theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

සති 32කින් කිලෝ 30ක් අඩු කරගත් මවකගේ සත්‍ය කථාව

4 අවම කියවීම
සති 32කින් කිලෝ 30ක් අඩු කරගත් මවකගේ සත්‍ය කථාවසති 32කින් කිලෝ 30ක් අඩු කරගත් මවකගේ සත්‍ය කථාව

ප්‍රියංකා විෂාල්  ගර්භණී කාලය තුල ඇයගේ බර කිලෝ තිහකින් වැඩි වු අතර දරු ප්‍රසුතියෙන් පසු එම බර අඩු කර ගැනීම ඇයට අභියෝගයක් විය.

ප්‍රියංකා විෂාල්  ගර්භණී කාලය තුල ඇයගේ බර කිලෝ තිහකින් වැඩි වු අතර දරු ප්‍රසුතියෙන් පසු එම බර අඩු කරගන්න එක ඇයට අභියෝගයක් විය.

නමුත් එම බර ඇයට පුලුවන් ඉක්මනින් අඩු කර ගැනීමට ඇය සමත් වුවා.

මේ අතර ඇගේ දියණිය වු ආද්‍යාට වයස මාස හයක් වන විට (උපන් දිනය 2015 ජුනි) ඇය සියල්ල තමා වෙත පවරා ගෙන මෙම බර අඩු කර ගැනීමේ මෙහෙයුම ආරම්භ කිරීමට තීරණය කලාය.

එවිට ඇගේ බර කිලෝ 87 විය. නමුත් අද වන විට බරින් කිලෝ 57 වන ඇය මනා ශරීර හැඩයකට උරුමකම් කියන්නීය.

ප්‍රියංකා ඇගේ මහා පරිමාණ බර අඩු කරගන්න පෙර හා පසු

දැනට ඇයට වයස අවුරුදු දෙකක දරුවෙකු සිටින අතර දරුවාට වයස මාස හයේදී ඇය මේ බර අඩු කිරීමේ මෙහෙයුම ආරම්භ කලාය.

ඒ වගේම ඇය දියණියට මව්කිරි දෙන අවධියේ පවා සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් හා ව්‍යායාම ගැනීම ගැටලුවක් වුනේ නැහැ .

අන්න ඒ හින්දා තමයි දරු ප්‍රසුතියෙන් පසු ශරීරයේ හැඩය නැවත ලබා ගන්න වෙර දරන අනෙකුත් අම්මලාට ඇය උදව් කරන්න හිතුවේ.

ඒ නිසා ඇය මේ තොරතුරු The Indusparent තුලින් බෙදා ගෙන තියෙනවා.

රැකියාවෙන් අලෙවිකරණ මහාචාර්ය වරියක වන ප්‍රියංකා දැනට ඉංජිනේරු විද්‍යාලයේ MBA සදහා ඉගැන්වීම් කටයුතු කරන අතර ඇයගේ පශ්චාත් උපාධියට සුදානම් වෙමින් සිටියි.

ඇය ඇගේ බර අඩු කර ගැනීම තුලින් කොහොමද කල නොහැක්කක් කලේ යන්න පිලිබඳව  The Indusparent සමග පවසා සිටියා.

කිලෝ තිහක් බර අඩු කරගන්න ඔබට හැකි වූයේ කෙසේද ? ඔබේ සැලසුම් වුනේ මොනවාද?

මම සති 32 කින් බර කිලෝ 30 ක් අඩු කරගෙන තියෙනවා.

මම මගේ ඉලක්ක කරා යන කාන්තාවක්, එමනිසා මම සතිපතා ඉලක්ක සකස් කලේ මට සපුරා ගත හැකි වන ලෙසිනි.

බර අඩු කරගන්න ඔබ සතියකට කී වරක් ව්‍යායාම් කලාද? ඒ මොන වගේ ව්‍යායාම්ද?

මම සතියකට දවස් හතරක් ව්‍යායාම කලා.මම විනාඩි 30 ක් ඇවිදීම තුලින් පටන් ගත් අතර එයට සුර්‍යනමස්කාර 5 ක් එකතු කර එය සුර්‍යනමස්කාර 50 දක්වා වැඩි කලා.

මගේ ව්‍යායාම සැලසුම් කලේ මගේ සතියේ කැලරි දහන අනුපාතය අනුවයි.මෙම ව්‍යායාම මට කිලෝමීටර් 5 ක මැරතන් එකක් දුවලා සම්පුර්ණ කරන්න හැකි තරම් මාව ශක්තිමත් කලා.

මෙම කාලපරිච්ඡේදය තුල ඔබේ ආහාරය වුනේ මොනවාද ?

ප්‍රියංකා ආද්‍යාට මාස 06 සිට වසර දෙකක් වන තුරු මගේ ආහාරයේ 40% ක් කාබෝහයිඩ්‍රේට් 30%  ක් ප්‍රෝටීන් හා 30% ක් අත්‍යාවශ්‍ය මේද අඩංගු වුනා.

