theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

නිතරම දරුවන්ගේ පින්තූර ෆේස්බුක් වල දාන අම්මලා කළකිරීමට පත්වූ අයද?

2 අවම කියවීම
නිතරම දරුවන්ගේ පින්තූර ෆේස්බුක් වල දාන අම්මලා කළකිරීමට පත්වූ අයද?නිතරම දරුවන්ගේ පින්තූර ෆේස්බුක් වල දාන අම්මලා කළකිරීමට පත්වූ අයද?

ඔබේ දරුවා ගැන තොරතුරු හා හපන්කම් ෆේස්බුක් හරහා හුවමාරු කරගැනීම ප්‍රියජනක වුවත් සමහර විට දරුවන් බලාගැනීමේ ක්‍රමෝපායන් ගැන සතුට හා ඒ බව පෙන්වීමට උත්සාහ කළත් එය අවධානම් සහගත විය හැකියි.

ඔබේ දරුවන්ගේ පින්තූර, තොරතුරු හා හපන්කම් ෆේස්බුක් හරහා හුවමාරු කරගැනීම ප්‍රියජනක වුවත් සමහර විට දරුවන් බලාගැනීමේ ක්‍රමෝපායන් ගැන සතුට හා ඒ බව පෙන්වීමට උත්සාහ කළත් එය අවධානම් සහගත විය හැකියි.

ඔබ ඔබේ දරුවන්ගේ පින්තූර සමාජ ජාල හරහා ප්‍රසිද්ධ කිරීමට පෙර දෙවරක් නොසිතන කෙනෙක් නම් නවතම පරීක්ෂණ වලට අනුව ඔවුන් කළකිරීමෙන් සිටින අය විය හැකි බව තහවුරු වී තිබෙනවා.

නිතරම දරුවන්ගේ පින්තූර ෆේස්බුක් වල දාන අම්මලා කළකිරීමට පත්වූ අයද?

මේ සඳහා විශේෂයෙන් තෝරාගත් මව්වරුන් කණ්ඩායමකගෙන් කරන ලද පරීක්ෂණ අනුව ඔවුන්ට ඇති අධික පීඩනය නිසා ඔවුන් ඉතා හොඳ මව්වරුන් ලෙස හුවා දැක්වීමට මෙම දරුවන්ගේ පින්තූර ගණනාවක්ම ෆේස්බුක් හරහා ප්‍රචාරය කරන බව සොයා ගැනුණා.

ඒ වගේම ඊට දක්වන ප්‍රතිචාර වලටද ඔවුන් ඉතා සංවේදී වන ආකාරයක් දක්නට ඇති බව සොයා ගැනුණා. ඒ වගේම හුඟක් ප්‍රතිචාර නොලැබී යාමද ඔවුන් තුළ අපැහැදිළි සිත් තැවුල් ඇතිවන තත්වයක් දක්වන බව සොයා ගැනුණා.

අම්මා කෙනෙක් තමන් ඉතා හොඳ මවක් බව පෙන්වීමේ අපේක්ෂාවෙන් පින්තූර පළකර ඇය අපේක්ෂා කරන තරම් කැමැත්තක් අන් අයගෙන් ඊට නොලැබීයාම නිසා එය ප්‍රශ්නයක් යැයි ඇය සිතනවා. අවසානයට ඇයට එය ඉතා නරක ලෙස දැනෙන බව ඔහියේ සරසවියේ මානව විද්‍යාව පිළිබඳ කථිකාචාර්ය හා ආයතනයේ ප්‍රධාන කතෘ ලෙස කටයුතු කළ සාරා සොකොපෙ සුලිවන් පවසනවා.

සෙල්ෆි ගැනීම මානසික රෝගයක්

එමෙන්ම ආයතනයේ සම කතෘ ජිල් යාවොර්යකි පවසන්නේ ෆේස්බුක් හරිලෙස භාවිතය නරක ලෙස බලපෑමක් මේ තත්වයට ඇතිකරන බව නොකියන නමුත් තමන් හොඳ අම්මා කෙනෙක් බව පෙන්වීමට එය සුදුසු මාධ්‍ය නොවන බවයි.

මෙම අධ්‍යනයට සහභාගී වූ අම්මලා ගෙදර ඉන්න වැඩකරන අම්මලා නොවෙයි. මේ නිසා පිටත ගොස් වැඩකරන අම්මලාට මෙය අස්වැසිල්ලක් වගේම මාධ්‍යක් වෙනවා. එම අධ්‍යනයේ තොරතුරු කුතුහලය දනවන සුළු ඒවා වුණා.

මේ අගය කිරීම හා මිනුම සඳහා තවත් සාර්ථක ක්‍රම ඇති බව ඔවුන් දන්නවා. නමුත් මේ මව්වරුන් ඒ මාධ්‍යන් තෝරා ගන්නේ නැහැ. සාරා තවදුරටත් කරුණු දක්වමින් මේ කලකිරුණු ස්වභාවයේ ගති ලක්ෂණ කළකිරීම ලෙසම නිර්ණය කළ නොහැකි බව ඇය කියනවා. ඒ කොහොම වුනත් අම්මලා ඇත්තටම ඔවුන් ෆේස්බුක් යොදාගන්නේ ඇයි කියලා වටහාගෙන තිබීම වැදගත්.

නිතරම දරුවන්ගේ පින්තූර ෆේස්බුක් වල දාන අම්මලා කළකිරීමට පත්වූ අයද?

දරුවන්ගේ තොරතුරු අන් අය සමග ෆේස්බුක් හරහා හුවමාරු කරගැනීම ආකර්ෂණිය වුනත් ඔබ හොඳ මවක් බව තහවුරු කිරීමට නම් එය කිසිසේත්ම සුදුසු නැහැ.

දිනපතා පුරුද්දක් ලෙස ෆේස්බුක් හරහා තමන්ගේ එදිනෙදා සාමාන්‍ය තොරතුරු යොදාගන්න අම්මලාට මේ අදහස හුඟක් වටීවි යැයි ඔබේ හොඳම මිතුරිය theAsianparent Sri Lanka සිතනවා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • නිතරම දරුවන්ගේ පින්තූර ෆේස්බුක් වල දාන අම්මලා කළකිරීමට පත්වූ අයද?
බෙදාගන්න :
  • විවාහයේ ලොකු බලාපොරොත්තු  විවාහයට අහිතකර වේද?

    විවාහයේ ලොකු බලාපොරොත්තු විවාහයට අහිතකර වේද?

  • ස්මාර්ට් ෆෝන් ජීවිතය කරගත් දෙමව්පියන්ගේ දරුවන් ගැන තිත්ත ඇත්ත

    ස්මාර්ට් ෆෝන් ජීවිතය කරගත් දෙමව්පියන්ගේ දරුවන් ගැන තිත්ත ඇත්ත

  • විවාහයේ ලොකු බලාපොරොත්තු  විවාහයට අහිතකර වේද?

    විවාහයේ ලොකු බලාපොරොත්තු විවාහයට අහිතකර වේද?

  • ස්මාර්ට් ෆෝන් ජීවිතය කරගත් දෙමව්පියන්ගේ දරුවන් ගැන තිත්ත ඇත්ත

    ස්මාර්ට් ෆෝන් ජීවිතය කරගත් දෙමව්පියන්ගේ දරුවන් ගැන තිත්ත ඇත්ත

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it