theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

කුස පුරා ඇදුනු ස්ට්‍රෙච් මාර්ක් ලොවට ආඩම්බරයෙන් පෙන්වු මවක්

5 අවම කියවීම
කුස පුරා ඇදුනු ස්ට්‍රෙච් මාර්ක් ලොවට ආඩම්බරයෙන් පෙන්වු මවක්කුස පුරා ඇදුනු ස්ට්‍රෙච් මාර්ක් ලොවට ආඩම්බරයෙන් පෙන්වු මවක්

ඔබත් කුස පුරා ඇදුනු ස්ට්‍රෙච් මාක්ස් ගැන කලකිරීමෙන්ද? එහෙනම් කියවන්න.

දරුවන් හතර දෙනෙකු ලැබීමෙන් පසු මෙම 23 හැවිරිදි අම්මා  සිය බඩේ ස්ට්‍රෙච් මාක්ස් සමාජ මාධ්‍ය හරහා ලෝකයට පෙන්වා සිටියේ මහත් වු ආඩම්බරයෙනි.

ඇයගේ මේ කථාව ලොව දසත පැතිර ගියා.

 බඩේ ස්ට්‍රෙච් මාක්ස් සමහර මව්වරුන් මහත් ආඩම්බරයක් ලෙස සලකද්දි තවත් සමහරක් මව්වරුන්ට එය ලැජ්ජාවක් වෙන්න පුළුවන්.

මැලේසියාවේ 23 හැවිරිදි ඩොරීන් චිං නැමති අම්මා දරුවන් ලැබු පසු සිය කුස මත ඇදි සලකුණු සහිත ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුල ආඩම්බරයෙන් බෙදා ගත්තා.

ඒ ලොව පුරා සිටින  බඩේ ස්ට්‍රෙච් මාක්ස් සහිත අම්මලා අමන්දානන්දයට පත් කරමිනි.

මීට වසර දෙකකට පෙර දරුවන් හතර දෙනෙක් බිහිකල මේ අම්මාට ස්ට්‍රෙච් මාර්ක් මකා ගත්තේ කොහොමද යන්න සම්බන්ධයෙන් අම්මලා ගෙන් බොහෝ විමසීම් ලැබුනා.

එයට පිළිතුරු සපයමින් ඇය මෙම ලොව පුරා ගියා සටහන තබා තියෙනවා. එහිදි ඇයගේ  ස්ට්‍රෙච් මාක්ස් සහිත කුසේ ඡායාරූපයක්ද ඇය පළ කරනු ලැබුවා.

 මුලින් මැන්ඩරින් භාෂාවෙන් ලියා ඇති මෙම සටහනේ ආරම්භය “ඔබට මුදල් තිබුනත් එයින් මිදිමට කුමයක් නැහැ” ශීර්ෂ පාඨයෙන් ආරම්භ කර තිබුනා.

බඩේ ස්ට්‍රෙච් මාක්ස්   ඉවත් කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව ඇයට උපදෙස් දීමට ඇයට බැහැ.

නමුත් ශරීරය පිළිබද වු ධනාත්මකතාව දිරිගැන්වීමෙන් ඇය තවත් බොහෝ අම්මලාට ආස්වාදයක් ලබා දුන්නා.

23 හැවිරිදි මෙම අම්මා බඩේ ස්ට්‍රෙච් මාර්ක් ගැන අනෙක් අම්මලාට ආස්වාදයක් ලබා දුන්නද හැම අම්මා කෙනෙක්ම එහෙම නැහැ.

ඒ වන විට වයස අවුරුදු 21 ක තරුණ මවක් වු ඇය දරු ප්‍රසූතියෙන් පසු සුතිකාගාරයෙන් එළියට ආ වහාම සිය කුස දෙස බැලු  අයරු ඇය සිහිපත් කළා.

මුලදී එය පිළිගැනීම අසීරු වූ බවත් ඇයගේ “හානියට පත් සම පටක” දුටු විට පවා ඇය හඩා වැලපුණු බවත් ඇය පාපොච්චාරණය කළා.

අවුරුදු දෙකකට පසු ඇය මේ දෙස ආපසු හැරී බලමින් ඇය ප්‍රසුතියෙන් පසු සිරුරේ වෙනස්කම් පිළිගත් බව අනෙක් අම්මලාට සතුටින් කියා සිටිනවා.

ඇය දැන් වඩා විශ්වාසයෙන් සිටියත්, මවක් වීම තවමත් දුෂ්කරම කාර්යය බව ඇය සිය සටහනේ සදහන් කරනවා.

23,000 කට අධික පිරිසකගේ ලයික්ස් ලැබු 13000 කට වඩා පිරිසක් ෂෙයාර් කරනු ලැබු ඇයගේ සටහනටද කමෙන්ට්ස්ද නොඅඩුව ලැබුනා.

