theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අලුත් අම්මලාට ලස්සන වෙන්න ස්වභාවික සිංහල බෙහෙත් වට්ටෝරු

3 අවම කියවීම
අලුත් අම්මලාට ලස්සන වෙන්න ස්වභාවික සිංහල බෙහෙත් වට්ටෝරුඅලුත් අම්මලාට ලස්සන වෙන්න ස්වභාවික සිංහල බෙහෙත් වට්ටෝරු

කිරිදෙන අම්මලාටත්, ගැබ්බර අම්මලාටත් ලස්සනට ඉන්න ස්වභාවික රුව ලස්සන කරන ඖෂධ ගෙදරදීම හදාගන්න පුළුවන්. අතුරු අබාධ නැති ඖෂධ ගණනාවක් ගැන අද අපි කතා කරන්න හිතුවා.

අලුත් අම්මලාගේ රූපලාවණ්‍ය වැඩිකරන සිංහල බෙහෙත් වට්ටෝරු අද අපි කත‌ාා කරමු.

හුගාක් වෙලාවට අලුත් අම්මලා වගේම අම්මලා වෙන්න ඉන්න අපේ කාන්තාවන් තමන්ගේ රූපය ගැන අමතක කරනවා.

ඒකට ප්‍රධාන හේතුව සමහර රූපලාවන්‍ය ආලේපන මේ කාලයේ නුසුදුසු වීමයි.

එත් කිරිදෙන අම්මලාටත්, ගැබ්බර අම්මලාටත් ලස්සනට ඉන්න ස්වභාවික රුව ලස්සන කරන ඖෂධ ගෙදරදීම හදාගන්න පුළුවන්.

එවැනි අතුරු අබාධ නැති ඖෂධ ගණනාවක් ගැන අද අපි කතා කරන්න හිතුවා.

මොකද කිරිදෙන හා ගර්භණි කාලයේ අම්මලාට රසායනික ආලේපන හෝ වෙනත් සායනිකව නිෂ්පාදනය කළ ක්‍රීම් වර්ග පාවිච්චිය එතරම් හිතකර වන්නේ නැහැ.

ඒ නිසාම වස විස නැති මේ ස්වභාවික ශාකසාර වලින් ලස්සනට ඉන්නත් අතුරු අබාධ වලින් වැළකෙන්නත් ඔබට පුළුවන්.

අලුත් අම්මලාට ලස්සන වෙන්න සිංහල බෙහෙත් වට්ටෝරු

1. සිංහල බෙහෙත් වට්ටෝරු: ගොඩපර

ගොඩපර ගෙඩි හුඟක් වෙලාවට වෙල් යායවල් ආසන්නයේ බහුලව දකින්නට ලැබෙන ගෙඩි විශේෂයක්.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයටත් පාරම්පරික සිංහල වෛද්‍ය ක්‍රමයටත් අනුව හිස්සොරි වලට ‌‌මෙහි යුෂ ඉතා හොඳ ප්‍රතිකාරයක් බව විශ්වාස කරනවා.

ගොඩපර ගෙඩි කිහිපයක් හොඳින් කොටා රෙදි කඩකට එය දමා රෙදිකඩ මගින් පෙරා ගන්න.

ඉස්ම හෙවත් යුෂ නානු ආකාරයෙන් හිස් කබලේ ගල්වා මිනිත්තු 15 ක් පමණ තබා සේදීමෙන් හිස්සොරි සමනය වීමත්, කෙස් ගසට නිරෝගී බවත් ලබාදීමත් එය කන්ඩිෂනර් වර්ගයක් ලෙස ක්‍රියා කිරීම නිසා හිසකෙස් වල වියළි බව වළකා අළුත් දිස්නයක් එක් කරනවා.

කිරිදෙන සමයේ ඇතිවන හිසකෙස් වල හා හිස් කබලේ වියළි බවට ඔබට මෙය විසඳුමක් වේවි.

තරමක් ශිත ගුණයෙන් යුතු ඖෂධයක් නිසා දේශ ගුණය අනුව හා ශරීර අභ්‍යන්තර ස්වභාවය අනුව ඔබට භාවිතා කිරීමට තෝරා ගන්න.

2. වෙරළු කොළ

අපි ‌හොදින් දන්නා ‌වෙරළු ඉතා අගනා පළතුරක් වගේම එහි කොළ ඖෂධීය ගුණ බහුලව තිබෙනවා. ආයුර්වේදයට අනුව හිස්සොරි නැසීමට ‌මෙම යුෂ යොදා ගැනෙනවා.

වෙරළු කොළ අවශ්‍ය ප්‍රමාණයට ගෙන කොටා පෙරාගත් යුෂ හිස්කබලේ ආලේප කරගන්න පුළුවන්. සතියකට දෙවරක් පමණ සිදුකිරීමෙන් හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.

අනෙක් අතට කිසිදු විෂ රසායනයකින් තොරව සිදු කරන මෙම ප්‍රතිකාරයෙන් හිසකෙස් වල නිරෝගී බව පවත්වා ගන්නත් පුළුවන්.

