theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

තාත්තාගේ දිනපොතෙන්: ඔයාගේ අම්මා වෙනුවට මම ගර්භණි පියෙක් වූවා නම්....

5 අවම කියවීම
තාත්තාගේ දිනපොතෙන්: ඔයාගේ අම්මා වෙනුවට මම ගර්භණි පියෙක් වූවා නම්....තාත්තාගේ දිනපොතෙන්: ඔයාගේ අම්මා වෙනුවට මම ගර්භණි පියෙක් වූවා නම්....

හනේ දෙවියනේ! දස මසක් පුරාවට, මගේ කුස තුළ රඳවාගත් බිලිඳාගේ වගකීම මට තනියෙම ගන්නට සිදු වුනා නම්...  මට මේ දෙය හිතාගන්නවත් බැරි වුනා...

මගේ දරුවා අද එයාගේ හත්වන උපන් දිනය සමරනවා. අලුත් දෙමාපියන්ට නම් මෙය අපුරු ගවේෂණයක්.  මගේ බිරිඳත් මමත් එදා හවස තේ බොමින් සිටියේ. අපි දෙන්නා පසුගිය වසරේ මතකයන් අලුත් කරමින් අපූරු කතා බහක හිටියා.

“මේක හරියන්නේ නැහැ. හැම කටයුත්තක්ම සමව බෙදෙන්න ඕනේ. අපි දෙන්නගෙන් එක්කෙනෙක් ගර්භණි වෙලා අනෙක් කෙනා දරුවාට මවුකිරි දෙන්න ඕනේ.” ඇය කීවා. ම‍ගේ බිරිඳ සිනහසෙමින් කී ඒ කතාව ගැන මම මදක් නැවතී කල්පනා කළා. ඇත්තෙන්ම ඇය වෙනුවට දරුවා කුස දරා සිටියේ මා නම්, ගර්භණි වූයේ මා නම්, තත්වය මොන වාගේ වේවිද? අපි දෙදෙනාගේ කාර්යභාරය සම්පුර්ණයෙන්ම අප දෙදෙනා අතර හුවමාරු වුවහොත් එය මොන වාගේ තත්වයක් වේවිද?

ඇත්තවශයෙන්ම කියනවා නම්, මෙම මුළුමහත් ගර්භණි සමයම මට මහත් වූ ආශ්චර්යයක් සේ හැඟෙනවා. මුලින්ම ගැබිණි වීම සඳහා සියලුම දේවල් නිසි වෙලාවට, නිසි ආකාරයට සිදු විය යුතුයි. සියල්ල නිසි ලෙස සිදු වී, ගර්භණි වූ පසුවත් මවක් සිටින්නේ ඉතාම සුපරික්ෂාකාරිව. දරුවා සැකවින් ස්ථානගත වී සියල්ල සක් සුදක් සේ පිළිවෙලට තිබුනද, මවක් කිසි සේත්ම එය සුළු කොට සලකන්නේ නැහැ. උපරිම ලෙස ප්‍රවේසම් වීමට අමතක කරන්නේ නැහැ.

හනේ දෙවියනේ! දස මසක් පුරාවට, මගේ කුස තුළ රඳවාගත් බිලිඳාගේ වගකීම මට තනියෙම ගන්නට සිදු වුනා නම්...  මට මේ දෙය හිතාගන්නවත් බැරි වුනා.

1 ජෛව ඔරලෝසුව

වයස අවුරුදු 30 ඉක්මවූ පසු මවක් වන්නට පෙරුම් පුරන කාන්තාවකගේ ජිවිතයේ ව්‍යාකුලම අවධියක් ලෙසයි මා මේ අවධිය දකින්නේ. මම මාගේ බිරිඳ වූවා නම් ඇය මුහුණ දෙන්නට ඇති පීඩනය ගැන මට හිතා ගන්නවත් බැහැ! කාන්තාවක් විවාහ වූ සැනින්, අප සමාජය විසින් ‘පවුලක අනාගතය’ නිර්මාණය කිරීමේ සම්පුර්ණ වගකීම පැටවෙන්නේ ඇයගේ හිස මත.  මා දන්නා මිතුරියන් බොහෝ දෙනෙක් විවාහ වී වසරක් ගත වන්නට මත්තෙන් මව් පදවිය ලැබීමට ප්‍රමාද වීම් ගැන උපකල්පන මෙන්ම උසුළු විසුළු වලට පවා පාත්‍ර වුනා.

