theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබ දරුණු දෙමව්පියෙක්ද? ඒ බව ඔබේ දරුවා තුලින් විදහා පාන්නේ මෙහෙමයි

4 අවම කියවීම
ඔබ දරුණු දෙමව්පියෙක්ද? ඒ බව ඔබේ දරුවා තුලින් විදහා පාන්නේ මෙහෙමයිඔබ දරුණු දෙමව්පියෙක්ද? ඒ බව ඔබේ දරුවා තුලින් විදහා පාන්නේ මෙහෙමයි

දරුණු දෙමාපියන්ගේ දරුවන් තුල ඍනාත්මක බලපෑමක් ඇතිකරන අතර ඒ තුලින් අනවශ්‍ය ප්‍රතිවිපාක  කළ හැකිය. මෙන්න ඔබේ ළමයින් තුලින් විද්‍යාමාන වන අනතුරු ඇඟවීමේ ලකුණු 10 ක්

දරුණු දෙමව්පියෙක්...

ජනප්‍රිය අප්‍රිකානු ශබ්දකෝෂයක මෙසේ සඳහන් වේ. "දරුවන් රැකබලා ගැනීමට මුලු ගමක් අවශ්‍ය වේ."

දරුවන් රැකබලා ගැනීම  ආදරය හා වගකීම් පිරි විශාල කාලයක් වැයවන දැවැන්ත කාර්යයක් වෙනවා. සෑම දෙමව්පියක්ම තම දරුවාට ගුරුවරයෙක් වන අතර, ඔවුන්ගේ සමස්ත සංවර්ධනය සඳහා හොඳ හා නිසි දරුවන් රැකබලා ගැනීමේ හැකියාවන් අත්‍යවශ්‍ය  වේ.

දෙමව්පියන් තම දරුවන් පිහිටවිය යුතු ආකල්ප, අදහස් හා පුරුදු  පිළිබඳ පැහැදිළි අදහසක් තිබිය යුතුය. දරුණු දෙමව්පියෙක් දරුණු  දරුවන් රැකබලා ගැනීමේ හැකියාවන් දරුවන් තුල ඍනාත්මක බලපෑමක් ඇතිකරන අතර ඒ තුලින් අනවශ්‍ය ප්‍රතිවිපාක  කළ හැකිය.

ඔබ දරුණු දෙමව්පියෙක්ද? ඒ බව ඔබේ දරුවා තුලින් විදහා පාන්නේ මෙහෙමයි

දරුණු දෙමව්පියෙක්:  ඔබේ දරුවන් තුළ ඔබ දකින අනතුරු ඇඟවීම් දහයක්

1. කෑගැසීම සහ කෝපයෙන් වදන් හැසිරවීම

ඔබේ දරුවන් නිතරම කෑ ගසමින්, කෝපයෙන් වදන් හසුරවන්නේ නම් එය ඔබ කරන දේ අනුකරණය කිරීමක් විය හැකිය.

දරුවාගේ හැසිරීම ඔහුගේ දෙමව්පියන්ගේ හැසිරීමේ ප්‍රතිබිම්භයකි. එම නිසා ඔබ ඔබේ මිතුරන්, නෑදෑයින් හා ඔබේ සහකරු හෝ සහකාරිය සමඟ කතා කරන විට සන්සුන්ව හා වචන නිවැරදි තේරීමෙන් යුතුව භාවිතා කරන්න . වදුරා  දකින සියල්ල අනුකරණය කරයි.

2. පීඩනයකින් සිටීම හා උත්තේජනයකින් තොර වීම

ආතතිය ඇති දරුවා ඔවුන්ගේ මුහුණින් සහ හැසිරීමෙන් හදුනාගැනීමට  පහසුය. පුංචි ජයග්‍රහණයක් උදෙසා අපේ විසල් තරඟකාරී ලෝකය තුළ, අති තරගකාරී දෙමව්පියන්  තම දරුවන්ව ඉගැන්වීමේ සහ වැඩි දියුණු කිරීමේ පංතිවලට යැවීම ආරම්භ කරනවා.

මොහොතක් හිතන්න, අපිට සෑම දරුවෙකුටම සතුටුදායක, ලස්සන හා අමතක නොවන ළමා වියක් හැකියි නේද? සෑම දරුවෙකුටම යම් ආකාරයක බුද්ධිය ලැබී තිබේ. එමනිසා ඔවුන්ගේ අකමැති යමක් කිරීමට බල නොකිරීමට මතක තබා ගන්න. සුන්දර දරුවෙක් සෞඛ්‍ය සම්පන්න දරුවෙක් වෙනවා.

