මාතෘත්වය ඔබේ සෛල වයස අවුරුදු 11 කින් මහලු කරනවාලු

මාතෘත්වය ඔබේ සෛල වයස අවුරුදු 11 කින් මහලු කරනවාලු

මවක් වීම ඉක්මනින්ම වයසට යෑමට ‌හේතු ‌වෙනවාලු. නමුත් ‌මේ ක්‍රම 7 න් එය වළක්වාගන්න පුළුවන්.

අම්මා කෙනෙක් වීම ඉක්මනින් වයසට යෑම සදහා හේතුවක් වෙනවාද?

මවක් වීම කිසිසේත්ම පහසු නැහැ.

මාස නවයක් දරුවෙකු කුස දරා සිට දරු ප්‍රසූතිය මුහුණ දෙමින් ලේ කිරි කර පෝෂණය කරමින් ඔබේ  පුංචි පැටියා ලොකු මහත් කිරීම ඇතුල ගොඩාක් දේවල් වෙනුවෙන් අම්මා කෙනෙක් බොහෝ කැපකිරීම් කරමින් වෑයම් දරනවා.

මවක් වීම අපට විවිධාකාරයෙන් බලපාන බව අපි කවුරුත් දනිමු.

නමුත් මාතෘත්වයේ එක් බලපෑමක් කලින් සිතුවාට වඩා දරුණු විය හැකි බව මෑතකදි එක් අධ්‍යයනයක් අනාවරණය කරගනු ලැබුවා.

වයසට යෑම සදහා මාතෘත්වයේ බලපෑම් ‌මොනවාද?

ජෝර්ජ් මේසන් විශ්ව විද්‍යාලයේ වසංගත රෝග විශේෂඥ  ඇනා පොලාක් සහ ඇගේ කණ්ඩායම සොයා ගත් පරිදි, දරු ප්‍රසූතියේ යෙදී සිටින කාන්තාවන් ජාන වයස්ගත වීමේ සලකුණු පෙන්නුම් කරනවා.

ඔවුන් එක්සත් ජනපදයේ කාන්තාවන් 2,000 කට ආසන්න සංඛ්‍යාවකගේ ජානමය ද්‍රව්‍ය පරීක්ෂා කර මෙම සොයා ගැනීම කරන ලදී.

"එවැනි කැපී පෙනෙන ප්‍රතිඵලයක් ලැබීම ගැන අපි පුදුමයට පත්වුණා," පොලාක් බෙදා පැවසුවා.

"එය වසර 11 ක පමණ වේගවත් සෛලීය වයසට යෑම හා  සමාන වෙනවා"

“දරු ප්‍රසූතිය සිදු කල  කාන්තාවන්ගේ ටෙලමියර්ස් (පුද්ගලයෙකුගේ වයස සෛලීය මට්ටමින් පෙන්වන ජානමය සාධකයක්) දරුවන් නොමැති කාන්තාන්ට සාපේක්ෂව 4.2% කින් අඩු බව ඔවුහු සොයා ගත්තා. මෙය අවුරුදු 11 ක වේගවත් සෛලීය වයස්ගත වීමකට පරිවර්තනය වෙනවා.”

“දරුවන් පස් දෙනෙකු හෝ වැඩි ගණනක් සිටින කාන්තාවන්ට නැති අය හා සසඳන විට කෙටි ටෙලමියර් පවා ඇති බවත්, දරුවන් එකකෙනෙක්, දෙදෙනෙක්, තුන් දෙනෙක් හෝ හතර දෙනෙක් ඇති අයට සාපේක්ෂව එය කෙටි බවත් අපට පෙනී ගියා .”

Newsweek සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පොලාක් පැවසුවා.

එනම්  කාන්තාවකට සිටින දරුවන් ගණන වැඩි වෙන තරමට එහි බලපෑමත් වැඩිවෙන බවයි.

මවක් වන පොලැක් මෙසේ පැවසුවා.

