theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මම දරුවන් රැකබලා ගන්නා ආකාරයේ නිතර වැරදි සොයන මගේ නැන්දම්මා මාව කෝපයට පත්කරනවා.

3 අවම කියවීම
මම දරුවන් රැකබලා ගන්නා ආකාරයේ නිතර වැරදි සොයන මගේ නැන්දම්මා මාව කෝපයට පත්කරනවා.මම දරුවන් රැකබලා ගන්නා ආකාරයේ නිතර වැරදි සොයන මගේ නැන්දම්මා මාව කෝපයට පත්කරනවා.

හිතවත් මව්වරුනි, මට උදව් කරන්න. නැන්දම්මා ලේලී හබයෙන් මගේ පුතාට බැට කන්න දෙන්න බැහැ...

හිතවත් මව්වරුනි, මට උදව් කරන්න. නැන්දම්මා ලේලී හබයෙන් මගේ පුතාට බැට කන්න දෙන්න බැහැ.

මගේ වයස අවුරුදු තුනක් වු දරුවාට ඊයේ මම පහර දී ඉන්පසුව මම පැයක් විතර ඇඩුවා. මේ මම ඔහුට පහර දුන් පළමු අවස්ථාව වන අතර මෙහිදි ඔහු කර තිබුනේ සුළු වරදක්, මගේ කෝපය ඔහු මත පිට වීමක් වුනා.

අපිත් එක්ක ජීවත් වෙන මගේ නැන්දම්මාට ජීවිතයේ එකම අරමුණක් තියෙන බව පේනවා. ඒ මම මගේ පුතා රැකගන්න විදියේ වැරදි සෙවීමයි. මේ සියල්ල ඇරඹුනේ ඔහු ඉපදුන දවසේ සිටයි.

මේ අපේ ගෙදර අපේ චාරිත්‍ර තිබෙන්නේ

මම ඔහු වෙනුවෙන් ගන්න අවශ්‍ය වන සෑම පියවරක්ම මේ අපේ ගෙදර අපේ චාරිත්‍ර තිබෙන්නේ යැයි පවසමින් ඒවා ඇය විසින්  ප්‍රතික්ෂේප කරනු ලබනවා.

ඔහුට මාස කිහිපයක්  වනවිට මා විසින් දරුවාට  මී පැණි හැන්දක් ලබා දීම ඇයට අවශ්‍ය වුනා. බොටලිසම් නැමති රෝගය   ඇතිවීමට ඇති අවදානම  නිසා අවුරුද්දට අඩු දරුවන්ට කුමන හෝ ආකාරයේ මීපැණි ලබාදීමට එරෙහිව වෛද්‍යවරුන් අනතුරු අගවන බව දක්වමින් මම එයට විරුද්ධ වෙනවා. ළමයි හතර දෙනෙක් හදපු මට විද්‍යාව උගන්වන්න එපා යැයි ඇය පවසනවා.

ඒ දිනවල නිතිපතා තිබුන මේ සටන නිසා මාත් මගේ සැමියාත් අපි දරුවාට රාත්‍රීයේ මීපැණි ලබා දෙන බව බොරුවට කිව්වා.

මම පුතාට බොහෝ විට මව් කිරි ලබා දුන් අතර ඉන්පසු කිරි ආදේශකද ලබා දුන්නා. එමනිසා පුතාගේ අස්ථි දුර්වල වී ඇති බව ඇය සිතනවා. පුතා ගේ පුරා දුවන සෑම විටම  ඔහුගේ වේගය අඩු වී ඇත්තේ මම ඔහුව ව්‍යාජ කිරි වලින් පෝෂණය කරන නිසා බව ඇය අපහස මුඛයෙන් පවසනවා.

උදේ ආහාර ගැනීම හා පාසැල් යෑමට  ලෑස්ති වීමට ප්‍රමාණවත් කාලයක් ඔහුට ලබාදීමට මම ඔහුව කලින් අවදි කල විට මට දරුවා විවේක ගන්නවා පේන්නත් බෑ කියලා ඇය කියනවා. මම ඔහුව හවස උද්‍යානය වෙත ගෙන යන විට  මම එළියට ගොස් අසල්වැසි කාන්තාවන් සමග කථා කරන්නට අවස්ථාවක් උදා කරගන්නා බව ඇය පවසනවා.

