අලුත උපන් කිරිකැටියා සමඟ ඔබ නොකළම යුතු දේවල් හතරක්

lead image

පුංචි දරු පැටවු පරෙස්සමෙන් බලාගන්න අපිට ඇප කැප වෙන්න වෙනවා. ඒ නිසා ඔවුන් සමග ඔබ නොකළ යුතු මේ කරණා 4 ගැන සැලකිලිමත් වෙන්න.

ඔබ ඔබේ අලුත උපන් බබා අරගෙන ඉස්පිරිතාලෙන් ගෙදර එනකොට ඔබට හැමදේම කියලා දෙන්න වෛද්‍යවරයාට අවස්ථාවක් නොලැබෙන්න පුළුවන්. පුංචි පැටවු හරියට සුර ලොවින් අපිට ලැබෙන තෑග්ගක් වගෙයි. අපේ ගෙදරට සතුට, සිනහව රැගෙන ඔවුන් ආවහම ඔවුන් හරිම පරෙස්සමෙන්, ආදරෙන් බලාගන්න අපිට ඇප කැප වෙන්න වෙනවා.

ඒ නිසාම පුංචි පැටියා සමග ඔබ නොකළ යුතු මේ කරණා 4 ගැන සැලකිලිමත් වෙන්න

1. අලුත උපන් බබා නිදි කරන විට...

පැටියා මුනින් අතට නිදාගන්න බොහෝ අවස්ථාවන් වලදී පුංචි පැටවුන් නින්දේදීම මෙලොවින් සමුගන්න අවස්ථාවන් අපි කොතෙකුත් අහල තියෙනවා.

මින් සමහර මරණ වලට හේතු කිරි හිරවීම, ගෙල සිරවීම, හුස්ම හිරවීම, අවදානම් ආකාරයට තැබීම ආදීයයි. 

සමහර දරුවන් ඉතා අනපේක්ෂිත ලෙස මරණයට පත් වන අවස්ථාවන්ද අසන්නට ලැබෙනවා. මෙය sudden infant death syndrome (SIDS) ලෙස හඳුන්වනවා.

නමුත් ඔබේ පැටියා ආරක්ෂාකාරී ලෙස නිදි කරවිය හැකි ක්‍රම ඔබට හුරු වෙන්න පුළුවන්. The American Academy of Pediatrics සඳහන් කරන්නේ නිරෝගී දරුවෙකු නිදි කරවිය යුතු හොඳම ක්‍රමය වන්නේ ඔහු උඩු අතට නිදි කරවීම ලෙසයි. 

මෙය දරුවෙකු නිදි කළ හැකි නිරෝගීම හා සුදුසුම ක්‍රමය ලෙස හඳුන්වනවා.

නමුත් මුනින් අතට බඩ යටකරගෙන ඉන්න පැටියාට අවස්ථාවක් දෙන්න, එකට ඔවුන් නොනිදා ඉන්න වෙලාවට පුළුවන්.

මේ ඉරියව්ව නිසා පැටියාගේ බෙල්ලෙහි මාංශ පේශීන් ශක්තිමත් වන අතර හිසෙහි ඕනෑවට වඩා පැතලි තැන් ඇති වන්නේත් නැහැ.

මේ වෙලාවට පැටියා ළඟ ඉන්න ඔබ අමතක කරන්න එපා. දරුවා නින්දෙන්ද, අවදියෙන්ද කියලත් හොඳින් අවධානයෙන් සිටීම වැදගත් වෙනවා.

2. අලුත උපන් බබා සිපගන්න හැමෝටම ඉඩ දෙනවද?

හිතල බලන්න අවට කෙතරම් නම් විෂබීජ තියෙනවද කියලා.

මේ අහිතකර බැක්ටීරියා හා විෂබීජ මගින් පළමු සති කිහිපය තුළ දරුවාට යම් දරුණු අසාධන තත්වයන් ඇති විය හැකියි.

සිප ගැනීම හා නොසේදු අත් වලින් දරුවාට නොසිතන රෝගාබාධ ඇතිවිය හැකියි. පුංචි පැටියාගේ ප්‍රතිශක්තිකරණ ශක්තීන් එයා වගේම හරිම පුංචියි.

