theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අශුභවාදීව හිතන දරුවා දිරිමත් කරමින් අවධානම අවබෝධ කර දෙන්නේ කොහොමද?

4 අවම කියවීම
අශුභවාදීව හිතන දරුවා දිරිමත් කරමින් අවධානම අවබෝධ කර දෙන්නේ කොහොමද?අශුභවාදීව හිතන දරුවා දිරිමත් කරමින් අවධානම අවබෝධ කර දෙන්නේ කොහොමද?

ළමයින්ගේ මනස කියවීමට ටිකෙන් ටික හුරුවීම මගින් දෙමාපියන්ට බොහෝ ගැටළු අවම කරගන්න පුළුවන් වගේම අනවශ්‍ය පීඩනයෙන් මිදෙන්නත් පුළුවන්.

දරුවන්ට අභියෝග හා ජයග්‍රහණ ගැන කුඩා කාලයේදීම වැටහීමක් නැති නිසා ඔවුන් පුංචි කාලයේ තමන්ට කළ නොහැකි දේවල් වලට නොයෙක් හේතු දක්වමින් පසුබසිනවා. නමුත් දෙමාපියන් ලෙස ඔවුන් අභියෝග වලට බිය විය යුතු නැති බව ඉතා ඉවසිල්ලෙන් හා අවධානයෙන් කියා දිය යුතු වෙනවා. දරුවන් නිතරම අශුභවාදී නම්, අවධානමට බය වුනත්, සමහර දරුවන් අවධානමට බය නැහැ.

නමුත් අවධානමට, අභියෝගයට සීමා සහිත ලෙස බිය නොවීම වැදගත්. සීමාව ඉක්මවා බිය නොවීමත් අනතුරු දායක වෙනවා. ඒ නිසා අශුභවාදී ලෙස හිතන දරුවා, නිතර ශුභවාදීව හිතන්න පුරුදු කරන්න යාමත්, අවධානම ගැනත් කියාදීම වටිනවා.

අශුභවාදී ලෙස හිතන දරුවා දිරිමත් කරමින් අවධානම අවබෝධ කර දෙන්නේ කොහොමද?

  1. කිසිම දෙයකට බිය නැති දරුවන්

සමහර දරුවන් උවමනාවට වඩා ශුභවාදීව සිතීම ඒ කියන්නේ කිසිම නරක දෙයකට බිය නොවීම සමහර විට දෙමාපියන්ට ගැටළුවක්.

සතුන් ඇල්ලීම, ගින්දර වැනි අනතුරුදායක දේවල් ඇල්ලීම, වස විස ස්පර්ශ කිරීම වැනි දේවල් මේ අතරින් භයානක දේවල් විය හැකියි. සමහර දරුවන් මේවාට සීමාව ඉක්මවා බිය වෙනවා. සමහරුන් කොහෙත්ම බය නැහැ.

මේ ලක්ෂණ දෙකම දරුවන්ට පොදුයි. නමුත් දෙමාපියන් ලෙස මෙහි අන්ත දෙකම දරුවන්ට වටහා දීම වැදගත්. සතුන්ට හිරිහැර කිරීම හොඳ නැහැ වගේම ඔවුන් හිරිහැර ඉවසා ගත නොහැකිව පෙරලා අපිට කරදර කරනවා.

අපිට කරදර කරන විට කේන්ති යනවා වගේ සතුන්ටත් එසේ වන බවත් ගින්දර වැනි දේවල් නිසා පිළිස්සුම් තුවාල ඇති අය පෙන්වීම, ගින්දරකින් විය හැකි දරුණු හානි ගැන පෙන්වා දීම වැනි දේවල් මගින් ඔවුන්ට යථාර්ථය අවබෝධ කර දෙන්න.

එකවරම ඔවුන්ට එය කරන්න එපා කීමෙන් ඊට හේතුව ඔවුන් තේරුම් ගන්නේ නැහැ. ඒ නිසා නිතර උදාහරණ ඇසුරෙන් යමක් වටහා දීම වැදගත්. නැතිනම් ඔවුන් කුඩා කළ සිටම අශුභවාදීව සිතන්න පුරුදු වෙන්න මෙයත් නැඹුරුවක් විය හැකියි.