මෙවන් පීඩනයකට මුහුණ දෙන්නට හැකියාවක් මට තිබේවිද කියා නම් මට හිතා ගන්නට බැහැ. කිට්ටු ඥාතීන්ගෙන් මෙන්ම ආගන්තුකයින්ගෙන් පවා ලක් වන පීඩනයට මවුවරුනි ඔබ, කොහොම මුහුණ දෙනවද කියා මට හිතාගන්නට බැහැ. ඇත්තෙන්ම ඔබ විශිෂ්ඨයි!

2 මුල් ගර්භනී අවධියේදී ඇතිවන ඔක්කාරය

මගේ මුලු ජීවිතය පුරාවටම මට දහ ගමනකට වඩා ඔක්කාරය ඇති වී නැහැ. ඔක්කාරය කියන සිතුවිල්ල පවා මට නුහුරුයි, අප්‍රසන්නයි! එහි ගඳ, පසු රස වගේ සිතිවිල්ලක් පවා මට අප්‍රසන්නයි. මොහොතක වමනයකට පසු හරියට කන්නවත් මට බැහැ.

එහෙම තියෙද්දී මම ගැබිණි වුවහොත්?? ඔව් ඔක්කාරය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකි බව මම පිලිගන්නවා නමුත් මෙයට ගැබිණි මව්වරුන් වැඩි ප්‍රමාණයකටම මුහුණ දෙන්නට සිදු වනවා. කුසේ වැඩෙන දරුවා නිසා මේ තත්වය පාලනය කරන්නට වැඩිය බේත් හේත් ගන්නත් බැහැ. මෙම තත්වයට නිර්භීතව මුහුණ දෙන මව්වරුන්ව මා හදවතින්ම අගය කරන්නේ මේ නිසයි.

3 දිගටම පවතින ඇඟපත වේදනාව

මගේ බිරිඳගේ ගර්භණි අවධියේ දෙවන වාරයේදී තම උදරයේ ඇති වන අමුතු වේදනාවක් ගැන ඇය විටින් විට මට කීවා. එය අස්ථිබන්ධ වල ඇදීමක් ලෙස සිදු වන්නක් කියා දැනගත්තා.

දිනෙන් දින වැඩෙන කලලයට අවශ්‍ය උපකාරක සැපයීමට ශරීරයේ සුදානමක් ලෙස සිරුරේ නොයෙක් අස්ථිබන්ධ හා මාංශපේශි වල ඇදීම් හා වෙනස් වීම් සිදුවන අතර මේ හේතුවෙන් නොයෙක් ශාරීරික වේදනාවන් ඇති වනවා. ඒ විතරක් නම් මොකද? ගර්භණි අවධියේ අවසාන වාරයේදී ගර්භාශයේ පෙර හැකිලීම්, ඉදිමුණු වළලුකර, රිදෙන දෙපා, වේදනාබරිත පියයුරු, කොන්ද රිදීම් ආදී මෙකී නොකී අමාරුකම් වලට මුහුණ දෙන්නට ගර්භණි මවකට සිදු වනවා.

වසර දොළහකට පමණ පෙර මගේ වළලුකර පෙරලුනා. මගේ වළලුකරේ උපරිම වේදනාව මම එදා වින්දා. අහ් ඊට අමතරව මට ඇපෙන්ඩිසයිටිස් ශල්‍යකර්මය කළා. ඒ ගැන විස්තර පසුවට!

වේදනාව දරාගැනීමේ හොඳ ශක්තියක් මට තිබෙන මුත්, විටින් විට පැන නගින මේ වේදනාවල් කෙතරම් පීඩාකාරී ඇත්ද? මේ සියල්ල මධ්‍යයේ, කාන්තාවන්ගෙන් පිරිමින් තරමටම සම ලෙස රාජකාරිය කිරීමට රැකියා ස්ථාන වලින් බලාපොරුත්තු වනවා.

ඇත්තමයි මවුවරුනි! ඔබේ ශක්තිය ඇදහිය නොහැකියි.

4 මග බලා හුන් ප්‍රසුත දිනය

ප්‍රසූත වේදනාව අස්ථි කිහිපයක් එකට බිඳෙද්දී ඇති වන වේදනාව හා සමාන යැයි මම කොතැනක හෝ කියෙව්වා මතකයි.  මෙම වේදනාව කෙබඳුදැයි කියවීමෙන් පමණක් පිරිමියෙකුට ග්‍රහණය කරගන්න අමාරුයි.

එහෙත්, කෙනෙකු කියන්නට පුළුවන් සිසේරියන් සැත්කම් හෝ එපිඩියුරල් ඖෂධ මගින් වේදනාව අඩු කරගන්නට පුළුවන් බව. මේ මොනවා තිබුනත් ප්‍රසුත අත්දැකීම  කිසි සේත්ම වේදනාව රහිත එකක් වන්නේ නැහැ.

