහොම සතුටකින්, එයාට අමතක නොවන දවසක් හැටියට.

 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • මෝසම් වැසි සමය තුළ ඔබේ පවුල නිරෝගිමත්ව තබා ගත හැක්කේ මෙහෙමයි
බෙදාගන්න :
  • වැස්ස දවස් වල ඔබේ දරුවා රෝගී වීමෙන් ආරක්ෂා වීමට කිරීමට ක්‍රම 6ක්

    වැස්ස දවස් වල ඔබේ දරුවා රෝගී වීමෙන් ආරක්ෂා වීමට කිරීමට ක්‍රම 6ක්

  • සම රැලි වැටීම වළවක්වන්න සහතික කල ක්‍රම 8ක්

    සම රැලි වැටීම වළවක්වන්න සහතික කල ක්‍රම 8ක්

  • වැස්ස දවස් වල ඔබේ දරුවා රෝගී වීමෙන් ආරක්ෂා වීමට කිරීමට ක්‍රම 6ක්

    වැස්ස දවස් වල ඔබේ දරුවා රෝගී වීමෙන් ආරක්ෂා වීමට කිරීමට ක්‍රම 6ක්

  • සම රැලි වැටීම වළවක්වන්න සහතික කල ක්‍රම 8ක්

    සම රැලි වැටීම වළවක්වන්න සහතික කල ක්‍රම 8ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it