theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

සිසේරියන් සැත්කම අතරතුර බැරිවීමකින් බිළිඳාගේ මුහුණ කැපෙයි

4 අවම කියවීම
සිසේරියන් සැත්කම අතරතුර බැරිවීමකින් බිළිඳාගේ මුහුණ කැපෙයිසිසේරියන් සැත්කම අතරතුර බැරිවීමකින් බිළිඳාගේ මුහුණ කැපෙයි

මේ උපන් ලපයක් නොවේ, තියුණු ශල්‍යකර්ම පිහියෙන් වෛද්‍යවරුන් අතින් බැරිවෙලා ඇතිවුනු කැපුමක්.

සිසේරියන් අනතුරු එතරම් සුලභ දෙයක් නොවේ. එහෙත් මේ අනතුර අලුත උපන් බිළිඳියගේ මුහුණේ කැලලක් ඇති කළා.

සිසේරියන් අනතුරු

ඒ වෛද්‍යවරුන් විසින් සිසේරියන් සැත්කම අතරතුරදී මුවහත් ශල්‍යාගාර පිහියෙන් දරුවාගේ මුහුණ කැපීම නිසායි.

අළුත උපන් බිළිඳියගේ මව බිරාන්ත වූයේ දරුවාගේ මුහුණේ වුශාළ කැපුමක් දුටු විටයි.

ඒ සිසේරියන් සැත්කමේදී ශල්‍ය වෛද්‍යවරුන් විසින් දරුවාගේ මුහුණ කැපුනු නිසා ඇගේ මුහුණේ කැළලක් ඇති වූ බව දැකීමෙනි.

රුසියාවේ 19 හැවිරිදි ඩාරියා කඩොච්නිකෝවා මවිත වූයේ ඇගේ කුස තුළ සිටි දරුවා තම “ඉරියව්ව වෙනස් කිරීමත් සමඟ" ඇයට සිසේරියන් සැත්කමක් කිරීමට බල කල බව තේරුම් යාමත් සමඟය.

සිසේරියන් සැත්කම අතරතුර බැරිවීමකින් බිළිඳාගේ මුහුණ කැපෙයි

මෙම සිසේරියන් සැත්කම අතරතුරදී වෛද්‍යවරුන් විසින් බැරිවීමකින් බිළිඳියගේ මුහුණ කපා දැමීමෙන් පසු, අලුත උපන් බිළිඳියකගේ (පින්තූරයේ) කම්මුලේ කැළලක් ඇති විය.

රුසියාවේ වෙසෙන මෙම යෞවනිය තම ප්‍රසූතියට සූදානම් වූයේ, රජයේ රෝහලක ස්වාභාවික උපතක් සිදුකිරීමට බලාපොරොත්තු වෙමිනි.

කලින් සැලසුම් කර නොමැති මුත්, සිසේරියන් සැත්කම ආරක්ෂිත විකල්පයක් වනු ඇතැයි වෛද්‍යවරුන් අයට පවසා තිබුණි.

ඇය නිර්වින්දනය කිරීමේ කර්තවය තුළදී එපිඩියුරල් එන්නත එතරම් සාර්ථක නොවූයේ ඇයට කැපුම් දැනෙන්නට වූ බැවිනි. මේ නිසා දාරියාට IV නිර්වින්දනය ලබා දුන් අතර එහිදී ඇය සන්සුන් විය.

ඇය නිර්වින්දනයෙන් පසු අවදි වූ විට ඇය දුටු දසුනින් ඇය බිරාන්ත විය.

අළුත උපන් පුංචි බිළිඳියගේ දකුණු ඇසට යටින් දියණියගේ නාසය අසල ගැඹුරු කැපුමක් විය.

රුසියානු මාධ්‍යයට අනුව, අළුත් මවට වෛද්‍යවරිය විසින් පවසා තිබුනේ ඇගේ අලුත උපන් බිළිඳා “වැඩිපුර දැඟලුවේ අපරාදේ” යන බවයි.

සිසේරියන් සැත්කම අතරතුර බැරිවීමකින් බිළිඳාගේ මුහුණ කැපෙයි

ගර්භාෂයේ බිළිඳාගේ ඉරියව්ව වෙනස් වූ පසු දාරියාට (පින්තූරයේ) සීසේරියන් සැතකමට මුහුණ දෙන්නට සිදු විනි.

