මගේ නැන්දම්මා එක්ක මිතුරියක් වගේ ඉන්න මං ගත්ත උත්සාහයන් 4

මගේ නැන්දම්මා එක්ක මිතුරියක් වගේ ඉන්න මං ගත්ත උත්සාහයන් 4

මේ ඉතා සරල රීතින් 4 ඔබේ නැන්දම්මා යාලුවෙක් වගේ තියාගන්න විතරක් නෙමෙයි ඇය සමග ඇති සබඳතාවය දියුණු කරගන්නත් උදවු වේවි.

නැන්දම්මා එක්ක මිතුරියක් වගේ ඉන්නවා තියා ඒ ගැන හිතන්නටවත් බැරිද? ඔබේ නැන්දම්මා ඔබේ ගෙදරට ආවහම ඔබට තරමක් චකිතයක් දැනෙනවද? මට නම් දැනෙනවා.

මොකද මගේ මුළුතැන්ගෙයි සිට ඉවුම් පිහුම්, පිරිසිදුකම, වැසිකිලි, ඇඳුම් වගේම මගෙයි සැමියගෙයි අතර ඇති බැඳීම කොයි වගේද කියලත් ස්කෑන් වෙනවා කියලා මම දන්නවා.

ඒ වගේම මේක නිකන් ස්කෑන් වීමක් නම් නෙමෙයි. මේ නිසා මගේ විශ්වාසය සහ මං ගන්න තීරණ ගැනත් මට බියක් ඇතිකරනවා.

හරියට මම ඇතුලත් වීමේ විභහාගයකට පෙනී ඉන්නවා වගේ දැනෙනවා. එත් එක දිගින් දිගටම සිදුවෙන කොට මම මටම කියලා උපායන් ටිකක් මේ චකිතය නැති කරන්නත් ඇයව හසුරවන්නත් තෝරා ගත්තා.

මාස දෙකකට විතර කළින් මට මගේ නැන්දම්මා එනකොට මම විසින්ම සකසාගත්ත මේ රීතින් ටික අවසානයේ අපිව සතුටින් තබන්න සමත් වුණා.

ඇගේ පාලනය තවමත් ඇති බව ඒත්තු ගන්වන්න ඇය උත්සහා ගන්නවා.

ඔබත් සමග එක් වෙන්න කලින් ඔබේ සැමියා සමග ඍජුවම කටයුතු කළ එකම ගැහැණිය ඇයයි.

දැන් ඇයට හැඟෙනවා ඇගේ බලපෑම සම්පුර්ණයෙන්ම ඉවත්ව ඇති බව. ඉතින් ඇයට නැතිවූ බලය ලබාගන්න හැකි උපරිම දේවල් කරන්න ඇය උත්සහා කරනවා. මේ නිසා ඔබේ වැරදී සොයන්නත් ඔබව පහතට දමන්නත් ඇය උත්සහා කරනවා. නමුත් මේ සඳහා හොඳ පිළියම් 4ක් තියෙනවා. 

kareena-sharmila

 

නැන්දම්මා එක්ක මිතුරියක් වගේ ඉන්න අගනා උපක්‍රම 4ක් 

1. ඇයට ඇගේ පාලනය ඇති බව දැනෙන්න දෙන්න

ඇයට ඇය කැමති දේවල් කරන්න ඉඩ දෙන්න. ඇයට ඉවීමට අවශ්‍යනම් එයට ඉඩ දෙන්න. ඔබ ඉන්න විට ඇයට අවශ්‍ය දේවල් ඇත්නම් කරන්න දෙන්න. ඇයගෙන් සමහර දේවල් වලට උපදෙස් ගන්න.

මෙහි අදහස තමයි ඇයවත් ඔබේ කටයුතු වලට සම්බන්ධ කර ගන්න කියන එකයි. නමුත් ඇයට ඔබව පාලනයට ඉඩ දෙන්න එපා. ඇයට ඔබ වටින බවක් දැනුනොත් ඔබට ඇය ගරු කරන්න පුළුවන්.

මේ නිසා සමහර විට ඔබ දෙදෙනා ළඟම මිතුරියන් වන්නට පුළුවන්.

2. නැන්දම්මා එක්ක මිතුරියක් වගේ ඉන්න නම්... වැස්සේ තෙමෙන මී හරකෙක් වෙන්න!

ඔබ දෙදෙනා විවාහ වෙන්න තීරණය කළේ ඔබ හොඳ කෝකියෙක් නිසාවත්, ඔහු ඉතා ඉක්මනට ගෙදර වැඩට උදවු කරන මාර්කට් එකට ගියොත් ඉක්මනින් බඩු ටික අරගෙන එන කෙනෙක් නිසා නෙමෙයිනේ.

