theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අම්මා කෙනෙකුගේ තනිකම පාළුව ඔබටත් ඉඳහිට දැනෙන්නට පුළුවන්

3 අවම කියවීම
අම්මා කෙනෙකුගේ තනිකම පාළුව ඔබටත් ඉඳහිට දැනෙන්නට පුළුවන්අම්මා කෙනෙකුගේ තනිකම පාළුව ඔබටත් ඉඳහිට දැනෙන්නට පුළුවන්

අම්මා කෙනෙකුගේ තනිකම මකාගැනීම සඳහා කල හැකි ඉතාම බලගතු එකම දෙයක් තිබෙනවා. එනම් "ඔබ ගැටළුවක් හෝ ගැටළු ඇති කරන්නෙකු වන්නට එපා. ගැටළු විසන්දන්නෙකු වන්න".

අම්මා කෙනෙකුගේ තනිකම සහ පාළුව අප හැමෝම පාහේ ජිවිතයේ කවදා හෝ ලබා තිබෙන අත්දැකීමක් කියා ඔබ එකඟ වේවි.

ප්‍රියයන්ගෙන් වෙන් වීම, මිතු දම් පළුදු වීම වැනි නොයෙක් හේතුන් නිසා තනිකම දැනෙන්නට පුළුවන්. නමුත් මේවා සදාතනික සිතිවිලි නොවන බවත් ඔබ එකඟ වේවි. කාලයාගේ ඇවෑමෙන් විශාල තනිකම් මගහැරෙන අතර පුංචි පාලු කාන්සා සිතිවිලි තුරන් වීමට වැඩි කාලයක් ගත වන්නේ නැහැ.

නමුත්, නිතරම තනිකමින් පාලුවෙන් කාංසාවෙන් පසුවන මව්වරුන්ද අපට හමු වී තිබෙනවා. තමුන් ජිවිතයේ තනි වූ අය බවත්, තමන් ගැන කිසිවෙකුට වගක් නැති බවත් ඔවුන්ට නිරන්තරයෙන් හැඟෙනවා.

එසේත් නැතිනම් තම සැමියා ගැනත් නැන්දම්මා ගැනත් කනස්සල්ලෙන් පසු වන්නේ ඔවුන් තමන්ට ප්‍රියමනාප වන පරිදි වෙනස් කර ගැනීමට අසහාය උත්සාහයක යෙදෙමින්.

අම්මා කෙනෙකුගේ තනිකම මකාගන්නට අප නොයෙක් දේ කිරීමට හුරු වී තිබෙනවා. යහළුවන් ඇති කරගැනීම, මිතුරුකම් සොයාගෙන යාම, නොයෙක් දේට ඇබ්බැහි වීම ආදී නොයෙක් දේ.

ගත වන සෑම දිනකම තම සහකරු හෝ නැන්දම්මා හෝ මිතුරන් තමන්ට රිසි සේ වෙනස් වෙතයි බලාපොරොත්තු වෙමින් කල්ගත කොට සුදුසු ලෙස වෙනස් නොවුවහොත් මානසිකව පරාජිත හැඟීමකින් පසුවන්නට හුරු වී සිටිනවා.

මෙහි වඩාත් ගැටලුසහගත වන්නේ එදිනෙදා හමු වන සියල් දෙනා සමඟම තමාගේ ගැටළු කීමට හුරු වී සිටීමත්, ලොව හැම කෙනෙකුටම වඩා තමන්ගේ ජිවිතය ගැටළු ගංගාවක් යැයි විශ්වාස කරන නිසා උදේ හවා ඉතාම කනස්සල්ලෙන් දවස ගෙවීමත්ය.

ජිවිතයේ නොයෙක් හේතුන් නිසා කනස්සලු භාවය ඇති වන්නට හැකි මුත් අප ජිවිතයේ සතුට තවත් කෙනෙකුගේ වෙනස් වීම මත රඳවන තාක් කල් සතුට සොයාගැනීම ඉතාම අසීරු කාර්යයක් වනවා.

භාවනායෝගියකු වන ශධ්ගුරු පඬිතුමා දුන් මේ ඔවදන ක්‍රියාවට නැගීමෙන් ජිවිතයේ තනිකම සහ පාළුව යනාදිය ඉවත් කරගන්නට පහසුවෙන්ම හැකි වනවා. මෙම ඔවදන නිසි ලෙස ක්‍රියාවට නැගීමෙන් ඔබේ ජිවිතයේ සැබෑ වෙනසක් අත්දකින්නට ඔබට හැකි වනු ඇත. “ඔබ තනිව කාලය ගත කරන විට, ඔබට කනස්සල්ල දැනේ නම්, ඉන් කියැවෙන්නේ ඔබේම ආශ්‍රය ඔබටම අප්‍රසන්න බවයි.”

අම්මා කෙනෙකුගේ තනිකම මකාගැනීම සඳහා ඉන්දියාවේ භාවනයෝගියකු වන ශධ්ගුරු පඬිතුමා දෙන වැදගත් පණිවුඩය

අම්මා කෙනෙකුගේ තනිකම මකාගැනීම සඳහා කල හැකි ඉතාම බලගතු එකම දෙයක් තිබෙනවා. එනම් "ඔබ ගැටළුවක් හෝ ගැටළු ඇති කරන්නෙකු වන්නට එපා. ගැටළු විසන්දන්නෙකු වන්න".

