theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අලුත් බබා පවුලට එක් වීමත් සමඟ පවුලේ ඇති විය හැකි විපර්යාස ගැන වදනක්

3 අවම කියවීම
අලුත් බබා පවුලට එක් වීමත් සමඟ පවුලේ ඇති විය හැකි විපර්යාස ගැන වදනක්අලුත් බබා පවුලට එක් වීමත් සමඟ පවුලේ ඇති විය හැකි විපර්යාස ගැන වදනක්

අලුත් බබාගේ පැමිණීමත් සමඟ නිවසේත් අප ජිවිත වලත් යම් යම් වෙනස් වීම් ඇති වනවා. ඒවා ගැන කල්දැ තියාම දැනුවත් වී සිටීමෙන් නව ජිවිතයට සුභවාදීව මුහුණ දෙන්නට පුළුවන් වනවා.

අලුත් බබා ගේ පැමිණීමත් සමඟ නිවසේත් අප ජිවිත වලත් යම් යම් වෙනස් වීම් ඇති වනවා. ඒවා ගැන කල්දැ තියාම දැනුවත් වී සිටීමෙන් නව ජිවිතයට සුභවාදීව මුහුණ දෙන්නට පුළුවන් වනවා.

මාතෘත්වයේ උත්තරිතර බව ගැන හැම තැනම නිතර කතා වනවා. මව් පදවිය ලබන්නට ඇතැමුන් නොවිඳිනා දුක් විඳිනවා. දරුවෙක්, දෙදෙනෙක් හෝ ඊට වඩා ඉන්නේ නම් ඒ මව්වරුන් දිහා ලෝකය බලන්නේ රටක් දිනා ගන්නා මව් වරුන් සේයාවෙනි.

මව් පදවිය ගැන සතුටු වන අතරම අලුත් බබා නිවසට ආ විට ජිවිතයේ නානාවිද වෙනස් වීම් ඇති වන බව අප හොඳින් දන්නා කරුණක්. මාපිය දෙපලටම මේ වෙනස් කම් බලපාන අතර මවට සාමාන්‍යයෙන් මේ වෙනස් කම් තදින්ම බලපානවා.

අලුත් බබා පවුලට එක් වීමත් සමඟ පවුලේ ඇති විය හැකි විපර්යාස ගැන වදනක්

අද ලිපියෙන් කතා කරන්නට අදහස් කරන්නේ ප්‍රධාන වශයෙන් නිවසක ඇති විය හැකි වෙනස් වීම් පිළිබඳවයි. මේ ගැන කල් තියා දැනුවත් වීම තුළින් කල් තියා මේ වෙනස් කම් වලට මානසිකව සුදානම් වීමෙන් හදිසියේ ඇති වන මානසික ආතතිය වලක්වා ගත හැකි වන අතර හැකි පමණින් එම වෙනස් කම් වලට පහසුවෙන් සංරමනය වීමේ හැකියාව ඇති වනවා.

මුලින්ම අපි බලමු අලුත් බබා නිවෙසට එක් වූ විට පවුලක ඇති වන මුලික වෙනස් කම් කිහිපයක්.

1. දින චර්යාවේ වෙනස් වීම

නිවසේ ඇති වන වෙනස් කම් වලින් මුල් තැනක් ගන්නේ දිනා චර්යාවේ වෙනස් වීමයි. නිදහසේ පෙම් යුවලක් සේ ගත කල කාලය වෙනුවට දැන් එක පාරටම හොඳටම කාර්යබහුල වෙලා.

අලුත් අම්මාට නම් නින්ද හීනයක් වන මුත් සමහර නිවෙස් වල අලුත් තාත්තාත් අම්මා වගේම නිදි මරනවා. මේ වෙනස් වීම් වලට අප නිතැනින්ම හුරු වන මුත් ඇතැම් අවස්ථා වල දෙමාපියන්ට මේ වෙනස් කම් නිසා මානසික ආතතිය ඇති වනවා.

2. පවුලේ වෙසෙන පුද්ගලයින් සංක්‍යාව

බොහෝ අවස්ථා වල බිලිඳා නිවෙසට ඒමත් සමඟ මවගේ උදව්වට බිලිඳාගේ මිත්තනිය හෝ මෙහෙකාරියක් හෝ සහයට එනවා. නොඑසේ නම් අලුත් අම්මයි තාත්තයි ඔවුන්ගේ මහ ගෙදරට යනවා.

කෙසේ වෙතත් මෙහිදී පවුලට අලුත් සම්බන්ධ කමක් දින චරියාවට එක්කාසු වනවා. මෙම අමතර උදවු  කෙතරම් වටිනවාද? මෙය අලුත් මාපිය යුවලට නොමද සහයක් වනවා. කෙසේ නමුත් සම්බන්ධතාවල් වැඩි වන තරමට මත ගැටුම් ඇති වීමේ සම්භාවිතාවත් මදක් වැඩි වනවා. අදහස් හුවමාරු වීමේදී ඒවාට එකඟ වීම් හා නොවීම් පිළිබඳව ගැටළු මතු වනවා.

