theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දඟ දරුවන්ගේ අවකල් ක්‍රියාවන් වැළක්විය හැක්කේ කෙසේද? දරුවන්ට දිය යුතු දෑ තුනක්

3 අවම කියවීම
දඟ දරුවන්ගේ අවකල් ක්‍රියාවන් වැළක්විය හැක්කේ කෙසේද? දරුවන්ට දිය යුතු දෑ තුනක්දඟ දරුවන්ගේ අවකල් ක්‍රියාවන් වැළක්විය හැක්කේ කෙසේද? දරුවන්ට දිය යුතු දෑ තුනක්

දරුවන් තුළ විෂමාචාරය වැළැක්වීමට ඔබ ඉන්නේ ඉස්පාසුවක් නැතිව දැඩි උත්සාහයක් දරමින්ද? එසේනම් පහත සඳහන් දේවල් තුන නිරන්තරයෙන්ම දරුවාට දෙන්න.

මනෝචිකිත්සකයෙකු වූ රුඩොල්ෆ් ඩියෝකෝර්ස් සොයාගෙන තිබෙන්නේ දඟ දරුවන්, අධෛර්යමත් දරුවන් ලෙසයි.

දඟ දරුවන් ට කොන් වූ හැඟීමක් ඇති වූ විට අනෙක් අය වෙන් කලේ යයි සිතන විට දරුවා අධෛර්යයට පත්වේ වනවා.එහි ප්‍රතිඵලයක් ලෙස දරුවාගේ හැසිරීම විෂම පැවැත්මක් ලෙස පෙනෙන්නට තිබුණද, එය ඇත්ත වශයෙන්ම දරුවා උපකාරය ඉල්ලා දෙනු ලබන සංඥාවක්.

ඉතින් මෙය නැවත නැවතත් ඇති වන නිෂේධාත්මක හැසිරීම් රටාවක් බවට පත් වී තිබෙනවාද? ඔබේ දරුවාගේ ආකල්ප වල වෙනසක් දැකීමට ඔබ නොඉවසිල්ලෙන් බලා සිටිනවාද?

දඟ දරුවන් ට නිරන්තරයෙන්ම පහත සඳහන් දේවල් තුන ලබා දෙන්න:

1. අසීමිත ආදරය හා කරුණාව

සෑම දිනකම, ඔබේ දරුවා සමඟ අවම වශයෙන් විනාඩි කිහිපයක්වත් ගත කරන්න. ඔබ දරුවා සමඟ ගත කරන කාලය අගය කරන බව දරුවාට පෙන්වන්න. ඔබේ දරුවාට වැදගත් යැයි සිතන දේ ගැන දරුවා සමඟ කතා කරන්න. ‘ඔව්’ ‘නෑ’ වැනි කෙටි පිළිතුරු දෙන ප්‍රශ්න වෙනුවට විවෘත ප්‍රශ්න අසන්න. “අද සිදු වූ විශේෂ දේවල් මොනවද?”  “අද ඔබේ දවස කොහොමද?” වැනි ප්‍රශ්න අසා සුහද සංවාදයක යෙදෙන්න.

"අද පුතා සෙල්ලම් කලේ කා එක්කද?"

"ඉදිරියේදී පැවැත්වෙන සංගීත විචාරය ගැන පුතා මොකද හිතන්නේ?"

අඩුවෙන් කතා කොට, වැඩියෙන් ඇහුම්කන් දෙන්න. දරුවාගේ සිතේ සැඟවුණු සිතිවිලි හා සම්බන්ධ වන්නට උත්සාහ කරන්න. මේ ක්‍රියාදාමය දරුවා අනවශ්‍ය ලෙස අවධානය ගැනීමට අවශ්‍යතාවය හීන වන්නේ ඔබේ අවධානය දරුවාට නොමදව ලැබෙන බැවිනි.

ඔබේ දරුවා දිගින් දිගටම ඔබට වෙනත් කෙනෙකු හා කතා කිරීමේදී බාධා කරනවා නම් ඔහුට කරුණාවන්තව හා ගෞරවනීය වන්න. "මට දැන් ඔයා එක්ක කාලය ගත කරන්නට තිබුනා නම් ගොඩක් හොඳයි. නමුත් මගේ මේ වැඩේ ඉවර කරලා රෑ කෑමෙන් පසු අපි එකට ඉඳන් කතා කරමු. " කියා පවසන්නටත් එය ක්‍රියාවට නගන්නටත් ඔබට පුළුවන්.