කුස පුරා ඇදුනු ස්ට්‍රෙච් මාර්ක් ලොවට ආඩම්බරයෙන් පෙන්වු මවක්

Screenshot: Doreen Ching Facebook

 “ඩොරීන් ඔබ ලස්සනයි. ඔබේ ස්ට්‍රෙච් මාර්ක් යනු මවක වීමේදි ඔබ ලද සලකුණුයි” එක් ෆේස්බුක් පරිශීලකයෙක් මෙසේ සටහන් කළා.

අනෙක් අය ඇය කෙතරම් නිර්භීත හා ලස්සනදැයි සහතික කළ අතර තවත් පිරිසක් මවුවරුන්ට ලෝකයේ හොඳම රැකියාව ලැබී ඇති ආකාරය ගැන මවිත වුනා.

සමහරු අදහස් දක්වමින් කියා සිටියේ පිරිමින් කිසි විටෙකත් හොද මවක් වීමට ස්ත්‍රියක් කරන පරිත්‍යාගය වටහා නොගන්නා බවයි.

ස්ට්‍රෙච් මාර්ක් තිබීම ජීවිත කාලය පුරාම පවතින අරගලයක්ද වෙනවා.

කුස පුරා ඇදුනු ස්ට්‍රෙච් මාර්ක් ලොවට ආඩම්බරයෙන් පෙන්වු මවක්

ඩොරින්ගේ ආදරණිය දරුවන්

 දරු ප්‍රසූතියෙන් පසු ස්ට්‍රෙච් මාර්ක් ඇතිවීම ගැන තමන් කොතරම් බියට පත්වී සිටියාදැයි තවත් සමහරු ප්‍රකාශ කළා.

ඩොරීන් “මවාපෑමක්” කල බව විවේචනය කර අයෙක් ඇය ඇඳුම් ඉවත් කර කුස පෙන්වීම අනවශ්‍ය යැයි කියා සිටියා.

තවත් මෙම ස්ට්‍රෙච් මාර්ක් බිහිසුණු බවත් එයින් මිදීමට ක්‍රම සදහන් කල අතර තවත් පිරිසක්  වැඩිපුර දරුවන් ලැබීම ගැන තරුණ අම්මාට දොස් පවරා තිබුනා.

සමහර අම්මලාට මෙම ස්ට්‍රෙච් මාර්ක් වලින් මිදෙන්න අවශ්‍ය වුනත්  ඩොරීන් වගෙි සමහර අම්මලා ඒවා ආඩම්බරයෙන් අවසාන සුසුම තෙක් තබා ගන්නවා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

මව්වරුනි මේ සටහන ගැන ඔබ මොනවා සිතුවත් ඔබේ දරු ප්‍රසුතියෙන් පසු සිරුර ඔබ පිළිගත යුතුයි.

ස්ට්‍රෙච් මාර්ක් තියෙන අම්මලා තම දරු ප්‍රසුතියෙන් පසු සිරුර ගැන ආඩම්බර වෙන්නේ මෙහෙමයි.

ගර්භනීභාවයේ ශාරීරික වෙනස්කම් වැලඳ ගැනීමට නව මවුවරුන්ට දිරියක් වු එකම අම්මා ඩොරීන් පමණක් නොවේ.

බ්ලොග් සටහන් යොදන මවක් වන සාරා ටර්නර් තම දරු ප්‍රසුතියෙන් පසු සිය උදරය දරා සිටින හා  වැඩිහිටි නැපියක් පැළඳ සිටින ඡායාරූපයක් බෙදාහදා ගත්තා.         

එහිදි ඇය ඇගේ පාඨකයන්ට ශරීර ධනාත්මකතාවයට ආභාෂය ලබා දුන්නා.

කුස පුරා ඇදුනු ස්ට්‍රෙච් මාර්ක් ලොවට ආඩම්බරයෙන් පෙන්වු මවක්

ඡායාරූපය- Facebook/Janet Hsieh

ජනප්‍රිය චරිතයක් වු  ජැනට් හැෂිස් දරු ප්‍රසුතියෙන් පසු මවකගේ උදරය ඇයගේ Instagram  සටහනක නිර්භීතව බෙදාගත්තා.

ගර්භණී සමයේදී ඔබේ බඩේ මාංශ පේශි වෙන්වන විට ඇති වෙන ගැටලුව ගැනද ඇය විස්තර කළා.

 ජොනි පේ විසින්ද අමිමලා දරු ප්‍රසුතියෙන් පසු සිරුරට ආදරය කල යුතු බව සදහන් කල අතර උපදෙස් කිහිපයක් ලබා දුන්නා.

අම්මලා ඉවසිලිවන්තව කටයුතු කළ යුතු ආකාරය සහ සිහින් වීම සඳහා “දැඩි ක්‍රියාමාර්ග” ගැනීමෙන් වැළකී සිටිය යුතු ආකාරය මෙම ජනප්‍රිය අම්මා සදහන් කළා.

ඔබේ ආහාර පරිභෝජනය සීමා නොකර ව්‍යායාම කිරීමේදී වේගවත් වන්න.

ඔබ දරුවා සමඟ සෞඛ්‍යය හා ගුණාත්මක කාලයක් ගත කිරීමට  ප්‍රමුඛතාය දෙන්න.  

ඔබේ දරු ප්‍රසුතියෙන් පසු සිරුරට කැමැත්ත පෙන්විය හැකි වෙනත් ක්‍රම මෙන්න

ස්ට්‍රෙච් මාර්ක් සහිත මව්වරුනි, 

  • ස්ට්‍රෙච් මාර්ක් වල අලුත් නමක් දෙන්න

 වෛද්‍ය විද්‍යාත්මකව කිවහොත් ඒවා ස්ට්‍රෙච් මාර්ක් නමින් හදුන්වනවා. නමුත් ඒවාට අපි අලුත් නමක් ලබා දෙන්න අවශ්‍යයි නේද?

හරියට යුධ තුවාල සලකුණු වගේ.

දරු උපත ලබා දීමට ශක්තියක් වෙන්න පුළුවන් තනිව සමරන්න පුළුවන් වගේම දරු ප්‍රසුතියෙන් පසු සිරුර ගැන ධනාත්මකව හිතෙන නමක්?

ආදරයේ සලකුණු කියමුද? නැතිනම් මාතෘ සටනේ කැළල ?

  • තෝරා බේරා ගන්න

,අපි අදහස් කරන්නේ ඔබේ ඡායාරූප තෝරා බේරා ගැනිම , ඔබ අන්තර්ජාලය හරහා කියවන දේ හෝ රූපවාහිනියෙන් බලන දේ තෝරා බේරා ගැනීම නො‌වේ.

දරු ප්‍රසුතියෙන් පසු ලද ස්ට්‍රෙච් මාර්ක් හෝ බර වැඩිවීම ගැන ලැජ්ජාව ඉස්මතු වෙන මත කියවන්න එපා.

  • ඒ ගැන ඉවසිලිවන්ත වන්න 

ඔබ ඔබේ මාතෘ සටන් කැළැල් පිළිගැනීමට හෝ වේවා  අනාගතයේදී ඒවා අවම කිරීමට බලාපොරොත්තු වෙනවා හෝ වේවා ‌වෙන්න පුළුවන්.

නමුත් වැදගත් දෙය නම් ඔබ සිටින ඕනෑම මාතෘ අවධියක ප්‍රීතියෙන් සිටීමයි.

ඔබ ඒ ගැන ලැජ්ජාවට පත්වන දින තියෙන්න පුළුවන්. එය අසිරු කාලවකවානුවක් වේවි.

ඔබේ ශරීරය සුදානම් වීමට පෙර සිහින් වීමට හෝ ස්ට්‍රෙච් මාර්ක් මකා දැමීමට ඉක්මන් වෙන්න එපා.

ඔබේ සිරුර ගැන අරමුණු කුමක් වුවත් එය වැදගත් නැහැ.

වැදගත් වන්නේ තරාදිය හෝ සමාජ මාධ්‍ය පෙන්වන ඕනෑම බරක් නොසිතා ඔබ කෙරෙහි ඇති ඔබගේ ආදරය කිරීමයි .

theAsianparentහි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මව්පදවිය
  • /
  • කුස පුරා ඇදුනු ස්ට්‍රෙච් මාර්ක් ලොවට ආඩම්බරයෙන් පෙන්වු මවක්
බෙදාගන්න :
  • ස්ට්‍රෙච් මාර්ක් මකන්න පුළුවන්  අත්බෙහෙත් 5 ක්

    ස්ට්‍රෙච් මාර්ක් මකන්න පුළුවන් අත්බෙහෙත් 5 ක්

  • අලුත් අම්මාගේ ලස්සන වැඩි කරන්න ස්වභාවික සත්කාර 8 ක්

    අලුත් අම්මාගේ ලස්සන වැඩි කරන්න ස්වභාවික සත්කාර 8 ක්

  • ස්ට්‍රෙච් මාර්ක් මකන්න පුළුවන්  අත්බෙහෙත් 5 ක්

    ස්ට්‍රෙච් මාර්ක් මකන්න පුළුවන් අත්බෙහෙත් 5 ක්

  • අලුත් අම්මාගේ ලස්සන වැඩි කරන්න ස්වභාවික සත්කාර 8 ක්

    අලුත් අම්මාගේ ලස්සන වැඩි කරන්න ස්වභාවික සත්කාර 8 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it