theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අලුත උපන් දරුවාගේ මේ හැසිරීම් වලින් ඔබත් බය වුනාද?

5 අවම කියවීම
අලුත උපන් දරුවාගේ මේ හැසිරීම් වලින් ඔබත් බය වුනාද?අලුත උපන් දරුවාගේ මේ හැසිරීම් වලින් ඔබත් බය වුනාද?

මගේ අලුත උපන් දරුවා  මුහුණ දීමට සිදු වූ ගැටළු කීපයක් බෙදා ගැනීමට අවශ්‍ය වුනා.

ඔබ පළමු වරට මවක් වෙලාද? මගේ  අලුත උපන් දරුවා අපහසුතාවයට  පත්කලේ   කුමක්ද  ?

ඇයි ඇය අඩන්නේ වැනි අසීරු දේවල් පළමු වරට මවක් වුවෙක් ලෙස තේරුම්ගන්න උත්සාහ කල අයුරු මගේ මතකයට නැගේ.

බොහෝ දෙමව්පියන් සදහා වු  පොත්, වෙබ් අඩවි සහ වෙනත් දෙමාපියන්ගේ විවිධ යෝජනා සහ අදහස් පවා   වියවුලක් වුනා.

එමනිසා මාව බියගැන් වු නමුත් සාමාන්‍ය  මගේ අලුත උපන් දරුවා සමඟ  මුහුණ පෑමට සිදු වූ ගැටළු කිහිපයක් බෙදා ගැනීමට මට අද අවශ්‍යයි.

1. අලුත උපන් දරුවා පැය ගානක් ගොඩාක් හැඩීම

බබා අඬනවා

මම මෙය මුලින්ම දන්නේ නැහැ, නමුත් මගේ පළමු දරුවා කොලික්  තත්වයට මුහුණ දුන්නේය.

මගේ දෙවෙනි දරුවා ඊටත් වඩා දරුණු කොලික් තත්වයකට මුහුණ දුන්  නමුත් මම වඩාත් හොඳින් ඒ සදහා  සූදානම් වී  ඊට වඩා හොඳින් කටයුතු කළෙමි. මම මුල්ම වතාවට මවක් වු විට , මගේ දරුවා  පැය ගණනාවක් තිස්සේ  නොනවත්වා අඬන ආකාරය දැක   දුෂ්කරතාවයන් ගැන පමණක් සිතා බැලීමෙන් මම  බියට පත්වුනා.

කෙසේ වුවද කොලික් යනු නව බිළිදුන් අත් විදින ඉතා සුලබ තත්ත්වයකි.

පස්වන මාසය  වන තුරු එය පවති. සාමාන්‍යයෙන් සවස් කාලයේ සිට ‍රාත්‍රි කාලයේදී මෙය සිදු වේ.

2. බිලිඳා මළපහ පිට නොකිරීම

මෙය බොහෝ  අලුත්  දෙමව්පියන් තම ළදරුවන් තුළ දකින  පොදු ගැටළුවක් වන අතර මෙය බොහෝ මව්වරුන් අසන ප්‍රධානම  ප්‍රශ්න  වලින් එකක් වේ.

මගේ අලුත උපන් දරුවා  දින 4-5 ක් මළපහ  පිටනොකල   විට, මා කුමක් කළ යුතු දැයි තේරුම් ගැනීමට නොහැකි වුනා.

ළදරුවන් වයස මාසයක්   පමණ වන විට, ඔවුන්ගේ බඩවැල් ක්‍රියාකාරිත්වයේ වේගය අඩුවීමට පටන් ගන්නා  නිසා ඔවුන් නිතරම මළපහ පිටකිරීම අඩු වේ.

ඔබේ දරුවා මළපහ  පිටකරන විට  බොහෝ විට කෑගසන්නේ හෝ හඩන්නේ නම්, ඔහු හෝ ඇය දරුණු මලබද්ධ තත්වයකින්  පිඩා විදින බව පෙන්නුම් කරන අතර, ඔබ වහාම ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයාගේ උපදෙස් ලබා ගත යුතුය.

3. අලුත උපන් දරුවා  කිරි වමනය  දැමීම

දරුවාගේ ආදරය

ඔබ ඔබේ දරුවාට මව්කිරි ලබා දී විනාඩි 30 ක් පමණ  වන විට  ඒ සියල්ලම එලියට පැමිණේ.

නරකම කොටස වන්නේ දිනකට මෙය බොහෝ වාර ගණනක් දිගටම සිදුවීමයි. මෙය උපත ලද  වහාම සිට  උපතින් මාස හතරක් යන තුරු මම එය දැක්කා.

මම කනස්සල්ලට පත්ව  වෛද්‍යවරයා  සමඟ කතා කළත්, මගේ දරුවා නිරන්තරයෙන්ම බර වැඩිකර ගන්නා . සතුටෙන්  සිටි දරුවෙක් වු නිසා  වෛද්‍යවරයා පැවසුවේ එහි කනස්සල්ලට කිසිවක් නොමැති බවයි.

