theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අලුත් නංගි හරි මල්ලි හරි ආවහම ලොකු බබාට ඉරිසියා හිතිලද?

5 අවම කියවීම
අලුත් නංගි හරි මල්ලි හරි ආවහම ලොකු බබාට ඉරිසියා හිතිලද?අලුත් නංගි හරි මල්ලි හරි ආවහම ලොකු බබාට ඉරිසියා හිතිලද?

සහෝදර බැඳීම ඇති කිරීමට ඇත්තටම ඔබ කළ යුත්තේ මොනවද?

සහෝදර බැඳීම කියන්න‌ේ අද අපි කතා කල යුතු තවත් වැදගත් මාතෘකාවක් ‌නේද?

අලුතින් ගෙදරට සාමාජිකයෙකු එකතුවීම දරාගැනීම වැඩිමහල් දරුවන්ට සමහර විට අපහසු කාරණයක්.

ඔවුන්ට ඇතිවෙන මේ ඉරිසියාව නැති කරන්න ඔබට කළහැකි දේවල් ගැන අපි කතා කරන්න හිතුවා.

ඔබ ඔබේ කාර්යාලයට දවසක් ගිය විට ඔබේ ප්‍රධානියා ඔබට කියනවා “ඔන්න අද ඉඳන් අලුත් කෙනෙක් ඔබේ වැඩ ටික කරන්න එනවා” ඔබට හිතෙන්නේ මොනවද?

ඒ විතරක් නෙමෙයි එයා දිගටම ඔයත් එක්ක වැඩ කරනවා. ඔය දෙදෙනා හොඳම මිතුරියන් විය යුතුයි”. දැන් ඔබට හැඟෙන හැඟීම කොයි වගේද?

දරුවන්ටත් මේ විදිහට ඔබේ පවුලට අලුත් සාමාජිකයෙකු එක්වූ විට දැනෙන්න පටන් ගන්නවා.

වැඩිහිටියන්ට වඩා මෙවැනි දෙයක් දරාගැනීමට දරුවෙකුට අමාරු වන්නේ හැම දෙනෙකුගේම අවධානය ලැබෙන නිසයි.

දෙමාපියන් ලෙස ඔවුන්ගේ මේ ඉරියව් නැති කරන්න අපිට කළ හැකි දේවල් තිබෙනවා. මේ එවැනි සුලබ චෝදනාවන් කිහිපයක් හා ඒ වෙනුවෙන් ඔබට කළ හැකි දේවල්.

සහෝදර බැඳීම තුල නිතර නැග‌ෙන ච‌ෝදනා

1

වැඩිමහල් දරුවා : ඇයි මට විතරක් හැම තිස්සෙම ශබ්ද නොකර ඉන්න කියන්නේ.

දරුවන් නිතරම සන්සුන්ව ඉන්නේ නැහැ. ඒ වගේම පවුලට අලුතින් සාමාජිකයෙකු ආවහම මේ තත්වය තවත් වෙනස් වෙන්න පුළුවන්.

වෙනදට ශබ්ද නගා සෙල්ලම් කළ දරුවා ශබ්ද නගන සෙල්ලම් බඩු නොදී ඔබේ දරුවාට එසේ නොකරන ලෙස කීම ඔහුගේ ලෝකය උඩු යටිකුරු වීමක් වන්නට පුළුවන්.

ඒ වෙනුවට උත්සාහ කරන්න : ඔහුට ඇහෙන්න අලුත් බබාට කතා කරන්න.

අලුත් බබාට කියන්න පවුලේ හැමෝම වැදගත් අය වගේම අයියා අක්කා හුඟක් වැදගත් අය කියලා.

ඒ නිසා ඒ ගැන එයා සිතිය යුතු බව කියන්න.

මේ වෙලාවේ අලුත් පැටියා තද නින්දක හිටියත් වැඩිමහල් දරුවන්ට හිතෙනවා එයාට වගේම නංගිවත් වෙනස් කරගන්න පිළිවෙත් තියෙනවා කියලා.

වැඩිමහල් දරුවා : දැන් කවුරුත් මාව බලාගන්නේ නැහැ

හැමදේම ඉටුව තිබුනත් ඒ බව දරුවන්ට දැනෙන්නේ නැහැ.

ඔවුන් නිතරම බලන්නේ ඔවුන් ඔබේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියලයි.

