මව්පදවිය මවකගේ මොළයට බලපායි: සමීක්ෂණ වලින් හෙලිවේ

මව්පදවිය මවකගේ මොළයට බලපායි: සමීක්ෂණ වලින් හෙලිවේ

මාතෘත්වයට ඔබව තවත් බුද්ධිමත් කරන බව ඔබ දැන සිටියාද? විද්‍යාත්මක සාක්ෂි සහිත මේ විස්තරය බලන්න.

මාතෘත්වය අපගේ මොළයට බලපාන බව ඔබ දැන සිටියාද? මාතෘත්වය මොළයට බලපාන ආකාරය ගැන දැනගන්නට කැමතිද?

ගර්භණී සමයේදී සහ දරු ප්‍රසූතියෙන් පසු කාන්තා  අපගේ ශරීර විශාල වෙනස්කම් රැසකට භාජනය වන බව අපි කවුරුත් දන්නවා.

බොහෝ විට, අපි සෘණාත්මක  දේ ගැන වැඩි අවධානයක් යොමු කරන්නට පෙළඹෙනවා. -එල්ලා වටෙන මාංෂපේශි, රැළ්‍ය් ගැසුනු උදරය (stretch marks), එල්ලා වැටෙන පියයුරු, මෙවැනි දේවල් රැසක් සහිත … ලැයිස්තුව තවත් දිගින් දිගටම ඉදිරියට යයි.

නමුත් මාතෘත්වය අපගේ ශරීරයේ ඉතා වැදගත් ඉන්ද්‍රියයක් වන මොළයටද බලපාන බව ඔබ දැන සිටියාද?

අපි කතා කරන්නේ මාතෘත්වය අපගේ මොළයට ධනාත්මක ආකාරයකින් බලපාන්නේ කෙසේද යන්න ගැනයි.  (මේ කරුණු සියල්ල විද්‍යාත්මකව සනාථ වී ඇති බව දැනගැනීමට ඔබ සතුටු වේවි. (මෙම ලිපියෙන් ඔබ සොයා ගන්නා පරිදි)!

මාතෘත්වය මොළයට බලපාන ආකාරය

මව් පදවියට මවක් බුද්ධිමත් කරන්නට පුළුවන් කියන්නේ ඇත්තක්ද?

NBCහි ජාතික වාර්තාකරු කේට් ස්නෝ  විසින් මෑතකදී වාර්තා කරන ලද ප්‍රවෘත්තියක් මගින් මාතෘත්වය අපව වෙනස් කරන්නේ කෙසේද යන්න පිළිබඳව පර්යේෂකයන් අනාවරණය කරගෙන ඇති දේ හරියටම අනාවරණය විය – විශේෂයෙන් අපගේ මොළය!

කාන්තාවක් මවක් බවට පත්වන විට, ඇගේ මොළයේ අපූරු හෝමෝන මිශ්‍රණ (කොක්ටේල්) සාදනු ලබන අතර, එය ඇත්ත වශයෙන්ම ඇයගේ බැඳීමට උපකාරී වනවා.

පෘථිවියේ වෙනත් කිසිවෙකුට කළ නොහැකි ආකාරයට තම කුඩා බිළිඳා  ආරක්ෂා කිරීමට, ආදරය කිරීමට හා ආදරයෙන් රැකබලා ගැනීමට එය උපකාර වනවා.

මෙම හෝමෝන දෙකක් ඔක්සිටොසින් (oxytocin) සහ ප්‍රෝලැක්ටින්(prolactin) වේ.

මව්පදවිය මවකගේ මොළයට බලපායි: සමීක්ෂණ වලින් හෙලිවේ

ඔක්සිටොසින් වලින් මව්වරුනට පුදුමාකාර වාසි කිහිපයක් ඇත!

මාතෘත්වය මොළයට බලපාන ආකාරය: ඔක්සිටොසින් Oxytocin

ආදර හෝමෝනය, වැළඳ ගැනීමේ හෝමෝනය, හුරතල් වීමේ රසායනිකය, සදාචාරාත්මක අණු සහ ප්‍රීතිමත් හෝමෝනය යන විවිධ අර්ථකතන වලින් මෙම හෝමෝනය හැඳින්වෙනවා!

ඉතින් ඔබට මේ ගැන අදහසක් ලැබෙනවා  ඇති නේද?

මෙම හෝමෝනය හයිපොතැලමසය (මොළය තුළ පිහිටා ඇති) තුළ නිපදවෙන අතර පිටියුටරි ග්‍රන්ථිය මගින් ස්‍රාවය කරනු ලබනවා.

‘ආදර හෝමෝනය’ මගින් කෙරෙනවිශේෂ කාර්‍යය කුමක්ද?