බොහෝ අවස්ථාවලදී පෙනෙන්නේ දරුවා ගන්නා  ආහාර සියල්ල ආපසු දමන  බව පෙනේ.

නමුත් සැබවින්ම එය සම්පූර්ණ ප්‍රමාණයෙන් ඉතා කුඩා ප්‍රමාණයක් පමණි . ඔබේ දරුවා බර වැඩි කර නොගනියි නම් , බර අඩු වේ නම්, බොහෝ නිදනසුළු  හෝ බොහෝ විට හඩයි නම්  වෛද්‍යවරයා  හමුවන්න.

ඒ වගේම පහත කාරණා කිහිපය ගැනත් පුංචි දැනුවත් කිරීමක් අපි ඔබට කරනවා.

1.  නොගැඹුරු අසාමාන්‍ය ආශ්වාස ප්‍රශ්වාස කිරීම

අලුත උපන් දරුවාගේ පෙනහළු සමහර විට  සම්පූර්ණයෙන්ම වර්ධනය වෙලා නැහැ.

උපන් වහාම ඒවායේ  සුළු වර්ධනයක් සිදුවීමට තිබෙනවා. ඔවුන්ගේ පෙනහලු තරමක් දුරට ඒවා ක්‍රියාකරන්නේ කෙසේද තාම පුහුණු වෙමින් සිටින අතර අලුත උපන් දරුවාගේ අසාමාන්‍ය ආශ්වාස ප්‍රශ්වාස කිරීමක් තිබිය හැක.

උදාහරණයක් වශයෙන් ගැඹුරු හුස්මක් මෘදු හුස්මක් ලෙස ඔවුන් සාමාන්‍යයෙන් සාමාන්‍ය ආශ්වාස ප්‍රශ්වාස කරනවා දැකිය හැකිය.

මේ සෑම හුස්මකටම අසා සිටින, හුස්ම අප සෑමගේ සේ විධිමත් නොවන බව  කරදරකාරී හැගීමක් ඇති කරගන්නා අලුත් දෙමව්පියන් බියට පත් කරන කාරණයක්ද වෙනවා.

නමුත් අවිධිමත් ආශ්වාස ප්‍රශ්වාස කිරීම සම්පූර්ණයෙන්ම සාමාන්‍ය මෙන්ම බලාපොරොත්තු විය හැකි තත්ත්වයක් ද වෙනවා.

ආශ්වාස ප්‍රශ්වාසයේ අසාර්ථක තාවයක්  නොතිබෙනවා තාක්කල් එය අසාමාන්‍ය ආශ්වාස ප්‍රශ්වාසය තත්වයක් නොවේ.

මෙහෙම කියලා තියනවා.

එක හුස්ම ගැනීමකදී ඕනෑම වෙලාවක ඔබ කණගාටු වෙනවා නම් එසේ  ආරක්ෂිත පියවර පසෙකින්  වැරැද්දක්ද තිබිය හැක.

ඔබ පළමු වරට ඇය මවක් වූ අයෙක් බව වටහා ගැනීමෙන් වෛද්‍යවරයාට සිනහවක් පහළ විය හැක.

ඒ වගේම එහි කිසි වැරැද්දක් නොමැති බවත්  වඩා නරක දෙයක් සිදුවීමට වඩා එය හොඳ බවත් ඔහු සහතික කරාවි.

2. හුස්ම ගැනීමේ දී සුළු  ශබ්දයක් ඇති විම

අලුත උපන් දරුවාගේ මේ හැසිරීම් වලින් ඔබත් බය වුනාද?

ඔබ සුලු ශබ්දයක් පිට වෙනවා ඔබ දුටුවා නම් ඔබේ අලුත උපන් දරුවා සෙම්ප්‍රතිශ්‍යාවට හෝ වෛරස් රෝගයට ගොදුරුවී ඇති බවට කණස්සල්ලට පත්වීමට ඉඩ තියෙනවා.

නමුත් වෙනත් රෝග ලක්ෂණයක් නොපෙනෙනවා නම් ඔබට ඉතා ඉක්මනින් එහි අවසානයක් දැකිය හැකි වෙනවා.

උපතට පෙර හා උපතේ දී පෙනහළු වල ඉතිරි වෙන දියර නිසා අලුත උපන් දරුවන්ට මෙවැනි සුළු තත්ත්වයන් ඇතිවෙනවා.

මෙම දියර ඉවත්  වනතුරු එසේ ශබ්දයක් ඇති වීමට හේතු වෙන්න පුළුවන්.  ඔබ සෑම සුළු ශබ්දයක්ම බලමින් අසමින් සිටින  නිසා  මෙය ඔබට  පෙනෙනවා.