2. දරුවාට වගකීම් ලබා දෙන්න

ඔබේ දරුවාට වගකිවයුතු තරුණ පුද්ගලයෙකුට මෙන් සලකන්න. දරුවා කොතරම් දක්ෂදැයි කියා වටහා ගැනීමට දරුවාට අවස්ථා ලබා දෙන්න. ගෙදර දොර වැඩ කටයුතු කරන්නේ කෙසේද කියා දරුවාට උගන්වන්න.

දරුවාගේ දායකත්වය මුළු පවුලටම කෙතරම් ප්‍රයෝජනයක් ගෙන දෙන්නේද කියා ඔහු දැනගත යුතුයි. අවශ්‍ය පමණට නිසි ප්රශංසාව දරුවාට ලබා දෙන්න.

"කෑම මේසය අස පස් කාල්ට ඔයාට ස්තුතියි. මම ඔයාගේ සහයෝගය ගොඩක් අගය කරනවා. "

3. දරුවාට විකල්ප ලබා දෙන්න

අපි කිසිවෙක් කැමති නැහැ කවුරුත් අපව ආණ්ඩුමට්ටු කරනවාට. තමන්ගේ මතය ගැන සලකා බලන බව දැනගත් විට ඕනෑම කෙනෙකුට තමා කෙරෙහි වටිනාකමක් දැනෙනවා. දරුවන්ට සීමා සහිත නිදහසක් ලබා දෙන්න. දරුවා වැඩෙත්ම දරුවා නිදහස නිසි ලෙස පරිහරණය කරන්නේ නම් එය කෙමෙන් වැඩි කල හැකියි.

නිදසුනක් ලෙස;

සාධාරණ සීමාවන් සකස් කිරීම: රෑ කෑමට කලින් ගෙදර වැඩ නිම කළ යුතුයි.

විකල්ප ලබාදීම: සෙල්ලම් කිරීමට පෙර හෝ පසුව ගෙදර වැඩ නිම කළ යුතුයි.

දරුවාගේ තීරණවලට ගරු කරන්න. නිවැරදි තීරණ ගැනීමට ඔහු සතු හැකියාව කෙරෙහි විශ්වාසය තබන්න. දරුවා වැරදි සිදු කිරීමේදී දුන් වරප්‍රසාද සිමා කිරීමෙන් එහි පල විපාක පෙන්වන්න. එවන් දඬුවම් වලින් අත්දැකීම් ඇසුරින් දරුවාට ඉගෙන ගන්නට හරිය හැක.

දරුවා කෑ කෝ ගසා ඔබේ ඉවසීම හා කරුණාව පරික්ෂා කිරීමට ඉඩ ඇතත් ඔබේ ස්ථාවරයේ දිගටම සිටීමෙන් දරුවා සාර්ථකව හික්මීම කරා ලඟා කරන්නට පුළුවන්.

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • හැසිරීම් රටාව
  • /
  • දඟ දරුවන්ගේ අවකල් ක්‍රියාවන් වැළක්විය හැක්කේ කෙසේද? දරුවන්ට දිය යුතු දෑ තුනක්
බෙදාගන්න :
  • විනය හැසිරවීම කලින්ම ආරම්භ කළ යුතුද?

    විනය හැසිරවීම කලින්ම ආරම්භ කළ යුතුද?

  • කෑනොගසා ඔබේ දරුවා සන්සුන් කළහැකි ක්‍රම 6 ක්

    කෑනොගසා ඔබේ දරුවා සන්සුන් කළහැකි ක්‍රම 6 ක්

  • විනය හැසිරවීම කලින්ම ආරම්භ කළ යුතුද?

    විනය හැසිරවීම කලින්ම ආරම්භ කළ යුතුද?

  • කෑනොගසා ඔබේ දරුවා සන්සුන් කළහැකි ක්‍රම 6 ක්

    කෑනොගසා ඔබේ දරුවා සන්සුන් කළහැකි ක්‍රම 6 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it