theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඉන්දියානු සොහොනක පණපිටින් වළ දමා තිබියදී දිවි ගලවා ගත් බිළිදිය

3 අවම කියවීම
ඉන්දියානු සොහොනක පණපිටින් වළ දමා තිබියදී දිවි ගලවා ගත් බිළිදියඉන්දියානු සොහොනක පණපිටින් වළ දමා තිබියදී දිවි ගලවා ගත් බිළිදිය

මරණය‌ෙන් නැගිට ජිවිතය යලි වැළද ගන්නට වාසනාවන්ත වු බිළිදිය

දියණියන්ගේ දිනය වු ඔත්තෝම්බර් 11 වැනිදාට එක් දිනයක් තිබියදී සිදු වු දියණියන්ගේ ආරක්ෂාව ගැන කතා කල යුතු තවත් අවාසනාවන්ත සිදුවීමක් මෙසේ දිග හැරෙනවා.  

ඉන්දියාවේ සමාජය තුල දියණියන්ට තියෙන්නේ ප්‍රසන්න පිළිගැනීමක් නොවේ. 

ඉන්දියානු සොහොනක පණපිටින් වළ දමා තිබියදී දිවි ගලවා ගත් බිළිදිය

දුවෙක් වුනත් පුතෙක් වුනත් ඔබ අපට සම්පතක්

දියණියක් බිහි කල නිසා සිය ස්වාමියන් ගෙන් දික්කසාද වීමට සිදු වු කාන්තාවන් පවා එරට සිටිනවා. 

එරට තුල දියණියන් කොතරම් නොතකා හරින්නේද යන්න මනාව ප්‍රකට වන්නේ ගැහැණු කළල කුස තුලදීම ගබ්සා කිරීම ඉහල යෑමෙනි. 

අවසානයේදී කුස තුල සිටින දරුවාගේ ස්ත්‍රීපුරුෂ භාවය බැලීමට පවා එරට තහංචි දැමීමට සිදුවුවා.

නමුත් දියණියන්ගේ ඛේදවාචකය ඉන් අවසන් වුයේ නැහැ. 

මේ ඔබට අපි කියන්න යන පුවත ඒ සදහා හොද නිදසුනක්.

දියණියන්ගේ ආරක්ෂාව ගැන කතා කල යුතුම මොහොත මෙයයි

ඉන්දියානු සොහොනක පණපිටින් වළ දමා තිබියදී දිවි ගලවා ගත් බිළිදිය

දියණියන් රැකගනිමු

පසුගිය ඔක්තෝබර් 10 වන දා උතුරු ඉන්දියාවේ සොහොනක පණ පිටින් වළදමා තිබු දින හතරක් වයසැති බිළිදියක් හමු වුනා.

මේ පුංචි දියණිය බේරාගනු ලැබුවේ රෝහලේදී මිය ගිය සිය දරුවා වල දැමීමට පැමිණි වෙනත් දෙමාපිය යුවලක් විසිනි.

ශෝකයට පත් ඔවුන් තම දරුවා වල දැමීමට අඩි තුනක පමණ වලක් කැපීමේදී මැටි බදුනක්  තුල සිටි මේ බිළිදිය හමු වී තියෙන බව එරට පොලීසිය පවසනවා.

සුසාන භූමියේ සිටි ආරක්ෂක නිලධාරියා ඇයව වහාම ලඟම ඇති රෝහල වෙත ගෙන ගියා.

කිලෝග්රෑම් 1.5 පමණ වු මේ බිළිදිය යම් ආසාදනයකට ලක් වී ඇති අතර දැනට රෝහලේ දැඩි සත්කාර එකකයේ ප්‍රතිකාර ලබන්නේ ශ්වසන ගැටළුත් සමගයි.

තරමක් හුදකලා ප්‍රදේශයක වළදමා තිබු මේ බිළිදිය පැය හතරක හෝ හයක කාලයක් පොළොව යට ජීවිතයත් මරණයත් අතර පොර බදා තියෙනවා.

මේ  දරුවා අත හැර දැමීම හා ඝාතනය කිරීමට උත්සහා දැරීම යන වැරදි යටතේ ඇයගේ සැබෑ දෙමව්පියන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

ඉන්දියාව තුල කැපී පෙනෙන ලෙස ස්ත්‍රී පුරුෂභාවය අනුව අසමානව සැලකීම ඔඩුදුවා ඇති ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා. 

ඒ නිසා  අනවශ්‍ය යැයි සැලකෙන ගැහැණු කළල වසරකට දස දහස් ගාණක් අදටත් ඉන්දියාව තුල ගබ්සා කරනවාලු.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් සම්පාදනය කරන ලද වාර්ෂික වාර්තාව අනුව  ස්ත්‍රී පුරුෂ භාවය අනුව අසමානව සලකන රටවල් 151 න් 130 වන ස්ථානය ඉන්දියාව හිමි කර ගන්නවා.

ඉන්දියානු සොහොනක පණපිටින් වළ දමා තිබියදී දිවි ගලවා ගත් බිළිදිය

ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම උපත දෙන ස්ත්‍රීත්වයට එරට හිමි වී තිබෙන තත්වය ශෝචනීයයි නේද?

වාසනාවකට ශ්‍රීලංකාව ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම සමානව සලකන රටක්,  

ඉතින් මේ අපේ රට තුල උපදින දියණියන්ට එවැනි අවසනාවන්ත ඉරණමක් තීරණය කිරීමට තරම් බොහොමයක්  ශ්‍රිලංකික දෙමාපියන් අකාරුණික නැහැ. 

ඉදහිට නිතීවිරෝධි ගබ්සා කිරීම්, දරුවන් අතහැර දැමීම, දරුවන් ඝාතනය කිරීම් මෙරටත් වාර්තා වුවත් එය ඉන්දියාවේ තරම් දරුණු නැහැ.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

මුලාශ්‍ර 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • පුවත්
  • /
  • ඉන්දියානු සොහොනක පණපිටින් වළ දමා තිබියදී දිවි ගලවා ගත් බිළිදිය
බෙදාගන්න :
  • බබා ලස්සන වෙන්න ගැබිණි සමයේ අම්මා කරන්න ඕනී දේවල්

    බබා ලස්සන වෙන්න ගැබිණි සමයේ අම්මා කරන්න ඕනී දේවල්

  • පියවරුන්ට තම දියණියන් සමඟ කාලය ගත කළ යුතු වීමට හේතු 3ක්

    පියවරුන්ට තම දියණියන් සමඟ කාලය ගත කළ යුතු වීමට හේතු 3ක්

  • බබා ලස්සන වෙන්න ගැබිණි සමයේ අම්මා කරන්න ඕනී දේවල්

    බබා ලස්සන වෙන්න ගැබිණි සමයේ අම්මා කරන්න ඕනී දේවල්

  • පියවරුන්ට තම දියණියන් සමඟ කාලය ගත කළ යුතු වීමට හේතු 3ක්

    පියවරුන්ට තම දියණියන් සමඟ කාලය ගත කළ යුතු වීමට හේතු 3ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it