theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මවක් වීමේ අසීරු කර්තව්‍යය

4 අවම කියවීම
මවක් වීමේ අසීරු කර්තව්‍යයමවක් වීමේ අසීරු කර්තව්‍යය

ඔබ සම්පුර්ණයෙන්ම හෝ අර්ධ ලෙස රැකියාවක් කරන මවක් වුනත් , ගෙදර සිටින මවක් වුනත්, නිවසේ සිට රැකියාවක් කරන මවක් වුනත් හෝ පැය අටක් නිදාගන්න කැමති මවක් වුනත් සත්‍ය නම් මවක් වීම අසීරු වෙනවා...

ඔබ සම්පුර්ණයෙන්ම හෝ අර්ධ ලෙස රැකියාවක් කරන මවක් වුනත් , ගෙදර සිටින මවක් වුනත්, නිවසේ සිට රැකියාවක් කරන මවක් වුනත් හෝ පැය අටක් නිදාගන්න කැමති මවක් වුනත් සත්‍ය නම් මවක් වීම මව්පදවිය කියන්නේ දරන්නට ලෙහෙසි පහසු පදවියක් නම් නෙවෙයි.

මාතෘත්වයේ අසීරුතම පැතිකඩ කුමක්දැයි ඔබ සත්‍ය ලෙසම දැනුවත්ද?  එය දීර්ඝ වෙහෙසකාරී දවසක් අවසානයේදී ලැබෙන ශාරීරික පීඩාවන් නොවේ.

දරුවන් ලැබීමෙන් පසු යථා තත්වයට පත් නොවන සිරුර හා කටයුතු කිරීම නොවේ. එය ඇත්තෙන්ම ඔබෙන් ගිලිහි ගිය සුව නින්ද ගැනත් නොවේ.

එය පසුතැවීම හා අවිනිශ්චිතතාවය වේ. අපි දරුවන් රැකබලා ගන්නා ආකාරය, ඔවුන්ගේ ආහාර පාන ආදි සෑම දරුවන් කෙරෙහි කරන ලද තේරීමක් කෙරෙහිම ඇති කරගන්නා වු නොනවතිනා දෙවනි සිතුවිල්ලක්ද වෙනවා.

බොහෝ මව්වරුන් තමන්ගේ ගර්භණිත්වය දැන ගත් වහාම මෙය ඇතිවෙනවා. මගේ පැටියා හොදින්ද? මම ගන්නා ආහාර නිවැරදිද? මම ගර්භණී බව නොදැන ගත් ආහාර පාන මගේ නුපන් දරුවාට බලපාවිද?

එතැනින් නොනවතිනා මේ පසුතැවිල්ල තව දුරටත් ඉදිරියට ගමන් කරනවා. මගේ දරුවාගේ පෙකණිය එය නියම ස්වරූපයෙන් තියෙනවාද? ඇයි ඇයගේ සම ඉවත් වෙන්නේ? ඇයට ප්‍රමාණවත් මව්කිරි නැත්තම් පිටිකිරි ලැබෙනවාද?

දරුවාගේ මළපහ ඝන නැත්තේ ඇයි? ඇයට මහපට ඇගිල්ල උරන්න දෙනවාද නැත්තම් සුප්පුවක් ලබා දෙනවාද? මදුරු දැලේ ඇති පුංචි සිදුරු වල ප්‍රමාණය  මදුරුවන්ට ඒ තුලින් ඇතුලට පියඹලා දරුවාට ඩෙංගු  රෝග බෝ කරන්න ප්‍රමාණවත්ද?

මම නැවත රැකියාවට යාම ඇය නොසලකා සිටීමක්ද? මම දරුවා ගැන පමණට වඩා සැලකිලිමත් වෙන මවක් වේවිද? ඇය ප්‍රමාණවත් සමාජ බන්ධතා ගොඩ නගා ගනිවිද? මේ දරුවාගේ උද්වේගකාරී අවධියද?

නැතිනම් මම තදින් සිටිනවා වැඩිද?   බොහෝ නොසැලකිලිමත්ද? මම හොද අම්මා කෙනෙක් නොවේද?

බරපතල ලෙසම මව්වරුන් වශයෙන් අපේ පසුතැවීම සියල්ලන්වම මානසිකව ඇද වැට්ට වීමට තරම් ප්‍රමාණවත් වේ.

නැන්දම්මාගේ, අසල්වැසියාගේ සිට සියල්ලන්ගේම තුල  ඔබගේ දරුවන් රැකබලා ගැනීම හා දරුවාගේ හැසීරම පිලිබඳ අදහස් ඇති විට ඒවා අපිට සහයක් වෙන්නේ නැහැ.

අපේ දරුවන් නව යොවුන් වියට පිවිසි  විට පවා අපි මෙසේ කනස්සල්ලට පත්වන්නේ ඇයි? සරලව ඒ ආදරය නිසාවෙනි.

කනස්සල්ලට පත් මව්වරුන් මිනිසත් බවේ උතුම්ම හැගීම වූ ආදරය නිසාවෙන් දරුවන්ගේ යහපැවැත්ම සම්බන්ධයෙන්  කටයුතු කරනු ලබයි.

