මව්පදවිය ලබන්නට සූදානම් වීමට උපදෙස්

මව්පදවිය ලබන්නට සූදානම් වීමට උපදෙස්

මව් පදවියට සූදානම් වීමේදී කාන්තාවක් සැළකිලිමත් විය යුතු මූලික දේවල් මොනවාදැයි ඔබ දන්නවාද? ඒ ගැන වටිනා උපදෙස් කිහිපයක් මෙතැනින්.

බොහෝ කාන්තාවන් මවක් වීමට සූදානම් වීම ගැන හිතන්නේ විවාහ වෙලා අවුරුද්දක් යන්නටත් මත්තෙන්. මව්පදවිය කියන්නේ සෑම කාන්තාවකගේම වගේ උත්තරීතර සිහිනයක්.

ඉතින් මේ ගැන වටිනා ලිපියක් අපි වෛද්‍ය සමන් හේවා මහතාගේ මුහුණු පොතේ දුටුවා. එතුමාගේ   අවසර ඇතිව මවක් වීමට සූදානම් වන ආදරණීය ඔබ සැමට වෛද්‍යතුමාගේ ලිපිය පහළින් ඵල කරනවා.

මවක් වීමට පෙර ඔබ ඒ සදහා සූදානම් වෙන්න ඕන. ඒ කොහොමද කියන එක ඔබට පැහැදිලි කරන්නම්.

මවක් වීමට සූදානම් වීම සඳහා මුලින්ම බලමු මවක් වීමට සුදුසු වයස.

මවගේ වයස අවුරුදු 18ට වැඩිවිය යුතුයි. අවුරුදු 18කට පෙර මවක් වීම සුදුසු නැහැ.

මොකද ගැහැණු ලමයෙකු අවුරුදු 18 වෙනකම් ශාරීරිකව හා මානසිකව වැඩෙනව ඒ නිසා සම්පූර්ණ ශාරීරිකව හා මානසිකව වැඩෙන්නටපෙර ගැබිනියක් වීමට සුදුසු නැහැ.මොකද වයස 18ට අඩුවෙන් ගර්භනී වීමේදී විවිධ සංකූලතාවයන්ට ලක්වීමට ඇති අවදානම වැඩි.

ඒ වගේම අවුරුදු 35ට වඩා මවගේ වයස වැඩිවූවිට මව විවිධ රෝගයන්ට ගොදුරුවීමේ අවදාම වැඩි. ගර්භනී සමයේ දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි සංකූලතාවයන් හටගන්නට වැඩි අවධානමක් තියෙනවා.

දරුවාගේ අසාමාන්‍ය තත්වයන් ඇතිවීමටද මවගේ වයස වැඩිවීම බලපාන්නට පුළුවන්. ඒ නිසා කාන්තාවන් වන ඔබ නිසි වයසේදී විවාහ වී මවක් වීම ඉතා වැදගත්.

මවක් වීමට සූදානම් වීම සඳහා ඔබේ ශරීර සෞඛ්‍ය ගැනත් හිතන්න ඕන.

මවට යම්කිසි රෝගී තත්ත්වයක් ඇතිනම් එය බිහිවන දරුවාටද බලපාන්න පුළුවන්. ඒ වගේම ගර්භනී සමයේ යම් රෝගී තත්ත්වයක් නිසා මවට මවට විවිධ සංකූලතා හටගන්න ඉඩතියෙනවා.

ඒ නිසා මවට දියවැඩියාව , අධික රුධිර පීඩනය , අපස්මාරය , හර්ද්‍යාබාද , හෝමෝන අසමතුලිතතාවයන් ඇතිනම් ඒවා මනාව පාලනය කරගැනීම ඉතා වැදගත්.

මවක් වීමට සූදානම් වීම

විශේෂයෙන්ම ඔබ දරුවකු බලාපොරොත්තුවෙන් පසුවනවානම් ඒ බව ඔබ ප්‍රතිකාර ගන්නා වෛද්‍යවරයා හට දැනුම් දී එයට අවශ්‍ය ලෙස ඖෂධ ලබාගන්න.

ඔබේ උසට සරිලන බරක් තිබීමත් වැදගත්.

මවගේ බර අඩුනම් එය දරුවාගේ වර්ධනයට බලපෑම් ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම බර අඩු කාන්තාවන් හට ගැබ්ගැනීම ප්‍රමාද වෙන්න පුළුවන්.

