දරුවන් පස් දෙනෙකුම එකවර බිහිකළ ආදරණීය අම්මාගේ තොරතුරු

lead image

ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඇයට දරුවන් එක්කෙනෙක් නොව පස් දෙනෙක්ම ලැබෙන්න ඉන්න බව දැනගෙන හුඟක් පුදුමයටත් චකිතයටත් පත්වුණා!

එක් දිනයකදී කිම්බ්ලි ට්‍රිසිගේ පවුලේ දරුවන් දෙදෙනාට දරුවන් පස් දෙනෙක් එකතු වුණා. මේ 26 හැවිරිදි කාන්තාව එක් පිරිමි දරුවෙකු හා ගැහැණු දරුවන් හතර දෙනෙකුට ඉතා ආරක්‍ෂිතව උපත ලබා දුන්නා.

මේ ගමන නම් ඇයට එතරම් පහසු ගමනක් නම් වුණේ නැහැ. ට්‍රිසි ඒ ගැන විස්තර කළා. මගේ පිටටයි, බඩටයි ආධාරකයක් වෙන්න කොච්චර කොට්ට උවමනා වුනාද කියලා මතක නැති තරම්. ඒ වගේම බඩ හුඟක් ඇදිලා තිබුණ නිසා හුඟක් වේදනාවක් දැනෙනවා. අනෙක් අතට අල්ලනකොටත් හුඟක් රස්නෙයි.

මේ අපහසුතාවයන් අතරට නිදාගන්න බැරිකම, ශරීරයේ විවිධ තැන්වල රිදීම්, වැසිකිලියට අවම වශයෙන් දොළොස් වරයක්වත් යන්න වෙන එක. ඇයගේ මේ උදාර කතාව ඇය ෆේස්බුක් හරහා බෙදාගෙන තිබුණ අතර එය 170,000 කට අධික පිරිසක් නරඹා තිබුණා.

src=https://scontent.fcmb4 1.fna.fbcdn.net/v/t1.0 9/17264457 1461802343861240 93451909601157341 n.jpg?oh=60a57fba761ad784c08d997d33fdd13f&oe=5999C2A5 දරුවන් පස් දෙනෙකුම එකවර බිහිකළ ආදරණීය අම්මාගේ තොරතුරු

දැන් බබාලා ලොකුයි!

ශක්තිමත් කණුවක් ලෙස ඇය පිටුපස සිටි ඇගේ සැමියාව ඇය ඉතා ආදරයෙන් සිහිපත් කරනවා. එයා නැත්නම් මට මොනවා වෙලාද දන්නේ නැහැ.

මගේ සැමියා නිතර මගේ ඇඟේ සමේ ඇති ඉරි (ගර්භණි කාලයේ සම ඇදීම නිසා ඇතිවූ) ගැන මට ආඩම්බර වෙන ලෙසත් මගේ ශරීරය දිනාගත් දෙය ගැන මම ආඩම්බර විය යුතු බවත් කිව්වා.

සැබවින්ම ඇය ඇය ගැන ආඩම්බර විය යුතු වගේම ඇයට ශක්තියක් දෙන ඒ ආඩම්බර සැමියා ගැනත් අපට ආඩම්බර හිතෙනවා. ආදරණිය දෙමාපිය යුවලකට කෙතරම් දරුවන් ලැබුනත් බරක් නොවන්නේ ඒ ආදරය නිසයි. ඒ අපූරු ආදරය සතුට වෙනුවෙන් theAsianparent Sri Lanka අපි මේ ලිපිය සකස් කළා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