“ඇත්ත වශයෙන්ම, දරුවන් සිටින මගේ මිතුරියන්න් සමඟ කතාබස් කිරීමේදි  දරුවන් ලැබීම නිසා අපට වයස්ගත වී ඇති බව අප සැමට හැගෙනවා."

"නමුත් විද්‍යාත්මකව, මෙය අප හොඳින් වටහාගෙන ඇති දෙයට ගැළපෙනවා.

දරුවන් ලැබීම හෘද රෝග හා දියවැඩියාව ඇතිවීමේ වැඩි අවදානමක් සමඟ සම්බන්ධ බව අපි දන්නවා.

සමහර විශාල අධ්‍යයන මගින් ටෙලමියර් දිග,   මරණ අනුපාතය හා අනෙකුත් ප්‍රධාන රෝග වල අවදානම සමඟ සම්බන්ධ කර තියෙනවා"

කාන්තාවන්ට දරුවන් ලැබීම නැවැත්විය යුතු යැයි හෝ මවුවරුන් කලින් මිය යනු ඇතැයි ඔවුන් නොකියන බව ඇය පැවසුවා.

එයට හේතුව දුම්පානය, අධික බර සහ මානසික ආතතිය වැනි බොහෝ කාරණා පුද්ගලයෙකුගේ ටෙලමියරය සදහා  බලපාන බැවිනි.

මවකගේ ආතතිය සමඟ සාර්ථකව කටයුතු කරන්නේ කෙසේද?

 අම්මලා එදිනෙදා කටයුතුවලදී බොහෝ දේවල් සමඟ කටයුතු කරනවා.

අධික ආතතිය පුද්ගලයෙකුගේ සෞඛ්‍යයට අහිතකර ලෙස බලපාන බව අධ්‍යයනවලින් හෙළි වී තියෙනවා.

අම්මා කෙනෙක් වීම විශාල ආතතියක් ඇති කරන බව අපි කවුරුත් දන්නවා.

අම්මලා තම කෝපය හා ගණු දෙනු කල හැකි ආකාර මෙන්ම එය පාලනය කළ හැකි ආකාර දැන ගත යුත්තේ ඒ නිසයි.

මෙන්න ප්‍රයෝජනවත් උපදෙස් සහ උපක්‍රම කිහිපයක්.

1.ආතතිය ඇති කරන දේවල් හදුනා ගන්න

ඔබට ආතතිය ඇති කරන දේවල් හදුනා ගන්න.

එවිට ඔබට  ඒවා වළක්වා ගැනීමට මෙන්ම ඔබ අතිශයින්ම ආතතියට ලක් වු විට එය  පාලනය කිරීමට උපකාරී වෙනවා.

ඔබ අධික ලෙස ආතතියට පත්වීම වළක්වා ගැනීමද එය හේකු වෙන අතර  ඔබට පියවරක් පසුපසට හා මානසික ආතතිය දුරු කරන්න පුළුවන්.

2.විවේක ගන්න

කාන්තාවන්ට නින්ද

 

විවේක ගැනීමට බිය වෙන්න එපා.

ඔබේ කුඩා දරුවා රැකබලා ගැනීමෙන් ඔබ වෙහෙසට පත්ව ඇති බව ඔබට හැඟේ නම්, ඔබේ ස්වාමිපුරුෂයා, කිට්ටු මිතුරෙකු හෝ නෑදෑයෙකුගෙන් උදව් ලබාගන්න.

විශේෂයෙන් ඔබට උදව් කිරීමට කැමති අය සිටී නම්  එලෙස උදව් ඉල්ලීමේ කිසිදු වරදක් නැහැ.

3.මානසික ආතතිය දුරු කිරීමට ඔබට කළ හැකි දේ හඳුනා ගන්න

සමහර අම්මලාට, පා සම්බාහනයක් ලබා ගැනීමෙන්  හෝ පොතක් කියවීමෙන් මානසික ආතතිය දුරු කිරීමට උපකාරී වෙනවා.

සමහරු රසවත් කෑමක් සකස් කිරීමට හෝ රූපවාහිනිය  නැරඹීමට කැමතියි.

