theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

බබාගේ තරහා නොසලකා හැරියොත් මේ වැරදීම් 3 වෙන්න පුළුවන්

5 අවම කියවීම
බබාගේ තරහා නොසලකා හැරියොත් මේ වැරදීම් 3 වෙන්න පුළුවන්බබාගේ තරහා නොසලකා හැරියොත් මේ වැරදීම් 3 වෙන්න පුළුවන්

කිසිම විටෙක බබාගේ කේන්තිය නම් නොසලකා ඉන්න එපා.

දරුවා‌ගේ කේන්තිය , උද්වේගකාරී හැසිරීම් ගොඩාක් දෙමව්පියන් දකින්නේ අවධානය ගන්න කරන දේවල් විදියටයි.

ගොඩාක් වේලාවට ළදරුවන්ගේ තරහා දෙමව්පියන් එසේ සලකනු ලබනවා.

ඒ විතරක් නොවෙයි එය නොසලකා හරිනු ලබනවා. ඔවුන් හිතන්නේ එවිට එය ඉබේම නතර වේවි කියායි.

ඇත්තටම දරුවන්ගේ කෝපාවිෂ්ඨ හැසිරීම් මෙලෙස නොසලකා හැරීමෙන් දරුවන් තුලින් ඒ හැසිරීම් ගිලිහි යනවාද?

නැතිනම් උග්‍ර වෙනවාද? අපි අද ඒ ගැන ටිකක් කතා කරමු.

දරුවා‌ගේ කේන්තිය නොසලකා හැරීම නිවැරදිද?

බබාගේ තරහා නොසලකා හැරියොත් මේ වැරදීම් 3 වෙන්න පුළුවන්

ඇත්තටම ඔබේ දරුවා උද්වේගකාරි වු විට  කරන  දේවල් ඔබ දැන සිටිය යුතුයි.

සාමාන්‍යයෙන් දරුවාට තරහා ගිය විට දන්නා දේවල් ප්‍රමාණය ඉක්මවා කිරීම, සිමාවන් ඉක්මවා යාම හා හඩාවැටීම්, විලාප දීම් මෙන්ම ප්‍රකෝපකාරි ලෙස හැසිරීම දකින්න පුළුවන්.

මෙහිදි ඇත්තටම මේ හැසිරීම් මගින් දරුවන් බලාපොරොත්තු වන්නේ අවධානය දිනා ගැනීමද?

තත්වය කෙලෙස වුවවත් මෙහිදි ඔබ වටහා ගත  යුතු යමක් තියෙනවා.

ඔබේ දරුවා බලාපොරොත්තු වෙන්නේ අවධානය දිනා ගැනීම නම් ඔවුන්ට වැඩිහිටියෙකු හා සමීප සම්බන්ධතාවය පවත්වා ගැනීමේ කැමැත්තක්  ඇති වි තියෙනවා.

විශේෂයෙන් දරුවන් තමන් රැකබලා ගන්න්නගේ අවධානය දිනා ගන්න කැමතියි.  එහි ගැටලුවක් නැහැ.

නමුත් දරුවෙකු කාංසාවෙන් සිටින විට, දෛනික පුරුදු වලට බාධා වු විට  හෝ වෙනත් අවිනිශ්චිතතාවයන් ගෙන් සිටින විට එය ධනාත්මකව හසුරවා ගන්නා ආකාරය ඔහු දැනුවත් නැහැ.

මේ වගේ වේලාවට ඔවුන් අවධානය දිනා ගැනීමට ඕනෑම දෙයක් කරන්න පුළුවන්.

මෙම හැසිරිම් තුලින් දරුවාගේ හොද හෝ නරක තීරණය කරන්න බැහැ.

ඒ මොහොතේ දරුවා සිය හැගිම් ප්‍රකාශ කරන ආකාරයක් ලෙස මෙය පෙන්වා දෙන්න පුළුවන්.

මෙසේ හැගීම් ප්‍රකාශ කරන  දරුවෙකු නොසලකා හැරීම ගැටලුව තවත් උග්‍ර කරනු ලබනවා.

දරුවා‌ගේ කේන්තිය හා අවධානය යොමු කිරීමේ හැසිරීම නොසලකා හරින විට සිදුවන්නේ සිදුවෙයිද?

බබාගේ තරහා නොසලකා හැරියොත් මේ වැරදීම් 3 වෙන්න පුළුවන්

  1. ඒ මගින් අපගේ ආදරය කොන්දේසි සහිත බව අපගේ දරුවන්ට දන්වා සිටියි

වැඩිහිටියෙකුගේ ප්‍රතිචාර නොදැක්වීම දරුවාට ගැටළුවක් වෙන්න පුළුවන්.

ඒ වගේම ඔවුන් කරන ඕනෑම දෙයකට අප ප්‍රතිචාර නොදක්වන විට එය දරුවන්ට වඩාත් ගැටළු සහගත වෙනවා.

