නිතර බනින අම්මලාට සාර්ථක දියණියන් සිටිනවාලු. ඒ ඇත්තද?

නිතර බනින අම්මලාට සාර්ථක දියණියන් සිටිනවාලු. ඒ ඇත්තද?

නිතර බනින අම්මලායි එයාලාගේ දූවරුයි ගැන අධ්‍යනයක් අපුරු කාරනාවක් ‌සොයා ගනියි.

අම්මා සහ දුව ගත් කල අම්මා බනින කොට අපි චුට්ටක් මුණ පුළුටු කරගන්නවා තමයි. ‌

ගෙදර ඉන්න හැම වේලාවේම කන් පිරෙන්න බැනුම් අහන්න වෙන අවස්ථාත් තියෙනවා.

උදේම නැගිටින්න. අරක කරන්න. මේක කරන්න. ෆොන් එක පැත්තකින් තියන්න ඔය වගේ බැනුම් ගොඩායි.

මේ දවස් වග තියෙන තත්වයත් එක්ක අම්මාගේ බැනුම් අහලාම ඇති වෙලා කියලා දැන් කියන්න එපා. 

සමහර අම්මලා කියන විදියට දරුවන්ට විශේෂයෙන් ගැහැණු  දරුවන්ට ගෙදර වැඩ කිරීමට, පිඟන් සෝදන්න, ඔවුන්ගේ ඇඳුම් බිම සිට අහුගන්න කියා නැවත නැවතත් මතක් කිරීමට නිතර කෑකෝ ගහන්න වෙනවාලු.

බැලු බැල්මට එය අම්මාට වගේම දරුවන්ට ටිකක් අමිහිරි අත්දැකීමක් තමයි.

ඒ වුනාට එංගලන්තයේ එසෙක්ස් විශ්ව විද්‍යාලය විසින් කරන ලද අධ්‍යයනයකින් ටිකක් වෙනස් විදියේ කාරණාවක් තහවුරු වුනා.

ඒ අනුව ඔවුන් පවසන පරිදි  නිතර බනින අම්මලාට සාර්ථක දියණියන් සිටිනවාලු.

නිතර බනින අම්මලාට සාර්ථක දියණියන් සිටිනවාලු. ඒ ඇත්තද?

 

මෙවන් දියණියන්ට බනින ඉහළ අපේක්ෂාවන් ඇති මව්වරුන් සිටින ගැහැනු ළමයින් තම යෞවන වයසේදී ගැබ් ගැනීම සිදුවීම අඩුයි.

ඒ වගේම ඔවුන් පාසැලේදී හොදින් අධ්‍යාපනය ලබනවා.

අම්මා සහ දුව: අම්මා බනින කොට දුව සාර්ථක බව තහවුරු ‌වෙයි

ප්‍රධාන පර්යේෂක එරිකා රාස්කන්-රමිරෙස් 2004 සිට 2010 දක්වා ගැහැනු ළමයින් 15,770 දෙනෙකුගේ ජීවිත අධ්‍යයනය කළා. 

ඒ අනුව ප්‍රථමයෙන් වයස 13 හා 14 අතර ගැහැණු ළමයින් සම්මුඛ පරීක්ෂණයට ලක් කරනු ලැබුවා.

ඒ අනුව තම දරුවන් ගැන සොයා බලමින් ඇගිලි ගසමින් සිටින මව්වරුන්ගේ දියණියන් යොවුන් වියේ ගැබ් ගැනීමේ සම්භාවිතාව අඩු බව ඇය සොයා ගත්තා.

දියණියගේ මල්වර වීම

මෙම අධ්‍යයනයේ දී දෙමව්පියන් ගෙන් කවරෙකු හෝ  විසින් වාර්තා කරන ලද උසස් අධ්‍යාපනයට සහභාගී වීමේ සම්භාවිතාව පිළිබඳ අභිලාෂයන් සහ විශ්වාසයන්ගේ එකතුවක් අපේක්ෂාවන් මැනීම සදහා සලකා බැලුවා. 

බොහෝ අවස්ථාවන්හි මේ සදහා තොරුතුරු ලබා දුන්නේ මව්වරුන් විසිනි.

අම්මා නව යොවුන් වියේ දරුවන්ට බනින තරමට එය නිසැකවම බලපෑම් කරනවා.

මෙවන් පොළඹවන සුළු දෙමව්පියන් නිසා නව යොවුන් වියේ ගැහැනු ළමයින්ගේ අධ්‍යාපනික කාර්ය සාධනය  ධනාත්මක ප්‍රතිඵල ලබා ගැනීමට හේතු වී ඇති බව සොයාගෙන තියෙනවා.

බොහෝ විට ගැහැනු ළමයින්ට ඔවුන්ව පෙලඹවීමට කටයුතු කරන මිතුරන් හෝ ගුරුවරුන් නැහැ.

ඒ නිසාම ඔවුන්ව මෙලෙස පෙළඹවීමට ලක් කරන මව හෝ පියාගේ  බලපෑම වඩාත් කැපී පෙනෙනවා.

නිතර බනින අම්මලාට සාර්ථක දියණියන් සිටිනවාලු. ඒ ඇත්තද?

යෞවනයන් ස්වාධීනව කටයුතු කිරීමට හෝ දෙමව්පියන්ගේ අපේක්ෂාවන් නොසලකා හැරීමට උත්සාහ කළත්, හොඳ දෙමව්පියන්ගේ බලබෑම ඔවුන්ගේ ක්‍රියාකාරිත්වයට තවමත් බලපායි.

අම්මාගේ දැඩි රැකවල් මැද හැදෙන දියණිය පාසැල් වියේදි ගැබිනියක නොවීම ඇයගේ බලාපොරොත්තුව වෙන්න ඇති.

ඒ නිසාම තරවටු කොට බැන ඇයව මුල සිටම හදා ගැනීමට අම්මා කෙනෙකුට අවශ්‍ය වෙනවා.

“බොහෝ අවස්ථාවලදී අපගේ දෙමව්පියන්ගේ කැමැත්තට පටහැනි වූවත් අපට වඩාත් පහසු යැයි අප විශ්වාස කළ දේ කිරීමට අපි සමත් වුණා” යැයි රස්කන්-රමිරෙස් මාධ්‍ය හමුවකදී පැවසුවා.

. නමුත් අපගේ දෙමව්පියන්ගේ නිර්දේශයන් මග හැරීමට අප කොතරම් උත්සාහ කළත්, අතිශයින්ම පෞද්ගලික යැයි අප සිතූ තේරීම් වගට ඔවුන් වඩාත් සියුම් ලෙස බලපෑම් කළා.

නිතර බනින අම්මලායි බැනුම් අහන දුවලයි ගැන ඔබටත් යමක් කියන්න තියෙනවාද?

එහෙනම් ඔබේ අදහස් අප හා බෙදා ගන්න.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය හා සංස්කරණය - නදීශා ලක්මිණි

මුල් රචනය: CristIna Morales

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

Any views or opinions expressed in this article are personal and belong solely to the author; and do not represent those of theAsianparent or its clients.
කතන්දර ලිපි