theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අම්මායි තාත්තයි එක්ක නින්දට ගිය අලුත උපන් පුංචි පැටියා මිය ගියේ කොහොමද?

4 අවම කියවීම
අම්මායි තාත්තයි එක්ක නින්දට ගිය අලුත උපන් පුංචි පැටියා මිය ගියේ කොහොමද?අම්මායි තාත්තයි එක්ක නින්දට ගිය අලුත උපන් පුංචි පැටියා මිය ගියේ කොහොමද?

ඇයව ‌රෝහලට ‌ගෙන යනවිටත් ප්‍රමාදයි. ඒ පුංචි මල අකලට මිලින වුනා.

බබා නිදාගැනීම ගැන හැමදාම හිතන අම්මලාට හිතන්න අවශ්‍ය තවත් පැතිකඩක් නිරාවරණය වු සිදුවීමක් පසුගිය කාලේ සිදුවුනා.

කථාව ඛේදනීය වුවත් එහි ඇතුලාන්තය අපට පහදා දෙන තිත්ත ඇත්ත ගැන ඔබට අපි මෙලෙස මතක් කරන්න කැමතියි.

ඉතින් අම්මාගෙයි තාත්තාගෙයි ඇස් වල කදුළු තියලා ‌ ‌නොසිතු ‌මොහොතක ඉරණම් ගමනක් ගියේ පහුවදා ඇස් යලි විවර කරන්නට තිබු වාසනාව අහිමි කර ගනිමින්.

‌මේ දින 36 ක් වු පුංචි ළදැරියගේ කදුලු කථාවයි.

ජූනි 20 අඟහරුවාදාට හිරු උදා වුයේ තවත් ඛේදවාචකයකට පණ පොවමිනි.

සිය දෙමව්පියන් සමග එකම යහනක නිදාගත් දින 36 ක් වයසැති අලුත උපන් බිළිදාට පසුදා පහන් වුනේ නැහැ.

ඇය සදහටම දෙනෙත් පියාගෙන තිබුනා. 

අම්මායි තාත්තයි එක්ක නින්දට ගිය අලුත උපන් පුංචි පැටියා මිය ගියේ කොහොමද?

 එක්ව නිදා ගත් බබා අවාසනාවන්ත ලෙස මිය ගියා

ස්ට්රයිට්ස් ටයිම්ස් මේ පිළිබදව මෙසේ වාර්තා කරනවා. 

දරුවාට මව්කිරි දෙන්න පහසු නිසා ඇයව සිය යහනේම නිදි කරවා ගන්න මෙම දෙමව්පියන් තීරණය කර තිබුනා. 

උදෑසන අවදිවු පියාට යම් කිසි අමුත්තක් දැනුනා. ඒ ඔහුගේ පුංචි දියණිය හුස්ම නොගන්නා බව දුටු විටදියි.  

ඇයගේ දෙමව්පියන් තම දරුවා රෝහලට වහාම ගෙන ගියා. නමුත් ඒ වන විටත් ප්‍රමාද වැඩියි.

ස්ට්‍රේට්ස් ටයිම්ස් පුවත්පත වාර්තා කරන පරිදි දරුවා මියගොස් තිබුනා. 

දරුවාගේ මරණය සම්බන්ධයෙන් පොලිසිය මේ වනවිටත් පරීක්ෂණ පවත්වනවා.

බබා නිදාගැනීම: දරුවා ඔබගේ යහනේ නිදි කරවීමේදි කළ යුතු හා නොකළ යුතු දේවල්

අම්මායි තාත්තයි එක්ක නින්දට ගිය අලුත උපන් පුංචි පැටියා මිය ගියේ කොහොමද?

ඔබේ දරුවා ඔබ සමඟ නිදාගනිද්දි නින්ද අහිමි වූ ඔබට අවශ්‍ය විවේකය ලබා දෙන බව ඇත්තයි.

ඒ වගේම මෙසේ එකට නිදා ගැනීම රාත්‍රීයට මව්කිරි දීමේ පහසුව හා ළදරුවාගේ ආරක්ෂාව පිළිබඳ වැඩි හැගීමක්  ඇතුළුව ප්‍රතිලාභත් ලබා දෙනවා තමයි. 

නමුත් දරුවාගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා, එක්ව නිදාගැනීමේදීද අනුගමනය කල යුතු පැහැදිලි නීති කිහිපයක්ද තියෙනවා.

සමහර ප්‍රවීණයන් තම දෙමව්පියන් සමඟ ළදරුවන් නිදා ගැනීමට සම්පූර්ණයෙන්ම විරුද්ධයි.

වැඩිහිටියෙකු පහසුවෙන් කුඩා දරුවෙකු මතට පෙරළීමෙන් දරුවාගේ හුස්ම හිර වෙන්න පුළුවන්.

මෙම අවදානම ඇඳ ඇතිරිලි වලද පවතීනවා. නමුත් අනෙක් අය උපදෙස් දෙන්නේ එසේ නිදා ගැනීමේදී ඔබ ප්‍රවේශමෙන් කටයුතු කල යුතු බවයි.

නොට්රේ ඩේම් විශ්ව විද්‍යාලයේ, මව්-ළදරු නින්ද පිළිබඳ චර්යාත්මක අධ්‍යයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක සහ මානව විද්‍යාඥ මෙන්ම  Sleeping with Your Baby පොතේ ලේඛකයා වන වෛද්‍ය ජේම්ස් මැකේනාගේ ආරක්ෂිත උපදෙස් කිහිපයක් මෙන්න.