ඔබ දරුණු දෙමව්පියෙක්ද? ඒ බව ඔබේ දරුවා තුලින් විදහා පාන්නේ මෙහෙමයි

 

3. අවන්හල් පමණක් කෑම ගැනිමට  අවශ්‍ය වේ.

ළමුන් ස්වභාවයෙන්ම ආපනශාලා සහ අවන්හල්වල ආහාරයට ගැනීමට කැමැත්තක් දක්වයි. එක වතාවක් දෙකක් මෙසේ කිරීම සුදුසු  වුවත්, මේවා නිතර කිරීම  වියදම්කාරී කටයුත්තක් බවට පත් කළ හැකිය.

මේ අවස්ථාවේදී, දෙමව්පියන් තම දරුවන්ට ආහාර ආපනශාලා වල ආහාර සදහා වියදම් කරන මුදල් ඉතිරි  කරගෙන ඒවා ඔවුන් වර්ධනය වනවිට ඔවුන්ගේ අනාගත සිහින ඉටුකර ගැනීමට භාවිතා කල හැකි බව  පැහැදිලි කල  යුතු ය.

4. සෑම විටකම ඔසවා ගෙන යා යුතුය

ඔබේ දරුවන් නිතරම වෙහෙසට පත්ව ඇති බව පැමිණිලි කරමින් ඔහුව ඔසවාගෙන   ගමන් කරන ලෙස ඉල්ලීම පුරුද්දක් වී තිබේ නම් එය සම්පූර්ණයෙන්ම ඔබේ වරදක් වෙනවා. සෑම දෙමව්පියෙකුම ඍජු විය යුතු අතර ඔවුන්ගේ දරුවන්ට මෙසේ පැවසිය යුතුය. "ඔබව  ඔසවා ගෙන යෑමෙන් මා වෙහෙසට පත් නොවන බව ඔබ හිතනවාද? මගේ අත් සහ පසු කොන්ද කොයි වේලාවක හරි කැඩි යන තරම් වේදනායි." ඔබේ අදහස ඔවුන්ට දැන ගැනීමට ඉඩ දෙන්න. අනවශ්‍ය ලෙස ඔවුන්ව සනසන්න එපා.

ඔබ දරුණු දෙමව්පියෙක්ද? ඒ බව ඔබේ දරුවා තුලින් විදහා පාන්නේ මෙහෙමයි

5. නිවසේ වැඩ කරන්නේ නැත.

දරුවන් පිළිකුල් කරන දේවල් ගැන මෙය කදිම උදාහරණයක් වෙනවා. සරලවම දරුවෙක් සෙල්ලම් කිරීමට පමණයි කැමති, ගෙදර දොරේ වැඩ කටයුතු කිරීම  ඔවුන්ගේ වර්ධනයේ කොටසක් බවත් ඒවා විනෝදය හා වින්දන ලැබිය යුතු  බවත් මුලදීම දරුවන්ට  ඉගැන්වීම දෙමාපියන්ගේ වගකීමකි.

6. ස්මාර්ට් ජංගම දුරකථන / ටැබ්ලට් සදහා  ඇබ්බැහි වීම

ස්මාර්ට්ෆෝන් හෝ ටැබ්ලටය මත දරුවාගේ අවධානය යොමු කිරීම පොදු දෙයක් වන අතර  මෙය වඩාත් කනස්සල්ලට කරුණකි.  වර්තමානයේ තම දරුවන්ට විනෝද කිරීමට දෙමාපියන් විසින් ඉලෙක්ට්‍රොනික  උපකරණයන් භාවිතා කළත්, ඇබ්බැහි වීමෙන් පෙර ක භාවිතා කරන  පිළිබඳ සීමාවක් තැබිය යුතුය.

අධ්‍යනය  මගින් පෙන්නුම් කෙරෙන්නේ ඉලෙක්ට්‍රොනික උපකරණ වලට  දිගු කාලීනව නිරාවරණය වීම නිසා දරුවන්ගේ යහපැවැත්මට හානිකර වන නින්ද පිලිබඳ ගැටලු මෙන්ම නෙකුත් සෞඛ්‍ය ඇති විය හැකිය.

එබැවින් නිවසේ නීති රීති සැකසීමට සහ ඔබේ දරුවන්ගේ ඉලෙක්ට්‍රොනික  උපාංග භාවිතය පාලනය කිරීමට ඔබේ දරුවන්  සමඟ වඩා හොඳ ගුණාත්මක කාලයක් ගත කිරීමට මතක තබා ගන්න.