උපතින් පසු දියණියගේ මුහුණේ ගැඹුරු කැපුමක් ඇති බව දුටු තරුණ මව 'කම්පනයට' පත් විය

ඩාරියාගේ සීසේරියන්  සැත්කම හේතුවෙන් ඈ දැඩි උණ රෝගයට ගොදුරු වී ඇති අතර මෙහි මුල් ලිපිය ඵල කළ අවස්ථාව වන විට ඇය ප්‍රතිජීවක ඖෂධ ලබා ගනිමින් සිට ඇත.

කෙසේ වෙතත්, ඇය දැන් දියණියට මව්කිරි දෙයි.

මේ සිදුවීම වාර්තා වන්නේ, පසුගිය වසරේදී  බ්‍රිතාන්‍ය මවක් ඇගේ දරුවාගේ නාසය බැරිවීමකින් කපා දැමීම නිසා ඇගේ දරුවා ජීවිත කාලය පුරාම කැළැලක් ඇති වීම වෙනුවෙන් වෛද්‍යවරුන්විරිධව ප්‍රකාශයක් නිකුත් කිරීමෙන් පසුවය.

කෙසේ වෙතත් නොර්විච් විශ්වවිද්‍යාල රෝහලේ වෛද්‍යවරු පැවසුවේ ශල්‍යකර්ම පිහියෙන් (scalpel) මෙවන් කැපීමක් සිදුවිය නොහැකි බවයි.

ඒ හා සමානව, 2017 දී තවත් මවක් කෝපයට පත් වූයේ ඇගේ දරුවාගේ හිසට අඟල් දිග කැළලක් ඇතිවූයේ නොසැළකිලිමත් ලෙස කල සිසේරියන් සැත්කමක ප්‍රතිඵලයක් ලෙස කියා ඈ විශ්වාස කළ පසුවය.

සිසේරියන් සැත්කමක් යනු කුමක්ද?

සිසේරියන් සැත්කමක් යනු, මවකගේ උදරයේ සහ ගර්භාෂයේ කෙරෙන කැපුමක් හරහා උපදින  දරුවා මෙලොවට ප්‍රසූත කරනා මෙහෙයුමකි.

මෙම කැපුම සාමාන්‍යයෙන් ඔබේ උදරය හරහා, ඔබේ බිකිනි රේඛාවට පහළින් සිදු කෙරේ.

සිසේරියන් සැත්කමක් සිදු කිරීමේදී සිසේරියන් අනතුරු ඇතිවීමේ අවදානම් ගණනාවක් ඇත.  එබැවින් එය සාමාන්‍යයෙන් සිදු කරනුයේ එය ඔබට සහ ඔබේ දරුවාට ආරක්ෂිතම විකල්පය නම් පමණි.

එක්සත් රාජධානියේ සෑම ගර්භනී කාන්තාවන් හතර දෙනෙකුගෙන් එක් අයෙකු සිසේරියන් ප්‍රසූතියක් සිදු කරයි.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

සැළසුම් කළ සිසේරියන් සැතකමක (තෝරා ගැනීමේ) ක්‍රියා පටිපාටියක් ලෙස නිර්දේශ කළ හැකිය.

සාමාන්‍ය යෝනි ප්‍රසූතිය ඉතා අවදානම් යැයි සිතන්නේ නම් පමණක්  හදිසි අවස්ථාවක් ලෙස සළකා සිසේරියන් සැත්කමක් සිදු කරනු ලබයි.

සැලසුම් කළ සිසේරියන් සැත්කම සාමාන්‍යයෙන් ගර්භනී 39 වන සතියේ සිට සිදු කරයි.

