theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබත් හවස් වෙද්දී වැඩිපුර මහන්සි දැනී විඩාවට පත්වන මවක්ද?

4 අවම කියවීම
ඔබත් හවස් වෙද්දී වැඩිපුර මහන්සි දැනී විඩාවට පත්වන මවක්ද?ඔබත් හවස් වෙද්දී වැඩිපුර මහන්සි දැනී විඩාවට පත්වන මවක්ද?

මෙම මහන්සිය හා තෙහෙට්ටුව මින් නොනැවතී මානසික ආතතිය මෙන්ම දරුවා සමඟ කේන්ති යාම, සැමියා සමඟ කේන්ති යාම මෙන්ම නිවසේ අනෙක් අය සමඟද අනවශ්‍ය ලෙස කේන්ති යාම ආදිය දක්වාම දුර දිග යනවා

අලුත් නැතිනම් පුංචි බබාලාගේ අම්මලා වැඩි හරියක් නිතර පවසන දෙයක් තමා තමන්ට හවස් වෙද්දී විඩාව, තෙහෙට්ටුවක් දැනෙන බව.

මෙම හවස් වෙද්දී විඩාව හා තෙහෙට්ටුව මින් නොනැවතී මානසික ආතතිය මෙන්ම දරුවා සමඟ කේන්ති යාම, සැමියා සමඟ කේන්ති යාම මෙන්ම නිවසේ අනෙක් අය සමඟද අනවශ්‍ය ලෙස කේන්ති යාම ආදිය දක්වාම දුර දිග යනවා පමණක් නොව පවුලේ ගැටුම් ඇති වීමටද තුඩු දෙනවා.

මීට මුහුණ දෙන මව්වරුන් අතරින් ඇතැම් මව්වරුන් තම උදව්වට කිසිවෙකුත් නැතිව තනිව වැඩ කටයුතු කරන අයයි.

නමුත් උදව්වට කිහිප දෙනෙක්ම සිටින මව්වරුන්ද මේ අතර සිටීම පුදුමයට කරුණක්.

පුදුමයෙනුත් පුදුම මේ තත්වය නොවේ.

මෙවන් තත්වයකට මුහුණ නොදී බොහොම සතුටින් දරුවන් එක්කෙනෙක් පමණක් නොව දෙතුන් දෙනෙක් හදා වඩාගෙන සිටින මව්වරුන්ද වනවා.

නමුත් සතුටින් සිටින බහුතරයක් මව්වරුන් භාහිර උදව් නැතිව වැඩ කටයුතු කරන අය යැයි  කිවහොත් ඔබ විශ්මයට පත්වනවා නියතයි.

ඉතින් මීට හේතු සොයා බැලීම වටිනවා.

මව්වරුන් අධික තෙහෙට්ටුවට හා හවස් වෙද්දී විඩාව ට පත් වන හේතු කිහිපයක්

1. නිවසේ උදව්වට සිටින අය වැඩි වීම

උදව්වට කට්ටිය ඉද්දි මහන්සි දැනෙන්නේ කොහොමද? ඔබ අසාවි. හේතුව මේකයි. බහුතරයක් නිවෙස් වල උදව්වට ඉන්නේ අම්මා නැතිනම් නැන්දම්මා. මොවුන්ගේ සේවය අපරිමිතයි.

ප්‍රශ්නය වන්නේ අලුත් අම්මාට තමා කැමති පරිදි දෙවල් සිදු කිරීමට ඇති නොහැකියාවයි.

උදව්වට සිටින කෙනා හෝ දෙදෙනා, ස්වාමි පුරුෂයා ආදී හැමෝගෙම ක්‍රම අනුව දරුවා හෝ දරුවන් හැඩ ගැසෙනවා.

ඉවුම් පිහුම් කිරීමේදී ගෙදර කට්ටිය වැඩියි.