7. සෙල්ලම් කිරීමෙන් පසු සෙල්ලම් බඩු ඇසිරීම ප්‍රතික්ෂේප කිරීම

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

ඔබේ දරුවා මෙම කාණ්ඩයට අයත් නම්, ක්‍රීඩා කිරීමෙන් පසුව පිරිසිදු කිරීමේ වැදගත්කම ඉගැන්වීම නුවණට හුරුය.

ඔවුන් උපදෙස් අනුගමනය කිරීම සහ සෙල්ලම් බඩු ඇසුරුම් කිරීම ප්‍රතික්ෂේප කරන්නේ නම්, සුදුසු ප්‍රතිවිපාක ලැබෙන ක්‍රමයක්  අනුගමනය කරන්න.

8. තමන්ට අවශ්‍ය  දේ ලබා ගත නොහැකි නම් උද්වේගකාරී ලෙස හැසිරීම

වර්තමානයේ ළමයින්ට බොහෝ ඉල්ලීම් ඇති අතර, ඔවුන් සිතන්නේ මුදල් අහසෙන් වැටෙන බවයි. ඔවුන්ට තමන් දකින සෑම දෙයක්ම මිලදී ගැනීමට අවශ්‍ය වන අතර ඔබ ඒවා නිරන්තරයෙන් ඔවුන්ට ලබා දෙන්නේ නම්, ඔබ ඔවුන්ට මුදල් වටිනාකම සහ අවශ්‍ය දේ සඳහා වෙහෙස වීම ඔබ ඔවුන්ට උගන්වනු නොලබයි.

9. චර්‍යාවන් නොමැත.

නරක හැසිරීම් සහිත දරුවෙක් කොතරම් උගත් හෝ ධනවත් වුවද ජීවිතය සාර්ථක කරගන්නේ නැත.

මිනිසුන්  බොහෝ විට පවසන්නේ දරුවෙකුට දරුණු ලෙස හැසිරෙන්නේ නම් එය ඔවුන්ගේ දෙමාපියන්ගෙන් උගත් බවය.   ඒ අනුව සෑම දෙමව්පියෙක්ම සිය දරුවන්ට සාරධර්ම හා සදාචාරාත්මක වටිනාකම් වලින් පිරිපුන් කිරීමට උත්සාහ කළ යුතුය. මෙය ජීවිතයේ ධනවත් හා සාර්ථක වීමට  වඩා වැදගත් ය.

10. බොරු කියනවා.

දරුවන් දෙමාපියන්ව මුළු හදවතින්ම විශ්වාස කරන අතර, ඔවුන්ගේ විශ්වාසනීය තොරතුරු මූලාශ්‍රය  වන්නේ දෙමාපියන් බැවින්  දෙමාපියන් තම දරුවන්ට බොරු නොකිය යුතුය. දෙමව්පියන් බොරු කීම හෝ ඔවුන්ගෙන් යමක් සැඟවන බව දැනගත් විට දරුවාට වේදනාවක් හෝ ව්‍යාකූලත්වයක් දැනිය හැක. ඒවගේම එම පුරුද්ද ඔවුන්ටද ඇති කර ගැනීමේ ඉහල ප්‍රවණතාවක් ඇත. විශ්වාසය එකිනෙකා මත රදා පවතින දෙයක් වන අතර ඔබ ඔබේ දරුවන් සමඟ අවංක වන්න.

දරුවන්ගේ ලෝකය ගොඩනැගිය යුත්තේ දෙමව්පියන්ය. එය නිවැරදිව කරන්න ඔබට සහයක් ලෙස මේ ලිපිය ඔබ වෙත ගෙන ආවේ theAsianparent Sri Lanka විසිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • හැසිරීම් රටාව
  • /
  • ඔබ දරුණු දෙමව්පියෙක්ද? ඒ බව ඔබේ දරුවා තුලින් විදහා පාන්නේ මෙහෙමයි
බෙදාගන්න :
  • සාර්ථක දෙමාපියන්ගේ රහස් 10 ක්

    සාර්ථක දෙමාපියන්ගේ රහස් 10 ක්

  • තාත්තායි දුවයි මේ ආදරයයි: සෙල්ලම් කරලා ඉවරයි

    තාත්තායි දුවයි මේ ආදරයයි: සෙල්ලම් කරලා ඉවරයි

  • සාර්ථක දෙමාපියන්ගේ රහස් 10 ක්

    සාර්ථක දෙමාපියන්ගේ රහස් 10 ක්

  • තාත්තායි දුවයි මේ ආදරයයි: සෙල්ලම් කරලා ඉවරයි

    තාත්තායි දුවයි මේ ආදරයයි: සෙල්ලම් කරලා ඉවරයි

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it