theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

 බබාලා නැති අයට කරන්න පුළුවන් දේවල් හා යා යුතු තැන්

7 අවම කියවීම
 බබාලා නැති අයට කරන්න පුළුවන් දේවල් හා යා යුතු තැන් බබාලා නැති අයට කරන්න පුළුවන් දේවල් හා යා යුතු තැන්

දරුවන් පතන අම්මලාට මේ ‌දේවල් කරන්න පුළුවන්

දරුවන් නැති අය විදින දුක හරිම දැඩියි. දරුවන් කියන්නේ අපි කාගෙත් උතුම්ම සම්පත තමයි. අපිට බබෙක් නැහැ කොහොමද ලබා ගන්න පුළුවන් කියලා අහන එක ලෝකය නවීන තාක්ෂණයඑක්ක ඉදිරියට යද්දි නිතර ඇහෙන්න ගත්ත දෙයක් තමයි. ගොඩාක් අය දේශීය හා විදේශීය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමත් එක්කම හෙම්බත් වෙලා.

ඉන්පස්සේ භාර හාර වෙලා තමන්ගේ දුක්ගැනවිල්ල කියන්න පුළුවන් හැම තැනකටම ඔවුන් යනවා. 

ඒ සම්බන්ධව අම්මලා‌ ගෙන් තොරතුරු එක්රැස් කරලා පුංචි ගවේෂණයක් කරලා ඒ වගේම තොරතුරු එක් රැස් කරලා අපි පුංචි ලිපියක් ඔබ වෙනුවෙන්ම සකස් කරන්න හිතුවා.

ඇත්තටම දරුවන් නැති දෙමව්පියන්ට කරන්න පුළුවන් වත් පිළිවෙත් හා යා හැකි තැන් මොනවාද?

ආගම අනුව මෙලෙස යන ස්ථාන වෙනස් වෙන්න පුළුවන්. බෞද්ධ අය පන්සල් හා බෝධී වෙත මෙන්ම කෝවිල් වෙතත් යනු ලබනවා.

අනෙක් ආගම් වල පිරිස තම ආගමානුකූලව නොයෙකුත් ස්ථාන වෙත ගිහින් තම දුක්ගැනවිල්ල ඉදිරිපත් කරනු ලබනවා.

ආගම කුමක් වුවත් ජාතිය කුමක් වුවත් ඔවුන්ගේ හද පත්ලෙන්ම නැගෙන්නේ එකම වේදනාවක්.

දරුවන් නැති අය  සදහා කල හැකි වත් පිළිවෙත් හා ජිවන රටාවේ ‌වෙනස්කම්

1. බෝධී පූජා

බෞද්ධාගමිකයින් ගොඩාක් දුරට සිදුකරන පිළිවෙතක්. සවස් කාලයේ හෝ අලුයම බෝධිය පිරිසිදු කර මල් පහන් පුදා සුවද දියරින් බෝධිය නහවන්න.

ඉන්පසු පසෙකින් වාඩි වී පන්සිල් කියා බෝධිය වන්දනා මාන කර හොද දරුවෙකු පතන්න.

හැකිතරම් දෙදෙනාම බෝධි පූජා වලට සහභාගී වෙන්න. නිතර බෝධි පූජා කිරීම සුදුසුයි.

2. බෝධියට කිරිපිඩු පූජා කිරීම

මෙයත් බෞද්ධාගමිකයන් කරන පුජාවකි. අලුයම නැවුම් එළකිරි වලින් පිසගත් කිරිබතක් බෝධියට ගෙන ගොස් පූජා කරන්න.

ඉන්පසු වැද පුදා අවසානයේ වාසනාවන්ත දරුවෙකු ප්‍රර්ථනා කරන්න. හැකි නම් ඔබ සත්‍යාක්‍රියා කරන්න.

3. ගැබිනි මව්වරුන්ට දානය දීම

ගැබිනි මව්වරුන් නිතර එක්රැස් වෙන තැන් රෝහල් හා සායන වලට දානයක් දීමත් හරිම පින් ලැබෙන දෙයක්.

ගොඩාක් වේලාවට ගැබිනි මව්වරුන් සායන වල පැය කිහිපයක් ඉන්නකොට කුසගින්නෙන් පීඩා විදිනවා.

ඔබට හැකි නම් ඒ කුසගින්න නිමන්න පුංචි පෝෂ්‍යදායි ආහාර වේලක් දෙන්න. ඔවුන් කුස පිරී සතුටින් ඉන්න අයුරු දැකගන්න.