ඔබේ ආතති මට්ටම් ලිහිල් කිරීමට සහ අඩු කිරීමට උපකාරී වන ක්‍රියාකාරකම් කෙරෙහි අවධානය යොමු කරන්න.

4.ගැඹුරු හුස්ම ගැනීම හෝ භාවනා කිරීම කරන්න

මාතෘත්වය ඔබේ සෛල වයස අවුරුදු 11 කින් මහලු කරනවාලු

ගැඹුරු හුස්ම ගැනීම සහ භාවනා කිරීම මගින් ආතති මට්ටම සැලකිය යුතු ලෙස අඩු කරනවා.

ඔබව සන්සුන් කිරීමට හෝ බොහෝ ගැටලු වලින් ඔබ ආතතියට පත්වන විට ඒ හා කටයුතු කරමින් සහනයක් ලබා ගැනීමට  ගැඹුරු හුස්ම ගැනීම හෝ භාවනා කිරීම කරන්න

5.ඔබේ පවුලේ අය සමඟ ව්‍යායාම කරන්න

එය වෙහෙසකර බවක් පෙනෙන්නට තිබුණත්, මානසික ආතතිය සමඟ කටයුතු කිරීමේදී ව්‍යායාම සැබවින්ම උපකාරී වෙනවා.

එය ඔබේ ශරීරය ශක්තිමත්ව තබා ගැනීමට සහ ආතතිය දුරු කිරීමට උපකාරී වෙනවා.

6.සිනාසෙන්න

සතුට විදිය හැකි දේවල්  බලා සිනාසෙන්න. ඔබේ දරුවන්ට විහිළු කතා පවසන්න. 

නැතහොත් ඔවුන් සමඟ සෙල්ලම් කර විනෝද වන්න.

ඔබට විනෝද වීමට සහ විවේකය  හා සුවය ලැබීමට කාලය ලබා දීම කෙරෙහි අවධානය යොමු කරන්න.

7.සහායක කණ්ඩායම් වල සහය ගන්න

මාතෘත්වය ඔබේ සෛල වයස අවුරුදු 11 කින් මහලු කරනවාලු

අවසාන වශයෙන්, ඔබේ ගැටළු ඇති වූ විට ඔබට කථා කළ හැකි අම්මලා කණ්ඩායමක් සිටීම ඇත්තෙන්ම ප්‍රයෝජනවත් වෙනවා.

අනෙක් අම්මලා සමඟ සම්බන්ධ වීම සැමවිටම හොඳ අදහසකි.

ඒ ඔබේ තත්වය  කුමක් දැයි ඔවුන් හරියටම දන්නා අතර මානසික ආතතිය සමඟ කටයුතු කිරීමේදී ඔවුන්ට ඔබට උදව් කළ හැකි නිසයි.

මේ ලිපිය ඔබ මවක් වීම නුසුදුසු බව පෙන්වන්න නම්  නොවේ. ඇත්තටම සෑම ගැහැනියක්ම මවක් වෙන්න අවශ්‍යයි.

ලෝ දහමේ නිතීය ඒක තමයි . ඒ වගේම සෑම ගැහැනියකගේම හීනයත් ඒක තමයි. 

ඇත්තටම මාතෘත්වය නිසා ඔබ ඉක්මනින් වයසට යෑම වළක්වා ගැනීමට මේ වටිනා උපදෙස් 7 ඔබට ලබා දීම අපගේ අරමුණයි.

මවක් වෙන්න. මාතෘත්වය විදින්න. ඔබ ගැන සැලකිලිමත් වෙන්න. උපදෙස් පිළිපදින්න. නිරෝගි දිවියක් හිමි කරගන්න.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය හා සංස්කරණය - නදීශා ලක්මිණි

කවරයේ පින්තූරය: wellwomanclinic.in

මුල් රචනය: Jan Alwayn Batara

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

Any views or opinions expressed in this article are personal and belong solely to the author; and do not represent those of theAsianparent or its clients.
කතන්දර ලිපි