ඔබ ඔබේ විවාහයට තීරණයක් ගත්තේ ඔබ එකිනෙකාගෙන් සහකරු හා සහකාරිය හැටියට එකිනෙකාව අවබෝධ කරගනීවි යන විශ්වාසය මතයි.

ඉතින් එය අන් අයට එය සහතික කිරීම අනවශ්‍යයි. ඔබ ඔබේ හදවතට අනුව වැඩ කරන්න. ඔබ ඔබම වෙන්න.

ඔබේ නැන්දම්මා හිතනවා නම් ඔබ රසට කෑම හදන්නවත්, ගෙදර මුළුතැන්ගෙය පිළිවෙලකට තියාගන්නවත් දන්නෑ කියලා. ඊට ප්‍රතිචාර දක්වන්න යන්න එපා. ඇයට කියන්න මේ ඔබත් ඔබේ සැමියත් කැමති විදිහ හා ඔබ දෙදෙනාගේ කැමැත්ත බව.

ඔබට දරුවන් ඇත්නම් ඔවුනුත් ඊට ඇතුලත් කරන්න. නමුත් ඉන් ඔබේ හිත රිදුන බව නම් පෙන්වන්න එපා.

මොකද ඇගේ බලාපොරොත්තුව එය නිසා. නිතරම ඔබ මේ ගැන තැකීමක් නොකර ඉතා සැහැල්ලුවෙන් හා ජයග්‍රාහී ලෙස එවැනි දේ බලන බව පෙන්වන්න.

3. නැන්දම්මා එක්ක මිතුරියක් වගේ ඉන්න නම් ශක්තිමත් සිමාවන් පනවන්න

ඉන්දියානු දෙමාපියන් තම සීමාවන් පනිනවා. බොහෝ විට එහි වරදක් නොවන බව වැනි හැඟීමක් ඔවුන් තුළ තිබෙන්නට පුළුවන්.

මුරණ්ඩු, අශෝභන ලෙස නොවුනත් ශිෂ්ඨ ලෙස එහෙත් අනිත් සමහර ක්‍රියාවන් ගැන ඔබට තීරණ ගන්න සිදුවෙනවා.

අවසානයේ මේ ඔබේ තීරණයයි. ඊට සුදුසු තීරණයක් දන්නේ ඔබයි.ඔබට ඇගේ අදහස් සලකා බැලිය හැකියි.

නමුත් තීරණ ගත යුත්තේ ඔබයි. ඇය පැමිණි පසු ඇයව හොඳින් පිළිගෙන කතා කිරීම, අදහස් විමසීම කලත් ඇයට ඇගේ සීමාවන් හඳුනාගන්න සිදුවෙනවා. ඊට ඔබට ක්‍රියාත්මක විය හැකියි. 

4. ඔබේ සහකරුට දායක වන ලෙස කියන්න

ඔබේ නැන්දම්මා ඔබත් එක්ක පැටළුන වෙලාවක ඔබේ සැමියා පැත්තකට වෙලා නිහඬව මුනිවත රකිනවා වෙන්න පුළුවන්. පිරිමින් බොහොම උපායශිලියි.

ඔබට නරක නාමය ලැබෙන විට මේ දිහා බලාගෙන මුනිවත රකින්න ඔබේ සැමියාට අවස්ථාව දිය යුතු නැහැ.

ඔබේ සැමියා සමග මුලදී කතා කරන්න. ඔබේ සැමියා සහ ඔබ අතර ශක්තිමත් සම්බන්ධයක් ඇති බව ඇයට ඒත්තු ගැන්වීම කළ යුතුයි.

ඔබේ නැන්දම්මා සමග හොඳ සම්බන්ධයක් ඇති කර ගන්න ඇයට තෑග්ගක් අරගෙන දීම වැනි දේවල් වලට සැමියාවත් සම්බන්ධ කරගන්න.

ළඟ නැතත් ඇය ගැන සෙවිල්ලෙන් බව අඟවන්න. කෙසේ වුවත් ඒ ඔවුන්ගේ මව බව අමතක කරන්න බැරි කාරණයක්.

සබඳතාවයන් එකිනෙකට වෙනස්. theAsianparent Sri Lanka ඔබේ හොඳම මිතුරිය මේ වෙනස්කම් හඳුනාගන්න උදවු වෙන්නයි මේ අදහස් ඔබට ගෙන ආවේ.  

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

(මෙම ලිපියෙහි ඇති ෆොටෝ: Jagran, Indianexpress)

 

 

 

Written by

Deepshikha Punj