theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

වද දීමත් සැමියාගේ සෞඛ්‍යයට හිතකරයිලු

4 අවම කියවීම
වද දීමත් සැමියාගේ සෞඛ්‍යයට හිතකරයිලුවද දීමත් සැමියාගේ සෞඛ්‍යයට හිතකරයිලු

විවාහය තුල ආදරයේ මල් පිපනේන නම් ඔබ ඔහු ගැන වද වීම අවශ්‍යයි. සැමියාගේ ‌‌‌සෞඛ්‍ය ගැන හිතමින් ඔහුගේ ‌සොදුරු වදකාරිය ‌වෙන්න.

සැමියාගේ ‌‌‌සෞඛ්‍ය ගැන වද ‌වෙන ඔබත් වදකාරියක්ද? ඔන්න ඒක නම් නරක දෙයක් නොවෙයිලු. එහ‌ෙනම් වද දීමෙන් ඔබේ සැමියා සෞඛ්‍ය සම්පන්න වන්නේ ක‌ෙ‌සේදැයි සොයා බලමු ‌නේද?
දිගු කාලයක් තිස්සේ ප්‍රීතිමත් විවාහයන් සඳහා යහපත් සෞඛ්‍යය හේතු වෙලා තියෙනවා. සාමකාමී සම්බන්ධතාවයක් මානසික ආතතිය, කාංසාව ඇති ‌නොකරන බව තහවුරු කිරීමට විද්‍යාත්මක සාක්ෂි අවශ්‍ය නැහැ.
විවාහයේ අභියෝග නොතකා ඔබේ සිහිබුද්ධිය පවත්වා ගැනීමට එය උපකාරී වෙනවා. වදකාර බිරිඳක් වීමෙනුත් සෞඛ්‍යමය වාසි ලැබෙන ඔබ දැන සිටියාද?
වදකාරී බිරිඳක් සිටීමෙන් සැමියාට දියවැඩියාව ඇතිවීමේ අවදානම අඩු කරන බව අධ්‍යනයක් පෙන්වා දෙනවා. වද දෙන භාර්යාවන් සිටින පිරිමින්ට අනාගතයේදී දියවැඩියාව වැළඳීමේ අවදානම අඩු බව මිචිගන් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ අධ්‍යයනයකින් හෙලි වුනා.

සැමියාගේ ‌‌‌සෞඛ්‍ය: අධ්‍යයනයේ ප්‍රධාන සාධක කිහිපයක් මෙන්න

  • පර්යේෂකයෝ අධ්‍යයනය ආරම්භයේදී වයස අවුරුදු 57 ත් 85 ත් අතර විවාහක සහභාගිවන්නන් 1,228 ක් සමීක්ෂණය කළා.
  • පස් අවුරුදු අධ්‍යයනය අවසන් වන විට ඉන් 389 දෙනෙකුට දියවැඩියාව වැළඳී තිබුනා.
  • දියවැඩියාවට නිරන්තර අධීක්ෂණයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම  පිරිමින්ට තමන් ගැනම සැලකිලිමත් වීමට නිරන්තරයෙන් මතක් කිරීමක් අවශ්‍ය වුනා.
  • එපමණක්ද නොව, අනාගතයේ දී දියවැඩියාව වැළඳීමට ඉඩ ඇති , වද ‌දෙන බිරිඳක් සිටින පිරිමින්ට එයට ප්‍රතිකාර ගැනීමට වැඩි අවස්ථාවක් ලැබෙනවා.
“දියවැඩියාට සමාජ සාධක බලපා ඇති හෙයින්, විවාහය රෝග අනුපාතයට බලපාන්නේ කෙසේදැයි බැලීම සිත්ගන්නා සුළු වනු ඇතැයි මම සිතුවා,” මහාචාර්ය (පීඑච් ඩී) කැතී ලියු, හෙල්ත්ලයින් (Healthline) වෙත පැහැදිලි කළා.
“කාන්තාවන් සැලකීමේදී අපේක්ෂාවන්ට හා හොඳ විවාහ ගුණාංගයකට අනුකූල වීම ඔවුන්ගේ  සෞඛ්‍යය ප්‍රවර්ධනය කරනවා. ඒ නිසා කාන්තාවන්ගේ රෝග අවදානම අඩු වෙනවා. ”

සැමියාගේ ‌‌‌සෞඛ්‍ය: වද දෙන භාර්යාවක් යනු සැලකිලිමත් වන අයෙකි.