ජලය බර අඩු කිරීමේදි විශාල මෙහෙයක් කලා.එමනිසා මම ප්‍රමාණවත් ජල ප්‍රමාණයක් පානය කිරීමට වග බලා ගත්තා.

ග්ලුටන් භාවිතය අඩු කිරීමත් වැදගත් වෙනවා.එම නිසා මම එළවළු විශාල ප්‍රමාණයක් සමග රාගී බාක්රිස් ආහාරයට ගත්තා.

පැණිරස හා පැණිබීම වලින් වැලකුණා.ආහාර සපා කෑමත් බර අඩු කරගන්න හොද ක්‍රමවේදයක් වෙනවා.

ඔබව පසුබෑමකට පත් වු දිනවල කලේ මොනවාද ?

මට  මාවම අභියෝගයක් වුනා.මම මගේ සීමාව ඉක්මවා ගමන් කරන බවත් ඒත් මට මාව යටත් කර ගැනීමට ඉඩ නොතබන බවත් මම හැමවිටම මටම පවසා ගත්තා.

පාලනයකින් තොරව ආහාර ගත් දිනත් තිබුනද?

ඔව්, පාලනයකින් තොරව ආහාර ගත් දින තිබුනා වගේම එහෙම පාලනයකින් තොරව ආහාර ගන්න වුන දිනත් තිබුනා.

එසේ නැත්තම් මගේ බර අඩුකිරීමේ මෙහෙයුම ඒකාකාරි වෙන්න තිබුනා.නමුත් මම භාවිතා කල කැලරි කළමනාකරණ තාක්ෂණ නිසා වෙනසක් වුනේ ඉතා කලාතුරකින් .

ඔබේ ඉදිරි සැලසුම් මොනවාද ?ඔබේ තිබෙන බර පවත්වා ගන්න ඔබ කරන්න අදහස් කරන්නේ මොනවාද ?

ඒක බර අඩු කර ගැනීමක් පමණක් නොවේ. ඒක ශරීරයේ අනවශ්‍ය බර අඩු කරගැනීමක් මෙන්ම මාංශපේෂි වලට හොද ශක්තියක් ලබා ගැනීමක් වෙනවා. මගේ බර පාලනය කරගන්න උදව් වෙන වෙනසක් මගේ ජීවන චක්‍රයේ කරලා තියෙනවා.

දරු ප්‍රසූතියෙන් පසු බර අඩු කරගන්න වෙහෙස වෙන අම්මලාට කියන්න දෙයක් තියෙනවාද?

මට පුලුවන්ද කියලා අහනවාට වඩා මට පුලුවන් කියලා හැම මවක්ම හිතන එක වැදගත් වෙනවා. මහන්සියෙන්  ප්‍රතිඵල ලබාගන්න පුලුවන්.

උපදේශය - The Indusparent කිසිදු ආකාරයේ බර අඩු කිරීම ,පාලනය කිරීම හෝ ආහාර පාලනය සදහා සහය දක්වන්නේ නැහැ.

මෙහි සදහන් ප්‍රියංකාට ක්‍රියා කල ඉගි මගින්  අනිත් අයගේ විවිධාකාර ශරීර හැඩ නිසා ඔවුන්ට සාර්ථක ප්‍රතිඵල අත් නොවෙන්න පුලුවන්.

හොදම දෙය වන්නේ මේ පිලිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත ආහාර පාලනය හා ව්‍යායාම ආරම්භ කිරීමයි.

අරමුණක් ඇතිනම් ඔබට කල නොහැකි දෙයක් නොමැති බවත්, ඔබේ අනවශ්‍ය බර ගැන කණගාටු වෙනවාට වඩා උත්සහ තුලින් එය අඩු කර ගත හැකි බවත්  මේ මවගේ කථාව සමග ඔබට ආදරයෙන් මතක් කරන්නේ  theAsianparent Sri Lanka විසිනි.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

 

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • ව්‍යායාම
  • /
  • සති 32කින් කිලෝ 30ක් අඩු කරගත් මවකගේ සත්‍ය කථාව
බෙදාගන්න :
  • බර අඩු කරගැනීමට පළතුරු 11ක් මේ

    බර අඩු කරගැනීමට පළතුරු 11ක් මේ

  • නිවුන් බබාලා ලැබීමෙන් පසු මේ අම්මා මාස 9 කින් බර කිලෝ 25ක් අඩු කර ගෙන

    නිවුන් බබාලා ලැබීමෙන් පසු මේ අම්මා මාස 9 කින් බර කිලෝ 25ක් අඩු කර ගෙන

  • බර අඩු කරගැනීමට පළතුරු 11ක් මේ

    බර අඩු කරගැනීමට පළතුරු 11ක් මේ

  • නිවුන් බබාලා ලැබීමෙන් පසු මේ අම්මා මාස 9 කින් බර කිලෝ 25ක් අඩු කර ගෙන

    නිවුන් බබාලා ලැබීමෙන් පසු මේ අම්මා මාස 9 කින් බර කිලෝ 25ක් අඩු කර ගෙන

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it