පුංචි නංගිගේ ඩයපර් එක අස්කරන තුරු ටිකක් ඉන්න කියලා වැඩිමහල් දරුවන්ගේ ඉල්ලීම ප්‍රයෝගික වුනත් එය ඔහුට හැඟෙන්නේ ඔහුව පහර හැරියා වැනි හැඟීමක් ඔහුට ඇතිවෙන්න පුළුවන්.

උත්සාහ කර බලන්න : වැඩිමහල් දරුවා වෙනුවෙන් විශේෂ කාලයක් වෙන් කරන්න.

ඔහු සමග මුහුදු වෙරළට යන්න නැතිනම් ළමා චිත්‍රපටයක් බලන්න හෝ ඔහු කැමති දෙයක් වෙනුවෙන් කාලය ගත කිරීම කරන්න පුළුවන්.

වඩා වැදගත් වන්නේ දෙමාපියන් තමා වෙනුවෙන්ම කාලයක් වෙන්කළ හැකි බවට අවබෝධයක් ඇතිවීමයි.

ඔහු වෙනුවෙන් දුරකථනය සීමා කිරීම, නිවාඩුවක් ගැනීම වැනි දෙයකින් ඔබට ඔහු සුවිශේෂී අයෙකු බව හැඟවීම වැදගත්.

සහෝදර බැඳීම තුල නිතර නැග‌ෙන ච‌ෝදනා

2

වැඩිමහල් දරුවා : ඒක මගේ

බෙදාගැනීම අසීරු දෙයක්. මෙතරම් කාලයක් තමන්ට හැමදේම අයිති වුනත් දැන් තවත් කෙනෙකු සමග එය බෙදාගන්නට සිදුවීම දරුවාට වේදනාවක්.

ඒක හරියට තුවාලයකට ලුණු ටිකක් දමනවා වගේ වේදනාවක්.

බෙදාගැනීම ඉගැන්වීම හොඳ වුනත් මේ අවධියේදී එය දරුවා තුළ ඉරිසියාව තවත් වර්ධනය කරන්නට සමත්වන දෙයක් වෙනවා. එය තමන් කළයුතුම දෙයක් දැයි ඔහු සිතන්නට පෙළඹෙනවා.

උත්සාහය : දරුවාට ඔහුට අයිති දේවල් ගැන අයිතිය දක්වන්නටත් ඔහු බෙදාගන්න කැමති දේවල් ප්‍රකාශ කිරීමටත් ඔහුට අවස්ථාවක් දෙන්න පුළුවන්.

ඉන් ඔහුට නිදහසක් හා තීරණ ගැනීමේ අයිතියක් ලැබීමෙන් ඔහු තුළ ඇති පීඩනය අඩු වන්නට පුළුවන්.

ඒ වගේම ඔවුන් ඒත් ප්‍රතික්ෂේප කරයි නම් ඔහුගේ මතයට ගරු කිරීම වැදගත්. ඔවුන්ගෙන් දෙයක් උඳුර ගන්නවාට වඩා එය බෙදාගැනීමේදී ඇතිවන සතුට පෙන්වා දෙන්න උත්සාහ කරන්න. 

වැඩිමහල් දරුවා : ඔයා වැඩියෙන්ම ආදරේ මටද අලුත් බබාටද?

මේක ටිකක් උපක්‍රමශීලි ලෙස නගන ප්‍රශ්නයක් වන්නට පුළුවන්.

මම හැමෝටම එක වගේ ආදරෙයි වැනි පිළිතුරක් දුන්නොත් දරුවා තවත් අපහසුවට පත් වෙනවා.

උත්සාහය :ඊට වඩා ඔබ ඔහුට විශේෂයෙන් ආදරය දක්වන බව කියන්න පුළුවන්.

නමුත් අපි අලුතෙන් ආපු නංගිටත් ආදරය කළ යුතු බව කියා දෙන්න. හැම දරුවන්ටම එක වගේ නොවන නිසා ඔවුන්ට එය වටහා ගන්න කාලයක් ලබාදෙන්න.

වැඩිමහල් දරුවා : අම්මට දැන් මාත් එක්ක ඉන්න වෙලා නැහැ.

මේක දරුවන් තුළින් නැගෙන සුලබ ප්‍රශ්නයක්.

උත්සාහ කරන්න: බබාව බලාගන්නකොට ඔහුගෙනුත් උදව් ලබාගන්න. ඔහුට මුල්තැන දෙන්න.

