theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මාතෘත්වය ගැන අම්මා කෙනෙකුගේ අර්ථකථනය: "මගේ ශරීරය මට නැති වුණා"

4 අවම කියවීම
මාතෘත්වය ගැන අම්මා කෙනෙකුගේ අර්ථකථනය: "මගේ ශරීරය මට නැති වුණා"මාතෘත්වය ගැන අම්මා කෙනෙකුගේ අර්ථකථනය: "මගේ ශරීරය මට නැති වුණා"

හැම උදෑසනකම ඇය ජීවියෙකුට ජීවය දුන් බව මතකයට නැගෙනවා. ලප, ඉරි ගැසුණු, ඇදුණු, එල්ලා වැටෙන ශරීරයක් නැතිනම් ඇයට මේ පුංචි සුරතල් දෝනි ලැබෙන්නෙත් නැහැ. මාතෘත්වයේ මේ එක කොටසක් පමණයි...

ගැබිනි මවගේ ශරීරය වෙනස්වීම හැම උදෑසනකම ඇය ජීවියෙකුට ජීවය දුන් බව මතකයට නගනවා. ලප වැටුණු, ඉරි ගැසුණු, ඇදුණු, එල්ලා වැටෙන ශරීරයක් නැතිනම් ඇයට මේ පුංචි සුරතල් දෝනි ලැබෙන්නෙත් නැහැ. මාතෘත්වයේ මේ එක කොටසක් පමණයි. යුවතියකගේ ජීවිතය සම්පුරණයෙන් වෙනස් වෙන්නේ මව් පදවිය ලැබීමෙන් පසුවයි. ඇය කැමැති වුනත් නැතත් සත්‍ය එයයි.

ගැබිනි මවගේ ශරීරය වෙනස්වීම : එක අම්මා කෙනෙකුට දරාගන්න බැරි වුණා.

ගැබිනි මවගේ ශරීරය වෙනස්වීම

Family share නම් ලිපියේ පැට්‍රීෂියා මේ ගැන කියන්න පැකිලුනේ නැහැ. මට බබෙක් ලැබුණා. දැන් මගෙන් ගන්න දෙයක් නැහැ, ඇය කියනවා.

මේ දැන් ඇය මුහුණ දෙන සත්‍යයි. කණ්නාඩිය ඉදිරියේ හිටගන්න ඇයට මේ මට පෙර තිබුණු ශරීරය නොවන බව ඇයට හැඟෙනවා. සමහර විට වෙනස්කම් මම කවදාවත් අපේක්ෂා කළේ නැහැ. කොටියෙකුගේ වගේ වයිරම් වැටුණු බඩ, අනවශ්‍ය රෝම, සමේ කළු ගතිය, ලප, මෙච්චර දවස් හැඩට ඇඳපු ජීන්ස් මේ සියල්ල ඇයට දරා ගන්නට එකවර අමාරු වෙනවා.

මම දැනගෙන හිටියට වඩා ජීවිතය හුඟක් වෙනස් බව මට දැනෙනවා

ගැබිනි මවගේ ශරීරය වෙනස්වීම

මගේ ශරීරයෙන් වෙනදට වුණ දේවල් වලට වඩා හුඟක් දේවල් වෙනස් වෙලා. කැලරි ඇප් එකට අනුවත් ජිම් එකේ ක්‍රියාකාරකම් වලට අනුවත් හරි බර, හරි හැඩය දැන් පවත්වා ගන්න බැහැ.

ගර්භනී සමයේ පළමු මාස 6 න් පසුව ඇයට දුවන්න බැරි වුණා. මාස 9 යෙදි කිසිවක් ඔසවන්න බැරි වුණා. ඒ අවස්ථාවේ ඇගේ ස්වපරිපූර්ණත්වය, ඇගේ කාය ශක්තිය හා පෙනුම මත තීරණය නොවන බව ඇයට ඉගෙන ගන්න වෙනවා. ගර්භනීත්වය මගේ පිටත වගේම ඇතුලාන්තයත් වෙනස් කළා.

