theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

සාමන්‍ය දරු ප්‍රසුතියෙන් මෙලොව එළිය දකින්නට ගිය අවදානම් ඉරියව්වෙන් සිටි දරුවා මෙලොව අතහැර යයි

5 අවම කියවීම
සාමන්‍ය දරු ප්‍රසුතියෙන් මෙලොව එළිය දකින්නට ගිය අවදානම් ඉරියව්වෙන් සිටි දරුවා මෙලොව අතහැර යයිසාමන්‍ය දරු ප්‍රසුතියෙන් මෙලොව එළිය දකින්නට ගිය අවදානම් ඉරියව්වෙන් සිටි දරුවා මෙලොව අතහැර යයි

අවදානම් දරු උපත් වලදි සාමන්‍ය ප්‍රසුතිය තෝරා ගැනීම සුදුසුද?

දරුවාගේ කකුල් වලින් ඇද සිදු කරන මෙවන් අවදානම් දරු උපත් වල අවදානම යලිත් මතක් කරමින් තවත් අවාසනාවන්ත පුවතක්  ස්කොට්ලන්තයෙන් පසුගිය දා වාර්තා වුනා.   ‌

මේ උපදින්නටත් කලින් ‌ගෙල ‌වෙන් වී මියගිය තවත් පුංචි අහිංසකයෙකුගේ කථාවයි. ‌

මෙය සිදු වි අවසානයි. වරද කාගෙද ‌නොවේ වරද ‌කොතැනද යන්න වටහා ‌ගෙන මින් ඉදිරියට ‌මෙවන් අවාසනාවන්ත සිදුවීම් සිදුවීමට ඉඩ ‌නොතැබීම වැදගත් ‌වෙනවා.

මවකට  ඇයගේ දරුවාගේ හිස  හැරී නැති බව නැත්නම් තට්ටමින් සිටින බව හෝ පළමුව දරුවාගේ කකුල් එළියට එන බව පැවසු විට දරු ප්‍රසුතිය අසිරූ වේ යැයි ඇය කණගාටු වෙනවා. 

සාමන්‍යයෙන් වැඩි දරු උපත් ප්‍රමාණයක් සිදුවන්නේ දරුවාගේ හිස පළමුව එළියට එන ආකාරයටයි.

මවක් වෙන්නට පෙරුම්පුරන්නී වෛද්‍යවරුන් හා කතා බහ කර හෝ තට්ටම මුලින් උපදින දරුවන්ගේ මරණ ගැන පරීක්ෂන විස්තර සොයමින් සැනසෙන්න උත්සහ කරනවා.

නමුත් එවන්  කිසිම පර්යේෂණයකින් දරුවෙකු අහිමි වීම සඳහා මවක් සූදානම් කළ නොහැකියි.

ඒ වගේම එය කළ හැකි ඉතාම භයානක ක්‍රමයකි. The Guardian අනුව ස්කොට්ලන්තයේ ඩන්ඩි හි 30 හැවිරිදි මවක් වන දරු ප්‍රසූතියේදී දරුණු ඉරණමකට මුහුණ දුන්නා.

රෝගි A ලෙස පමණක් නම් කර ඇති මෙම අම්මා නොමේරූ ළදරුවෙකු දරා සිටි අතර දරුවා සිටියේ තට්ටම පහතට සිටින අයුරිනි.

සිසේරියන් සැත්කමක් ඇගේ දරු ප්‍රසූතිය සඳහා ආරක්ෂිතම විකල්පය බව ඇයට පැවසිය යුතුව තිබුනා.

කෙසේ වෙතත්, ඇයට සාමාන්‍ය දරු ප්‍රසූතියක් සිදු කරන ලෙස වෛද්‍ය විද්‍යාත්මකව ඉල්ලා සිටි බව වාර්තා වෙනවා.

සාමන්‍ය දරු ප්‍රසුතියෙන් මෙලොව එළිය දකින්නට ගිය අවදානම් ඉරියව්වෙන් සිටි දරුවා මෙලොව අතහැර යයි

නාරිවේද වෛද්‍යවරයා විසින් අවදානම් දරු උපත් ගණයේ ලා ගැනෙන මේ උපත සිදුකිරීමට බල කල බවට වාර්තාවක් 

වෛෂ්නවි ලක්ෂ්මන්  නම් 41 හැවිදිරි නාරිවේද විශේෂඥ  වෛද්‍යවරයා  විසින් මව දරුවාගේ නුපන් දරුවාගේ කකුල් තල්ලුකරන විට මවට එලෙස තල්ලුකරන ලෙස උපදෙස් දී ඇති බව වාර්තා වෙනවා. 

ළදරුවා දුර්වල හා නොමේරූ කාලීනව සිටි නිසා, බලය හිසෙන් කකුල්, අත් සහ පාද වලට වෙන්වී ගියා.