වද දෙන භාර්යාවක්  පුරුෂයින්ට වෛද්‍යවරයා වෙත යාම ,ඔවුන්ගේ විටමින් ගැනීම, වඩා හොඳ ආහාර ගැනීම මෙන්ම තමන් ගැනම සැලකිලිමත් වීම මතක කරනවා.
"ඍණාත්මක විවාහ තුල ඇති ගුණාත්මකභාවය සැමවිටම සෞඛ්‍යයට අහිතකරයි යන සාම්ප්‍රදායික උපකල්පනයට මෙම අධ්‍යයනය අභියෝග කරනවා,” යනුවෙන් MSU සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්ය සහ අධ්‍යයනයේ ප්‍රධාන විමර්ශක හුයි ලියු ප්‍රකාශ කරනවා.
"එය විවිධ ප්‍රභවයන් සහ විවාහක ගුණාත්මකභාවයේ වර්ග වෙන්කර හඳුනා ගැනීමට පවුල් විශාරදයින් දිරිමත් කරනවා. සමහර විට වද දීමත් සැලකිලිමත් වීමකි.”
“වද දීමේ බලපෑමේ” (the nagging effect) පුදුම හිතෙන කාරණා  නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත ගවේෂණය කළා. පිරිමින්ගේ සෞඛ්‍යය ගැන වඩාත් සැලකිලිමත් වීමට එය දිරිගන්වන බව එහිදි විස්තර කළා. එපමණක්ද නොව, විවාහක පිරිමින්ට හෘදයාබාධයක් ඇති වුවහොත් ඉක්මනින් ප්‍රතිකාර ලබා ගත හැකි බවත් ඔවුහු කියා සිටියා.

සැමියාගේ ‌‌‌සෞඛ්‍ය: වද දෙන බිරිදක් යනු කවුද?

වද දීම යනු යම් දෙයක් කිරීමට නිරන්තරයෙන් කෙනෙකුට මතක් කිරීමයි. එය යුවල වලට අසාමාන්‍ය දෙයක් නොවේ.
විශේෂයෙන් දීර්ඝකාලීන  එකට සිටින යුවල වලට එය සාමාන්‍යයයි. ජීවිතයේ ආතතියත් සමඟම ඇතිව‌ෙන ප්‍රවනතාවය නිසා නිරන්තරයෙන්  අපගේ සහකරුට වද දෙමින් එසේ කිරීමට උත්සාහ කරනවා.
සහකරුවන් දෙදෙනාම වද දෙන සුළු නම්  භාර්යාවන් එය වැඩියෙන් කිරීමට පෙළඹෙන්නේ ඇයි?
දේවල් පිළිවෙළකට තබා ගැනීම ගැන භාර්යාවන්ට වගකීමක් දැනෙනවා. ගෘහස්ථ නඩත්තු කිරීම, ළමයින් හැඩ ගැස්සවීම වැනි ඇයගේ කාර්යයන් දිග ලැයිස්තුවක් තියෙනවා.
නිවසේ කටයුතු  සුමටව පවත්වා යාමේ දී මේ වද දීම වාසිදායක වන බවට සැකයක් නැහැ. එහෙත් දිවා රෑ නොබලා ඔබට වද දෙන කෙනෙක් සිටීම ඇත්තෙන්ම ප්‍රේමණීය නැහැ.
වද දීම නිසා නොඉවසිල්ල හා කෝපයක් ඇති කරන්න පුළුවන්. එසේ වීම නිසා එය පැහැදිලිවම විවාහයකට අහිතකර වෙන්න පුළුවන්. මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්ය හොවාර්ඩ් මාක්මන්ට අනුව, විශ්වාසය හා අවබෝධය වැදගත් වෙනවා.
ඒ වගේම  “නොනැසී පැවතීමට ඉඩ දෙනවා නම්, ප්‍රේමයේ සතුරා වන්නේ වද දීමයි.” නමුත් වද දීම ධනාත්මක දෙයක් බවට පත් කරන්න පුළුවන් . මෙන්න උපදෙස් කිහිපයක්,

1. කාර්යයක් සම්පූර්ණ කිරීමට ඔබේ සහකරු විශ්වාස කරන්න.

