දරුවාගේ ශරීරයට මුත්‍රා එන්නත් කර මරණයට පත්කරන්නට උත්සාහ කළ මවක්

දෙමාපියන් වුනත් සතුන් ලෙස හැසිරෙන අල්පයක් ගැන අපිට අසන්නට ලැබීම ඉතාම දුක්ඛිත තත්වයක්.

අවුරුදු 42 ක් වයසැති මේ ඕස්ට්‍රේලියානු අම්මා ඇගේ දියණියගේ ප්‍රතිකාර සඳහා පොදු ආධාර ඉල්ලා සිටියා.

ඕස්ට්‍රේලියානු මවක් ඇගේ 9 හැවිරිදි දියණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින විට ඇයට ලබාදුන් ප්‍රතිකාර ලබාදෙන බටයට මුත්‍රා එන්නත් කර තිබුණා. ඩේලි ටෙලිග්‍රාෆ් (Daily Telegraph) දක්වන ආකාරයට මේ අම්මා සිලින්ජයක් හා මුත්‍රා සහිත සිලින්ජයක් අත්දෙකේ තියාගෙන ඉන්නවා හසුවී තිබුණා. රෝහලේදී දරුවා උග්‍ර ලෙස රෝගී වීමෙන් පසු මව පොලිස් භාරයට ගැනුණා.

පසුගිය 2015 මාර්තු 13 වන දින වෛද්‍යවරයා විසින් දරුවාට ලබාදුන් බෙහෙත් වල නල මාර්ගයේ අසාදනය වන විෂබීජ තත්වයක් හමුවී තිබුණා. එය එන්නත් කිරීම නිසා පමණක් සිදුවිය හැකි බව පැවසුවා.

මේ 42 හැවිරිදි මව සංවාද මගින් දියණියගේ ප්‍රතිකාර සඳහා මුදල් ආධාර එකතුකරමින් හිඳ තිබුණා. මේ හේතුව හෙළිවීමෙන් ඇයට සිරගත වෙන්න සිදුවුණා වගේම දරුවා සමග සබඳතා නැති වුණා. 2008 වසරේ සිට ඇය මෙය සිදු කරන බව පරීක්ෂණ වලින් සනාථ වුණා. ඒ වගේම දරුවාට අසුචි පවා කෑමට දී ඇති බව වාර්තා වුණා.

මේ සමගම 35 හැවිරිදි මවක් තම පුතාට මුත්‍රා පානයට ලබාදී ඇති බව වාර්තා වූ අතර මේ නිසා දරුවාට ගොඩක් අසනීප වුනා. මවට සිරගත වීමට සිදුවුණා.

දෙමාපියන් වුනත් සතුන් ලෙස හැසිරෙන අල්පයක් ගැන අපිට අසන්නට ලැබීම ඉතාම දුක්ඛිත තත්වයක්. නමුත් ඔබේ දරුවන් ඉන් ආරක්ෂා කරගන්න Asianparent Sri Lanka මේ තොරතුරු ගෙන ආවා.

theIndusParent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