තවත් විදිහකට, ආදරය ලැබෙන්නේ නැහැ කියලා හිතුවත් ආදරය ලැබෙන බවත්, ලස්සන නැහැ කියලා හිතුවට ඇගේ සැමියාට අනුව ඇය ලස්සන බවත් ඇය අවබෝධ කරගන්න ඉගෙන ගන්නවා.

මගේ ශරීරයේ හැම සලකුණකටම මම දෙවියන්ට ස්තූති කරන්න ඉගෙන ගත්තා.

මොකද මේ සලකුණු කැළලි අපි කවදාවත් නොසිතූ විදිහට අපිට ආදරය ගැන කියලා දුන්නා. මම දැන් හිතුවට වඩා ගැඹුර දකිනවා. මම කවදාවත් දන්නැති තැනක මම දැන් සැරිසරනවා වගේ. මම දැන් වෙනස් වෙලා. මම ජීවියෙකුට වැඩෙන්න මගේ ඇඟේ ඉඩ දෙනවා. හරියට එයා ඇටයක් වගේ මගේ ඇඟේ වැඩෙනවා. මම නැතුව ඇය වැඩෙන්නේ කොහොමද?

ඇත්තටම ඇයට දැන් පෙර පැවතී සුකුමාල පෙනුම නැහැ. ඒත් ඇයට ඒ වෙනුවෙන් කියන්න දිගු කතාවක් තියෙනවා.

හැම උදෑසනකම ඇයට දැන් මතක් වෙනවා ඇය ඇගේ ශරීරයේ ජීවියෙකුට ජීවිතය දුන් බව. ඒ කැළලි පිරුණු, ඇදුණු සම නොවුනා නම් ඇයට මේ සොඳුරු කෙළිලොල් සිනහා අසන්නට දකින්නට ලැබෙන්නේ නැහැ. මේ වෙනස්කම් වෙනස් කරන්න හැදුවා නම් මට ජීවියෙක් ලැබෙන එකක් නැහැ.

ගැබිනි මවගේ ශරීරය වෙනස්වීම

හැම ගැහැනියකටම ජීවිතයේ කුළුඳුල් මව් පදවිය කුතුහලය පිරි අත්දැකීමක්. එහෙත් මේ වෙනස් කම් දරා ගන්නේ කොහොමද?

සමහර වෙනස්කම් දරාගන්නත් අමාරුයි. ඒත් මාතෘත්වය වෙනුවෙන් ඇගේ සියලු දේ ඇය කැප කරනවා. සත්‍ය එයයි. කලකදී සිහින්ව තිබුණු ඉඟ දැන් මහත් වෙලා. පැතලියට තිබුණු බඩ දැන් එල්ලා වැටෙනවා. කලු ඉරි ඇඳිලා, දිගට මහතට තිබුණු කොණ්ඩය හැලී යනවා.

මේ දේවල් වලට කරන්න පුලුවන් පිළියම් තියෙනවා. මවක් හැටියට වැදගත් වන්නේ බිළිඳාට ඔබේ අවධානය ලබා දෙනවාත් සමගම ඔබ කෙරෙහිත් අවධානය ලබා දී මානසික සුවතාවය හොදින් තබා ගැනීමයි. නොඑසේ නම් මානසික අවපීඩනයකට (depression) වුනත් මේ දේවල් හේතුවෙන්න පුලුවන්.

දරු උපතින් පසුව ශරීරයේ වෙනස් කම් නැවත් යතා තත්ත්වයට පත් කරගන්නේ කොහොමද?