ඒ නිසා ගැබ්ගැනීමට සූදානම් වන ඔබේ BMI අගය 18.5 ( දහ අටයි දශම පහ) ට වඩා වැඩියෙන් තබාගැනීම වැදගත්.

BMI අගය 25 ට වඩා වැඩිනම් ඔබ තරබාරු ගනයට වැටෙන අතර බර වැඩිවීම නිසා ගර්භනී සමයේ මෙන්ම ප්‍රසූතියේදී සංකූලතාවයන් හටගන්නට පුළුවන්.

බර වැඩි කාන්තාවන්ගේ ඩිම්බ මේරීම සාමාන්‍ය ලෙස නොවන නිසා ඔබට දරුවන් ප්‍රමාද වෙන්න පුළුවන්. ඒ නිසා BMI අගය 25ට වැඩිනම් ව්‍යායාම මගින් හා ආහාර පාලනය මගින් බර අඩුකරගැනීම වැදගත්.

මවගේ පෝෂණයද වැදගත් සාදකයක්

මව පෝෂනීය ආහාර වේලක් ගැනීමට හුරු වීම වැදගත්. ඒ වගේම අප ලබාගන්න ආහාර වල අවශ්‍ය පමනට ෆෝලික් අම්ලය නැති නිසා ෆෝලික් අම්ලය පෙති ලෙස ලබාගන්න.

මවක් වීමට සූදානම් වීම

ඒ මගින් දරුවාගේ මොලය හා සුෂුම්නාව ආශ්‍රිතව හටගන්න දරුණු සංකූලතාවයන් පහසුවෙන් මගහරවාගන්න පුළුවන්.

ෆෝලික් ඇසිඩ් ලබාගතයුතු කාලය පිලිබඳව ඔබේ වෛද්‍යවරයා හමුවී දැනගන්න එවිට ඔබට ගැලපෙන ලෙස සැලසුම් කරගන්න පුළුවන්.

ලෙඩ රෝග වලින් සිගිත්තා රැකගන්න.

මවට ගර්භනී සමයේ හටගන්නා සමහර ලෙඩරෝග වලින් දරුවාට විවිධ බලපෑම් ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා රෝග වලට මවට ප්‍රතිශක්තියක් තිබීම වැදගත්.

රුබෙල්ලා රෝගය නිසා මවගේ කුසතුල දරුවාට දරුණු සංකූලතාවයන් ඇතිවෙනවා. මෙය රුබෙල්ලා එන්නත ගැබ් ගන්නට පෙර ලබාගැනීම මගින් පාලනය කරන්න පුළුවන්.

රුබෙල්ලා එන්නත ලබාගැනීම හා එහි වැදගත්කම් පිලිබඳව මීට පෙර ලිපියක් මෙම සමූහයේ පල කර ඇති.

ඒ වගේම පිටගැස්ම දරුවාට උපතේදීම වැලදීමේ අවධානම අඩු කරගන්නට ගර්භනී සමයේ පිටගැස්ම එන්නත ලබාගන්න පුළුවන්.

ගැබ් ගැනීමට ඔබේ සරු කාලය හදුනාගෙන කටයුතු කිරීම ඉතා වැදගත්.

ඉහත දැක්වූ වෛද්‍ය තුමාගේ අදහස් වලට, කාන්තාවගේ සරු කාලය පිළිබඳව ඈ දත යුතු දේවල් සම්බන්ධයෙන් කරුණු කිහිපයක් එක් කරන්නට කැමතියි.

ඔබ ගැබ් ගැනීමේ අවස්ථා වැඩි කරන සරු කාලය කියන්නේ මොකද්ද?

ඔබ නිතර ලිංගිකව හැසිරෙන්නේ නම් සහ ඔබ ඉක්මන් ගැබ්ගැනීමක් අපේක්ෂා කරන්නේ නැතිනම්, ලිංගික වේලාව උපාය මාර්ගික වශයෙන් වැඩ කිරීම අවශ්‍ය නොවනු ඇත.

නමුත් ලිංගිකව හැසිරීමට හොඳම කාලය දැන ගැනීමෙන් ඔබට ඉක්මනින් ගැබ් ගැනීමට අවශ්‍ය නම් එය ඔබට උපකාරී වේ.

