theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

කිරි දෙන මවුවරුන්ට මුරුංගා ඉතාමත්ම ගුණදායි බව ඔබ දැන සිටියාද?

3 අවම කියවීම
කිරි දෙන මවුවරුන්ට මුරුංගා ඉතාමත්ම ගුණදායි බව ඔබ දැන සිටියාද?කිරි දෙන මවුවරුන්ට මුරුංගා ඉතාමත්ම ගුණදායි බව ඔබ දැන සිටියාද?

මුරුංගා ගැන ඔබ නොදත් රහස් රැසක්. ඔබ කිරි දෙන මවක් නම් මෙය හරිම වැදගත්.

මුරුංගා වල ගුණ ගැන අප බොහෝ දෙනෙක් දන්නවා. නමුත් කිරි දෙන මව්වරුනට මෙහි ඇති විශේෂ ගුණ ගැන ඔබ දන්නවාද?

මුරුංගා කියන්නේ අප‍ රටේ එදා සිට අද දක්වාම ආහාරයට ගන්න ව්‍යංජනයක්. එත් මුරුංගා වලින් මෙතරම් ගුණ රැසක් ලැබෙන බවක් ඔබ දැනගෙන සිටියද?

ආසියාතික රටවල මුරුංගා කිරි දෙන මවුවරුන්ට දිය යුතු ම ආහාරයක් ලෙස සලකනවා. ඉන් කිරි එරී දරුවට වැඩියෙන් කිරි ශරීරය තුළ නිපදවීමේ හැකියාව ඇති වන බව සොයාගෙන තිබෙනවා.

ඉතින් මව් කිරි දීම හා මුරුංගා අතර සම්භන්ධය මොකද්ද? අපි හොයලා බලමු: 

තනපුඩු පිරිසිදු කිරීම

මව් කිරි දීම හා මුරුංගා වල ගුණ

ලොව පුරා රටවල් දැන් මුරුංගා වල ගුණ හඳුනාගෙන එය එම රටවල් වල වගා කරන්නත්, ඔවුන්ගේ ආහාර රටාවට හුරු කර ගැනීමට නිර්දේශ කරන්නේ එය එතරම් ගුණයෙන් යුතු ආහාරයක් නිසයි.

1. මුරුංගා වලට ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන්න පුළුවන්: මවක් වෙන්න සුදානම් කාන්තාවන්ට හා මවක් වු පසු කිරිදෙන මවුවරුන්ට ශරීරයේ අභ්‍යන්තර වෙනස් වීම් වලදී ඇයට ශක්තියක් වෙන්න මුරුංගා වලට හැකියාවක් තියෙනවා.

2. සන්ධි වල ඉදිමුව හා වේදනාව සමනයට: ගර්භණි සමයේ ඇතිවන සන්ධි වේදනාවන් සඳහා හොඳ ඔසුවක්.

3. මළ බද්ධය වැළැක්වීමට: පසු ගර්භණි සමයේ ඇති වන මළ බද්ධය නිසා ඇතිවිය හැකි සංකුලතා වළකයි. 

4. දියවැඩියා තත්වයන්ට: රුධිරයේ සීනි ප්‍රමාණය වැඩිවීම අඩු තත්වයට පත් කරයි.

5. රෝග වලින් සුවයට: බොහෝ මව්වරුන් පීඩා විඳින ඇදුම, අර්ශස්, ඉරුවාරදය වැනි රෝග වලට ඉතා ගුණ දායකයි.

6. කිරි එරෙන්න: කිරි දෙන මවුවරුන්ට ඉතා යෝග්‍යයි.

මව් කිරි දීම හා මුරුංගා ඔබ කිරි දෙන අම්මා කෙනෙක් නම් අදම මුරුංග ටිකක් කාලා බලන්නකෝ

ඉහත කරුණු වලට අමතරව, මුරුංගා ගසේ බොහෝ කොටස් අපට ප්‍රයෝජනයට ගත හැකි අතර ඉන් ශරීරයට විවිධ ඖෂධිය ගුණ ලැබෙනවා.

මුරුංගා වලින් මේ රෝග පිඩාවන්ටත් ගුණ ලබා ගන්න පුළුවන්.