කනස්සල්ලත් ආදරයත් එකිනෙක බැදී පවති. එහි ප්‍රතිඵලයක් ලෙස ඇතිවෙන විශාල වු බලපෑම දරුවන්ගේ යහපැවැත්ම සදහා අප ලබන්නා වු වේදනාව තුල සතුටින් සිටීමට මෙන්ම අපේ පුංචි පැටවුන්ට ඇගිල්ලක් හෝ තබන ඕනෑම කෙනෙක් කොටිදෙනක මෙන් දරුණු ලෙස ඉවත් කිරීමට  තරම් තත්වයකට අපිව පත්කරමින්  මව්වරුන් ලෝකයේ සිටින හොදම රහස් පරීක්ෂකයන් බවට පත් කරනවා.

කිසිම බාධාවකින් තොරව අපිට අපේ දරුවන් වෙනුවෙන් මැරෙන්න වුනත් පුලුවන්.

සමහර වේලාවට අපි  අපිව රිදවන තරම් අපේ දරුවන් වෙනුවෙන් දුකට පත් වෙනවා. අපි දිගින් දිගටම අපේ දරුවන් රැකබලාගන්නා ක්‍රම පිළිබද  දෙවැනි සිතුවිල්ලක් ඇති කරගනිමින් ඔවුන්ට අතිශයින්ම ආදරය කරනවා.

මවකට ආදරය තුල වේදනාවට පත්වීම  නවත්වන කියනවා යනු ගගට යන්න එපා යැයි පවසනවා වැනිය.  ඒ සදහා විශාල බලපෑමක් ඇති නමුත් මමත් මවක් නිසා වගේම  මම ඔබේ හදවත හොදින් හදුනන නිසා මම උත්සහ කරනවා.

ඔබ මව්කිරි දුන්නත්, පිටිකිරි දුන්නත් එහි ගැටලුවක් නැහැ. ඔබේ දරුවා පෝෂණය ලබා ගන්නා නිසා ඔබ කරන්නේ නිවැරදිම දෙයයි.

ඔබ නැවත පුර්ණ කාලීන රැකියාවට යන්න පුලුවන්. නැතිනම් නිවසේ නවතින්න තෝරා ගන්න පුලුවන්.  ඔබ දන්නවාද?

ඔබ ඔබේ දරුවා සිදුවන  නොසලකා හැරීම නැවැත්වීමට  තවම ශක්තිමත් ආදේශකයක් සකස් කරමින් පවතිනවා.

ඒ වගේම ඔබ ඔබේ දරුවාට කෑගසා ලෝකයේ සිටින නරකම මව ඔබයැයි සිතනවා. ඔබ ඔබවම රිදවන එක නවත්වන්න. ඔබද මනුෂ්‍යයෙකි.  ඔබට හොදටම වෙහෙසයි. ඇය ඔබව තවත් වෙහෙසට පත් කරනවා.

දරුවන් රැක බලා ගැනීමේදී අපි කරන්නේ නිවැරදිම දේ දැයි අපි කවදාවත් දැනුවත් නැහැ. අපේ දරුවන් සම්බන්ධ තෝරා ගැනිම් වලදී අපි අවිනිශ්චිතතාවයට පත් වෙන්න පුලුවන්.

නමුත් අපි අපේ දරුවන්ට හොදම දේ කරන්න පොළඹවන අවිනිශ්චිතතාවය වන්නේ මෙයයි. ඔබ කවදාවත්ම අතහැර දමන්නේ නැති බැවින් එය නිසා සෑම මවක්ම ඇදහිය නොහැකි බවක් බවට පත් කරයි.

ඔබව මේ ලෝකයේ ඉන්න හොදම අම්මා කලේ එයයි. ඒ මගින් ඔබ පුංචි පැටියාගේ ඇස් හා හදවත බවට පත් වේ.

ඇත්තෙන්ම මාතෘත්වය අසීරුය. නමුත් එය ප්‍රබලය. ඔබ දන්නවා . ඔබේ දරුවන් වෙනුවෙන් කන්දක් වුවත් ඔබ ඉවත් කරාවි.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

අම්මා ඔබ දරුවන් වෙනුවෙන් ඕනෑම අසිරු දෙයකට මූණ දෙනවා. ඔබ  ශක්තිමත්,  the Asianparent Sri Lanka තිළිණ කරන මේ මග පෙන්වීම ආදරණීය අම්මේ ඔබටමයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මව්පදවිය
  • /
  • මවක් වීමේ අසීරු කර්තව්‍යය
බෙදාගන්න :
  • මවක් වු පසුත් මම අත් හැරීමට අකමැති දේවල් 5 ක්

    මවක් වු පසුත් මම අත් හැරීමට අකමැති දේවල් 5 ක්

  • මවක් වීමට අවශ්‍ය වන්නේ මොනවාද ?

    මවක් වීමට අවශ්‍ය වන්නේ මොනවාද ?

  • මවක් වු පසුත් මම අත් හැරීමට අකමැති දේවල් 5 ක්

    මවක් වු පසුත් මම අත් හැරීමට අකමැති දේවල් 5 ක්

  • මවක් වීමට අවශ්‍ය වන්නේ මොනවාද ?

    මවක් වීමට අවශ්‍ය වන්නේ මොනවාද ?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it