පුර හඳ පෑයූ දාට කාන්තා ලිංගිකත්වය දෙගුණ තෙගුණ වෙනවාලු

පුර හඳ පෑයූ දාට කාන්තා ලිංගිකත්වය දෙගුණ තෙගුණ වෙනවාලු

පුරහඳ පෑයූ දාට අළුත් අරුතක් දෙන්නයි මේ ලැහැස්තිය. ඔබ දැන සිටියාද සඳේ සිසිලස සමඟ ඔබේ උණුසුමේ රස විඳගන්නට පුළුවන් කියා?

අපි හැමෝම පුර සඳ ගැන දන්නවා.. දකිනවා. දිලිසෙන විස්මිත වූ චන්ද්‍රයා එහි චමත්කාරය විදහා පාන විට අපට කළ හැක්කේ අල්පයකි. එය අපගේ ජීවිතයේ බොහෝ අංශ කෙරෙහි විශාල බලපෑමක් ඇති කරනවා: සාගර වඩදිය බාදිය, මිනිස් හැසිරීම, හිසකෙස් වර්ධන වේගය ඉන් සමහරක්. නමුත් පුර පසළොස්වක දිනය කාන්තාවන්ට, විශේෂයෙන් කාන්තා ලිංගිකත්වය ට හා ඔවුන්ගේ ලිංගික ජීවිතයට බලපාන බව ඔබ දන්නවාද? කාන්තාවන්ට පුර හඳේ බලපෑම් රාශියක් ඇතිවෙයි. මේ ඉන් සමහරක්.

කාන්තාවන්ට පුර හඳේ බලපෑම්

චන්ද්‍ර චක්‍රය: කාන්තාවන්ට පුර හඳේ බලපෑම්

චයිනා ප්‍රෙස් වාර්තා කරන අන්දමට, සරත් ඍතුවේ මැද භාගය “ආදරය සඳහා හොඳ කාලයක්” බව පෙනේ. The Lunar Effect: Biological Tides and Human Emotions හි කතුවරයා වන ආර්නෝල්ඩ් එල්.

ලිබර් පවසන පරිදි මිනිස් සිරුරේ සෛල සඳෙහි චුම්බක ක්ෂේත්‍රයට බලපායි.

මිනිස් සිරුරෙන් සියයට 80 ක්ම ජලයෙන් සමන්විත බව ඔබට මතක ඇති විට මෙය විශේෂයෙන් අදාළ වේ.

ඉතින්, සාගරයේ වඩදිය බාදිය සේම, චන්ද්‍රයාද අපගේ ජීව විද්‍යාත්මක ක්‍රියාකාරිත්වයට සමාන ආකාරයකින් බලපායි.

පුර හඳින් යුතු දිනකදී ගුරුත්වාකර්ෂණ බලය වැඩිවේ. එය මොළයේ ක්‍රියාකාරිත්වයට බලපාන අතර, එය හැඟීම් වඩාත් උද්දීපනය කිරීමට හේතු වේ.

එය මිනිසාට වැඩි ශක්තියක් ලබා දීමටත්, සහකරුවන් සමඟ වැඩිපුර සම්බන්ධකම් පැවැත්වීමටත් , ලිංගිකත්වය කෙරෙහි වැඩි උනන්දුවක් ඇති කිරීමටත් හේතු වේ.

පූර්ණ චන්ද්‍රයා සහ සරු බව

තවත් වැදගත් කරුණක් නම්, වෙනත් කාලයන්ට සාපේක්ෂව වඩා වැඩි ප්‍රමාණයක් කාන්තාවන් පූර්ණ චන්ද්‍රය කාලය තුළ ඩිම්බ මෝචනය කරන බව අධ්‍යයනවලින් හෙළි වී ඇති බවයි.

එම නිසා ඔවුන්ගේ ටෙස්ටොස්ටෙරෝන් මට්ටම ඉහළ යයි. මෙය ඔවුන්ගේ ලිංගික ධාවකය වේගවත් කරයි.

“සුදු සඳ චක්‍රය” ලෙස හැඳින් වෙන මෙයින් අදහස් වන්නේ බොහෝ කාන්තාවන් “නව සඳෙහි දී එක ලෙස රුධිර වහනය වීමත් පුර සඳ ඇති කාලයෙහි එකට ඩිම්බ මෝචනය වීම” යන සංසිද්ධියකි.

කෙසේ වෙතත්, සමහර කාන්තාවන් ඒ වෙනුවට පුර හඳ ඇති දිනයන් හී ආර්තවය ලබයි.

මෙය රතු සඳ චක්‍රයක් ලෙස හැඳින්වේ. කාන්තාවන්ට පුර හඳේ බලපෑම් සහ සාම්ප්‍රදායිකව ඩිම්බකෝෂ අවධිය හා චන්ද්‍රයා සම්බන්ධ වන්නේ ඇයිද යන්න පිළිබඳව,. විශේෂයෙන් සුදු සඳ චක්‍රයක් මත සිදුවීම  පෝෂණවේදිනියක සහ කාන්තා හෝමෝන විශේෂග්න ඇලීසා විටි පවසන්නේ එය අයිතිහාසිකව පෘථිවියට සහ අපේ ශරීරයට ආලෝකයේ බලපෑම දක්වා පහත බැස ඇති බවයි.