  • රක්තහීනතාවය
  • අතරයිටීස්
  • රූමටිසම්
  • පිළිකා
  • බඩේ අජිරණ
  • හිසරදය
  • හර්ද රෝග
  • තුවාල
  • සර්ප දෂ්ට
  • මුත්‍රා ගල්

මුරුංගා වලින් අපේ ශරීරයට ලබාගත හැකි විටමින් වර්ග ගැන ඔබ දන්නවද?

  • දොඩම් වලට වඩා හත් ගුණයක් විටමින් C
  • කිරි වලට වඩා දෙගුණයක් ප්‍රෝටීන්
  • කැරට් වලට වඩා හතර ගුණයක් විටමින් A
  • කෙසෙල් වලට වැඩ තුන් ගුණයක් කැල්සියම්

මේ දෙස බැලු විට අලුත් අම්මලාට මුරුංගා කොයිතරම් වැදගත් ද කියල ඔබට වැටහෙනවා ඇති. අම්මාගේ පෝෂණය මතයි දරුවට ලැබෙන කිරි ප්‍රමාණය තීරණය වෙන්නේ. ඒ නිසයි අම්මගේ පෝෂණය එතරම් ම වැදගත් වෙන්නේ.

මව් කිරි දීම හා මුරුංගා මව් කිරි දීම හා මුරුංගා: කාගේත් සෞක්‍යට හොඳයි මුරුංගා!

ඇත්තට ම මුරුංගා කෑවොත් වැඩියෙන් කිරි එරෙනවද?

මෙය ඈත අතීතයේ සිට විශ්වාස කල මතයක් වුවත් වර්තමානයේ කරන ලද පරීක්ෂණ වලට අනුව ගර්භණි සමයේ මෙන්ම දරු ප්‍රසුතියෙන් පසුවත් වැඩියෙන් මුරුංගා ආහාරයට ගත් මවුවරුන්ට අන් මවුවරුන්ට වඩා වැඩියෙන් කිරි එරෙන බව තහවුරු වි තියෙනවා.

 

මුරුංගා ආහාරයට ගැනීමේ අවදානමක් තියෙනවාද ?

සාමාන්‍යයෙන් ආහාරයක් ලෙස ගැනීමේදී එය අනතුරු දායක වන්නේ නැහැ. එමගින් ආසාදනයන් ඇතිවීම හෝ වැඩිපුර ගැනීමෙන් රෝග ලක්ෂණ මතුවීම ඉතාම විරලයි.

කෙසේ වෙතත් සංවේදී අයට "supplement" (පෙති) මගින් අසාදන ඇතිවිය හැකි නිසා මේවා ගන්න පෙර ඔබේ දොස්තරට කතා කිරීම වඩාත් හොඳයි. 

මුරුංගා වලින් අපට අපේ පවුලට ශුභ දායි තොරතුරු බොහොමයක් ඔබට දැනගන්න ලැබෙන්න ඇති. හොඳ අහාර පුරුදු දැන ගැනීමෙන් ඔබේ දරුවන් නිරෝගී දරුවන් වනු දැකීම theAsianparent Sri Lanka අපේ අපේක්ෂාවයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • ආහාර සහ පෝෂණය
  • /
  • කිරි දෙන මවුවරුන්ට මුරුංගා ඉතාමත්ම ගුණදායි බව ඔබ දැන සිටියාද?
බෙදාගන්න :
  • හොඳින් කිරි දෙන ලොව පුරා මව්වරුන්ගේ රහස් දැනගන්න.

    හොඳින් කිරි දෙන ලොව පුරා මව්වරුන්ගේ රහස් දැනගන්න.

  • මව්කිරි දීම මව් හදවත සුවපත් කරයි!

    මව්කිරි දීම මව් හදවත සුවපත් කරයි!

  • හොඳින් කිරි දෙන ලොව පුරා මව්වරුන්ගේ රහස් දැනගන්න.

    හොඳින් කිරි දෙන ලොව පුරා මව්වරුන්ගේ රහස් දැනගන්න.

  • මව්කිරි දීම මව් හදවත සුවපත් කරයි!

    මව්කිරි දීම මව් හදවත සුවපත් කරයි!

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it