සිසේරියන් සැත්කමක් වුවද සිහි නැති කොට සිදු කරන මුත්, සිහිය එමෙන් පසුව වේදනා නාශක භාවිතා කරන්නට සිදු වනවා. මෙම වේදනාව සති කිහිපයක් හෝ මාස කිහිපයක් පුරා පවතින්නේ ඇල වීමේදී, හැරීමේදී, නැමිමේදී හා වාඩි වීමේදී පවා වේදනාවක් ගෙන දෙමින්.

මම වරක් ශල්‍යකර්මයකට භාජනය වුනා. ඒ ඇපෙන්ඩිසයිටිස් ශල්‍යකර්මය. ඉන් ඉතිරි වූ කැළල හුඟක්ම පුංචි එකක්. නමුත් කුඩා බරක් හෝ ඉසිලීමට මා පැකිලුනා.  නමුත් සිසේරියන් ශල්‍යකර්මයකට භාජනය වූ මවකට අනෙකුත් මවුවරුන් කරන සියලුම ක්‍රියා වල නිරත වීමට සිදු වනවා. දරුවා ඉසිලීම, මව්කිරි දීම, නැපි මාරු කිරීම ඇතුළු තව දහසකුත් කාර්යයන් වල නිරත වන්නට ඇයට සිදු වනවා.

මටනම් සාමාන්‍යය ප්‍රසුතියක් කෙසේ වෙතත් සිසේරියන් සැත්කමකටවත් භාජනය වන්නට බැහැ; එපිඩියුරල් දුන්නත් බැහැ.

5 මව්කිරි දීම

කවුරුන් හෝ කියනවා නම් මව්කිරි දීම බොහොම සුළු කාර්යයක් කියා ඒක නිවැරදි මානසික තත්වයකින් කියන දෙයක් නෙවෙයි.  ඕනෑම අම්මා කෙනෙක්ගෙන් ඇසුවොත් කියයි, දරුවාගේ මුඛය මුල් වරට තනපුඩු වලට යොමු කොට මුල් කිරි වේල් කිහිපය දීම කෙතරම් අභියෝගයක්ද කියා. තුවාල වූ හෝ තනපුඩු, ඉදිමුණු පියයුරු, කිරි ගල් වීමේ වේදනා ඇතුළු නොයෙක් අපහසුතාව වලට මුහුණ දෙමින් මවක් තම දරුවාට දිගින් දිගටම මව්කිරි දෙන්නේ ඇයට මොහොතක හෝ කුසගින්නක් නොතිබෙන්නටයි.

මේ තත්ව උඩ මට මව්කිරි දෙන්නට සිදු වුයේ නම්, මගේ දරුවාට උපරිම දෙවේලක් මව් කිරි දීමෙන් පසු මම පිටිකිරි දෙනවා නොඅනුමානයි.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

ආවර්ජනයක්

ඇය හා සිදු කල මේ කතා බහෙන් පිරිමියෙකු වීම කෙතරම් භාග්‍යයක් වන්නේද යන්න මට හැඟුණු නමුත් ගැහැනියක් වීම කෙතරම් උත්තරිතද යන්නයි. ජිවයකට පන පෙවීම කල හැක්කේ ගැහැනියකට පමණයි. එය ලොව කිසිම දෙකට සම කල නොහැකියි. ජිවයකට පන දුන් හෝ පන පොවමින් සිටිනා ආදරණිය මව්වරුනි. මගේ මුළු හදවතින්ම ඔබට හිස නමා ආචාර කරමි.

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • ගර්භණී අවදිය
  • /
  • තාත්තාගේ දිනපොතෙන්: ඔයාගේ අම්මා වෙනුවට මම ගර්භණි පියෙක් වූවා නම්....
බෙදාගන්න :
  • කුස තුළ වැඩෙන පැටියා ගැන පුදුම හිතෙන කාරණා 7 ක්

    කුස තුළ වැඩෙන පැටියා ගැන පුදුම හිතෙන කාරණා 7 ක්

  • දස මාසයක් වු අපූරු චාරිකාව: හත්වන මාසය

    දස මාසයක් වු අපූරු චාරිකාව: හත්වන මාසය

  • කුස තුළ වැඩෙන පැටියා ගැන පුදුම හිතෙන කාරණා 7 ක්

    කුස තුළ වැඩෙන පැටියා ගැන පුදුම හිතෙන කාරණා 7 ක්

  • දස මාසයක් වු අපූරු චාරිකාව: හත්වන මාසය

    දස මාසයක් වු අපූරු චාරිකාව: හත්වන මාසය

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it