නිතරම දරුවන්ගේ පින්තූර ෆේස්බුක් වල දාන අම්මලා කළකිරීමට පත්වූ අයද?

ඔබේ දරුවා ගැන තොරතුරු හා හපන්කම් ෆේස්බුක් හරහා හුවමාරු කරගැනීම ප්‍රියජනක වුවත් සමහර විට දරුවන් බලාගැනීමේ ක්‍රමෝපායන් ගැන සතුට හා ඒ බව පෙන්වීමට උත්සාහ කළත් එය අවධානම් සහගත විය හැකියි.

ඔබේ දරුවා ගැන තොරතුරු හා හපන්කම් ෆේස්බුක් හරහා හුවමාරු කරගැනීම ප්‍රියජනක වුවත් සමහර විට දරුවන් බලාගැනීමේ ක්‍රමෝපායන් ගැන සතුට හා ඒ බව පෙන්වීමට උත්සාහ කළත් එය අවධානම් සහගත විය හැකියි.

ඔබ ඔබේ දරුවාගේ පින්තූර සමාජ ජාල හරහා ප්‍රසිද්ධ කිරීමට පෙර දෙවරක් නොසිතන කෙනෙක් නම් නවතම පරීක්ෂණ වලට අනුව ඔවුන් කළකිරීමෙන් සිටින අය විය හැකි බව තහවුරු වී තිබෙනවා.

මේ සඳහා විශේෂයෙන් තෝරාගත් මව්වරුන් කණ්ඩායමකගෙන් කරන ලද පරීක්ෂණ අනුව ඔවුන්ට ඇති අධික පීඩනය නිසා ඔවුන් ඉතා හොඳ මව්වරුන් ලෙස හුවා දැක්වීමට මෙම දරුවන්ගේ පින්තූර ගණනාවක්ම ෆේස්බුක් හරහා ප්‍රචාරය කරන බව සොයා ගැනුණා.

ඒ වගේම ඊට දක්වන ප්‍රතිචාර වලටද ඔවුන් ඉතා සංවේදී වන ආකාරයක් දක්නට ඇති බව සොයා ගැනුණා. ඒ වගේම හුඟක් ප්‍රතිචාර නොලැබී යාමද ඔවුන් තුළ අපැහැදිළි සිත් තැවුල් ඇතිවන තත්වයක් දක්වන බව සොයා ගැනුණා.

අම්මා කෙනෙක් තමන් ඉතා හොඳ මවක් බව පෙන්වීමේ අපේක්ෂාවෙන් පින්තූර පළකර ඇය අපේක්ෂා කරන තරම් කැමැත්තක් අන් අයගෙන් ඊට නොලැබීයාම නිසා එය ප්‍රශ්නයක් යැයි ඇය සිතනවා. අවසානයට ඇයට එය ඉතා නරක ලෙස දැනෙන බව ඔහියේ සරසවියේ මානව විද්‍යාව පිළිබඳ කථිකාචාර්ය හා ආයතනයේ ප්‍රධාන කතෘ ලෙස කටයුතු කළ සාරා සොකොපෙ සුලිවන් පවසනවා.

එමෙන්ම ආයතනයේ සම කතෘ ජිල් යාවොර්යකි ඔහියේ හි ආචාර්ය උපාධිය හදාරන අතර ඔහු පවසන්නේ ෆේස්බුක් හරිලෙස භාවිතය නරක ලෙස බලපෑමක් මේ තත්වයට ඇතිකරන බව නොකියන නමුත් තමන් හොඳ අම්මා කෙනෙක් බව පෙන්වීමට එය සුදුසු මාධ්‍ය නොවන බවයි.

මෙම අධ්‍යනයට සහභාගී වූ අම්මලා ගෙදර ඉන්න වැඩකරන අම්මලා නොවෙයි. මේ නිසා පිටත ගොස් වැඩකරන අම්මලාට මෙය අස්වැසිල්ලක් වගේම මාධ්‍යක් වෙනවා. එම අධ්‍යනයේ තොරතුරු කුතුහලය දනවන සුළු ඒවා වුණා.

මේ අගය කිරීම හා මිනුම සඳහා තවත් සාර්ථක ක්‍රම ඇති බව ඔවුන් දන්නවා. නමුත් මේ මව්වරුන් ඒ මාධ්‍යන් තෝරා ගන්නේ නැහැ. සාරා තවදුරටත් කරුණු දක්වමින් මේ කලකිරුණු ස්වභාවයේ ගති ලක්ෂණ කළකිරීම ලෙසම නිර්ණය කළ නොහැකි බව ඇය කියනවා. ඒ කොහොම වුනත් අම්මලා ඇත්තටම ඔවුන් ෆේස්බුක් යොදාගන්නේ ඇයි කියලා වටහාගෙන තිබීම වැදගත්.

දරුවන්ගේ තොරතුරු අන් අය සමග ෆේස්බුක් හරහා හුවමාරු කරගැනීම ආකර්ෂණිය වුනත් ඔබ හොඳ මවක් බව තහවුරු කිරීමට නම් එය කිසිසේත්ම සුදුසු නැහැ.

දිනපතා පුරුද්දක් ලෙස ෆේස්බුක් හරහා තමන්ගේ එදිනෙදා සාමාන්‍ය තොරතුරු යොදාගන්න අම්මලාට මේ අදහස හුඟක් වටීවි යැයි ඔබේ හොඳම මිතුරිය theAsianparent Sri Lanka සිතනවා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