ඔබේ කුඩා දරුවා සමඟ නිදා ගැනීමට හොඳම ක්‍රමය ලෙස බිම හෝ කාමරයේ මැද මෙට්ටයක් දමා ගෙන නිදා ගැනීම වෛද්‍ය මැකේනා පෙන්වා දෙනවා.

බබා නිදාගැනීම ගැන සැලකිලිමත් විය යුතු කරුණු

අම්මායි තාත්තයි එක්ක නින්දට ගිය අලුත උපන් පුංචි පැටියා මිය ගියේ කොහොමද?

  • ඔබේ ඇඳෙහි ඉහළ හා පහළ ඇද විට්ටම් තදින් සවි කර ඇති බවට සහතික වන්න.එවිට පරතරයක් ඇතිවි ඔබේ දරුවා එයට වැටීම වළක්වාගන්න පුළුවන්.
  • ඇඳට ආධාරක වැටක් යෙදිය හැකි නම් ඔබේ දරුවා ඇදෙන් වැටීම වළක්වා ගන්න පුළුවන්. 
  • වැඩිහිටි ඇඳක කිසි විටෙකත් දරුවෙකු තනිව තබන්න එපා. 
  • අලුත උපන් දරුවන් සමඟ නිදාගැනීමෙන් වළකින්න.
  • හුස්ම හිරවීමේ අවදානම වැඩි කළ හැකි ජලය සහිත මෙට්ට  ඇඳන්, පිර වු කොට්ට හෝ ඝන ඇඳ ඇතිරිලි දරුවාට හුස්ම හිරවීමේ අවදානම වැඩි කරනවා.
  • කාමරයේ උෂ්ණත්වය අධික වීමට ඉඩ නොතබන්න. අධික ලෙස රත් වීම නිසා හදිසියේ ළදරු මරණ සින්ඩ්‍රෝමය ඇතිවෙන්න පුළුවන්.
  • ළදරුවන් සෑම විටම උඩු අතට නිදිකරවන්න.
  • වෙනත් දරුවෙකු හෝ සුරතල් සතෙකු සිටී නම් කිසි විටෙකත්  ඔබේ දරුවා එම ඇඳේ නොතබන්න.

ළදරුවන් මෙලෙස නින්දෙන් මිය ගිය පලමු අවස්ථාව මෙය නොවේ.

සමහර දරූවන් සිය මවට පියාට යට වී හුස්ම හිරවීමෙන් මිය යනවා.

තවත් සමහර දරුවන්  හදිසි ළදරු මරණ සින්ඩ්‍රෝමය නිසා සිය යහන තුලම අවසන් ගමන යනවා.

මීට අමතරව කිරි සිරවීමෙන් මෙන්ම ඇද ඇතිරිලි වලට දරුවාට හුස්ම හිර වී මිය යනවා.

දරුවා සමග එක්ව නිදාගන්නා විට දෙමව්පියන් ලෙස ඔබ ගොඩාක් සැලකිලිමත් විය යුතුයි.

අපේ පහසුව ගැන සිතා දරුවා යහනට ගත්තද නැතිනම් දරුවා ගැන සිතා දරුවා යහනින් තැබුවද යථාර්තය නම් නින්ද ලිය විට සිදුවෙන අනතුරු ඔබට වළක්වන්න බැරි බවයි.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

ඒ නිසා හැකි සෑම විටම ඔබේ දරුවා ඔබේ ඇද අසල තැබු ළදරු ඇදක හෝ තොටිල්ලක ආරක්ෂිතව තබන්න.

අහිමි වු මෙම කුඩා ජීවිතය ගැන theAsianparent Sri Lanka  හි අපි අතිශයින් කණගාටු වෙනවා. දෙමව්පියෙනි, මෙම කනගාටුදායක කතාව ඔබේ දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් පාඩමක් ලෙස සිතන්න. සෑම විටම ආරක්ෂිතව නිදා ගැනීමට පුරුදු වන්න. අල්‍රත් දෙමව්පියන් වන ඔබේ මිතුරන්ටද  මෙම පණිවුඩය කියන්න.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • අම්මායි තාත්තයි එක්ක නින්දට ගිය අලුත උපන් පුංචි පැටියා මිය ගියේ කොහොමද?
බෙදාගන්න :
  • දරුවාගේ ආරක්ෂාව හීන කරන ඔබේ පැටියාට මේක නම් කරන්න ඉඩක් තියන්න එපා

    දරුවාගේ ආරක්ෂාව හීන කරන ඔබේ පැටියාට මේක නම් කරන්න ඉඩක් තියන්න එපා

  • වැරදීමකින්වත් බබාව ඇඳුම් මාරු කරන මේසය මත තනියම තබා යන්න එපා

    වැරදීමකින්වත් බබාව ඇඳුම් මාරු කරන මේසය මත තනියම තබා යන්න එපා

  • දරුවාගේ ආරක්ෂාව හීන කරන ඔබේ පැටියාට මේක නම් කරන්න ඉඩක් තියන්න එපා

    දරුවාගේ ආරක්ෂාව හීන කරන ඔබේ පැටියාට මේක නම් කරන්න ඉඩක් තියන්න එපා

  • වැරදීමකින්වත් බබාව ඇඳුම් මාරු කරන මේසය මත තනියම තබා යන්න එපා

    වැරදීමකින්වත් බබාව ඇඳුම් මාරු කරන මේසය මත තනියම තබා යන්න එපා

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it