ආවට ගියාට නැතිව පිළිවෙලකට කෑම බීම පිළියෙළ කරන්නට සිදු වනවා.  නමුත් මූලික හේතුව කලින් කීවා සේ වැඩි දෙනෙක්ගේ කැමැත්ත වෙනුවෙන් වැඩ කරන්නට සිදු වීමයි.

2. ගෙදර වැඩ වැඩි කරගැනීම නොහොත් ‘වවාගෙන කෑම’

ඇතැම් මව්වරුන් කතාවට කියනවා වගේ වැඩක් කරන්නේ ‘පරංගියා කෝට්ටේ ගියා’ වගෙයි. කෙතරම් පහසුකම් තිබුනද අනවශ්‍ය හේතු දක්වමින් වැඩ වැඩිකරගන්න අම්මලා එමටයි.

නිදසුනක් ලෙස ගෑස් ඉතිරි කරගන්නට කියා දර ලිපේ ඉවුම් පිහුම් කරනවා.

මෙයින් සුළු මුදලක් ඉතිරි වේයැයි සිතුවත්, පොඩි දරුවෙකුගේ වැඩ පල කරන අතර දර ලිපේ ඉවීමට වැයවන කාලය, ශ්‍රමය, මහන්සිය මෙන්ම දැලි මැලියම් යැවීමට ගතවන අමතර කාලය, ජලය හා සබන් ආදිය ගැන සිතුවාද?

එයින් වන නාස්තියෙන් ඉතිරි කරනවාට වඩා ප්‍රමාණයක් වියදම් වන බව වැටහෙන්නේ නැහැ.

අන්තිමට මුදල් ඉතිරියකුත් නැහැ, ගතින් සිතින් දෙකෙන්ම ලෙඩ වී හවස් වෙනකොට හෙම්බත් වෙලා.

3. අනවශ්‍ය දේට මුල් තැන දීම

ඇතැම් මව්වරුන් මුල් තැන දිය යුතු දෙයට නැතිව අනෙක් හැම දේටම මුල් තැන දෙනවා. නිදසුනක් ලෙස මවක් මුල් තැන දිය යුත්තේ දරුවාට කෑම පිලියෙල් කිරීමටයි.

වැඩිහිටියන්ගේ කෑම උයන්න බැරි දවසක කඩෙන් කෑවා කියා මහා විනාසයක් වන්නේ නැහැ.

ගේදොර දවසකට අස් පස් කලේ නැතැයි කියා ලොකු හානියක් නැහැ.

මවක් උදෑසනින්ම කල යුත්තේ  දරුවාගේ කෑම බිම වලට අවශ්‍ය සියලු දේ ලක ලැහැස්ති කිරීමයි. මේ හුස්මටම ගෙදර අනෙක් අයට ඉවීමත් කල හැකියි.

උදේ 7 වගේ වෙනකොට කුස්සියේ වැඩ සියල්ල ඉවර කරගත හැකි නම් දවසේ ඉතිරි හරිය කළමනා කරගැනීම හුඟක් පහසුයි.

4. හවස් වෙද්දී විඩාව: කෙටි ක්‍රම වෙනුවට පාරම්පරික ක්‍රම පිළිපැදීම

නිවෙසක වැඩකටයුතු කල හැකි කෙටි ක්‍රම එමටයි. ඉවුම් පිහුම් අතින් ගතහොත් කරවල බැදුමක්, අච්චාරුවක්, පොලොස් මාළුවක්, මාළු ඇඹුල් වගේ දේවල් කල් තියා හදාගෙන තියාගන්න පුළුවන්.

එවිට දිනපතා කෑමට තව ජාතියක් දෙකක් හදාගත්තාම සෑහෙනවා.

දරුවාට වසරක් පමණ ගත වූ පසු දරුවාගේ රෙදි  වෙනම රෙදි සෝදන යන්ත්‍රයේ සෝදාගන්න පුළුවන්.

නමුත් බොහෝ මව්වරුන් ඒවා හොඳ නැතැයි කලක් යන තුරුම දරුවාගේ ඇඳුම් අතේ හෝදනවා. දිනපතා හැම දේම, තුන් වේලම මුල සිට උයනවා.