බබා අඬනවා

3. ආර්ථික අපහසුතාව

එක් වරම ඇති වන ඉහත වෙනස් වීම් නිසා පවුලේ ආර්ථිකය විශාල ලෙස වැඩි බන බව රහසක් නොවේ. බිලිඳාගේ ඇඳුම් පැලඳුම්, පිටි කිරි ආදිය පමණක් නොවේ නිවසට සහයට එකතු වන අනෙකුත් අය, ගෙදරට එන නෑ හිතවතුන් සංග්‍රහ ආදියට විය හියදම් ඇති වනවා.

4. රැකියා වල වෙනස් වීම්

අලුත් තාත්තාට වෙනදාට වඩා නිවාඩු ගැනීමට, කලින් ගෙදර යාමට ආදිය උවමනා විය හැකි වනවා. දරුවාගේ අම්මා රැකියාවක් කරන කෙනෙක් නම් නිවසේ වැඩ පළ වලට ස්ථිර පිලියමක්  නැති තැන බොහෝ විට දරුවාගේ අම්මාට රැකියාවෙන් ඉවත් වී නිවසේ සිටීමට සිදු වනවා.

මෙය ලෝකයේ බොහෝ දෙනෙක් විසඳන්නට උත්සාහ කරන ප්‍රශ්නයක් වන අතර, බොහෝ මවුවරුන් මෙයට සුභවාදීව මුහුණ දෙන අතර ඇතැම් මවුවරුන් මෙම වෙනස නිසා මානසික ආතතියට ලක් වනවා.

හෙළ සිරිත් විරිත්

5. මානසික තත්වයේ වෙනස් වීම

ඉහත කී සාධක මුල් කොට ගෙන දරුවාගේ දෙමාපියන්ගේ මානසික සමතුළිතතාවය වෙනස් වන්නට පුළුවන්. විශේෂයෙන්ම දරු ප්‍රසුතියෙන් පසුව දරුවාගේ මවගේ ශරීරයේ ඇති වන හෝර්මෝන ක්‍රියාකාරිත්වය නිසාත්, නිදි මැරීම, වැඩිහිටි අයගේ අසීමිත මැදිහත් වීම්, දැනමුතු කම් දීම්, අධික කාර්යබහුල බව ආදිය නිසා නිසාත් මවගේ මානසික සමතුලිතතාවයේ විශාල වෙනස් කම් ඇති වන්නට පුළුවන්.

මෙම වෙනස් වීම් වලට නිසි ලෙස මුහුණ නොදීමෙන් එය පවුලේ සමගියට හා පවුලේ අයගේ සතුටට බාධා ඇති කල හැකි අතර බොහෝ විට එවන් ප්‍රශ්ණ යටපත් කොට ගෙන නිහඬව විඳ දරා ගැනීමට අලුත් මාපියන් පෙළඹීමෙන් ඊට වඩා අවුල් වියවුල් තත්වයන් ඇති වන්නට ඉඩ කඩ ඇති වනවා.

අද ලිපියෙන් මෙසේ ඇති විය හැකි වෙනස් කම් ගැන හුවා දක්වන්නේ පෙර සුදානම් වීම හා දැනුවත් වීම තුළින් ප්‍රශංසනීය ලෙස එකිනෙකා සමඟ අවබෝධයෙන් ඒවාට සුදානම් විය හැකි නිසයි. එමෙන්ම මවකට මෙම ආතතියට සාර්ථකව මුහුණ දිය හැකි ක්‍රම ගැන හෙට ලිපිය තුළින් කතා කරන්නට අදහස් කරනවා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • මව්පදවිය
  • /
  • අලුත් බබා පවුලට එක් වීමත් සමඟ පවුලේ ඇති විය හැකි විපර්යාස ගැන වදනක්
බෙදාගන්න :
  • අලුත් බබාව බලන්න යන්න කලින් මේ දේවල් වලින් දැනුවත් වෙන්න

    අලුත් බබාව බලන්න යන්න කලින් මේ දේවල් වලින් දැනුවත් වෙන්න

  • අලුත උපන් දරුවාගේ මේ හැසිරීම් වලින් ඔබත් බය වුනාද?

    අලුත උපන් දරුවාගේ මේ හැසිරීම් වලින් ඔබත් බය වුනාද?

  • අලුත් බබාව බලන්න යන්න කලින් මේ දේවල් වලින් දැනුවත් වෙන්න

    අලුත් බබාව බලන්න යන්න කලින් මේ දේවල් වලින් දැනුවත් වෙන්න

  • අලුත උපන් දරුවාගේ මේ හැසිරීම් වලින් ඔබත් බය වුනාද?

    අලුත උපන් දරුවාගේ මේ හැසිරීම් වලින් ඔබත් බය වුනාද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it