  1. දරුවන්ගේ රුචිකත්වයට ඉඩ දෙන්න

සමහර දරුවන් ජිම්නාස්ටික් වැනි ක්‍රීඩා වලට කැමති වුනත් සමහර දරුවන් නර්තනයට කැමති වෙන්න පුළුවන්.

නමුත් ඔවුන් ඊට සුදුසු වයසක පසුවෙනවා නම් ඔවුන්ගේ රුචිකත්වය ශුභවාදීව දකින්න. එහි ඇති භයානක බව කීමට පෙර එය කිරීමේ වරදක් නැතත් ඉන් විය හැකි හානි ගැන සෙමින් කියා දෙන්න.

එකවරම ඔවුන්ගේ බලාපොරොත්තු කඩ කරනවාට වඩා සෙමින් ඒ ගැන වටහා දෙන්න. සමහර විට ඔවුන් රූපවාහිනියේ දකින දේවල් මත ගන්නා පූර්ව නිගමන නිසා විට ඉතා ඍණාත්මක ලෙසත් සමහර කරුණු කෙරෙහි උවමනාවට වඩා විශ්වාස කරන්නත් පුළුවන්.

උදාහරණ ලෙස නොයෙක් වීරයන් ගැන ඒ කියන්නේ බැට් මෑන්, සුපර් මෑන් වැනි වීරයන් කරන දේවල් සැබෑ ජීවිතයේ කළ හැකි බවත් ඔවුන් කරන දේවල් පහසුවෙන් අත්හදා බලන්නත් ඔවුන් යොමුවෙන්න පුළුවන්. 

නමුත් තිරයේ දකින වීරයන් සැබෑ ලෝකයේ වීරයන් නොවන බවත් අපේ සැබෑ ජාතික වීරයන් ගැනත් ඔවුන්ට වැටහීමක් ලබා දෙන්න.  

  1. ශ්‍රේෂ්ඨ චරිත ගැන කතා කියා දෙන්න

ලෝකයේ මහා වීරයන් සාර්ථකත්වය ලැබූ පුද්ගලයන් බොහෝ දෙනෙකුගේ ජීවිත කතා පිටුපස ඇති කටුක බව දරුවන්ට කතාවක් ලෙස කියා දෙමින් ඔබට ඔවුන්ට අභියෝග ජය ගැනීමට යොමුකරවන්න පුළුවන්.

හැම සාර්ථක මිනිසෙකුගේ කතාවකින්ම අපට ඉගෙන ගත හැකි දේ ගැන දරුවන්ට කියා දෙන්න. ඔවුන් පසුබට වන විට, යමක් දෙස අශුභවාදීව සිතන විට ඔවුන්ට ඒ පුද්ගලයාව මතක් කර දෙන්න.

ඔවුන් නිවී සැනසිල්ලේ ඉන්න විට ඔවුන් ප්‍රිය කරන මාතෘකාවක් ඊට මුසු කරමින් අවස්ථානෝචිතව ඔවුන්ට කතා කරන්න. එය අවවාදයක් ලෙස නොව මිතුරෙක් කතා කරන ලෙස ඔවුන්ට කතා කරන්න.

  1. දරුවන්ගේ උපායන් උපායශීලි ලෙස හඳුනා ගන්න

හුඟක් දරුවන් තමන් අකමැති දේවල් නැතිනම් අලසකම, ශාරීරික අපහසුතා වැනි දේවල් කියාපාමින් කල් දැමීම් කරනවා. පාසල් යන්න බැහැ බඩ රිදෙනවා, අකුරු ලියන්න බැහැ අත රිදෙනවා වැනි දේවල් කියන්න පුළුවන්.

එවිට ඔබට ඔවුන්ට ඉන් ලැබෙන අනිසි විපාක පෙන්වා දෙන්න පුළුවන්. පාසල් නොයනවා නම්, බඩ රිදෙනවා නම් වෛද්‍යවරයෙකු වෙත යා යුතු බව, පාසල් නොගියොත් ලොකුමහත් වී රැකියාවක් නැතිව ගෙදරට වී සිටින්නට වන බව ආදී විපාක ඔවුන්ට ඉතා සංයමයෙන් කියන්න.