මෙය සෑම ආශ්වාසයක, ප්‍රශ්වාසයක රැඳි නොතිබෙන නිසා වෛද්‍යවරයාගේ නලාවට පවා  නොදැනෙන්න පුළුවන්.

හුස්ම ගැනීමේදී ගැටළුකාරී තත්වයක් මේ ශබ්දය සමග එනවානම් උණ, දහඩිය දැමීම, අසාමාන්‍ය තත්ත්වයක් ඇත්නම් වහාම වෛද්‍යවරයෙක් හමුවන්න.

3. කඳුළු පිරුණු ඇස් /  කඳුළු නාලිකා අවහිර වීම

හඬන්නේ නැති විට පවා කඳුළු නිපදවීම, අප ද්‍රව්‍ය ඉවත් කිරීම, අලුත උපන් දරුවාගේ ඇස් දිලිසෙන සුළු බව ඔබ දැක ඇති. මෙම අපද්‍රව්‍ය වියළී ඔබේ දරුවාගේ ඇස් පිහාටු එකට සම්බන්ධ වීමට ලක් කරනවා. මෙය සාමාන්‍යයි.

බොහෝ දරුවන් ගේ කඳුළු ග්‍රන්ථි  නියමාකාරයෙන් ක්‍රියා කිරීමට පටන් ගෙන නොමැති නිසා ඔවුන්ගේ කඳුළු ග්‍රන්ථි අවහිර විය හැක.

මෙම කඳුළු ග්‍රන්ථි අවහිර වීම වැළැක්වීමට ඇස් පිහාටු වලට  යටින් ඇති නාසය හා ඇස සම්බන්ධ වන ප්‍රදේශය මෘදුව පිරිමදින්න.

එමගින් කදුළු ග්‍රන්ථි ක්‍රියාත්මක වී ඒවා ක්‍රියා කළ යුතු ආකාරයට ක්‍රියා කිරීම ආරම්භ කරාවි.

මේ අතර ඇස් වලින් යම් ගැලීමක් සිදුවනවා නම් මඳ උණුසුම් රෙදි  කැබැල්ලකින් ඇස් මෘදුව පිරිමදින්න.

විශේෂයෙන් ඇස් පිහාටු ප්‍රදේශයේ කබොලක් සේ බැඳී ඇත්නම් මද උණුසුම් රෙදි කැබැල්ලකින් දෑස් මත මද වේලාවක් තැබීමෙන් එම අපද්‍රව්‍ය ( කබ) මෘදුවේ. එකම රෙදි කැබැල්ල නැවත නැවත භාවිතයෙන් වලකින්න.

මෙම කදුළු  ග්‍රන්ථි ආශ්‍රිත ගැටලුව ක්‍රමයෙන් ඒ මගින්ම නිරාකරණය වෙනවා. (පිරිමැදීමෙන් උත්තේජනය කර එය ඉක්මන් කළ හැකය.)

කොහොම නමුත් ඔබේ දරුවාට වසරක් සපිරුන පසුත් එය පවතී නම් වෛද්‍යවරයකු  ගැටළුව කුමක්දැයි පරික්ෂා කිරීමට ඉඩහළ යුතුයි.

99% වු බොහොමයක් දරුවන්ගේ කදුළු   ග්‍රන්ථි  ආශ්‍රිත ගැටලු වසරක් සපිරීම පෙර නිරාකරණය වෙයි. එමනිසා කණගාටු වෙන්න එපා.

මේ වගේ පුංචි පුංචි කාරණා කොයි තරම් නම් අපිව බය කරනවාද? ඒ නිසාම මේ තොරතුරු ඔබ වෙත ගෙන ආවේ the Asianparent Sri Lanka විසිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
  • /
  • අලුත උපන් දරුවාගේ මේ හැසිරීම් වලින් ඔබත් බය වුනාද?
බෙදාගන්න :
  • අලුත උපන් කිරිකැටියා සමඟ ඔබ නොකළම යුතු දේවල් හතරක්

    අලුත උපන් කිරිකැටියා සමඟ ඔබ නොකළම යුතු දේවල් හතරක්

  • අලුත උපන් කිරිකැටියා ගැන ඔබ දැන සිටිය යුතු වැදගත් කාරණා 14 ක්

    අලුත උපන් කිරිකැටියා ගැන ඔබ දැන සිටිය යුතු වැදගත් කාරණා 14 ක්

  • අලුත උපන් කිරිකැටියා සමඟ ඔබ නොකළම යුතු දේවල් හතරක්

    අලුත උපන් කිරිකැටියා සමඟ ඔබ නොකළම යුතු දේවල් හතරක්

  • අලුත උපන් කිරිකැටියා ගැන ඔබ දැන සිටිය යුතු වැදගත් කාරණා 14 ක්

    අලුත උපන් කිරිකැටියා ගැන ඔබ දැන සිටිය යුතු වැදගත් කාරණා 14 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it