ඒ නිසා ළදරුවාට දිගු පෙකිණි වැලක් තිබීම  අනතුරක් වුනා. මවගේ දරු ප්‍රසූතියට පෙර සිට වැඩි බලය බෙදිමක් තිබුන බව වාර්තා විම වඩාත් කණගාටුදායක ය.

වෛද්‍යවරයා දරුවා ප්‍රසූත කිරීමට උත්සාහ කරන විට ඇගේ වෝටර් බෑගය කැඩී ගොස් තිබු අතර ඇය‌ගේ ගැබ් ‌ගෙල සෙන්ටිමීටර තුනක් පමණ පුළුල් වී තිබුනා.

පසුව වාර්තා වුන පරිදි දරුවාගේ හෘද ස්පන්දනය අඩු වීී තිබු මුත් උපත ලබන විට දරුවා ජිවතුන් අතර සිට තිබෙනවා.

 සාමාන්‍ය වෛද්‍ය සභාවේ නීතිඥ   චාල්ස් ගාර්සයිඩ්  වෛද්‍ය ලක්ෂ්මන් “වැරදි තේරීමක්” කළ බව අවධාරණය කළා.

ඔහු අවධාරණය කරන්නේ වෛද්‍යවරුන් “කිසි විටෙකත් මෙවැනි අවස්ථාවක යෝනි ප්‍රසූතිය භාවිතා නොකළ යුතු” බවයි. 

කම්පනයට පත්වූ අම්මා වෛද්‍ය විනිශ්චය සභාවකදී ඇයව ඇඳ මතට ඇද දැමූ ආකාරය සිහිපත් කළා.

ඇයගේ විරෝධතා නොතකා ඔවුන් ඇයට නොකියා දෙවරක් ඇගේ ගැබ්ගෙල කපා දැමීමට උත්සාහ කළා.

නිර්වින්දකයක් පවා භාවිතා කර නැහැ. ඇය  එය නවත්වන ලෙස ඉල්ලා ඇතත් එම ආයාචනය නොසලකා හැර තියෙනවා.

සිදු වූ දේ වටහා ගත් පසු වෛද්‍යවරු දෙදෙනෙක් සිසේරියන් සැත්කමක් සිදු කළේ දරුවා පිටතට ගෙන හිස සවි කළා.

ඔවුන් අම්මාට ඇගේ කුඩා දරුවාට සමු දීමට ඉඩ දුන්නා.

සාමන්‍ය දරු ප්‍රසුතියෙන් මෙලොව එළිය දකින්නට ගිය අවදානම් ඉරියව්වෙන් සිටි දරුවා මෙලොව අතහැර යයි

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

අවදානම් දරු උපත් වළක්වා ගන්නේ කෙසේද?

කලින් සඳහන් කළ පරිදි, හදිසි සිසේරියන් සැත්කමක් ආරක්ෂිතම ක්‍රමය වෙනවා.

මෙම මවගේ ගැබ් ගෙල සම්පූර්ණයෙන් පුළුල් වී නොමැතව තිබු නිසා  සීසේරියන් සැත්කමක් කලා නම් මේ ඛේදවාදකය වළක්වාගන්න තිබුනා. 

එක් වෛද්‍යවරයෙකුගේ වැරැද්දක් නිසා ළදරුවෙකුගේ ජීවිතය අහිමි වුනා. ඇත්තෙන්ම මෙය සිදුවු පළමු අවස්ථාව මෙය නොවේ. 

2012 දී බ්‍රසීලයේ ළදරුවෙකු උරහිස් යෝනි මාර්ගය තුල සිරවී තිබියදි හිස ගැලවී වෙන් වුනා.

නමුත් ළදරුවා තට්ටමින් නොසිටි නිසා දරුවාගේ ශරීරයේ ඉතිරි කොටස ගර්භාෂය තුළ ඉතිරි වී තිබුනා .

මීට වසර හයකට පෙර, ඇමරිකා එක්සත් ජනපදයේ කෙන්ටකි හි ගැබ්ගෙල චක්‍රලේඛ ක්‍රියා පටිපාටියක් අතරතුරදී මෙසේ දරුවෙකුගේ  හිස වෙන්වුනා.

සියලුම ගැබ්ගැනීම් වලින් 3-4% ක් පමණ මෙලෙස තට්ටමින් සිටීම නැතිනම් හිස හැරී නොමැති දරු ප්‍රසුතීන් වෙනවා.

මෙලෙස දරුවන් තට්ටම් අතට සිටීමට හේතු බොහොමයක් තියෙනවා. 

