theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ශ්‍රි ලංකාවෙන් බිහි වු ලෝක විවාහක රූ රැජින අද ශ්‍රී ලංකාවට පැමිණෙයි

3 අවම කියවීම
ශ්‍රි ලංකාවෙන් බිහි වු ලෝක විවාහක රූ රැජින අද ශ්‍රී ලංකාවට පැමිණෙයිශ්‍රි ලංකාවෙන් බිහි වු ලෝක විවාහක රූ රැජින අද ශ්‍රී ලංකාවට පැමිණෙයි

විවාහක රූ රැජින කිරුළ ‌‌ගෙන අද ශ්‍රී ලංකාවට

ලෝක විවාහක රූ රැජින 2020 ලෙස අපේ රටේ කාන්තවක් තේරීම ගැන හද පිරුන ආඩම්බරයෙන් ශ්‍රී ලංකිකයින් ආඩම්බරයට පත්ව සිටින මොහොතක අපි තවත් සතුටුදායක ආරංචියක් කියන්නයි මේ සුදානම.

1984 වර්ෂයේදි රෝසි සේනානායක මහත්මිය විවාහක ලෝ රූ රැජින ලෙසි කිරුළ පැළැන්දේ අපේ ලක් දෙරණට අභිමානයක් එක්කරමිනි.

එතැන් සිට වසර 35 ක් ගෙවී ගොස් අවසන්. නමුත් ඒ ඉතිහාසය අද යලිත් රන් අකුරෙන් ලියවෙනවා.

ඒ 2020 වර්ෂයේ විවාහක ලෝක රූ රැජින මේ ඉන්දියන් සාගරයේ මුතු ඇටයෙන් බිහිවීමත් සමගයි. ඇය නමින්  කැරොලයින් ජුරි ය (Caroline Jurie).

වයස අවුරුදු 27 ක් වන මේ රූමතිය බිරිදක්. ඒ වගේම ආදරණිය මවක්.

විවාහය සමග කාන්තාව නිවසට කොටු වෙනවා කියන ආසියාතික සංකල්පය බිද හෙලමින් ඇය තවත් පියවරක් ඉදිරියට ලැබුවේ විවාහක ලෝක රෑ රුජින ලෙස කිරුළු පැළදීමත් සමගයි.

ඇය මේ ගමන ගියේ රෝස මල් පිරි මාවතක් දිගේ නම් නොවේ. බොහෝ වෙහෙස මහන්සියෙන් කැප වීමෙන් ඇය දිනාගත්තේ ඇයට කිරුළක් පමණක් නොවේ රටට කිරුළකි.

ශ්‍රී ලංකා විවාහක රූ රැජින ජාතික සංවිධායක චන්දිමාල් ජයසිංහ මහතාගේ මෙයෙවීමෙන් ඔක්තෝම්බර් මාසයේදි පැවති ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගයෙන් ඇය පසුගියදා ජයග්‍රහණය කිරීමත් සමගම ඇයට  විවාහක ලෝක රෑ රුජින තරගට ඉදිරිපත් වීමට අවස්ථාව ලැබුනා.

ඒ අනුව ඇය පසුගිය නොවැම්බර් මස 30 වැනිදා තරගය පැවැත් වු අමෙරිකාවේ, ලාස්වේගාස් නුවර බලා පිටත් වුනා.

ශ්‍රි ලංකාවෙන් බිහි වු ලෝක විවාහක රූ රැජින අද ශ්‍රී ලංකාවට පැමිණෙයි

ලෝක විවාහක රූ රැජින2020 කැරොලයින් ජුරි

 එය ඇයට සුළුපටු අභියෝගයක් වුනේ නැහැ. අවසන් මහා තරගයට රටවල් පනස් ගණනක් නියෝජනය කරමින් විවාහක රූ රැජිනියන් සහභාගි වූනා.

අවසාන වටයේදි  කැරොලයින් ජුරි මහත්මිය විවාහක ලෝක රූ රුජින ලෙස කිරුළු පළදින්නේ වර්ජින් දූපත් නියෝජනය කළ සුරූපිනිය හා අයර්ලන්තය සුරූපිනිය පරදවමිනි. 

ලෝක විවාහක රූ රැජින කිරුළ පැළද වු ඒ ‌සොදුරු ‌මොහොත

Congratulations Mrs World 2020 Caroline Jurie 🇱🇰..

Congratulations Mrs World 2020 Caroline Jurie 🇱🇰.. Congratulations to Mr Chandimal Jayasinghe the National director , Mr Rukmal SenanayakeChoreographer Posted by On the Way TV on Friday, 6 December 2019

මෙලෙස 2020 වර්ෂයේ විවාහක ලෝක රූ රැජින ලෙස කිරුළ පලන් කැරොලයින් ජුරි මහත්මිය අද එනම් 2019.12.10 දින උදෑසන 6.00 ට කටුනායක ගුවන් තොටු පලින් ලක් දෙරණට පා තැබුවා.