“ ඇයි දන්නේ නැහැ මල්ලි අඬන්නේ”. මල්ලි අඳින ඇඳුම් තෝරන්න ඔහුට අවස්ථාව දෙන්න.

අලුත් මල්ලි එක්ක බැඳීමක් ඇතිකරගන්න ඔහුට කාලයක් හා අවස්ථාවක් දෙන්න. යම් සබඳතාවයක කොටස්කරුවෙකු වන විට ඒ ගැන ඊර්ෂියා සිතීම අපහසු වෙනවා.

දරුවන් අතර ආදරය ඇති කරමු

3

දරුවන් අතර ඇතිව‌ෙන ඊර්ෂියාව නැති කරන්න හ‌ෝ වැඩි කරන්න පුළුවන් ද‌ෙමව්පියන්ටම තමයි. මෙය කුඩා කාලයේ  සිට දරුවන් අතර ඇති කල යුතුම ‌දෙයක්. ඒ සදහා ‌‌දෙමව්පියන්ට ගන්න පුළුවන් පියවර කිහිපයක් ‌මෙන්න,

  •  එක දරුවෙක් වර්ණනා කරද්දී අනෙක් දරුවාද එයට සම්බන්ධ කරගන්න." හොද පුතා ඔයත් අක්කා වගේ හොද දරුවෙක්
  •  යමක් දරුවන්ට දෙන විට අක්කාට මල්ලීට ලෙස නම් කර දෙනු වෙනුවට, මෙන්න පුතේ මල්ලීත් එක්ක බෙදා ගෙන කන්න.
  • එක එක දරුවන්ගේ වැඩ සදහා අනෙක් දරුවන් හවුල් කරගන්න.පුංචි පුංචි වැඩ ඔවුන්ට පවරන්න. එන්න පුතේ අපි මල්ලිව නාවමු.ඔයා මට උදව් කරන්න මේ බාත් ෂීට් එක අල්ලගෙන ඉන්න.
  • දරුවන්ට යමක් ලබා දීමේදී වැඩිමල්භාවය හෝ ස්ත්‍රි පුරුෂ භාවය සලකා විශේෂත්ව දැක්වීමෙන් වලකින්න.දෙදෙනාටම සමානව සැලකීමෙන් ඔවුන් සමානාත්මතාවය පුරුදු වේ.
  • හැකිනම් බෝවෙන රෝග නොමැති අවස්ථා වල දරුවන්ගේ කටයුතු එකට කරන්න .එක්කෙනෙකුට වත් විශේෂත්වයක් නොදක්වා එක පිගානේ කෑම බෙදා ගෙන එක වේලක්වත් ඔබට ඔවුන්ට කැවිය හැක. එය ඔවුන්ට විනෝදජනක අත්දැකීමක් වනු නොඅනුමානය.

ඕනෙම පවුලක අලුත් සාමාජිකයෙකු එක්වන විට වැඩිමහල් දරුවන් හැසිරීම් හැඟීම් වල වෙනසක් ඔබ බලාපොරොත්තු විය යුතු වගේම ඊට ඔබ තුළ හොඳ පෙර සූදානමක් තිබීම වැදගත්. ඒ වෙනුවෙන්  Asianparent Sri Lanka මේ ලිපිය සකස් කළා.  

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • දරුවන්
  • /
  • අලුත් නංගි හරි මල්ලි හරි ආවහම ලොකු බබාට ඉරිසියා හිතිලද?
බෙදාගන්න :
  • පෙබරවාරි මාසයේ උපන් බබාලා ගැන ඔබ නොදන්නා අපූරු කරණා 7 ක්

    පෙබරවාරි මාසයේ උපන් බබාලා ගැන ඔබ නොදන්නා අපූරු කරණා 7 ක්

  • අලුත උපන් දරුවාගේ මේ හැසිරීම් වලින් ඔබත් බය වුනාද?

    අලුත උපන් දරුවාගේ මේ හැසිරීම් වලින් ඔබත් බය වුනාද?

  • පෙබරවාරි මාසයේ උපන් බබාලා ගැන ඔබ නොදන්නා අපූරු කරණා 7 ක්

    පෙබරවාරි මාසයේ උපන් බබාලා ගැන ඔබ නොදන්නා අපූරු කරණා 7 ක්

  • අලුත උපන් දරුවාගේ මේ හැසිරීම් වලින් ඔබත් බය වුනාද?

    අලුත උපන් දරුවාගේ මේ හැසිරීම් වලින් ඔබත් බය වුනාද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it