මවකට ළදරුවන් කිහිප දෙනෙකු සිටී නම් හෝ නිවුන් දරුවන් සමඟ ගැබ්ගෙන තිබේ නම්, එවිට ඇයට මෙවන් දරු ප්‍රසූතියකට මුහුණ දෙන්න සිදුවිය හැකිය.

පෙර නොමේරූ දරු උපත් ඇති අම්මලාට මෙවන් දරු ප්‍රසූතියක් සිදු වෙන්න අවස්ථාව තියෙනවා.

 දරුවන් හිස පහතට නොහරවා සිටීම නැතිනම් තට්ටමෙන් සිටීමට හේතු සහ ආරක්ෂිත ප්‍රසුත ක්‍රමය කුමක්ද?

සාමන්‍ය දරු ප්‍රසුතියෙන් මෙලොව එළිය දකින්නට ගිය අවදානම් ඉරියව්වෙන් සිටි දරුවා මෙලොව අතහැර යයි

මෙලෙස සිදුවෙන්නේ ඇමොටනික් තරලය අඩු හෝ වැඩි වශයෙන් තිබීම නිසයි. එහිදි ළදරුවාට හැරමට හෝ එහා මෙහා යාමට වැඩි ඉඩක් තියෙනවා.

ගර්භාෂ හැඩය සහ ප්ලාසන්ටා ප්‍රීවියා වැනි තත්වයන් ද මෙය ඇතිවීමට සම්භාවිතාව ඉහළ නංවනවා.

මෙම ප්‍රසුතියේදි  ගර්භාෂය තුළ දරුවාගේ හිස ඉහළට පිහිටීම හැරුනු කොට අන් සියල්ල සාමාන්‍ය ගැබ් ගැනීමකට සමානය.

දරු ප්‍රසූතියේදී සැබෑ අවදානම ඇතිවෙනවා. තට්ටමින් සිටින දරුවෙකු ප්‍රසූත කිරීමේදි යෝනී මාර්ගයේ දරුවා සිරවීමට වැඩි අවදානමක් තියෙනවා.

ඔවුන්ගේ පෙකණි වැල සම්පීඩනය වීම හෝ නොමේරූ ලෙස කැපි යෑමේ ප්‍රවණතාවක් ද තියෙනවා .

දුර්ලභ, භයානක මෙවන් අලුත උපන් මරණ වලක්වා ගැනීම සඳහා, සැලසුම් කල සීසේරියන් සැත්කම් සුදුසු බව  අතීත අධ්‍යයනයකින් පෙන්වා දෙනවා.

එහිදි ළදරුවන් සඳහා ආරක්ෂිත බවක් ලැබෙනවා. 

The British Journal of Obstetrics and Gynaecology පවසන පරිදි  පුහුණුව ලත් වෛද්‍යවරයෙකුට මෙම තට්ටමින් ඉන්න දරුවන් සාමාන්‍ය ප්‍රසුතියකින් ගත හැකි නමුත් සීසේරියන් සැත්කමක් කිරීම ආරක්ෂිතම  මාර්ගය බවයි.

ඉතින් අවදානමක් ‌නොගෙන වැඩි ආරක්ෂිත ක්‍රමය ‌තෝරා ගැනීම ‌හොදයි ‌නේද?

මේ සම්බන්ධව ඔබත් අදහස් දැක්වීමට කැමතිද? නැතිනම් ඔබටත් ‌මෙවන් උපත් ගැන ගැටළුවක් තියෙනවාද? එසේනම් පහලින් ඇති කමෙන්ට් තීරුව ඔ‌බේ අදහස් දක්වන්න භාවිතා කරන්න.

theAsianparentහි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

 

 

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • දරු ප්‍රසූතිය
  • /
  • සාමන්‍ය දරු ප්‍රසුතියෙන් මෙලොව එළිය දකින්නට ගිය අවදානම් ඉරියව්වෙන් සිටි දරුවා මෙලොව අතහැර යයි
බෙදාගන්න :
  • කසළ කළමනාකරණයේ පලමු පාඩම දරුවාට නිවසෙන්

    කසළ කළමනාකරණයේ පලමු පාඩම දරුවාට නිවසෙන්

  • කාන්තාවන් මුහුණ දිය හැකි ලිංගික ගැටළු 15ක්

    කාන්තාවන් මුහුණ දිය හැකි ලිංගික ගැටළු 15ක්

  • විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

    විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

  • කසළ කළමනාකරණයේ පලමු පාඩම දරුවාට නිවසෙන්

    කසළ කළමනාකරණයේ පලමු පාඩම දරුවාට නිවසෙන්

  • කාන්තාවන් මුහුණ දිය හැකි ලිංගික ගැටළු 15ක්

    කාන්තාවන් මුහුණ දිය හැකි ලිංගික ගැටළු 15ක්

  • විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

    විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it