හැමවිටම මම වැරදි බව ඔප්පු කිරීමට ඇයට අවශ්‍යයි.

මම ඔහුට පරිප්පු දුන් විට මම ඔහුට එළවළු දිය යුතු යැයි ඇය සිතනවා. මම ඔහුට එළවළු දෙන දින වලට ඔහු බොන කිරි ප්‍රමාණය අඩු යැයි ඇය සිතනවා. මේ සියල්ල තුලින්ම මට වැටහුණේ ඇයගේ අරමුණ වන්නේ ඇයගේ මුණබුරා රැකබලා ගැනීමට වඩා මම වැරදි බව ඔප්පු කිරීම බවය. ඇය මා වැරදි බව ඔප්පු කිරීමට මගේ පුතා පලිහක් ලෙස භාවිතා කරනවා.

ඇය මුණබුරාට ගොඩාක් ආදරය කරන බවත් ඔහුව කිසිවෙකු නොසලකා හැරීම  ඇයට ඉවසිය නොහැකි බව පවසමින් මගේ සැමියා ඉදිරියේ ඇය හඩා වැටෙනවා. ඇය නිවසේ ආහාර පිසින්නේ කලාතුරකින් වන අතර මට  මගේ සැමියා සමග රාත්‍රී ආහාර වේල සදහා එළියට යන්න අවශ්‍ය වෙනකොට ඔහුට ගෙදර ඉන්න හිතෙන ආකාරයේ ඔහු කැමතිම ආහාර වේලක් ඇය සකස් කරනවා.

මෙය මගේ සතුට විනාශ කරන අතර අසාධාරණ ලෙස මම මගේ කෝපය මගේ පුතු මත මුදාහරිනවා. මම ඒවා නොසලකා සිටිය යුතු බව මගේ සැමියා පැවසුවත් මට මෙම අරමුණින් පිටට යන්නට කාර්‍යාලයක් නොමැති අතර ඇය සමග පැය විසිහතරම ජීවත් වන්නට සිදුවී ඇත.

හිතවත් මව්වරුනි, මට උදව් කරන්න. නැන්දම්මා ලේලී හබයෙන් මගේ පුතාට බැට කන්න දෙන්න බැහැ.

මේ නම ගම හෙලි නොකල ලේලියකගේ කථාව ඔබට ගෙන ආවේ The Asianparent Sri Lanka වෙතිනි. ඉවර නොවන මේ නැන්දම්මා ලේලී හබයට ඇමතිය යුත්තේ කෙසේදැයි ඔබට අදහස් ඇතිනම් අපත් සමග බෙදාගන්න.

theIndusparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • මම දරුවන් රැකබලා ගන්නා ආකාරයේ නිතර වැරදි සොයන මගේ නැන්දම්මා මාව කෝපයට පත්කරනවා.
බෙදාගන්න :
  • මගේ නැන්දම්මා එක්ක මිතුරියක් වගේ ඉන්න මං ගත්ත උත්සාහයන් 4

    මගේ නැන්දම්මා එක්ක මිතුරියක් වගේ ඉන්න මං ගත්ත උත්සාහයන් 4

  • නැන්දම්මත් එක්ක වැඩ කරන්න ලේසි නැත්නම් මේ කරුණු 5 ගැන සිතා බලන්න

    නැන්දම්මත් එක්ක වැඩ කරන්න ලේසි නැත්නම් මේ කරුණු 5 ගැන සිතා බලන්න

  • මගේ නැන්දම්මා එක්ක මිතුරියක් වගේ ඉන්න මං ගත්ත උත්සාහයන් 4

    මගේ නැන්දම්මා එක්ක මිතුරියක් වගේ ඉන්න මං ගත්ත උත්සාහයන් 4

  • නැන්දම්මත් එක්ක වැඩ කරන්න ලේසි නැත්නම් මේ කරුණු 5 ගැන සිතා බලන්න

    නැන්දම්මත් එක්ක වැඩ කරන්න ලේසි නැත්නම් මේ කරුණු 5 ගැන සිතා බලන්න

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it