මෙය බොහොම සරල දෙයක්. එමෙන්ම මෙහි අන්තර්ගත බලගතු පණිවුඩය නම් තනිකම මකගැනීම සඳහා ඇතුලාන්තයෙන් පිටත හොයනවාට වඩා තම අභ්‍යන්තරයට යොමු වීමෙන් පහසුවෙන්ම තනිකම මකාගත හැකි වනවා.

තනිකම මකාගැනීම සඳහා මවක් ලෙස ඔබට කල හැකි දේවල් කිහිපයක් ;

1. ඔබේ ඇතුළාන්තයත් සමඟ ඒකාබද්ධ වන්න. සාමකාමී වන්න

ඔබට ඇති පුංචිම දේට පවා හදවතින් කෘතඥශීලී වන්න. ඔබ ජිවිතයේ ඔබට බිඳක් හෝ ලැදි එකම හෝ කෙනෙක් වේ නම් ඒ ගැන හදවතින් ප්‍රීති වන්න. ඔබ සිවිතයේ කිසිඳු කෙනෙක් නැති නම් එය ඔබේ සහජ කුසලතා හඳුනාගෙන ඉන් සමාජයට යමක් දීමට අස්වස්තාවක් කරගන්න.

2. කතා කිරීමට වඩා ඇහුන්කම් දීමේ ගුණාංගය ප්‍රගුණ කරගන්න

හදවතින්ම ඇහුන්කන් දීමට අද සමාජයේ කිසිවෙක් නැති තරම්. අන් අයට මුළු හදවතින්ම ඇහුම්කන් දෙන්නටත්, හැකි අයුරින් වචනයකින් හෝ උපකාරයක් වන්නටත් උත්සාහ කරන්න...

3. කිසිවෙක් සමඟ කතා කරන විට සම්පුර්ණ අවධානය යොදා සහයෝගය දක්වන්න.

ඔබ කතාකරන කෙනා සමඟ ඇස් දිහා බලන් කතා කරන්න. පිළිසඳර අතරතුර ඔහුගේ හෝ ඇයගේ නම කියා අමන්තන්න. සුළු දෙයක් පවා අගය කරන්න, ප්‍රශංසා කරන්න. නමුත් මෙය පමණට වඩා කරන්න එපා!

4. අන් අයට ගැටළු විසඳන්නෙක් මිස ගැටළුවක් වන්නට එපා

ඔබ කැමතිද කිසිවෙකු මුණ ගැසුණු හැම මොහොතකම ගැටළු ගැනම කතා කරනවා නම්. නැහැ නේද? අපි කවුරුත් කැමති ප්‍රසන්න පුද්ගලයින් ආශ්‍රය කරන්න. විහිළු කරන්න. හිනහ වෙන්න. එහෙම නම් ඔබ හැම වෙලේකම මැසිවිලි නගන්නෙක් නම්, අන් අයට ප්‍රියමනාප කෙනෙක් වන්නේ නැහැ. මේ නිසා හැකි තරම් අනුන්ට ආලෝකය දෙන්නෙක් වන්නට උත්සාහ කරන්න.

ජිවිතයේ සතුට අප සිත්වල අභ්‍යන්තරයෙන්ම සොයාගන්නට තරම් පරිනත වන්නට පුළුවන් නම්, ගෙවෙන සෑම මොහොතක්ම දීප්තිමත් එකක් කරන්නට අපට හැකි වනවා. එපමණක් නොව එම දීප්තිය දස අත පතුරන්නටද අපට හැකියාව ලැබෙනවා. ඔබට ජය!

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • මව්පදවිය
  • /
  • අම්මා කෙනෙකුගේ තනිකම පාළුව ඔබටත් ඉඳහිට දැනෙන්නට පුළුවන්
බෙදාගන්න :
  • අවුරුදු විස්සේදී මාතෘත්වයෙන් පිදුම් ලැබු මා කිසිදා ඒ් ගැන දුක නොවෙමි.

    අවුරුදු විස්සේදී මාතෘත්වයෙන් පිදුම් ලැබු මා කිසිදා ඒ් ගැන දුක නොවෙමි.

  • අලුත් අම්මාට තෑගි දෙන්න සුවිශේෂී අදහස් 6ක්

    අලුත් අම්මාට තෑගි දෙන්න සුවිශේෂී අදහස් 6ක්

  • අවුරුදු විස්සේදී මාතෘත්වයෙන් පිදුම් ලැබු මා කිසිදා ඒ් ගැන දුක නොවෙමි.

    අවුරුදු විස්සේදී මාතෘත්වයෙන් පිදුම් ලැබු මා කිසිදා ඒ් ගැන දුක නොවෙමි.

  • අලුත් අම්මාට තෑගි දෙන්න සුවිශේෂී අදහස් 6ක්

    අලුත් අම්මාට තෑගි දෙන්න සුවිශේෂී අදහස් 6ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it