ඉතින් ඉතා සුළු විෂබීජයක් වුනත් දරාගන්න තවම එයාට ශක්තිය නැහැ.

පැටියව බලන්න එන අමුත්තන්ට ඔබට ඉතා දයාබර ලෙස එයාව සිප නොගන්න ලෙස ඔබට ඉල්ලන්න පුළුවන්.

අනික අම්මා හැටියට ඔබට ඊට සම්පුර්ණ අයිතිය තියෙනවා.

ඒ වගේම එයාව අතට ගන්නවා නම් දෑත් සේදීම කළ යුතු බවත් පැවසීමට ඔබ පැකිලිය යුතු නැහැ.

ඔවුන් අසනීපයෙන් නම් වෙනත් දවසක දරුවා පෙන්විය හැකි බව ඔබට කියන්න පුළුවන්.

මෙවැනි ඉල්ලීම් කිරීම නිසා අන් අය ඔබ ඕනෑවට වඩා නීති රීතී පිළිපදින්න යන අලුත් අම්මා කෙනෙක් හැටියට හිතයි කියලා පසුතැවෙන්න එපා.

දරුවාව අනතුරේ දමා අන් අයව සැනසීමට මෙය කිසිසේත්ම අවස්ථාව නොවන බව ඔබ සිතන්න. බුද්ධිමත් නෑදෑයන්, මිතුරු මිතුරුයන් මේ බව පසුවී හෝ වටහා ගනීවි.

අලුත උපන් බබා

3. කිලිටි ඩයපර්ස් හා නැප්කින් බොහෝ වෙලාවක් තැබීම සුදුසුද?

මෙය නිකන් මොලය නැතිව කියන කාරණයක් යැයි කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් මෙය මතක් කල යුතු කාරණයක්. ඔවුන්ගේ කැත කුණු අපිට හරි පොඩ්ඩක් වගේ හිතුනට මාස 6 ක පුංචි පැටියෙක්ට වඩා අලුත උපන් පැටියෙක් ඊට වැඩියි. ඔවුන් වැඩි වාර ගණනක් මළ, මුත්‍රා පිට කරනවා.

නිතරම මේ ගැන අවබෝධයෙන් සිටීමත් නිසි වෙලාවට නැප්කින් හෝ ඩයපර් එක මාරු කිරීමත් පැටියට හරිම වැදගත් වගේම සනීපයක් සැහැල්ලුවක් දැනෙනවා. මේ නිසා ඔබේ පැටියට ඇති විය හැකි නැපි රෑෂ් වලින් වළකා ගන්නත් පුළුවන්.

4. ඕනෑවට වඩා ඇඳුම් අන්දවන්න ඕනෙද?

අලුතෙන් මේ ලෝකෙට එන පැටියට සීතල දැනෙනවා වැඩියි. එත් ඒ කියලා ඉතා ඝනකම් ඇති ඇඳුම් එයාට අපහසුවක් දැනෙන්න පුළුවන්.

අනික ඒ ගැන හරියට සැලකිලිමත් නොවුනහොත් පැටියාට උණ තත්වයන් වුනත් ඇති වෙන්න පුළුවන්.

ඒ නිසා එක් ඝනකම ඇති ඇඳුමක් වෙනුවට සරල ඇඳුම් කිහිපයක් ඇන්දවීමෙන් උෂ්ණත්වය අනුව ඔබට දරුවාට අපහසුවක් නොවෙන ලෙස ඇඳුම් ඉවත් කරන්න පුළුවන්.

දරුවන්ව ඕනෑවට වැඩිය ඔතා උණුසුම් කර තැබීම නිසා ක්ෂණික ළදරු මරණ (SID) ඇතිවීමේ අවධානමක්ද තියෙනවා. 

ඒ නිසා පුංචි පැටියා මේ ලෝකෙට ආව දවසේ ඉඳන් ඔවුන්ව ඉතාම පරෙස්සමෙන් බලාගැනීම දෙමාපියන්ගේ වගකීමක්.

ඒ වගකීම හරි හැටි ඉටු කරන්න theAsianparent Sri Lanka ලබා දෙන සහය ඔබට ශක්තියක් බව අපි හොඳින්ම දන්නවා.  

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

 

Written by

theAsianparent