ශ්‍රි ලංකාවෙන් බිහි වු ලෝක විවාහක රූ රැජින අද ශ්‍රී ලංකාවට පැමිණෙයි

ඇය පිළිගැනීම සදහා ශ්‍රි ලාංකික ජනයා එහි රැස් වු අතර ඇයව රිය පෙරහැරකින් පිලිගැනීමේ උත්සවය පැවැත්වෙන කිංස්බරි හෝටලය වෙත ගෙන ගියා. 

කැරොලයින් ජුරි ගැන බිදක්

මෙතරම් ගෞරවයක් අප රටට අත් කර දුන් කැරොලයින් ජුරි මහත්මිය ගැන තොරතුරු ටිකක් අපි අද කතා කරමු

1992.10.05 දින කදානේ උපත ලද  කැරොලයින් ලුසී ඈන් ජුරි මහත්මිය සිය අධ්‍යපනය සම්පුර්ණ කර ගනු ලැබුවේ කදාන සෙන් සෙබස්තියන් බාලිකා පාසැලෙනි.   

ඇය 2017 වසරේ විවාහ දිවියට පත්වූයේ නිශාන්ත දීපාල් මහතා සමඟයි.  ඔවුන්ට මේ වෙන විට වයස අවුරුදු දෙකක් වු පුංචි දියණියක් සිටිනවා.

ශ්‍රි ලංකාවෙන් බිහි වු ලෝක විවාහක රූ රැජින අද ශ්‍රී ලංකාවට පැමිණෙයි

ඇය මෙම ජයග්‍රහණය ලබන විට ඩුබායි හි වර්ජින් මෙගා වෙළඳසැලේ විකුණුම් විධායකයක නිළධාරිනිය ලෙස සේවය කරමින් සිටියි.

කාන්තාවන් ලෙස අපටත් ඇය ගැන ආඩම්බර විය හැකියි. ඇය ශ්‍රී ලාංකික අපේ කාන්තාවක් ඒ වගේම බිරිදක්, මවක්.

ඒ වගේම මවක් වීම බිරිදක් වීම සුන්දරත්වයට ගැටළුවක් නොවන බව වගේම තමන්ගේ හීන වලට යන්න එය බාධාවක් නොවන බව ඇය අද අපට ඔප්පු කර පෙන්වා අවසන්.

ඉතින් යෙහෙලියනි මේ රූ රැජිනිය ගෙන් අපිට ගත හැකි  ගුණාංග අපමණයි. 

ලෝක විවාහක රූ රැජින 2020  ලෙස කිරුළු පළන් කැරොලයින් ජුරි මහත්මිය theAsianparent Sri Lanka අපගේ හද පිරි සුභාසංශන පිරි නමන අතර ලගදීම දවසක ඇය පිළිබද බොහෝ විස්තර අරගෙන එන්නට අප ඔබට පොරොන්දු වෙනවා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

මේ පිළිබද විස්තර හා ඡායාරූප ලබා දුන් ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගයේ O‌fficial flower partner ඉසිවර සිරිත ආයතනයේ අධිපති සජිත් සී පතිරණ මහතාට අපගේ විශේෂ ස්තුතිය.

මුලාශ්‍ර

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • දේශීය පුවත්
  • /
  • ශ්‍රි ලංකාවෙන් බිහි වු ලෝක විවාහක රූ රැජින අද ශ්‍රී ලංකාවට පැමිණෙයි
බෙදාගන්න :
  • වසරකට ඩොලර් මිලියන 11 ක් උපයන අවුරුදු හයක දරුවෙක්!

    වසරකට ඩොලර් මිලියන 11 ක් උපයන අවුරුදු හයක දරුවෙක්!

  • ලෝකය ජය ගන්නට ‌වෙර දරන ශ්‍රී ලාංකික නිවුන් සොහොයුරු සොහොයුරියන්ට සුභපැතුම්

    ලෝකය ජය ගන්නට ‌වෙර දරන ශ්‍රී ලාංකික නිවුන් සොහොයුරු සොහොයුරියන්ට සුභපැතුම්

  • වසරකට ඩොලර් මිලියන 11 ක් උපයන අවුරුදු හයක දරුවෙක්!

    වසරකට ඩොලර් මිලියන 11 ක් උපයන අවුරුදු හයක දරුවෙක්!

  • ලෝකය ජය ගන්නට ‌වෙර දරන ශ්‍රී ලාංකික නිවුන් සොහොයුරු සොහොයුරියන්ට සුභපැතුම්

    ලෝකය ජය ගන්නට ‌වෙර දරන ශ්‍රී ලාංකික නිවුන් සොහොයුරු සොහොයුරියන්ට සුභපැතුම්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it