නැතිව ඒ වෙනුවට ඔවුන්ට පහර දීම හෝ ඔවුන් හෙලා දැකීම කරන්න එපා. ඉන් දරුවන් තවත් මුරණ්ඩු වන අතර සමහර විට ඔවුන් කැමති දේවල් මේ නිසා නොලැබී යන බව ඔබට කියන්න පුළුවන්.

  1. බිය පහ කරන්න ඔබත් මොහොතකට දරුවෙකු වෙන්න

සමහර දරුවන් ජලයට, කඳු නගින්න වැනි දේවල් වලට පමණක් නොවෙයි සමහර ක්‍රියාකාරකම් වලටත් බිය වෙන්නේ හේතුවක් නැතිවයි. නැතිනම් සම වයසේ දරුවන් කරන බිය වැද්දවීම් වැනි දේවල් හිතේ තැන්පත් වීම නිසයි.

නමුත් පළමුව ඔබට දරුවාට එහි විශාල අවධානමක් ඇති බව පෙන්වීමට එය ඔහු ඉදිරියේ කර පෙන්වන්න පුළුවන්.

පිහිනන්න බය දුව ඉදිරියේ ඔබට පළමුව පිහිනුම් තටාකයට බැස පිහිනන්න පුළුවන්. නමුත් ඊට ඇයව තල්ලු කරන්න එපා. දිරිගැන්වීම මිස බලහත්කාරයෙන් එය කරවීමට යාම සාර්ථක නැහැ.

නිරන්තරයෙන් ඊට කැමැත්තක් ඇති කරවන්න. දරුවන් අකමැති දේ ඉතා ප්‍රියමනාප වන ලෙස ඔවුන් ඉදිරියේ කර ඊට උත්සාහ කරන්න පෙළඹෙන්න පුළුවන්.

මොකද නිතර දරුවන් වැඩිහිටියන් වන්නට කැමති නිසා ඔවුන් එමගින් ඔබව අනුකරණය කරන්නට කැමති වෙනවා. නමුත් ඊට ඔබ උපක්‍රමශීලි වීම වැදගත්.

අශුභවාදී ව හිතන ළමයින්ගේ මනස කියවීමට ටිකෙන් ටික හුරුවීම මගින් දෙමාපියන්ට බොහෝ ගැටළු අවම කරගන්න පුළුවන් වගේම අනවශ්‍ය පීඩනයෙන් මිදෙන්නත් පුළුවන්.

 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nisansala Liyanage

  • Home
  • /
  • මාපිය දැනුම
  • /
  • අශුභවාදීව හිතන දරුවා දිරිමත් කරමින් අවධානම අවබෝධ කර දෙන්නේ කොහොමද?
බෙදාගන්න :
  • ධනාත්මක දරුවන් හදන්න මේ බල සම්පන්න හා ධනාත්මක කාරණා 13 නිතර දරුවට කියන්න

    ධනාත්මක දරුවන් හදන්න මේ බල සම්පන්න හා ධනාත්මක කාරණා 13 නිතර දරුවට කියන්න

  • කියවීමට කම්මැලි පුංචි දරුවන් ඊට හුරු කරන්නේ මෙහෙමයි

    කියවීමට කම්මැලි පුංචි දරුවන් ඊට හුරු කරන්නේ මෙහෙමයි

  • ධනාත්මක දරුවන් හදන්න මේ බල සම්පන්න හා ධනාත්මක කාරණා 13 නිතර දරුවට කියන්න

    ධනාත්මක දරුවන් හදන්න මේ බල සම්පන්න හා ධනාත්මක කාරණා 13 නිතර දරුවට කියන්න

  • කියවීමට කම්මැලි පුංචි දරුවන් ඊට හුරු කරන්නේ මෙහෙමයි

    කියවීමට කම්මැලි පුංචි දරුවන් ඊට හුරු කරන්නේ මෙහෙමයි

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it