ඉන්පසු ඔබටත් පිංවන්ත දරුවෙකු මෙලෙස කුස දරා සිටින්නට වාසනාව ලැබේවා කියා ප්‍රර්ථනා කරන්න.

4. දුගී ගර්භණි මව්වරුන්ට අවශ්‍යතා සපයා දීම

අපේ ගම්වල දූගී ගැබිනි මව්වරුන් ඉන්නවා. ඔවුන්ට මූලික අවශ්‍යතා ලබාගන්නවත් මුදල් නැහැ.

බබාට ඇදුම්, තව පුංචි පුංචි දේවල් අරගන්න එයාලගේ හිත් වල ඉටු නොවුව හීන ගොඩාක් තියෙනවා.

ඒ දේවල් වලින් ටිකක් හෝ ඔබට අරගෙන දෙන්න පුළුවන් නම් ඒ ගැබිනි අම්මාගේ හිතේ තියෙන ගින්න නිමෙනවා.

ඒ දිහා බලලා ඔබත් වාසනාවත්ත දරුවෙක් ප්‍රර්ථනා කරන්න.

5. ඇඟ සිසිලවෙන ආහාර ගන්න

 හිත සනසන්න, හිත සංසුන් වෙන්න දේවල් කරනවා වගේම ඔබේ සිරුරත් සිසිල් කරගන්න අවශ්‍ය වෙනවා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

ඒ සදහා ඔබේ ගර්භාෂය ඇතුලු මුළු සිරුරම සිසිල් කරන ආහාර පාන නිතර ලබාගන්න.

තැඹිලි, බෙලි, කොමඩු, කැකිරි වැනි සිරුර සිසිල් කරන ආහාර බොහෝ පහසුවෙන් සොයා ගන්න පුළුවන්.

ඒ ආහාර නිතර ඔබේ ආහාර වේලට එකතු කරගෙන ඔබේ ගැබ දරුවෙකුට පිළිසිද ගන්න සුදුසු ස්ථානයක් කරන්න.

6. භාවනා කරන්න

 බබාලා නැති අයට කරන්න පුළුවන් දේවල් හා යා යුතු තැන්

භාවනාව ඔබේ මනස සංසුන් කරනවා. බෞද්ධ නොවන කෙනෙකුට වුනත් මේ මනස සංසුන් වෙන ක්‍රියාවේ යෙදෙන්න පුළුවන්.

මෛත්‍රී භාවනාව තුලින් ඔබේ සිතේ ක්‍රෝධය වෛරය වැනි නපුරු සිතුවිලි ඉවත් කරනවා.

අනාපාන සති වැනි භාවනාවක් මගින් ඔබේ හිත එක අරමුණකට ගේනවා.

මෙවැනි මානසික ව්‍යයාම ලබා දීමෙන් ඔබේ මනස ප්‍රබෝධමත් වී  දරුවෙකු පිළිසිද ගැනීමට අවශ්‍ය හෝමෝන ඇතුලු අනෙක් ක්‍රියාවලින් සදහා මානසික සහයෝගය ලබා දෙනවා.

7. පෝෂ්‍යදායි ආහාර වේලක් ගන්න

ඔබට දරුවෙකු අවශ්‍ය නම් ඔබේ සිරුර ඒ සදහා සුදානම් විය යුතුයි.

ඔබේ සිරුර ගර්භණිත්වය දරා ගැනීමට තරම් ශක්තිමත් විය යුතුයි. යකඩ, විටමින් සී, කැල්සියම් හා ෆෝලික් අම්ලය ඇතුලු සියලු පෝෂක වලින් සපිරි ආහාර වේලක් ඔබ ලබා ගත යුතුයි.

එවිට ඔබ ශාරිරිකව දරුවෙකු කුස දරන්න සුදානම් වෙනවා.

8. නියමිත බරක් පවත්වා ගන්න

ඔබේ සිරුර අවශ්‍ය ප්‍රමාණයට වඩා බරින් වැඩි නම් ඔබට දරුවෙකු පිළිසිද ගැනීම පිළිබද ගැටලු ඇතිවෙනවා.

ඒ නිසා ඔබේ සිරුරේ අනවශ්‍ය මේදය දහනයට ව්‍යායාම වල යෙදෙන්න. ඒ වගේම මේද අධික ආහාර පාලනය කරන්න. ඔබේ උසට හා බරට සරිලන BMI අගයක් පවත්වාගන්න. 

9. දරුවන් නැති අය මනස සංසුන්ව තබා ගන්න

අපි පෙරත් සදහන් කලා වගේ ඔබේ සිරුරේ නිරෝගීකමට මනසේ ක්‍රියාකාරිත්වය බලපානවා.