ඔව්, එය අභියෝගයක් වෙන්න පුළුවන්. විශේෂයෙන් ඔබේ සහකරු හෝ සහකාරිය දිගටම කාර්යයන් සම්පූර්ණ කිරීමට අසමත් වුවහොත් එය අභියෝගයක් වෙනවා. නමුත් අසීරූ වුවත් විවාහයට විශ්වාසය අවශ්‍යයි. එවිට ඔහු එය අනුගමනය නොකලත්, ඔබේ විවාහයට අනවශ්‍ය පීඩනයක් එල්ල කිරීමෙන් ඔබ වැළකී සිටිවි.

2. ඔවුන් “අවුල්” වනවිට ඉවසිලිවන්ත වන්න.

ඔවුන්ගේ උත්සාහයන් අගය කරන්න. ඒ වගේම  ඔවුන් කුමක් කලත් ඔබ ඔවුන්ව අගය කරන බව ඔවුන්ට දැනෙන්න දෙන්න. ආදරය මල් පිපෙන්නේ දේවල් සුමටව සිදුවන විට පමණක්ම නොවේ. දේවල් ඔබට අවශ්‍ය ලෙස සිදු නොවන විට පවා ඔබ කොතරම් සැලකිල්ලක් දක්වනවාද යන්න පෙන්වීමද  ඒ සඳහා අවශ්‍ය වෙනවා.

3. ආදරය සමඟ අවංක වන්න

ඔවුන්ගේ හැඟීම් රිදවීමකින් තොරව ඔවුන් ඉදිරියෙන් සිටින්න ක්‍රමයක් තියෙනවා. ඔබ අපේක්ෂා කරන දේ ඔවුන්ට දන්වන්න. එක්ව සම්මුතියක් ඇති කර ගැනීමට උත්සාහ කරන්න.
“ඔබ ඔබේ ආශාව ආදර ප්‍රකාශයකින්  කළහොත්, ඔබේ සහකරු හෝ සහකාරිය ආදරයෙන් හා සැලකිල්ලෙන් ඔබට සවන් දේවි,” යැයි සම්බන්ධතා විශේෂඥ  කැරන් රුස්කින් හෙල්ත්ලයින් වෙත පවසනවා.

4. ඔබේ වැරදි  පිළිගන්න.

සහකරුට නිරන්තරයෙන් හිරිහැර කිරීම නිසා ඔවුන්ට  තමන් ප්‍රමාණවත් නොවන බව හැඟී යන්න පුළුවන්. විශේෂයෙන් ඔබ ඔබේම වැරදි ඇති බව පිළිගැනීම ප්‍රතික්ෂේප කළහොත් එසේ වෙනවා.
ඔහුගේ අඩුපාඩු කෙරෙහි අවධානය යොමු කරනවා වෙනුවට, ඔබ එක්ව දියුණු වීමට ඔබේ ශක්තිය යොදවන්න.
අවශ්‍ය වූ විට සමාව අයැද සිටින්න. විවේචන පිළිගන්න. ඊළඟ වතාවේ ඔබේ විවාහයෙන් ප්‍රේමය උදුරා ගැනීමට තරම් වද දීම තර්ජනයක් වෙන විට මෙය මතක් කරන්න.
වද දීමෙන් ඔබේ සහකරුට ඇති ආදරය,සැලකිල්ල අදහස් කරන්න පුළුවන්. නමුත් ඔබ එය ඉක්මවා නොයන ලෙස සැලකිලිමත් වන්න.
theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.
පරිවර්තනය: නදීශා ලක්මිණි
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • වද දීමත් සැමියාගේ සෞඛ්‍යයට හිතකරයිලු
බෙදාගන්න :
  • ඔහු ජීවිතය පුරාම එකවගේ ආදරෙන් ඉඳීවි යැයි සිතන පෙර ලකුණු 6ක්

    ඔහු ජීවිතය පුරාම එකවගේ ආදරෙන් ඉඳීවි යැයි සිතන පෙර ලකුණු 6ක්

  • සැමියා සමග චරිත හතක්

    සැමියා සමග චරිත හතක්

  • ඔහු ජීවිතය පුරාම එකවගේ ආදරෙන් ඉඳීවි යැයි සිතන පෙර ලකුණු 6ක්

    ඔහු ජීවිතය පුරාම එකවගේ ආදරෙන් ඉඳීවි යැයි සිතන පෙර ලකුණු 6ක්

  • සැමියා සමග චරිත හතක්

    සැමියා සමග චරිත හතක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it