සිසේරියන් සැත්කමක් සිදු කිරීමට හේතු: : සිසේරියන් අනතුරු

  • ඔබේ දරුවා බ්‍රීච් ඉරියව්වේ සිටී නම් (යෝනිය වෙත දෙපා යොමුවීම) ඔබේ බඩට මෘදු තෙරපුමක් යෙදීමෙන් ඔබේ වෛද්‍යවරයාට හෝ වින්නඹු මාතාවට දරුවා නිසි ඉරියව්වට හැරවීමට නොහැකි වී තිබේ හෝ, නැතහොත් ඔවුන් මෙය උත්සාහ කරනවාට ඔබ අකමැති වේ නම් හෝ
  • ඔබට පහත් වැදෑමහ (වැදෑමහ ප්‍රෙවියා) තත්වය තිබීම
  • ඔබට ගර්භණීභාවය හා සම්බන්ධ අධි රුධිර පීඩනය (පූර්ව එක්ලම්ප්සියාව/(pre-eclampsia)) ගර්භනී අවධියේ ප්‍රමාද වූ හෝ ප්‍රතිකාර නොකළ එච්.අයි.වී වැනි පළමු ලිංගික හර්පීස් ආසාදනය වැනි ඇතැම් ආසාදන ඔබට ඇත්නම්.
  • ඔබේ දරුවාට ප්‍රමාණවත් තරම් ඔක්සිජන් හා පෝෂ්‍ය පදාර්ථ නොලැබේ නම් - බොහෝ විට මෙයින් අදහස් කරන්නේ දරුවා වහාම ප්‍රසූත කළ යුතු බවයි
  • ඔබේ ප්‍රසූතියේ ප්‍රගතියක් නොවීම හෝ අධික ලෙස යෝනි මාර්ගයෙන් ලේ ගැලීමක් සිදුවීම නිසා
  • මවගේ උපත් මාර්ගයෙන් පැමිණිය නොහැකි තරම් දරුවා විශාල වීම නිසා.
  • ගැබ්ගෙල විවර වීමේ අසාමාන්‍යතා

ශල්‍යකර්මයට ප්‍රථම : සිසේරියන් අනතුරු

  • සිසේරියන් ශල්‍යකර්මයට මව විසින් කැමැත්ත ප්‍රකාශ කළ යුතුය
  • අවශ්‍ය රුධිර හෝ වෙනත් පරීක්ෂණ වෛද්‍යවරුන් විසින් මවගේ සෞඛ්‍ය තත්වය අනුව සතීරණය කරනු ඇත.
  • බඩවැල් පිරිසිඳු වීමට විරේකයක් පෙර දින ලබා දෙනු ඇත. ශල්‍යකර්මය කරන ස්ථානයේ රෝම ඉවත් කෙරෙනු ඇත.
  • ශල්‍යකර්මයට පැය 6කට කලින් සිට සම්පූර්ණයෙන් නිරාහාරව සිටිය යුතු වේ. ජලය පානය කිරීම වත් නොකළ යුතුය.

සීසර් ශල්‍යකර්මය

සම්පූර්ණයෙන් සිහි නැති කිරීම හෝ ඉනෙන් පහළට හිරිවැට්ටවීම මගින් නිර්වින්දනය ලබා දේ.

මවගේ ශරීරයට අවශ්‍ය ජලය, ග්ලූකෝස් ආදිය කැනියුලාවක් මගින් රුධිර වාහිණී තුළට ලබාදේ.

දරුවා බිහි කිරීමෙන් පසුව සමට හා ගර්භාෂ බිත්තියට මැහුම් යොදනු ලැබේ.

සාමාන්‍යයෙන් ශල්‍යකර්මය සඳහා විනාඩි 45ත් 60ත් අතර කාලයක් ගතවිය හැකිය.

මූලාශ්‍ර: 7News.au

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • සිසේරියන් සැත්කම
  • /
  • සිසේරියන් සැත්කම අතරතුර බැරිවීමකින් බිළිඳාගේ මුහුණ කැපෙයි
බෙදාගන්න :
  • සිසේරියන් සැත්කම තුළින් පැටියට අවදානම් 3ක්

    සිසේරියන් සැත්කම තුළින් පැටියට අවදානම් 3ක්

  • සිසේරියන් සැත්කමින් පසු මව් කිරි දීම ගැන අම්මලාගෙන්ම උපදෙස්

    සිසේරියන් සැත්කමින් පසු මව් කිරි දීම ගැන අම්මලාගෙන්ම උපදෙස්

  • සිසේරියන් සැත්කම තුළින් පැටියට අවදානම් 3ක්

    සිසේරියන් සැත්කම තුළින් පැටියට අවදානම් 3ක්

  • සිසේරියන් සැත්කමින් පසු මව් කිරි දීම ගැන අම්මලාගෙන්ම උපදෙස්

    සිසේරියන් සැත්කමින් පසු මව් කිරි දීම ගැන අම්මලාගෙන්ම උපදෙස්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it