  • දරු ප්රසූතියේදී එය ගර්භාෂයේ මාංශ පේශි හැකිලීමට සලස්වනවා.
  • එය අම්මලා වඩාත් සැලකිලිමත් වීමට හා තෘප්තිමත්  කිරීමටත් උනන්දු වීමටත් හේතු වනවා.
  • ඔක්සිටොසින් මගින් මවුවරුන්ට ඇගේ දරුවාගේ අද්විතීය සුවඳ හඳුනා ගැනීමටත්, අනෙක් සියල්ලටත් වඩා ඇගේම දරුවාගේ සුවඳට වැඩි කැමැත්තක් දැක්වීමටත් හේතු වනවා!
  • මව්කිරි දීමේදී එය මව්කිරි හා සම්බන්ධ එය කිරි දෙන කාලය තුළ, දරුවා ප්‍රමාණවත් ලෙස කිරි බොමින් සිටින විට මව්කිරි සැපයුම ‘පසුබෑම’ උත්තේජනය කරනවා.
  • ඔක්සිටොසින් වලට ඇත්ත වශයෙන්ම මවගේ මොළයේ ඇතැම් කොටස්වල ස්නායු සන්ධි ප්‍රතිසංවිධානය කළ හැකියි.
  • වාචික නොවන සංඥා වඩාත් පහසුවෙන් තේරුම් ගැනීමට මව්වරුන්නට් මෙය උපකාරී වේ.
මාතෘත්වය

මව්කිරි දෙන මව්වරුන් සිත සන්සුන් කර නිදහස් කිරීමට Prolactin උපකාරී වේ.

මාතෘත්වය මොළයට බලපාන ආකාරය: ප්‍රොලැක්ටින් (Prolactin)

‘කිරි හෝමෝනය’ ලෙසද හැඳින්වෙන ප්‍රෝලැක්ටින්, පිටියුටරි ග්‍රන්ථිය මගින් නිපදවනු ලැබේ.

මවුවරුන්ගේ කිරි නිෂ්පාදනය සහ අනෙකුත් පුදුමාකාර මාතෘ හැසිරීම් ප්‍රවර්ධනය කරන ඇගෙන් මව්කිරි උරා බීමේදී ප්‍රතිචාර වශයෙන් ප්‍රෝලැක්ටින් නිකුත් කරනු ලැබේ.

‘කිරි හෝමෝනය’ මගින් සිදු කෙරෙන්නේ කුමක්ද?

  • එය මව්වරුන් සන්සුන් කරන අතර, මුල් මාසවලදී, මව්කිරි දීමේදී තෙහෙට්ටුව ඇති විය හැකි නමුත් එමඟින් මවුවරුන්ට විවේක ගැනීමට සලසනු ලබනවා.
  • Prolactin අම්මාගේ ලිබිඩෝව අඩු කරයි. එය ලිංගික ක්‍රියාකාරකම් කෙරෙහි බලපෑමක් ඇති කරයි.

එයින් අදහස් කරන්නේ අම්මාගේ අවධානය මුළුමනින්ම වෙනත් ‘අවධානය වෙනතකට යොමු නොකරන’ ඇගේ අලුත උපන් බිළිඳා වෙත බවයි!

NBC වාර්තාවට අනුව, අළුත් අම්මාගේ ශරීරයෙන් මුදා හරිනු ලබන්නේ ප්‍රෝලාක්ටින් සහ ඔක්සිටොසින් පමණක්ම නොවේ – ‘ඔපියොයිඩ්ස්’ (විනෝද හෝමෝන) ලෙස හඳුන්වන අනෙකුත් හෝමෝන ද නිකුත් වේ.

ඔපියොයිඩ්ස් මගින් සිදු කෙරෙන බොහෝ කර්තවයන් අතර, අලුත් අම්මලාට විශේෂයෙන්ම, අම්මා සහ මොළකැටියා අතර සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීමට මෙම හෝමෝනයට උපකාරී වනවා.

මින් අම්මාගේ ප්‍රබෝධය වැඩි කරනු ලබනවා.

මාතෘත්වය මොළයට බලපාන ආකාරය: පර්යේෂණය වලින් ඔප්පු වී ඇත!

චර්යාත්මක ස්නායු විද්‍යා සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකට අනුව, මවකගේ මොළයේ ඇති අළු පැහැති පදාර්ථය ඇත්ත වශයෙන්ම දරුවෙකු ලැබීමෙන් පසු නියමිත ස්ථානවල පුළුල් වන බව නිරීක්ෂණය කොට තිබෙනවා.

