පියෙකු වු පසු මවකගේ වටිනාකම හඳුනාගත් පුතෙක් කියන කථාව

පියෙකු වු පසු මවකගේ වටිනාකම හඳුනාගත් පුතෙක් කියන කථාව

අම්මේ මට නුඹව වටහා ගන්න වසර 41 ක්ම ගියා.

අම්මා හා අම්මාගේ උතුම් මව්ගුණ හදවතින්ම දැනෙන්න නම් අපිත් දවසක මවක් පියෙක් වෙන්න අවශ්‍ය වෙනවා. මෙවන් පිතෘත්වය ලබා ගත් පුතෙක් සිය ජිවිතය දෙස හැරී අම්මා ගැන අදහස් දැක් වු අයුරුයි.

එක දවසක් උදා වුනා. මම එදා ඇත්තටම මගේ අම්මා බවට පත් වුනා .

මම මගේ ජිවිතය ගැන පුදුම වුන තරම් මටම හිතාගන්න බැහැ. මම ඒ විදියටම මගේ තාත්තා බවටත් පත් වෙලා බලන්න හිතුවා.

ඇත්තටම මොකද මේ වෙන්නේ. මම අවුරුදු 41 ක් ජිවත් වුනාට පස්සේ දරුවෝ තුන්දෙනෙකුත් ලැබුනාට පස්සේ කතා කරන්න හදන හැම මොහොතකම මට ඇයි මගේ අම්මාව මතක් වෙන්නේ?

“මට කණගාටුවක් දැනෙනවා.” “ මම ඔබට හැමදාම බිම වැටුන සෙල්ලම් අහුලලා තියන්න කියලා කියනවා නේද? ” මම දවසක දරුවන් ගෙන් ඇහුවා. මේ වැකිය 80 ගණන් වල අපේ අම්මාගේ මුවේ නිතර තිබුන වැකියක්.

මගේ දරුවෝ මම කිව්වේ කුමක්ද කියලා තේරූම් ගන්න බැරුව වගේ ඇස් පුංචි කරලා බලා ගෙන හිටියා. 

මම ගෘහ සේවිකාවක් නෙමෙයි

පියෙකු වු පසු මවකගේ වටිනාකම හඳුනාගත් පුතෙක් කියන කථාව

තවත් දවසක් යලිත් මට ඔබව මතක් වුනා. 

“ දරුවනේ මම ඔබේ සේවකයෙක් නෙමෙයි” මම මගේ දරුවන්ට කිව්වා. ඇත්තමයි අම්මේ මට මතක් වුනේ ඔබව,

ඇත්තටම මේ මොකද්ද මට වෙන්නේ?

මා හැදී වැඩුණු ආකාරය සමඟ මම දරුවන් හදා වඩන ආකාරය හා යම් සම්බන්ධයක් ඇති බවට දැන්නම්  සැකයක් නැහැ.

දරුවන් හතර දෙනාගෙන් යුත් පවුලක බාලයා වු  මම ටිකක් අමුතුම කෙනෙක් වුනා. 

මගේ හැසිරීමෙත් පුංචි පුංචි ගැටලු නොතිබුනා නොවෙයි.

අම්මාගේම වචන වලින් කියනවා නම් මම ඇයගේ සෙවනැල්ල වුනා.  ඇය කොතැනද මාත් එතැන සිටියා.

ඇගේ සායක් පිටුපස සැඟවී, උද්වේගකාරිව හැසිරෙමින් මම ඇයට අසීරූ කාලයක් ලබා දුන්නා.

ඉතින් මම ඇයගෙන් යමක් හෝ කිහිපයක් ලබා ගැනීම අරුමයක් නොවේ.

නැතහොත් එයට මගේ ජීවිතයේ  තේරීම් සමඟ යම් සම්බන්ධයක් තියෙනවා වෙන්න පුළුවන්.

මම ජීවිතයේ පෙරළියක නිසා මීට වසර ගණනාවකට පෙර වෘත්තිය අතහැර දැමීමට තීරණය කළා.

මම මගේ කුඩා දරුවන්ට රැකවරණය ලබා දී නිවසේ සියලු කටයුතු කිරීමටත් ඉදහිට ආහාර පිසීමත් සිදු කළා.

එය එක්තරා ආකාරයකට මගේ මව කල දේවල්මයි. 

නමුත් ඇයගේ වෘත්තිය අප හා ඇගේ පවුල වුනා.

අම්මා ගැන අදහස්: දවසක ඔයාලටම තේරෙයි

පියෙකු වු පසු මවකගේ වටිනාකම හඳුනාගත් පුතෙක් කියන කථාව

සමහර  දිනවලදී, මම ම‌ගේ දරුවන්ට මෙහෙම කියනවා. 

“යම් දවසක ඔයලා තේරූම් ගනිවි,  ඔබේ සහෝදරයාව මරා නොදැමිය යුත්තේ ඇයි කියලා දවසක ඔයාලා තේරූම් ගනිවි. ඔබ බිම සිට ආහාර නොගත යුත්තේ ඇයි කියලා දිනක ඔබට වැටහේවි.

ඔව්, ඒ මාතෘත්වයේ රේඛාවවයි. අම්මා හරි කියලා ඔයා තේරූම් ගන්නවා.

අම්මේ, මට දැන් තේරෙනවා.

රටින් රට රාජකාරියේ නියුතු තාත්තාගේ උදව් නැතිව දරුවන් හතර දෙනෙකු ඇති දැඩි කිරීම පහසු නොවන බව මට වැටහෙනවා.

