theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

කුස්සියේ වැඩ අතරතුර රත් වු ලිපි මත වැරදිමකින් තැබු දරුවාට අත් වු ඉරණම 

5 අවම කියවීම
කුස්සියේ වැඩ අතරතුර රත් වු ලිපි මත වැරදිමකින් තැබු දරුවාට අත් වු ඉරණම කුස්සියේ වැඩ අතරතුර රත් වු ලිපි මත වැරදිමකින් තැබු දරුවාට අත් වු ඉරණම 

සුනඛයා ‌ගෙන් තම දරුවා ආරක්ෂා කරගන්න වැරදිමක්න් රත් වු උදුන මත දරුවා තැබු මවක්.

කුස්සියේ වැඩ එක්ක අපි අතින් කොතරම් නම් අතපසු වීම් වෙනවාද? ඒවා බොහොම දරුණු ගනයේ අනතුරු වෙන්නත් පුළුවන්.

අනතුරක අවසානය සොදුරු නැහැනේ. මේ මාස 10 ක් වයසැති බිළිඳියටත් වුනේ ඒ වගේ දෙයක්.

ඇයගේ මව වැරදීමකින් දරුවා  උණුසුම් ලිප මත තැබීම නිසා දරුවා බරපතල පිළිස්සුම් තුවාල ලැබුවා. අවසානයේදි ‌වේදනාව හිමි වුනේ පුංචි දියණියටයි.

මේ අම්මා තම දරුවා ඔවුන්ගේ සුරතල් සුනඛයාගෙන් ඈත් කර තැබීමට උත්සාහ කළ බව වාර්තා වෙනවා. 

ලිප උණුසුම් බව නොදැන ඇය තම දරුවා සහිත කාර් සීට් එක ඒ මත තබා තියෙනවා. 

අම්මාගේ අරමුණ දරුවා සුනඛයා ‌ගෙන් ආරක්ෂිත කිරීම වුනත් ‌නොදැනුවත් කම නිසා ‌හෝ ‌නොසැලකිල්ල නිසා ‌හෝ ඇය දරුවා තැබුවේ ඊටත් වඩා භයානක තැනකයි.

වේදනාත්මක පිළිස්සුම් තුවාල එකක් ‌මේ දියණිය ‌කොතරම් නම් ‌වේදනාවට පත්වෙන්න ඇතිද?

කුස්සියේ වැඩ අතරතුර ලිප උණුසුම් බව නොදැන දරුවා ඒ මතින් තැබු අම්මා අතින් දරුවා පිළිස්සෙයි

"අනේ මගේ මාස 10 ක බබා, ගොඩාක් පිච්චිලා. ඉක්මන් කරන්න. ඇයට සම ගැලවී යනවා" යනුවෙන් මේ අම්මා හදිසි ඇමතුම් අංකය අමතා කිව්වා.

local news Cincinnati.com හි මියාමි හෙරල්ඩ් වාර්තා කරන පරිදි මේ  අම්මා අතිශයින් භීතියට පත්වී දරුවාට සිසිල් වාතය ලබා දෙන්න දරුවා පිටතට ගෙන ආවා.

නමුත් හදිසි ඇමතුම් අංකය  ඇයට එසේ නොකරන ලෙස දැනුම් දුන්නා.

දරුවාව හෙලිකොප්ටරයකින් සින්සිනාටි හි ළමුන් සඳහා ෂ්‍රීනර්ස් රෝහලට ගෙන ගියා.

ඇයගේ සිරුරේ වම් පැත්ත දෙවන හා තෙවන මට්ටමේ පිළිස්සුම් වලට ගොදුරු වී තිබුනා.

දරුවාගේ බ්ලැන්කට්ටුවට ගින්නක් ඇති වූ  ඇති අතර එය මෙම දරුණු පිළිස්සුම් වලට හේතු වන්නට ඇති බව පරීක්ෂකයින් පවසනවා.

කුඩා දරුවා දැන් බරපතල, නමුත් ස්ථාවර තත්ත්වයේ පසුවන බව වාර්තා වෙනවා.

පුංචි පැටියෝ ඉක්මනින්ම සුවවෙන්න.

කුස්සියේ වැඩ අතරතුර රත් වු ලිපි මත වැරදිමකින් තැබු දරුවාට අත් වු ඉරණම 

කුස්සියේ වැඩ කරද්දි හා නිවසේ පිළිස්සුම් වැළැක්වීම සඳහා ආරක්ෂිත උපදෙස්

පිළිස්සම් අනතුරු ඇසිපිය හෙළන සැනින් හා අප බලාපොරොත්තු නොවන ආකාරවලින් සිදුවීම කණගාටුවට කරුණකි.

ස්ත්‍රික්ක, විදුලිය එලියට ගන්නා ස්ථාන වැනි එදිනෙදා වස්තූන්  හෝ නාන ජලය පවා පිළිස්සුම් උපද්‍රව වෙන්න පුළුවන් .

එබැවින් හැකි ඉක්මනින් ආරක්ෂිත පියවර ගැනීම වඩාත් සුදුසුයි.

කුස්සියේ වැඩ අතරතුර රත් වු ලිපි මත වැරදිමකින් තැබු දරුවාට අත් වු ඉරණම 

දෙමව්පියන් මතක තබා ගත යුතු වැදගත් කරුණු කිහිපයක්

  • ගිනි ප්‍රතිරෝධී රෙදි භාවිතා කරන්න

පිළිස්සීමට ඔරොත්තු දෙන බ්ලැන්කට්, පිජාමා, මෙට්ට සහ වෙනත් ගෘහ රෙදි තෝරා ගැනීම වඩාත් සුදුසුයි. ඒ මගින් සිදුවෙන්න පුළුවන් ‌ලොකු හානියක් වළක්වගන්න පුළුවන්.

මෙම සිදුවීම පෙන්නුම් කරන පරිදි, බ්ලැන්කට්ටුවකට පහසුවෙන් ගින්නක් ඇතිවිය හැකි අතර බරපතල තුවාල සිදුවෙන්න පුළුවන්.

  • නාන ජලය අධික ලෙස උණුසුම් නොවන බවට වග බලා ගන්න

මුලින්ම ඔබේ වැලමිට දරුවාට නාන්න සකස් කල බදුනට දමා උණුසුම බලන්න. දරුවා එකවරම උණුසුම් ජලය ‌බේසමකට දාන්න එපා.

ඒ වගේම ඔබේ කුඩා දරුවාගේ සම ඔබේ සමට වඩා සියුම් බව මතක තබා ගන්න. ඔබට උණුසුම් යැයි දැනෙන ජලය දරුවාට අතිශයින් උණුසුම් වෙන්න පුළුවන්. 

  • ආහාර වල උෂ්ණත්වය පරීක්ෂා කරන්න

මයික්‍රෝවේව් උදුන් ආහාර හා ද්‍රව අසමාන ලෙස රත් විය  හැකි බව මතක තබා ගන්න.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

ළදරු බෝතල් උණුසුම් කිරීමට මයික්‍රෝවේව් උදුනක් භාවිතා නොකරන්න.

  • උණුසුම් දේවල් එහා මෙහා ගෙනයන විට ප්‍රවේශම් වෙන්න

දරුවෙකු වඩා ගෙන සිටියදී උණුසුම් පාන රැගෙන යාමෙන් හෝ පානය කිරීමෙන් වළකින්න.

දරුවා ලිප ආසන්නයේ සිටියදී උයන්න එපා. ඕනෑම උණුසුම් දෙයක් මේසයේ අත පොවන මානයේ තබා යන්න එපා.

පහසුවෙන් ඇද එන මේස රෙදි ගැන සැලකිලිමත් වන්න.

  • උණුසුම් ලිපක් අවධානයෙන් තොරව තබන්න එපා

 ඉවුම් පිහුම් කරන විට, උදුනේ හැඩලය පිටුපසට හරවන්න.

  • දරුවාට යාමට තහනම් කලාප නම් කරන්න

නිවසේ දරුවාට යාමට තහනම් කලාප ඇති කරන්න. එනම්  ඔබේ උදුන, උණුසුම් ස්ත්‍රික්ක , හා වෙනත් අවදානම් උපදුවයන් ඇති ස්ථාන දරුවාට තහනම් කලාප කරන්න. එම කලාප ආරක්ෂිතව ‌අගුල් දමා ‌හෝ ‌වෙන් කර තබන්න පුළුවන්

මෙම උපකරණ භාවිතයේ තිබියදී දරුවෙකු එම ස්ථාන වල  තනි කර නොයෑමට වග බලා ගන්න.

  • උණුසුම් වස්තූන් ළඟා විය නොහැකි පරිදි තබන්න

 රත් වු ස්ත්‍රික්ක විදුලියට සම්බන්ධ කර නොතැබුවද ඔබ එය භාවිතා කර මද වේලාවක් යනතුරු සිසිල් වන්නේ නැත.

ඒවා දරුවා ස්පර්ශ කිරීමෙන් පිළිස්සුම් තුවාල ලබාගන්න පුළුවන්. ඒ නිසා එවැනි උපකරණ දරුවන් ‌ගෙන් ඈත් කර තැබීම ආරක්ෂා සහිතයි.

  • විදුලි පිටතට ගන්නා පේනු ආවරණය කරනන. විදුලි රැහැන් හොඳින් නඩත්තු කරන්න. 