  • කීගල්(Kegal) ව්‍යායාම කරන්න. මෙම ව්‍යායාම ශ්‍රෝණි ප්රදේශයේ (pelvic area) මාංශ පේශි ශක්තිමත් කරයි. - මේ සඳහා මුත්‍රා පිටවීම වළක්වා ගැනීමට ඔබ භාවිතා කරන මාංශ පේශි තද කර ගන්න. මාංශ පේශි තත්පර 10 ක් තදින් අල්ලාගෙන නිදහස් කරන්න. මෙය වරකට 10 වතාව බැගින් දවසට තුන් වතාවක් කරන්න.
  • ඔබේ සම මත කීම් හෝ බොඩි ඔයිල් භාවිතා කරන්න. මෙයින් සමෙහි ඇති ඉරි පැල්ලම්
    (ස්ට්‍රෙට්ච් මාක්ස්) තනිකරම ඉවත්ව නොයනු ඇත. සමෙහි වියළි ගතිය, අව පැහැය අඩු වී ඒ සමඟ ඇති කැසීම අඩු කිරීමට මෙවන් ආලේපන උදව් වෙයි. බ්ලීචින් ක්‍රීම් මේ සඳහා සුදුසු නැහැ. දරුවාට මව්කිරි දීමේදී සහ කුඩා බිළිඳන් ඇසුරු කිරීමේදී එය අහිතකර වන්නට පුලුවන්.
  • හිසකෙස් යාම අඩු කර ගැනීමට කැල්සියම් සහ විටමින් ඊ වැඩිපුර ලබා ගන්න. වැඩිපුර
    ජලය පානය කරන්න. ඉඳහිට හෝ හොට් ඔයිල් සත්කාරය කරන්න.
  • හැකිතාක් මව්කිරි දෙන්න. එමගින් ඔබේ බර යම් තාක් ප්‍රමාණයකට අඩු වෙයි. බර අඩුකර ගැනීමට ව්‍යායාම කළ හැකි නමුත් ඔබ මව්කිරි දෙනවා නම් ආහාර පාලනයකට යා නොහැකියි.
  • ශ්‍රෝණි පෙදෙසේ කැක්කුම් සඳහා අයිස් පැක් භාවිත කරන්න.
  • යම් හෙයකින් මානසික අවපීඩනයක්, කනස්සලු භාවයක් දැනේ නම් හැකි ඉක්මනින් වෛද්‍යවරයා මුණ ගැසෙන්න.

වෙනස් වුණු ඔබේ ශරීරය නැවත පෙර සේම තබා ගන්නට බැරි කමක් නැහැ. එහෙත් එය ඉතා ඉක්මනින් සිදු වන දෙයක් නෙවෙයි. මේ වෙනස් කම් ආඩම්බරයෙන් විඳ දරාගන්නට හැකිනම් මානසික අවපීඩනයකට ලක් වන එක වලක්වා ගන්න පුලුවන්. දහසකුත් අම්මාවරුන්ගේ සත්‍ය අත්දැකීම මෙයයි.

එවන් අම්මාවරුන්ට ශක්තියක් දෙන්න theAsianparent Sri Lanka මේ ලිපිය පෙළ ගැස්වූවා.

 

theAsianParent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ

සංස්කරණය - බෝසඳුන් ගුණසේකර 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nisansala Liyanage

  • Home
  • /
  • මව්පදවිය
  • /
  • මාතෘත්වය ගැන අම්මා කෙනෙකුගේ අර්ථකථනය: "මගේ ශරීරය මට නැති වුණා"
බෙදාගන්න :
  • මාතෘත්වය ඔබේ මනසට බලපාන්නේ කොහොමද?

    මාතෘත්වය ඔබේ මනසට බලපාන්නේ කොහොමද?

  • කිසිවෙකු කථා නොකරන මාතෘත්වයේ ශෝචනීය  පැතිකඩ

    කිසිවෙකු කථා නොකරන මාතෘත්වයේ ශෝචනීය  පැතිකඩ

  • මාතෘත්වය ඔබේ මනසට බලපාන්නේ කොහොමද?

    මාතෘත්වය ඔබේ මනසට බලපාන්නේ කොහොමද?

  • කිසිවෙකු කථා නොකරන මාතෘත්වයේ ශෝචනීය  පැතිකඩ

    කිසිවෙකු කථා නොකරන මාතෘත්වයේ ශෝචනීය  පැතිකඩ

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it