theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අතවර කිරීමෙන් මා ආරක්ෂා නොකළ අම්මේ

5 අවම කියවීම
අතවර කිරීමෙන් මා ආරක්ෂා නොකළ අම්මේඅතවර කිරීමෙන් මා ආරක්ෂා නොකළ අම්මේ

අම්මාගේ ආරක්ෂාව දියණියකට හරිම වැදගත්.

අද සමාජය තුල ඔබේ දියණියට අතවර වීම ඉතා සුළු කාලයක් තුල සිදුවෙන්න පුළුවන්. ඒ නිසාම දියණියන් පමණක් නොව පුතුන්ද ඇස් දෙකේම තියා ගෙන හදන්න අවශ්‍ය වෙනවා.

ඔබේ සුළු අත්වැරැද්දක් නිසා ඔබේ දරුවාගේ මුළු ජිවිතයටම අදුරු පැල්ලමක් එකතු වුනොත්?

දරුවා කලකිරෙනවා පමණක් නොව ඔබට වෛර කරන්නත් පුළුවන්. මේ එවන් දියණියකගේ දුක්බර ආවර්ජනයයි.

අම්මේ මම ඔබත් එකක් මම ගෙව්ව පළමු අවුරුදු පහ මම ගෙව්වේ පුදුමාකාර සතුටකින්.

මම ඔබේ දෙවැනි දියණියයි. ඔබ මට ආදරය කළා. මමත් පුදුම විදියට ඔබට ආදරය කළා. මට ඒ ගැන කිසිම සැකයක් නැහැ.

මගේ මතකයන් මැකිලා යන්න පටන්  අරන් තමයි. නමුත් ඒවා ප්‍රීතිමත් මතකයන් තුල මම සතුටින් සිටි බව මට මතකයි.

ඒත් එක දවසක් මට තේරුම් ගත නොහැකි දෙයක්, මට පැහැදිලි කළ නොහැකි දෙයක්, මා වැරදියැයි  දන්නා දෙයක් සිදු වුනා. 

දැන් පවා, වැඩිහිටියෙකු ලෙස,  විවාහක, ගැහැනු ළමයින් තිදෙනෙක්ගේ මවක් ලෙස වගේම ගුරුවරියක් ලෙස මම නිවැරදි වචන සොයා ගැනීමට වෙහෙසෙ වෙනවා. 

වයස අවුරුදු පහක් තරම් කුඩා කාලයේදි මගේම සීයා මගේ නිර්දෝෂීභාවය, මිනිසුන් සහ ලෝකය කෙරෙහි මගේ විශ්වාසය සහ නොදන්නා අය කෙරෙහි ඇති මගේ ආදරය නැති කරලා දැම්මා.

ආදරණීය පවුලක සිටින ඕනෑම දරුවෙකු මෙන්, මමත් ඔබව විශ්වාස කළා. එය නාන වේලාවක සිදු වු බව පැහැදිලිවම මට මතකයි. 

නරක, ව්‍යාකූල සහ වරදකාරී හැඟීමක් මට දැනුනා. ඉතින් මම ගොඩාක් ඇඩුවා අම්මේ, ඔයා මාව බේරෙයි කියලා මම බලාපොරොත්තු වුනා.

ඔබ මාව සනසවයි කියලා මම හිතුවා.

නමුත් ඔබ එහෙම කලේ නැහැ. ඔබ කාමරයෙන් පිටවෙලා ගියා ගියාමයි ආපහු ආවේ නැහැ.

දියණියට අතවර වීම ඔබ නොසලකා හැරියේ ඇයි?

අතවර කිරීමෙන් මා ආරක්ෂා නොකළ අම්මේ

ඔබ දෙදෙනාම බියගුල්ලෝ ය. ඔබ මට දැක්වු  ප්‍රතිචාරය ගැන මම කම්පාවට පත් වුනා. 

මගේ දෙමව්පියන් වශයෙන් ඔබ ඒ ගැන  කිසිවක් නොකිරීම මට සිතාගත නොහැකි තරම්ය.

මම ඒ අදුරු මතකයන්  සියල්ල මගේ සිතේ පිටුපසට තල්ලු දැම්මා.

නමුත්  මගේ වැඩිමහල් සොහොයුරිය දිනක් එය යලිත් මට මතක් කළා.