කුස්සියේ වැඩ අතරතුර රත් වු ලිපි මත වැරදිමකින් තැබු දරුවාට අත් වු ඉරණම 

ළමා ආරක්ෂිත විදුලි පේනු භාවිතා කිරීමට වග බලා ගන්න. ඒවායින්  විද්‍යුත් ආරක්ෂණ අවදානමක් පමණක් නොව, විදුලි පිළිස්සුම් තුවාල ඇතිවීමේ අවදානමක්ද තියෙනවා.

විදුලි රැහැන් ළඟා විය නොහැකි ලෙස තබන්න.

ඒවා අස්ථාවර හෝ පළුදු වී ඇත්නම් ප්‍රතිස්ථාපනය කරන්න. පාපිසි යට රැහැන් ඇදීමෙන් වළකින්න.

දරුවා ආරක්ෂා කරගන්න

ඔබේ දරුවා පිළිස්සුම් තුවාල වලින් පමණක් නොව අනෙක් අනතුරු වලින්ද ආරක්ෂා කරගන්න.

ඔබ දරුවා ගෙන් ඇස් ඉවතට ගන්නා එක් තත්පරයකදි දරුවා අනතුරකට භාජනය වෙන්න පුළුවන්.

මේ සිදුවීමේදි සිදු වුනා වගේ ඔබගේ යම් අතපසුවීමක් නිසා ඔබේ දරුවා අනතුරට ලක්වෙන්න පුළුවන් බව අමතක නොකරන්න.

ශ්‍රී ලංකාව වගේ ගෑස් ලිප් නිතර භාවිතා වෙන රටක මීට අමතරව ගෑස් නිසා දරුවා පමණක් නොව මවද අනතුරට ලක් වුන අවස්ථා අනන්තවත් අපි අහලා තියෙනවා.

ඒ නිසා ගෑස් සිලින්ඩරය හා ලිප ඔබේ දරුවා ගෙන් ඈත් කර තබන්න.

මුළුතැන් ගෙයි විදුලි බුබුල දල්වන්න පෙර එහි ගෑස් ගන්ධයක් තිබේදැයි බලන්න. එසේ නම් වහා ජනෙල් දොරවල් විවර කර ඒවාට පිටවෙන්න හරින්න. 

නැවත අනතුරුදායක බව පහව ගිය බව තහවුරු ‌වෙනතුරු ලිප ‌හෝ විචුලි බුබුළු දල්වන්න එපා.

ගැස්කන්දුවක් ඇත්නම් විදුලි බුබුලු විතරක් නෙමෙයි කිසම ආකාර ගිණිපුලිගු ඇතිවන දෙයක් එනම් සුවිච් දැමිම, ගිණිකූරෑ ගැසිම, ලිප පත්තු කිරිම නොකල යුතුයි.

එසේ කළහොත් පිපිරීමක් එක්ක ගින්නත් ඇතිවෙන්න පුළුවන්.

අම්මේ, තාත්තේ ඔබේ නිවස තුළ ඔබ පිළිස්සෙන දේවල් වලින් ආරක්ෂා වීමට ඔබ භාවිතා කරන ආරක්ෂිත උපදෙස් මොනවාද?

පහත දැක්වෙන තීරය තුල ඔබේ  අදහස් අපට දන්වන්න.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

 

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • දෙමාපියන්ට උපදෙස්
  • /
  • කුස්සියේ වැඩ අතරතුර රත් වු ලිපි මත වැරදිමකින් තැබු දරුවාට අත් වු ඉරණම 
බෙදාගන්න :
  • දුම්රිය යන්නට පෙර ‌රේල් පාරට වැටී දිවි ගලවා ගත් දරුවා

    දුම්රිය යන්නට පෙර ‌රේල් පාරට වැටී දිවි ගලවා ගත් දරුවා

  • නිවසේ තියෙන ඔබ කවදාවත්ම නොහිතන බබාට අනතුරුදායක දේවල් 8 ක්

    නිවසේ තියෙන ඔබ කවදාවත්ම නොහිතන බබාට අනතුරුදායක දේවල් 8 ක්

  • දුම්රිය යන්නට පෙර ‌රේල් පාරට වැටී දිවි ගලවා ගත් දරුවා

    දුම්රිය යන්නට පෙර ‌රේල් පාරට වැටී දිවි ගලවා ගත් දරුවා

  • නිවසේ තියෙන ඔබ කවදාවත්ම නොහිතන බබාට අනතුරුදායක දේවල් 8 ක්

    නිවසේ තියෙන ඔබ කවදාවත්ම නොහිතන බබාට අනතුරුදායක දේවල් 8 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it