තම වැඩිහිටියා තමාට ප්‍රතිචාර නොදක්වන බව දරුවාට දැනීමෙන් තමා නොසලකා හැරියා සේ දැනෙන අතර එය  දරුවාගේ ආත්ම අභිමානයටද බල පෑමක් වෙන්න පුළුවන්.

  • ඔබ කල යුතු දේ

දරුවා නිවැරදි කිරීමට පෙර දරුවාට අවධානය දෙන්න.

දරුවෙකු මෙලෙස හැසිරෙන විට  උපදෙස් ඇසීමට හෝ නිවැරදි කිරීමට තරම් මානසික හැකියාවක් නැහැ.

එම අවස්ථාවේදි සංවාදයන් හසුරුවන මොළයේ කොටස නැවත සන්සුන් වෙනතුරු  "අක්‍රීය" තත්වයේ පවතිනවා.

දෙමව්පියන් මෙහිදි ඉවසීමෙන් සිටිය යුතුයි. ඔබ ඔබේ දරුවා ශාරීරිකව හා මානසිකව පෙළන්නේ නැතුව කටයුතු කරන්න.

දරුවා අකමැති නැති නම් වඩා ගන්න . නැතිනම් උකුලට ගෙන කතා කරන්න.  දරුවා සංසුන් වෙන යමක් කරන්න.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

මේ සදහා ටික වේලාවක් යන්න පුළුවන්.

දරුවාගේ හැඟීම් හෝ අත්දැකීම් අවතක්සේරු නොකර ඒවාට ගලායන්න ඉඩ දෙන්න.

දරුවා සංසුන් වු විට තත්වය පැහැදි කරන්න.

එහිදි විනිශ්චය කරන්න යන්න එපා කරුණු පමණක් සඳහන් කරන්න. මෙය ඔබ හා දරුවා අතර සටනක් නොවන බව මතක තබා ගන්න.

ඔබ දෙදෙනාම එක්ව ඒ මොහොතේදි කටයුතු කල යුතුයි.

මෙහිදි ගැටළුව ඇත්තේ දරුවාගේ නොවන බවත් හැසිරිමේ බවත් මතක තබාගන්න.

ඔබේ දරුවා සංසුන් වු පසු ඔහුව නිවැරදි කරන්න කටයුතු කරන්න ඔබට පුළුවන්.

දරුවාටත් තම වැඩිහිටි අවධානය ලැබු බව හැගෙනවා.

මේ ආකාරයෙන් ක්‍රියා කරමින් අවධානය ලබා දීමෙන් අපගේ ආදරය කොන්දේසි විරහිත බව දරුවා තේරූම් ගන්නවා.

  1. අපේ දරුවන්ගේ මොළය වර්ධනයට උදව් කිරීමට අපට ඇති  අවස්ථාවක් අහිමි වෙනවා

බබාගේ තරහා නොසලකා හැරියොත් මේ වැරදීම් 3 වෙන්න පුළුවන්

වැඩිහිටියෙකුට සන්නිවේදනය කළ හැකි පූර්ණ සංවර්ධිත මොළයක් තියෙනවා.

නමුත් දරුවන්ගේ මොළය සම්පුර්නයෙන්ම සංවර්ධනය වෙලා නැහැ. 

තාර්කික චින්තනය නියාමනය කරන මොළයේ කොටස්  වයස අවුරුදු 20 ඉක්මවා යන තෙක් මුළුමනින්ම වර්ධනය වනනේ නැහැ.

ඒ නිසා වැඩිහිටියන් තරම් හොදින් දරුවන්ට තම හැගීම් පාලනය කරන්න බැහැ.

කෝපයෙන් හැසිරෙන දරුවෙකු ඔබ නොසලකා හැරියොත් එවන් ඍනාත්මක හැගීමක් සමග කටයුතු කල යුතු ආකාරය දරුවාට කියා දෙන්න ඇති හොද අවස්ථාවක් ඔබෙන් ගිලිහෙනවා.

  • ඔබ කල යුතු දේ

 මෙවන් තත්වයකදි ඔබ කටයුතු කරන ආකාරය දරුවාට පෙන්වා දෙන්න.

එහිදි ඔබ දරුවා හැසිරවීමට යනවාට වඩා එම තත්වය සමග දරුවාට තනිව කටයුතු කිරීම ඉඩ හරින්න.

දරුවෙකු අවධානය ලබා ගැනීමේ  හැසිරීමක නිරත වන විට, ඔවුන්ගේ විශාල හැඟීම් කළමනාකරණය කිරීම සඳහා වඩාත් සුදුසු ක්‍රමයක් කියා දෙන්න.

එවිට ඔවුන් නුසුදුසු හැසිරීමක යෙදෙන විට එය ඔවුන්ගේ මොළයට හදුනා ගැනීමට හැකිවෙනවා.

ඒ සදහා  අපෙන් දඩුවමක් බලාපොරොත්තු වෙනවාට වඩා සහායක් බලපොරොත්තු වෙන මට්ටමට ඔවුන්ගේ මොළය  පුහුණු කරන්න පුළුවන්.