තරමක් ශිත ගුණයෙන් යුතු ඖෂධයක් නිසා දේශ ගුණය අනුව හා ශරීර අභ්‍යන්තර ස්වභාවය අනුව ඔබට භාවිතා කිරීමට තෝරා ගන්න.

3. සිංහල බෙහෙත් වට්ටෝරු: කෝමාරිකා

ලොව පුරා කෝමාරිකා රූපලාවන්‍ය ඖෂධයක් ලෙස භාවිතා කරන අතර කිරිදෙන මව්වරුන්ට සමේ ඇතිවන වියළි බවටත් වෙහෙසකර බවටත් කෝමාරිකා මදය සම මතුපිට ආලේප කිරීම ඉතාම හොඳයි.

කාන්තාවන්ගේ අවපැහැ වූ සම නැවත දීප්තිමත් කරගන්නත් කෝමාරිකා හොඳ ආලේපනයක් වෙනවා.

4. උඳුපියලිය

උඳුපියලිය පුරාතනයේ පටන් ඖෂධ සඳහා යොදාගත් අතර එදා සිට සමේ ඇතිවන වියළි හා කුරුලෑ වලට උඳුපියලිය යුෂ ඉතා ගුණදායක බව පැවසෙනවා.

දරු උපතකදී හා උපතට පෙර කාන්තාවන්ගේ හෝර්මෝන වල ඇතිවන වෙනස්කම් නිසා කුරුලෑ බිබිලි ඇතිවන්නට පුළුවන්.

උඳුපියලිය කොළ කොටා ගන්නා ලද ඉස්ම බිබිලි හෝ කුරුලෑ මත ආලේප කිරීමෙනුත් ඉතා හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන් වගේම සමට හොඳ පැහැපත් පෙනුමක්ද ගෙන දෙනවා.

5. සිංහල බෙහෙත් වට්ටෝරු: කොහොඹ

කොහොඹ විෂබීජ නාශකයක් ලෙස ක්‍රියා කරන අතරම සම හා එහි ඇතිවන අසාදන වලට ගුණදායක බව පැවසෙනවා.

සමේ ආසාදනයක් ඇතිවුවහොත් මෙම සමය තුළ ඔබට රසායනික ද්‍රවය පාවිච්චිය එතරම් සුදුසු නැති නිසා කොහොඹ කොළ තම්බා ගත් වතුර නාන බේසමකට මුසු කර නෑමටත්, සම පිරිසිදු කිරීමටත් යොදාගන්න පුළුවන්.

එය ස්වභාවික පිරිසිදුඛාරකයක් ලෙස ක්‍රියා කරනවා.

6. දෙළුම් කොළ

දෙළුම් කොළ වලට විෂබීජ නසන ගුණයත් සමට සිසිලසත් ලබාදෙන ගුණයත් ඇති නිසා දෙළුම් කොළ තම්බා ගත් ජලයෙන් සම සේදීම ඉතාම ගුණදායක වෙනවා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

කැමති නම් දෙළුම් හා කොහොඹ කොළ එකට මුසු කර තම්බාගත් වතුරෙන් නෑම වුනත් ඉතාම හොඳයි.

මෙවැනි ප්‍රතිකාර මගින් කුසේ ඉන්න දරුවාටත් සුවයක් දැනෙන අතර කිසිදු අතුරු ඇති වන්නේ නැහැ.  

මුදලට මිලදී ගත නොහැකි මේ ස්වභාවික ශාකසාරයන්ගේ ගුණවලින් ඔබටත් නිරෝගී ලස්සන ජීවිතයක් ගතකරන්න පුළුවන් වෙතැයි theAsianparent Sri Lanka අපි විශ්වාස කරනවා.

img
Written by

Nisansala Liyanage

  • Home
  • /
  • දේශීය බෙහෙත් ක්‍රම
  • /
  • අලුත් අම්මලාට ලස්සන වෙන්න ස්වභාවික සිංහල බෙහෙත් වට්ටෝරු
බෙදාගන්න :
  • අලුත් අම්මාට තෑගි දෙන්න සුවිශේෂී අදහස් 6ක්

    අලුත් අම්මාට තෑගි දෙන්න සුවිශේෂී අදහස් 6ක්

  • අලුත් අම්මාගේ ලස්සන වැඩි කරන්න ස්වභාවික සත්කාර 8 ක්

    අලුත් අම්මාගේ ලස්සන වැඩි කරන්න ස්වභාවික සත්කාර 8 ක්

  • අලුත් අම්මාට තෑගි දෙන්න සුවිශේෂී අදහස් 6ක්

    අලුත් අම්මාට තෑගි දෙන්න සුවිශේෂී අදහස් 6ක්

  • අලුත් අම්මාගේ ලස්සන වැඩි කරන්න ස්වභාවික සත්කාර 8 ක්

    අලුත් අම්මාගේ ලස්සන වැඩි කරන්න ස්වභාවික සත්කාර 8 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it