 

කාන්තාවන්ට පුර හඳේ බලපෑම්

සාගර වඩදිය බාදිය මෙන් ම චන්ද්‍ර ක්‍රියාකාරිත්වය මිනිස් සිරුරේ ද්‍රවයට ජීව විද්‍යාත්මක වඩදිය බාදිය මෙන් බලපායි. (ඡායාරූපය: මැක්ස් පික්සෙල්)

පුර හඳ ඇති දිනයන්  පෘථිවියේ වඩාත්ම සාරවත් කාලය වන්නේ දීප්තිමත් සඳ එළිය මෙන්ම හිරු එළිය ඇති විට ශාකවලට ලැබෙන අමතර ආලෝකය නිසාය.

එමෙන්ම ඊස්ට්‍රජන් මට්ටම්වල සමගාමීව, කාන්තාවන්ට ඔවුන්ගේ ආත්ම ශක්තියට අමතර තල්ලුවක් ලබා දෙන අතර ස්වාභාවිකවම අපගේ ස්ත්‍රී ලක්ෂණ සියල්ලම වැඩි දියුණු කරයි.

සම දිදුලන අතර වචන සහ අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව තියුණු වේ. අපගේ කටහඬ පවා “කනට වඩාත් ප්‍රසන්න වේ”.

ඒෂියා ඕන් පුවත්පතට අනුව ප්‍රංශ ඩේටින් (dating) වෙබ් අඩවියක් විසින් කරන ලද සමීක්ෂණයකින් මෙම ප්‍රකාශය තහවුරු වේ.

ලොව පුරා කාන්තාවන් 6,000 ක් අතරින් සියයට 37 ක් කියා සිටියේ “සඳ එළිය කෙරෙහි ආදරය කිරීම ඔවුන් සතුටට පත් කරන බවත් ඔවුන්ගේ රූපය ගැන ඔවුන් වඩාත් විශ්වාසයෙන් සිටින බවත්ය.”

කාන්තා ලිංගිකත්වය හා පුරහඳ: පූර්ණ චන්ද්‍රයාගේ ආදර ශක්තිය උපයෝගී කර ගන්නේ කෙසේද?

කාන්තා ලිංගිකත්වය

කැලිෆෝනියා මෙතෝදිස්ත රෝහලේ පාලක කර්ටිස් ජැක්සන් පැවසුවේ පූර්ණ චන්ද්‍රයා තුළ තවත් ළදරුවන් පිළිසිඳ ගත් බවයි.

පුර හඳ ඇති දිනයන් හීදී බොහෝ දුරට කාන්තාවන්ගේ හෝමෝන හා ලිංගික ධාවනයට බලපාන බව සත්‍යයක් වුවද, පිරිමින්ගේ ඊස්ට්‍රජන් හා ටෙස්ටොස්ටෙරෝන් මට්ටම ඉහළ යාමත් සමඟ පිරිමින්ටද ප්‍රබල පූර්ණ චන්ද්‍රයාගේ බලපෑමට යටත් විය හැකිය.

කාන්තා ලිංගිකත්වය කෙරෙහි පුර හඳේ බලපෑම් ගැන දැන ගැනීමෙන් අපට එයින් උපරිම ප්‍රයෝජන ගත හැක්කේ කෙසේද?

  • ඔබේ හැඟීම් ඉහළ මට්ටමක පැවතිය හැකිය; ඔබ ඒ කෙරෙහි දැඩි අවධානයක් යොමු නොකරන්නේ නම් හෝමෝන අසමතුලිත විය හැකිය, එබැවින් භාවනා කිරීම වැනි ක්‍රමවල යෙදීම උපකාරී වේ. පිටත පාවහන් නොමැතිව ඇවිදීම හෝ ඔබට සුවපහසුවක් දැනෙන වෙනත් චාරිත්‍ර ද උපකාරී වේ!
  • පුර හඳට දින කිහිපයකට පෙර සොබාදහම සමඟ කාලය ගත කරන්න. ඔබේ හෝමෝන මට්ටමට අහිතකර ලෙස බලපාන බැවින් කෘතිම ආලෝක ප්‍රභවයන් සහ තාක්ෂණයට නිරාවරණය වීම සීමා කරන්න.
  • සමීප සබඳතා සඳහා ඔබේ නිවසේ තැනක් පිළියෙළ කරගන්න . සුවඳැති ඉටිපන්දම් කිහිපයක් , පිරිසිදු හා නැවුම් ඇඳ ඇතිරිලි වලින් ඇඳ අලංකාර කිරීම හෝ ලැවෙන්ඩර් තෙල් බින්දු කිහිපයක් සමඟ විවේකීව ස්නානය කිරීම වැනි සරල විය හැකිය.
  • ඔබ ඔබ තුලම තබාගෙන සිටි සියල්ල සොයා ගන්න. ඔබ ආරක්ෂිතව ඇදගෙන ගිය ගැඹුරු, අඳුරු රහස් කුමක් වුවත්, පුර පසළොස්වක පොහොය සියල්ල ආලෝකමත් කර අඳුරු ලෝකයට ආලෝකය ගෙන එයි.
  • සැලසුම් කර ආදරයෙන් දෙයක් කරන්න. ඩේට් නයිට් එසේත් නැතිනම් චිත්‍රපටයක් නැරඹීමට හෝ භෝජනයක් සඳහා පිටතට යන්න. එසේ කිරීමෙන්, ඔබ එකිනෙකා අතර තිබෙන බැදීම ප්‍රභව ශක්තියට සම්බන්ධ වේ.

 

මූලාශ්‍ර: AsiaOne, NCBI

පරිවර්තනය – බෝසඳුන් ගුණසේකර

 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

Written by

bosandun

කතන්දර ලිපි