ඔබේ සිතට එන තරහා හා ක්‍රෝධ සිතුවිලි ඉවත් කරන්න. ඔබේ හිතට මානසික පීඩන දෙන ගැටලු පසෙකින් තියන්න.

අපිට ප්‍රශ්නයක බර දැනෙන්නේ අපි එය මනසින් ඔසවා ගෙන සිටින කම් විතරයි. ඔබේ මනස නිතරම වෛරයෙන් පිරිලා නම් ඔබ නිතරම ඉන්නේ මානසික ආතතියෙන්.

සියලු මානසික කරදරයන් පසෙකින් තබා භාවනා කරන්න. පිරිත් අහන්න. මෘදු සිංදු වලට සවන් දෙන්න.

අතීතයේ මිහිරි සිදුවීම් මෙනෙහි කරන්න. ප්‍රිය උපදවන කතාබහ වල යෙදෙන්න.

10. වෛද්‍ය ප්‍රතිකාර නොකඩවා ලබාගන්න

මේකත් ගොඩාක් වැදගත් කාරණාවක්. දරුවන් නොමැති වීමට ප්‍රධාන  හේතුව ඔබගේ හෝ සැමියාගේ සෞඛ්‍යමය ගැටලුවක් වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා.

ඒ සදහා අදාල පරීක්ෂණ කරගෙන නොකඩවා ප්‍රතිකාර ලබාගන්න.

ඔබ කොතරම් පින් දහම් කලත් ඔබ නිරෝගී නොමැති නම් එය ඔබේ පිංවන්ත දරුවාට ඔබ ලගට ඒමට නොහැකි තරම් බාධාවක් වේවි.

භාර බාර වලට පමණක් මෙම කාර්යය භාර දෙන්න එපා. අවශ්‍ය ප්‍රතිකාර ගන්න ගමන් භාරහාර හා පුණ්‍ය ක්‍රියා වල යෙදෙන්න.

දරුවන් නැති අය නිතර භාර හාර වෙන ස්ථාන කිහිපයක්

දරුවන් නැති අය

1. ශ්‍රී මහා බෝධිය

දවස් තුනක් පේ වෙන්න. ශ්‍රී මහ බෝධියට පිරිකර හා ඖෂධ පුජාවක් කරන්න. උදෑසන යනවා නම් කිරිපිඩු පුජාවක් කරන්න.

ඉන්පසු පන්සිල් ගෙන බෝධිය වන්දනා කරන්න. අවසානයේදි පිංවන්ත දරුවෙකු ප්‍රර්ථනා කරන්න. ඔබට  ශ්‍රී මහ බෝධයට සිවුරක් පුජා කරන්න භාර වෙන්න පුළුවන්.

2.දළදා මාලිගාව

කහ වතුරෙන් සෝදා සුදු රෙදි කැබැල්ලක ගැට ගැසු පඩුරක්, මල්, පොල් තෙල්, හා සුදු මාලයක් රැගෙන යන්න. සුදු ඇදුමකින් සැරසෙන්න.

දළදා මාලිගාවේ තේවාවන් සතියේ දින හතේම පැවැත්වෙනවා. එය උදේ 5.30,  උදේ 9.30 හා සවස 6.30 ලෙස පැවැත්වෙනවා.

තේවාවක් සදහා සාමාන්‍යයෙන් පැය එකහාමාරක් පමණ ගත වෙනවා. ඔබ කිරිපිඬු පුජා කරනවා නම් යන්න ඕනී උදේ 5.30 පූජාවටයි.

ඔබට මල්, පහන්, පඩුරු 1 ක්  පූජා කර පින්වන්ත දරුවෙක් ප්‍රර්ථනා කරන්න.

3.වැල් බෝධිය

දළදා මාලිගාව ඉදිරියේ ඇති නාථ දේවාල භූමියේ පිහිටා තියෙනවා. ප්‍රර්ථනා ඉටු කරන බෝධියක් විදියට ප්‍රචලිතව තියෙනවා.

මල් පහන් පුදා ඔබේ පැතුම ලියු සුදු කොඩියක් වැල් බෝධියේ එල්ලන්න. ගාථා කියලා අවසානයේදි පිංවන්ත දරුවෙකු ප්‍රර්ථනා කරන්න.

4.කිරි වෙහෙර කතරගම

කතරගම දේවාල භූමියේ පිහිටා ඇති කිරිවෙහෙරට කිරිපිඩු පුජා කිරීමත් මහත් අනුහස් ගෙන දෙන බව කියවෙනවා.