ඒ වෙන විටත් සීයා මිය ගිහින්. ඒ ගැන මට සතුටුයි.  ඔහුගේ අවසන් දවස්වල ඔහු මේ ගැන දුක් වෙනන් ඇති ඒ නිසා මට සතුටුයි.

නමුත් ඔහුට මීට වඩා ලොකු දඩුවමක් ලැබෙන්න තිබුනා. 

යොවුන් සමනළියක ලෙස ජිවිතය විදිය යුතු වයසේදී මම එයින් දැඩි ලෙස පීඩාවට පත්වුනෙමි.

ඇත්තටම එය සිදුවිය නොයුත්තක්. අම්මේ ඔබ එහිදි මා අත්හැර දැමුවා.

වසර ගණනත් මා විදි මානසික අවපීඩනය හා බලපොරොත්තු සුන්වීම මෙන්ම ආහාර නිසිලෙස නොගැනීම නිසා මම ගොඩාක් පීඩා වින්දා.

මට වඩා වැඩිමල් මගේ නැදෑ සොයුරියක්ද මෙවන් කරදරයකට මුහුණ පෑ බව මීට අවුරුදු හයකට පෙර මම දැනගත්තා.  

ඇය වෙනුවෙන් කවුරු හරි පෙනී සිටියාද?

අතවර කිරීමෙන් මා ආරක්ෂා නොකළ අම්මේ

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

 

නැහැ. ඔවුන්ට වැදගත් වුනේ පවුලේ නම ආරක්ෂා කිරීම පමණයි.

ඔවුන් හිතුවේ පවුලට සිදුවන ලැජ්ජාව ගැන පමණයි. ඔහුව හිරේට යවන්න තිබුණා නේද?

මහලු පුද්ගලයෙකුට ඔහුගේ අවසන් කාලය  එහි ගත කළ කරන්න බැරිලු. ඒත් ඇයි එහෙම කරන්න බැරි?

මට මෙවන් පවුලක ඉපදීමට ලැබීම ගැනත් ලැජ්ජයි.  ඉතින්  ඔහු මිය යාම ගැන මට සතුටුයි. 

ඔහුගේ අවසන් දවස්වල ඔහු විදවන්න ඇති ඒ ගැනත් මට සතුටුයි. මම සතුටු වෙමි.

නමුත් ඔහු ඊට වඩා විදවන්න තිබුනා. ඔහුට ලැබුණ දඩුවම අසාධාරණයි.

අම්මේ මම ඔබව බලන්න එන්නේ නැහැ කියලා ඔබේ මිණිබිරියන්ව ඔබට දකින්න නැහැ කියලා  ඔබ දැන් මට කොච්චර දොස් පවරනවාද? අම්මාගෙයි දුවගෙයි බැදීම ඔබ බිදලා අවසානයි. 

මට අද මගේ නිවස ප්‍රමාණවත් නැහැ. මගේ වෘත්තියමය ලෙස ඔබට අවශ්‍ය ආකාරයට ඉදිරියට ගිහින් නැහැ.

මම අවශ්‍ය තරම් විලාසිතා කරන්නේ නැහැ.  කෙටියෙන්ම කිව්වොත් මගේ ජිවිතය සියල්ල හිමි කරගත්  මගේ සහෝදරියගේ තරම් හොඳ නැහැ. 

ඔබ මා ගැන සෑහිමකට පත් නොවන බව මට කියන්න ලැජ්ජා වෙන්නේ නැහැ. 

ඔබ මාව හොදින් හදුනන්නේ නැහැ.  ඔබට මාව හදුනාගන්න උවමනාවක් තිබුනෙත් නැහැ.

 ඔබට අවශ්‍ය වුනේ මාව ඔබගේ ක්‍රමයට හදන්නයි. කවදාහරි දවසක අම්මේ ඔබ කණගාටු විය යුතුයි.

 ඒත් මට විශ්වාසයි එහෙම දිනයක් කවදාවත්ම උදා නොවේවි . 

ඔබ මාව ආරක්ෂා කලේ නැත්තේ ඇයි කියලා මට කියන්න. ඔබට මෙය දරාගන්න තරම් ශක්තියක් නැහැ කියලාත් මම දන්නවා.

ඒත් මම මේතාක් වින්ද සියලු වේදනාවන් ඔබට දැනෙන්න දෙන්න මට අවශ්‍යයි. 

ඒත් ඒ වෙනුවට, මම ඔබට කොතරම් ආදරය කරනවාදැයි ඔබට කියන්න මට අවශ්‍යයි.