සරු කාලය

මවක් වීමට සූදානම් වීම සඳහා ඔබ දත යුතු සාරවත් කවුළුව

ලිංගික එක්වීමකින් ගැබ් ගැනීමට බොහෝ දුරට ඉඩ ඇති වකවානුවක් ඔබට සෑම මසකම සතියක් බැගින් උදා වනවා.

මෙය ඔබේ සාරවත් කවුළුව ලෙස සලකනු ලබන අතර, ඒ ඔබේ ඩිම්බ මෝචනය වීමට දින දෙක තුනකට පෙරයි.

ගැබ් ගැනීමට ඇති හොඳම අවස්ථාව ඩිම්බ මෝචනයට දින දෙක තුනකට පෙරයි.

ඩිම්බ මෝචනය සහ ඩිම්බ සංසේචනය

ඩිම්බ මෝචන්‍ය සාමාන්‍යයෙන් සිදුවන්නේ ඔසප් චක්‍රයේ දින 12 සහ 13 අතර වන නමුත් එය කාන්තාවකගෙන් කානතාවකට වෙනස් වනවා.

ඔබේ වඩාත්ම සාරවත් කවුළුව 8 සහ 9 වන දින වල වන අතර දින 19 සහ 20 ක් තරමට ප්‍රමාද වන්නටද පිළිවෙන.

ඩිම්බකෝෂයෙන් මුදා හරුණු ඩිම්භයකට සංසේචනය වීමේ හැකියාව ඇත්තේ ඩිම්බකෝෂයෙන් නික්මවී පැය 12 ත් 24 ත් අතර කාලයක් පමණයි.

මේ අතර කාන්තා සිරුරට ඇතුළු වූ ශුක්‍රාණුවක ආයු කාලය දින පහක් දක්වා විය හැකියි.

ගැබ් ගැනීමට උත්සාහ කරන කාන්තාවක් ඩිම්බ මෝචනයව වීමට පෙර ලිංගිකව එක්විය යුත්තේ මේ නිසායි.

14 වන දිනය ඔබේ සරු කාලය උපරිම වන වඩාත්ම සාරවත් දිනයද?

ඔබ ඩිම්බ මෝචනය වන්නේ සාමාන්‍යයෙන් ඔබේ චක්‍රයේ 14 වන දින බව ඔබ අසා ඇති.

මෙය විශ්වාස කරන සහ අනුගමනය කරන බොහෝ කාන්තාවන් 11, 12 සහ 13 දිනවල ලිංගිකව හැසිරෙන්නේ මෙය පිළිසිඳ ගැනීමට හොඳම අවස්ථාව ලබා දෙනු ඇතැයි විශ්වාස කරමිනි.

නමුත් එය වැරදියි! බොහෝ කාන්තාවන්ගේ චක්‍රයේ 14 වන දින ඩිම්බ මෝචනය සිදුවන්නේ නැහැ.

සාමාන්‍ය ඩිම්බ මෝචනය 10 වන දින තරම් කලිනුත්, 20 වන දින තරම් පමා වෙලාත් සිදුවන්නට පුළුවන්.

ඔබේ චක්‍ර අක්‍රමවත් නම්, ඩිම්බ මෝචනය මෙයට පසුව පවා සිදුවන්නට පුළුවන්.

සරු කාලය

තමන්ගේ ඩිම්බ මෝචන වන සරු කාලය අවබෝධ කරගැනීම

දින දර්හණයක් මත පදනම්ව ඔබට ඩිම්බ මෝචනය නිරීක්ෂණය කළ හැකි අතර ඇතැම් මෙවලම් මඟින් ඩිම්බ මෝචනය සිදුවන බවට සංඥා සහ සලකුණු සොයාගත යුතුයි.

මෙයට ශරීර උෂ්ණත්වය, ගැබ්ගෙල ශ්ලේෂ්මල හෝ හෝමෝන මට්ටම වැනි භෞතික විද්‍යාත්මක වෙනස්කම් භාවිතා කරනු ලබනවා.

කාන්තාවකගේ සරු කාලය සොයාගත හැකි ආකාර කිහිපයක් ගැන කියැවෙන සවිස්තරාත්මක ලිපියක් මෙතැනින් බලන්නට පුළුවන්.

 

මූලාශ්‍ය්: වෛද්‍ය සමන් හේවා මහතාගේ ලිපියක්

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

Written by

Niloufer Perera