ආරක්ෂිත වීදුරු නොතිබූ ඒ දවස්වල අවුරුදු හතරක් වයසැති මා වීදුරු දොර හරහා දිව ගිය විට ඔබට කෙසේ හැඟෙන්නට ඇත්දැයි මට හිතාගන්න පුළුවන්.

(සත්තයි අම්මේ, ඔබේ බාල මුනුබුරාගේ අත කැඩී ගිය දා  ඔබට දැනුණු ආකාරයටම මටත් දැනුණා )

ඔව්, ගෙදර හැදූ කොතරම් රසවත් වුනත් මම ඒවා නොකන විට අසීරු වෙන්න ඇති.

(ඔබගේ දග මුණුබුරන් සෑම විටම මගේ උයන දේවල් කන්නේ නැහැ.)

මට දැන් සියල්ල වැටහෙනවා අම්මේ.

පිරිමි ළමයින් ළදරුවන්ව සිටියදී මමත් ඔවුන් හා සිටි නිසා මව්වරුන් නිදි නැතිව ගෙවන දිගු  රාත්‍රීන් ගැන මම දන්නවා. දිගු දින අවසානයේ වෙහෙසින් හෙම්බත්වීමත් හුරුපුරුදුයි.

ඔව්, මම වගේ පිරිමි ළමයි තුන්දෙනෙක් ඉන්නවා කියලා  මට තේරෙනවා.

ඔවුන් හදාවඩා ගැනීම කොච්චර අමාරුද කියලා  මට තේරෙනවා.

මම කවදාවත් කිසිම කෙනෙක් රවට්ටුවේ නැහැ කියලා දැන් මම දන්නවා 

මවක් වු විට කිසිම දෙයක්  පහසු නැහැ කියලා මම තේරුම් ගත්තා අම්මේ. නමුත් ඔබ එය කරුණාවෙන් ඉවසා ගත්තා කියලා මම දන්නවා.

අම්මේ ඒ තරම් අමාරුවෙන් මාව ඇති දැඩි කලාට ස්තුතියි.

ඒ වගේම මම ඔබට දුන්න හැම වදයකටම මට සමාවෙන්න.

මට සතුටුයි. මම අම්මා වගේ වෙලා බලද්දි මට දැනුන හැගීම පුදුමාකාරයි.

අම්මේ මට ඊට වඩා හොද කෙනෙක් වෙන්න බැහැ කියලා හිතුනා.

අම්මා ගැන අදහස්

පියෙකු වු පසු මවකගේ වටිනාකම හඳුනාගත් පුතෙක් කියන කථාව

කදුළු අතරින් සිනාසෙන්නී ඇයයි.

පුතෙක්ට අම්මා ගැන අම්මාගේ ජිවිතය දුක තේරූම් ගන්න අවුරුදු 41 ක්ම ගියා.

ඔහුට ඒ අත්දැකීම් විදින්න ලැබුන නිසා ඔහු අම්මාගේ ජිවිතය තුල ඔහු ගත කල දින පියවරෙන් පියවර සසදන්න වුනා.

අවසානයේ දි ඔහුට ඇයගේ අසීරූූ භූමිකාව වටහා ගන්න පුළුවන් වුනා.

රස්සාවක් නොකර ගෙදර ඉන්න අම්මා විදින දුක මහන්සිවෙලා ගෙදර එන කාටවත්ම තේරෙන්නේ නැහැ.

අපිට උදේ නැගිටලා කෑම උයලා දෙන අම්මා සමහර විට දවල්ට දංකුඩ ටික සුරගෙන කෑවත් දන්නේ වළද විතරයි.

මොකද ගොඩාක් අපිට ඒ ගැන හොයන්න බලන්න අමතක වෙනවා.

හවසට මහන්සිය නිවෙන්න කියලා අම්මා තේ එකක් අරන් එද්දි අම්මේ මහන්සිද? තේකක් බිව්වාද කියලා අහන්නේ කියෙන් කී දෙනාද? 

ඒක තමයි යතාර්ථය, සමහර විට අපි ඒක තේරුම් ගන්න දවසක අපේ අම්මා ජිවතුන් අරත නොඉන්නත් පුළුවන්.

අනාගතයේ දවසක පසුතැවීම ඉතුරු නොකර ගෙන අම්මාව තේරුම් ගන්න.  ඇයගේ ජිවිතය පහසු කරන්න.

පුංචි කාලේ නම් අම්මාට අපි අනන්තවත් වද දෙන්න ඇති. අම්මාගේ නින්ද , සුව පහසුව නැති කරන්න ඇති.

ඒ නොදැනුවත්ව නොවුනත් අම්මා කෙනෙක් වෙනවා කියන්නේ ලේසි පහසු කාර්යයක් නෙමෙයි.

ලොකු අභියෝගයක්. තමාට තමාවත් නැතිවෙන අභියෝගයක්. ඒක මම තේරූම් ගත්තෙත් අම්මා කෙනෙක් වුනාට පස්සේ.

අම්මේ ඔබට ආදරණිය අම්මා වරුන්ගේ දවසක්.

ලෝ පුරා සිටින සියලු මව්වරුනි ඔබටත් ආදරණිය මව්වරුන්ගේ දවසක්.

ඔබ සියලු දෙනාට  නිරෝගි සුව මෙන්ම සතුට හා සැනසිල්ල ලැබේවා.

තවත් අම්මා වරුන්ගේ දිනයක් ගෙවි උණුහුම යන්නත් කලින් මේ ආදරණිය ලිපියත් ඔබ වෙත ගෙන එන්න අපි හිතුවා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.
පරිවර්තනය හා සංස්කරණය – නදීශා ලක්මිණි
මුල් රචනය: Vince Sales
*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය