theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඉණ මහත අම්මලා ‌ගේ ඉන්න දරුවන් දක්ෂයි කියන්න‌ේ ඇත්තද?

3 අවම කියවීම
ඉණ මහත අම්මලා ‌ගේ ඉන්න දරුවන් දක්ෂයි කියන්න‌ේ ඇත්තද?ඉණ මහත අම්මලා ‌ගේ ඉන්න දරුවන් දක්ෂයි කියන්න‌ේ ඇත්තද?

ඉණ මහත අම්මලා ‌ගේ ඉන්න දරුවන් දක්ෂයිලු! අධ්‍යනයකින් තහවුරු කරගත් මේ අපූරු කතාවත් කියවන්න.

මහත අම්මලාට ඔන්න සතුටු හිතෙන කාරණාවක් අපි අද අරගෙන ආවා. දරුවා ලැබුනු පසු එම බර අඩු කර ගැනීම හරිම අසීරුයි නේද?

එහෙම උත්සාහ කරලා අසාර්ථක වූ විට අපට වේදනාවක්  දැනෙනවා. නමුත් මහත තට්ටම්, ඉණ ඇති අම්මලා සිරුර මට්ටු කරන්න උත්සහ දැරීම නතර කලොත් හොදයි නේද?

ඒ ඇයි කියලා දන්නවාද?

දරුවන්ව කියවීමට හුරු කරමු

ඔබේ කලවා සහ පසුපස මේදය තිබීම ඔබේ දරුවාගේ මොළයේ වර්ධනයට  සහ දිවි ගලවා ගැනීමේ අවස්ථාව ලැබීමට සඳහා හොඳ බව විද්‍යාඥයන්  දැන් සොයාගෙන තියෙනවා.

ලොකු ඉණක් ඇති මහත අම්මලා ගේ ළමයි  දක්ෂයිද?

ඉණ මහත අම්මලා ‌ගේ ඉන්න දරුවන් දක්ෂයි කියන්න‌ේ ඇත්තද?

විද්‍යාඥයන් අපූරු කතාවක් කියනවා. ඔබේ දරුවාගේ මොළයේ වර්ධනය රඳා පවතින්නේ ඔබේ කලවා සහ පසුපසින් වලින් කෙලින්ම ඉවත් කරන මේදය මතලු. 

මෙය විශේෂයෙන්ම මව්කිරි දෙන අම්මලා  සඳහා සත්‍ය වෙනවාලු.

ඔබේ කලවා සහ ඉණ ප‌ෙද‌ෙස‌ේ ඇති මේදය නැති කරගැනීමට  ගොඩාක් අපහසු බව ඔබ දන්නවා නේද?

නමුත් කකුල්වල සහ උකුලෙහි මේදය තැම්පත් කර තබා ගැනීමට ඔබට හා අනෙක් කාන්තාවන්ට  ඇති හැකියාව බුද්ධිය පරිණාමයේ තීරණාත්මක අංගයක් වෙනවා.

පිට්ස්බර්ග් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන්  එය සනාථ කිරීම සඳහා පර්යේෂණ කළා.

මෙම ප්‍රදේශ වල ඇති මේදය ළදරුවාගේ මොළය ගොඩනැගීම සඳහා වූ තැම්පතුවක් බව පිට්ස්බර්ග් විශ්ව විද්‍යාලයේ මහජන සෞඛ්‍ය වසංගත රෝග විද්‍යාඥයෙක් වන මහාචාර්ය විල් ලසෙක් පවසනවා. 

මහත අම්මලා ‌ගේ දරුවන්

ඉතා ඉහළ බුද්ධිය

 DHA පරිභෝජනය සහ බුද්ධිය අතර සම්බන්ධය ගැන සෙවීම ඔහුගේ නවතම පර්යේෂණයයි.

මෙම සොයාගැනීම් විද්‍යා පත්‍ර සහ Why Women Need Fat නැමති  පොතේ ද පළ කර තියෙනවා.

 “ස්නායු පද්ධතිය සෑදීම සඳහා ඔබට මේදය විශාල ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. මෙම උකුල ප්‍රදේශවල ඇති මේද මිනිස් මොළයේ විශේෂයෙන් වැදගත් අංගයක් වන DHA (ඩොකොසහෙක්සෙනොයික් අම්ලය) වලින් බහුල වෙනවා. දරුවෙකු පිළිසිඳ ගන්නා තුරු මේද එකතු කර ඒවා රඳවා තබා ගැනීමට කාන්තාවන් පරිණාමය වී ඇති බවක් පෙනෙනවා, ”ඔහු පවසනවා.

මවක් මව්කිරි දෙන විට මෙම ගබඩා කළ මේදය ක්‍රියාත්මක වන බව ඔහු තවදුරටත් පැහැදිලි කරනවා.

එහි ප්‍රතිඵලයක් ලෙස මෙහි ගබඩා කර ඇති DHA  මගින් මොළය නිරෝගිමත්ව වර්ධනය කරනවා.

ළදරුවෙකු සඳහා අවශ්‍ය වන මුළු DHA අවශ්‍යතාවයෙන් 80% ක්ම ලැබෙන්නේ මව්කිරි දෙන මවකගේ මේදයෙනි. පුදුමයි නේද?  ඔබගේ ශරීරයේ මේදයෙන් DHA 1% ට වඩා අඩු වෙනවා. ඒ නිසා එය බොහෝ සේ අරගෙන එන්න සිදුවෙනවා. 

මව්කිරි නොදෙන අම්මලාට වඩා මව්කිරි දෙන මවුවරුන්ගේ බර වේගයෙන් අඩු කර ගැනීමට හේතු වෙනවා.

මෙය ඔබට හොඳ ආරංචියක් වේවි නේද?

ඒ වගේම මව්වරුනි, ඔබේ ආදරණීයයා සමඟ සතුටින් හා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීම සඳහා සෞඛ්‍ය සම්පන්න BMI අගයක් පවත්වා ගැනීමද අත්‍යවශ්‍ය බව අමතක කරන්න එපා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මාපිය දැනුම
  • /
  • ඉණ මහත අම්මලා ‌ගේ ඉන්න දරුවන් දක්ෂයි කියන්න‌ේ ඇත්තද?
බෙදාගන්න :
  • Study: Mums With Big Hips Can Have Kids Who Are Smarter

    Study: Mums With Big Hips Can Have Kids Who Are Smarter

  • කිරිදෙන මව්වරුන්ට මව්කිරිදෙන අතරතුර ජංගම දුරකථනය අකැපද?

    කිරිදෙන මව්වරුන්ට මව්කිරිදෙන අතරතුර ජංගම දුරකථනය අකැපද?

  • Study: Mums With Big Hips Can Have Kids Who Are Smarter

    Study: Mums With Big Hips Can Have Kids Who Are Smarter

  • කිරිදෙන මව්වරුන්ට මව්කිරිදෙන අතරතුර ජංගම දුරකථනය අකැපද?

    කිරිදෙන මව්වරුන්ට මව්කිරිදෙන අතරතුර ජංගම දුරකථනය අකැපද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it