ඔබ වයසට යනවිට දුර්වල වෙන හැටි මට පේනවා. මම ඒ වෙලාවට ඔබේ ඉතිරි ජිවිත කාලය  සතුටින්ම ගෙවෙන්න කියලා පතනවා.

 ඔබ ඒ සදහා සුදුස්සෙකු නොවන බව මට සිතෙන නිසා මම ඔබව සෑහීමකට පත් කිරීමට කැමති නැහැ.

මම නම් මගේ දියණියන් කියන සෑම දෙයක්ම සාවධානව අසා සිටිනවා. මම ඔවුන්ට ගොඩාක් ආදරය කරනවා. 

මම ඔවුන්ව ආරක්ෂා කරනවා. ඒවා ඔබ මට දුන් ආදර්ශ නම් නොවේ. ඒවා මම මගේ මාතෘත්වය තුල ගොඩ නගා ගත් දේවල්ය.

මගේ දුක්බර කතාවේ අවසානය එයයි. ඔබ මා වැළදගෙන ඔබ වරදක් කර නැති බවත් මේ සියල්ල හරි යාවි කියාත් කියන්න.
ඒත් තිත්ත ඇත්ත නම් අතීතය වෙනස් කරන්න බැහැ.

දියණියට අතවර වීම නොසලකා හැරි අම්මේ,

මම ඔබේ නම සදහන් නොකළ දියණිය

අතවර කිරීමෙන් මා ආරක්ෂා නොකළ අම්මේ

අම්මා කියන අකුරු තුන ඇතුලේ දියණිය සොයන ආරක්ෂාව නොමැති කල තව කුමන කතාද?

ඇය නම සදහන් නොකර මේ කරන ලද දුක් ගැනවිල්ල දුටු විට වරද කොතැනද කියලා ඔබත් වටහා ගනිවි.

දරුවන් අනාරක්ෂිත නොකරන්න. ඔවුන් හිංසනයට, අතවරයට ලක් වී ඇත්තම් ඔවුන්ට සවන් දෙන්න.

ඒ හිත් සුවපත් කරන්න. නිසි ක්‍රියාමාර්ග ගන්න. කිසිවිටෙකත් වෙනත් කිසිම හේතුවක් නිසාවත් ඔවුන්ව අතහැර දමන්න එපා.

කිසිම දවසක ජිවිතයේ පසුතැවෙන්න යමක් ඉතිරි කරගන්න එපා.

ආරක්ෂාව හා ආදරය  හදවතින්ම ලද දියණියක් ලෙස හා එලෙස සුරකින්නට දියණියක් ඇති මවක ලෙස සියලුම මව්වරුන්ට කරන මගේ ආයාචනය එයයි.

මුලාශ්‍ර: www.theguardian.com

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • දෙමාපියන්ට උපදෙස්
  • /
  • අතවර කිරීමෙන් මා ආරක්ෂා නොකළ අම්මේ
බෙදාගන්න :
  • පුංචි දරුවන්ට අතවර කරන අය ඔබ නොදැනුවත්ව වුනත් ඔබේ ගෙදරම ඉන්න පුළුවන් බව ඔබ දැනසිටියාද?

    පුංචි දරුවන්ට අතවර කරන අය ඔබ නොදැනුවත්ව වුනත් ඔබේ ගෙදරම ඉන්න පුළුවන් බව ඔබ දැනසිටියාද?

  • අකලට මිලින වෙන්න ගිය මලක් දෝතින් රැකගත් අපේ කාලයේ පුංචි වීරයෙක්

    අකලට මිලින වෙන්න ගිය මලක් දෝතින් රැකගත් අපේ කාලයේ පුංචි වීරයෙක්

  • පුංචි දරුවන්ට අතවර කරන අය ඔබ නොදැනුවත්ව වුනත් ඔබේ ගෙදරම ඉන්න පුළුවන් බව ඔබ දැනසිටියාද?

    පුංචි දරුවන්ට අතවර කරන අය ඔබ නොදැනුවත්ව වුනත් ඔබේ ගෙදරම ඉන්න පුළුවන් බව ඔබ දැනසිටියාද?

  • අකලට මිලින වෙන්න ගිය මලක් දෝතින් රැකගත් අපේ කාලයේ පුංචි වීරයෙක්

    අකලට මිලින වෙන්න ගිය මලක් දෝතින් රැකගත් අපේ කාලයේ පුංචි වීරයෙක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it