5. හවස් වෙද්දී විඩාව: තම දෑතින් සියල්ලම බදාගෙන කිරීම

ඇතැම් මව්වරුන් සිතන්නේ තමන් යම් වැඩක් නොකළහොත් ලෝකයේ අවසානය සිදු වේ කියාය.

දරුවන්ට කැවීම, නෑවීම ඇඳුම් ඇන්දවීමේ පටන් සැමියාගේ දේවල් සියල්ලමද තම දෑතින් සිදු කර නිවසේ සියල්ල එම තත්වයට හුරු කරගන්නවා.

මීට නිවැසියන් හුරු වූ පසු, වතුර ජෝග්ගුවේ වතුර නැතිනම් ඊට වතුර ටිකක් පුරවන්නේ නැතිව ඒකත් මවගෙන්ම අහන්නේ ඇගෙන් මහා අඩුවක් වූවා සේය.

මෙම වැඩ කටයුතු සියල්ල දරාගත නොහැකි තත්වයකට ආ කල තම පවුලේ අය, තමන්ට උදව් කරන්නේ නැතැයි දොස් නගන්නේ   එය තමන්ම ඔවුන්ට හුරු කල දේකැයි අමතක වී වන්නට ඇත.

දරුවන්ට නිවසේ පුංචි වැඩ කටයුතු බාර දීමෙන්, ඔවුන්ගේ වැඩ තනිව කර ගැනීමට හුරු කිරීමෙන්, සහකරු සමඟ එක්  වී ඇතැම් වැඩපල කිරීමෙන් මෙවන් අනවශ්‍ය මහන්සියක් වන්නට සිදු වන්නේ නැත.

6. වෙනස් වීමට ඇති අකමැත්ත

ඉහත කී දෑ එකක් හෝ සියල්ලක් කරන ඇතැම් මව්වරුන් නහයෙන් හඩ හඬා වුවද වෙනස් වන්නට කිසිඳු කැමැත්තක් නොදක්වන්නේ ඇයි?

මේ දේවල් වෙනස් කළහොත් ගෙදර උඩු යටිකුරු වේයැයි තදින්ම සිතේ දරාගත් විශ්වාසයක් නිසායි.

වෙනස් වී නිදහස ඇත විඳීමට තීරණය කිරීම ඔවුන්ටම භාර කරමි.

ඉතින් ඔබත් දිනපතා තෙහෙට්ටුව හා විඩාව දැනෙන මවක්ද? ඔබේ අත්දැකීම මීට වෙනස් නම් අපට ලියා එවන්න.

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • ඔබත් හවස් වෙද්දී වැඩිපුර මහන්සි දැනී විඩාවට පත්වන මවක්ද?
බෙදාගන්න :
  • විඩාබර මව්වරුන් දිරිගන්වන්න සැමියාට මෙහෙම කියන්න පුළුවන්.

    විඩාබර මව්වරුන් දිරිගන්වන්න සැමියාට මෙහෙම කියන්න පුළුවන්.

  • ඔබට නිතර දැනෙන මහන්සිය මේ රෝග 5 ට අදාල ‌රෝග ලක්ෂණයක් විය හැකියි

    ඔබට නිතර දැනෙන මහන්සිය මේ රෝග 5 ට අදාල ‌රෝග ලක්ෂණයක් විය හැකියි

  • විඩාබර මව්වරුන් දිරිගන්වන්න සැමියාට මෙහෙම කියන්න පුළුවන්.

    විඩාබර මව්වරුන් දිරිගන්වන්න සැමියාට මෙහෙම කියන්න පුළුවන්.

  • ඔබට නිතර දැනෙන මහන්සිය මේ රෝග 5 ට අදාල ‌රෝග ලක්ෂණයක් විය හැකියි

    ඔබට නිතර දැනෙන මහන්සිය මේ රෝග 5 ට අදාල ‌රෝග ලක්ෂණයක් විය හැකියි

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it