මාතෘත්වය මොළයට බලපාන ආකාරය: අධ්‍යයනය

මේරිලන්ඩ් හි ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ (National Institute of Mental Health in Maryland) පර්යේෂකයෝ දරු ප්‍රසූතියක් සිදු කළ කාන්තාවන් 19 දෙනෙකුගේ මොළය පරිලෝකනය කරනු ලැබුවා. ඊට පිරිමි ළමයින් 10 ක් සහ ගැහැණු ළමයින් 9 ක් පර්‍යේෂණයට ගැනුනා.

මෙම කාන්තාවන්ගේ මොළය දරු ප්‍රසූතියට සති සති 2-4 කට කලින් සහ දරු ප්‍රසූතියෙන් පසුව මාස 3-4 කට පසුව චායාරූපගත කරනු ලැබුවා.

මාතෘත්වය මොළයට බලපාන ආකාරය

ඔව්, අපි අම්මලා නිල වශයෙන් දක්ෂයි!

මෙහිදී පර්යේෂකයන් සොයා ගත් පරිදි මෙම මව්වරුන්ගේ අළු පැහැති පදාර්ථ පරිමාව මොළයේ විවිධ කොටස්වල කුඩා ප්‍රමාණ වලින් නමුත් පැහැදිළි ලෙස සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි වී තිබුණු බවයි.

මෙය සන්දර්භය නම් (මවුවරුන් කෙතරම් විස්මයජනකද යන්න පෙන්වනවා නම්…!) සාමාන්‍යයෙන් වැඩිහිටියන්ගේ අළු පැහැති පදාර්ථය සැලකිය යුතු ලෙස වැඩි වන්නේ නැහැ.

එසේ වැඩි වන්නේ යම් වෙනස්කම් වලට ප්‍රතිචාර ලෙස පමණයි. එවැනි වෙනස්කම් සමහරක් නම් ඉගෙනීම, මොළයට යම් හානියක් සිදුවීම හෝ රෝගාබාධ හෝ විශාල පාරිසරික වෙනස්කම් වැනි දේවල්‍ය.

එවන් වෙනස්කමක් නොමැතිව මෙම අළු පැහැති පඪාර්ථ එවැනි කෙටි කාලයක් තුළ වෙනස් නොවේ.

හෝමෝන මට්ටම වල වෙනස් වීම සහ සහ අලුත උපන් බිළිඳකුගේ අභියෝගයන්ට මුහුණ දීමේ අවශ්‍යතාවය නිසා මෙසේ මවගේ මොළයේ සෛල වැඩි වූ බවට පර්යේෂකයෝ විශ්වාස කරයි.

මොළයේ අළු පැහැති පදාර්ථ වැඩි වූ ප්‍රදේශ:

  • හයිපොතලමසය (hypothalamus) – අභිප්රේරණය හා සම්බන්ධ වේ;
  • ඇමිග්ඩලාව (amygdala) – විපාක සහ චිත්තවේගීය සැකසුම් සමඟ සම්බන්ධ වේ;
  • පාර්ශ්වික ඛණ්ඩිකාව (Parietal lobe) – සංවේදීතාවන්ට සම්බන්ධ; සහ
  • පූර්ව ඉදිරිපස බාහිකය (prefrontal cortex ) – තර්කණය හා විනිශ්චය සම්බන්ධ වේ.

අධ්‍යයනයේ තවත් ඉතා රසවත් සොයා ගැනීමක් මෙන්න: දීප්තිමත් වචන වලින් තම ළදරුවන් ගැන වැඩිපුරම කතා කළ මව්වරුන්, උදා. තම ළදරුවන් විශේෂ බව, පරිපූර්ණ බව, ලස්සන බව යනාදී ලෙස ඇගයීමට ලක් කළ අය, මාතෘ අභිප්‍රේරණය, විපාක සහ හැඟීම් නියාමනය හා සම්බන්ධ ප්‍රධාන ක්ෂේත්‍රවල විශාල මොළය ලෙස ‘වර්ධනය’ වීම සැලකිය යුතු ලෙස වැඩි විය.

මෙය ඔවුන්ගේ ළදරුවන් ගැන වැඩි උද්‍යෝගයක් නොදැක්වූ මව්වරුන්ට සාපේක්ෂවය!

ඉතින් මව්වරුණි, අනෙක් සැරේ කවුරුන් හෝ ඔබ නිකම්ම නිකම් ගෙදර ඉන්න මවක්දැයි අවඤාවට ඇසූ කළ ඔබ නිකම්ම නිකම් මවක් නොවන බවත්,.දරුවා බිහි කිරීමත් සමඟ ඔබේ මොළයේ දියුණුව හා බුද්ධිමත් බව විද්‍යාත්මකව තහවුරු කර ඇති බවත් අමතක කරන්නට එපා!

 

මූලාශ්‍ර: www.telegraph.co.uk, www.babyreference.com, http://archive.attachmentparenting.org සහ www.medicalnewstoday.com

 theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලූෆ පෙරේරා

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.