දරුවන් සිය හැගීම් හා කටයුතු කිරීමට පුහුණු කිරිමේදි ඔවුන් නිතර අප මත යැපීමට පටන් ගන්නවා.

එහිදි අපගේ අවධානය ලබා ගැනීම වෙනුවට ඔවුන්ගේ  ගැටළු කල්තියා අප ගෙන එනවා. 

නොකළ යුතු දේ පිළිබඳව දරුවන්ට සෞඛ්‍ය සම්පන්න සීමාවන් නියම කරන්න අපට පුළුවන්.

ඒ වගේම සීමාව කුමක්ද සහ වඩා හොඳ විසඳුම කුමක්ද යන්න අප නිරන්තරයෙන් දරුවන්ට මතක් කර දෙන්නේ නම් එය වඩාත් හොදවේවි.

  1. අපි මුලික අවශ්‍යතා සපුරන්නේ නැහැ

දරුවෙකු ඔහුට හෝ ඇයට අවශ්‍ය දේ ප්‍රකාශ කරන උද්වේගකාරි ආකාරයට අප අකමැති වෙන්න පුළුවන්.

නමුත් ඒ මගින් දරුවා ප්‍රකාශ කිරීමට උත්සාහ කරන මූලික අවශ්‍යතාවය අප එය නොසලකා හැරියහොත් එම අවශ්‍යතාවය ඉටුවන්නේ නැහැ. 

සමහරවිට දරුවා කුසගින්නෙන් හෝ වෙහෙසට පත්ව සිටිනවා වෙන්න පුළුවන්. 

නැතිනම් දරුවාට නිදිමතක් හෝ තනිකමක් දැනෙනවා වෙන්න පුළුවන්.

අපි අපේ වැඩ කරන විට දරුවාට අපි සමග සම්බන්ධ වෙන්න අවශ්‍ය වී තියෙන්න පුළුවන්. 

සමහර විට දරුවා පවා තම අවශ්‍යතාවය හරියට හදුනා ගෙන නොසිටින්නට පුළුවන.

ඔවුන් ඔවුන්ගේ විශ්වාසවන්ත වැඩිහිටියෙකු වෙත පැමිණ අරගල කරන්නේ අන්න ඒ නිසයි.

  • ඔබ කල යුතු දේ

මෙහිදි දරුවා ලගට අරගෙන ඔහුගේ අවශ්‍යතාවය තේරුම් ගෙන එය ඉටු කිරීම දෙමව්පියන්ට ගත හැකි සරලම පියවරයි.

අපි මෙම මුලික අවශ්‍යතා නොසලකා හරින්නේ නම් අපි විසින්ම  අපගේ දරුවාට ඔවුන්ගේ අවශ්‍යතා වැදගත් නොවන බවට පණිවිඩයක් ලබා දෙනවා.

ඔබට අවශ්‍ය නම් බබා අඩන පහත  කාරණා ඇතුලත් පිරික්සුම් ලැයිස්තුවක් පවත්වා ගන්න.

  • මගේ දරුවාට,
  • උණුසුම්ද? අධික සීතලද?
  • බඩගිනි ද?
  • වෙහෙසට පත්වී තිබේද?
  • නිදිමතයිද?
  • අසනීපද?
  • කම්මැලි ද?
  • මෘදු ශාරීරික සම්බන්ධතාවයක් අවශ්‍යද?

දරුවා‌ගේ කේන්තිය හෝ අවධානය ලබා ගැනීමේ  හැසිරීම දරුවා තුල වර්ධනය වන විට, කුඩා දරුවන්  කලබල වීමට පොදු හේතු ගැන සිතා බලන්න.

මුලාශ්‍ර- www.mother.ly

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • දෙමාපියන්ට උපදෙස්
  • /
  • බබාගේ තරහා නොසලකා හැරියොත් මේ වැරදීම් 3 වෙන්න පුළුවන්
බෙදාගන්න :
  • හැම කාන්තාවක්ම මේ රෝග ලක්ෂණ 4 නොසලකා ඉන්න එපා

    හැම කාන්තාවක්ම මේ රෝග ලක්ෂණ 4 නොසලකා ඉන්න එපා

  • පිරිමි දරුවාගේ පෙරහම රැකබලා ගැනීමේදී අපි කරන වැරදි 3 ක්

    පිරිමි දරුවාගේ පෙරහම රැකබලා ගැනීමේදී අපි කරන වැරදි 3 ක්

  • හැම කාන්තාවක්ම මේ රෝග ලක්ෂණ 4 නොසලකා ඉන්න එපා

    හැම කාන්තාවක්ම මේ රෝග ලක්ෂණ 4 නොසලකා ඉන්න එපා

  • පිරිමි දරුවාගේ පෙරහම රැකබලා ගැනීමේදී අපි කරන වැරදි 3 ක්

    පිරිමි දරුවාගේ පෙරහම රැකබලා ගැනීමේදී අපි කරන වැරදි 3 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it