නැපි රෑෂ් (nappy rash) එකකින් දරුවා පීඩාවට පත් වුණහම අම්මටත් ඒක ලොකු පීඩාවක්. රතුපාට වුණ සම පිච්චෙනවා වගේ ඇතිවෙන දැවිල්ල පුංචි පැටියා කොහොම ඉවසනවා ඇතිද? මේ තත්වය ඇති වෙන්නේ ඇයි?
මූලිකවම තෙත මාත්තු නොකිරීම හෝ දරුවා කිලිටි නැපි හෝ ඩයපර් එකකින් බොහෝ වේලා හිඳීමත් මීට හේතුව වෙන්න පුළුවන්. මුත්‍රා වල ඇති ඇමෝනියා සහ අනෙකුත් බැක්ටීරියා මළපහ දරුවාගේ සම තුළ තැන්පත්වීම නිසා මේ ආසාදනයන් ඇතිවෙනවා.
ඒ වගේම සුවඳ ගල්වන ලද වෙට් වයිප් , සබන් , ඩයපර් වැනි දේවල් වලින් වුවත් දරුවාගේ සමට අසාත්මිකතා ඇතිවෙන්න පුළුවන්. ඒ වගේ ඇසිඩ් වැඩි ආහාර ලබාදීම සමගත් මෙම තත්වය ඉස්මතු වෙන්න පුළුවන්.

නැපි රෑෂ් වර්ග
සමහර අසාදන තත්වයන් දීප්තිමත් රතු පැහැයේ සිට තද රතු පැහැය දක්වා දකින්න පුළුවන්. මෙම තත්වය ඇතිවීමේ බලපෑම වැඩියි. නමුත් මේ තත්වය ඒ නිසාම යැයි නිතරම සිතන්න එපා. ඊස්ට් ආසාදනයනුත් මේ දරුවන් අතර බහුලයි.
මේ තත්වය පුංචි ගෙඩියක් ලෙස ආරම්භ වෙලා එය තරමක් විශාල පැහැදිලි තත්වයට පත්වෙන්න පුළුවන්. මෙය ඉතාම වේදනාකාරී වෙනවා. ඉන, ඉකිලි හා ඩයපර් එකට හසුවන තැන්වල මේවා ඇති වෙන්න පුළුවන්.
Impetigo කියන්නේ තවත් දද හෙවත් අසාදන අවස්ථාවක්. මේවා සැරව ගෙඩි ලෙස මතුවෙනවා. ඒවා රතු, කහ පුල්ලි ලෙස සම මතුපිට දැකිය හැකියි. මෙය බැක්ටීරියාවන් නිසා හටගන්නා අතර ශරීරය පුරාම පැතිරීමට ඇති අවධානය වැඩියි. මේ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා.

මෙම නැපි රෑෂ් වලට ප්‍රතිකාර
හොඳම දේ මේවා ඇති නොවීමට කටයුතු කිරීමයි. නිසි කාලසීමාව තුළ ඩයපර් එක මාරු කිරීම වැදගත්. හුඟ වෙලාවක් කිලිටි වූ හෝ තෙත ඩයපරය සමග දරුවා තබන්න එපා. දරුවාට ඩයපරය තුළ වාර ගණනාවක් මුත්‍රා කළහැකි වුවත් එය මාරු කිරීම වැදගත්.
1. වාතාශ්‍රය
දරුවාට නැපි හෝ ඩයපරයක් නොමැතිව නිදහසේ ටික වෙලාවක්, දවසට කිහිප වතාවක් ඉන්න දෙන්න.
2. බේකින් සෝඩා වතුර
බේකින් සෝඩා දැමූ උණුසුම් වතුර භාජනයක වැඩිහිටියෙකු සමග දරුවා දවසට කිහිප වතාවක් තැබීමත් මීට පිළියමක්.

3. නැප්කින්
අධ්‍යන වලට අනුව ඩයපර් එකක් අඳින දරුවන්ට වඩා නැප්කින් (cloth nappy) අඳින දරුවන්ට ඩයපර් රෑෂ් ඇතිවීමේ අවධානම අඩු බව පැවසෙනවා. මන්ද ඩයපර් එකක් නැපි එකක් තරම් ඉක්මනින් මාරු කරන්නේ නැහැ. වියළි ඩයපරයකින් දරුවා තැබීම හොඳම පිළියමයි. රෙදි හෙවත් නැප්කින් ඇන්දවීමෙන් දරුවාගේ ඇඳුම් ඩයපර් එකට වඩා ඉක්මනින් අලුත් වෙනවා වගේම එය පරිසරයටත් ඔබේ පසුම්බියටත් හොඳයි.
4. ක්‍රීම් ආලේපය
ඩයපර් රෑෂ් සඳහා වන මෘදු ක්‍රීම් වර්ගයක් ඇඳුම් මාරු කිරීමේදී පිරිසිදු වියළි සම මත ආලේපයත් කරන්න පුළුවන්.
5. සබන් අඩුවෙන් භාවිතය
දරුවා සෝදන විට සබන් අඩුවෙන් පාවිච්චි කරන්න. ඒ වගේ දරුවන්ට පමණක් ඇති සබන් පාවිච්චියටද මතක තබා ගන්න.
6. අලුත් ආහාර
ඒ වගේම අලුත් ආහාර සතියකට එකක් බැගින් හඳුන්වා දෙන්න. නැවුම් ආහාර හා ජීවන පැවැත්මේ ක්‍රමවත් බවද ශරීර සුවතාවයම සලස්වනවා.
දරුවා සතුටින් තබන්න, සුවෙන් තබන්න උනන්දු වන අපේ දෙමාපියන් වෙනුවෙන් theAsianparent Sri Lanka අපි මේ ලිපිය සුදානම් කළා.
theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.
පරිවර්තනය: නිසංසලා ලියනගේ