ඔබටත් කතරගම යන්නේ නම් කිරි වෙහෙරට ගොස් කිරිපිඩු පූජා කර පිංවන්ත දරුවෙකු ප්‍රර්ථනා කරන්න පුළුවන්.

5.නවගමුව පත්තිණි දේවාලය

 බබාලා නැති අයට කරන්න පුළුවන් දේවල් හා යා යුතු තැන්

ඡායාරූපය සදහා ස්තුතිය : මිහිතුරු

නවගමුව පත්තිනි දේවාලය පිහිටා තියෙන්නේ පරණ අවිස්සාවේල්ල පාරේ නවගමුව ප්‍රදේශයේයි.

පෝය දින හැරුණු විට සතියේ අනෙකුත් සෑම දිනකම පුජා වට්ටි පිදිම සිදු කරනවා.

නවගමුව දේවාලයේ දිනපතා තේවාව පෙරවරු 10ට පමණ ඓතිහාසික පුරාණ මහා පත්තිනි දේවාලයේ සිදු කරනවා

දරුවා බලාපොරොත්තු වෙන අම්මායි තාත්තායි දෙන්නාම සහභාගී වෙන්න. කහ මල්, කහ කොඩියක්, කහ මල් මාලයක් හා පළතුරු වට්ටියක් අරගෙන යන්න.

පුජාව අවසානයේදි කහ වතුරෙන් පිරිසිදු කල කාසියක් සුදු රෙදි කැබැල්ලක ගැට ගසා දරුවෙකු ලබා ගැනීම සදහා භාරවෙන්න. පත්තිනි කන්නලව්ව කරන්න.

සමහරු කිරි අම්මාවරුන්ගේ දානයක් ලබා දීමටද භාරවෙනවා.

6. කැබිලිත්ත දේවාලය

ජාතික වන උද්‍යානයට අයත් අංක 02 කලාපයේ කුඹුක්‌කන්ඔය ආසන්නයේ පිහිටා තියෙනවා.

මේ සදහා මුලින්ම  දරුවා බලාපොරොත්තු වෙන දෙමව්පියන් දෙදෙනාම මස් මාළු, මත්වතුර හා මත් ද්‍රව්‍ය වලින් තොරව පේ වෙන්න අවශ්‍ය වෙනවා.

ඉන්පසු දරුවා බලාපොරොත්තු වෙන පියාට මෙම දේවාල භූමියට ගොස් පිංවන්ත දරුවෙකු ප්‍රර්ථනා කර භාරවෙන්න පුළුවන්.

7.කෝනේෂරම් දේවාලය

ත්‍රිකුණාමලයේ පිහිටා ඇති මෙම හින්දු කෝවිලට දරුවෙක් ප්‍රර්ථනා කර භාරවෙන්න පුළුවන්. ඒ සදහා පූජා වට්ටියක් හා පඩුරක් රෑගෙන ගොස් භාර වෙන්න.

8.පින්වත්තේ මී ගහ කෝවිල

මෙම කෝවිලටද භාරවීමෙන් අනුහස් ලැබෙන බව අපගේ මිතුරු මවක් අප හා තොරතුරු බෙදාගනු ලැබුවා.

9.මිනුවන්ගොඩ ගලේ දේවාලය

ගම්පහ මිනුවන්ගොඩ පිහිටා ඇති ගලේ දේවාලය කපු මහතෙකු නොමැතිව පුද පූජා පැවැත්වෙන ස්ථානයකි.

දරුවන් නොමැති අයගේ ප්‍රර්ථනා මෙහි ගොස් භාර වීමෙන් ඉටුවෙන බව මිතුරු මවක අප හා බෙදාගත්තා. 

10.සීනිගම දේවාලය

සීනිගම පිහිටි සීනිගම දේවාලයද  දරු ඵල ප‍්‍රමාද මව්වරුන්ට දරුවන් ලබා දෙන බවට ප්‍රසිද්ධය. ඔබට මේ ස්ථානයටද භාරවෙන්න පුළුවන්.

11.කඩවත ඇල්දෙනිය ගර්භාෂ දේවමාතාවන්ගේ දේවස්ථානය

කතෝලික ‌දරුවන් ‌නොමැති ‌දෙමව්පියන් ඒ ප්‍රර්ථනාව ඉටුකරගන්න ‌දෙවියන් යදින භාරහාර වෙන ජනප්‍රිය ස්ථානයක් බව මිතුරු මවක් අප හා ‌තොරතුරු ‌බෙදාගත්තා.

දරුවන් අපගේ මහානර්ඝ වස්තුවයි. ඔබටත් පිංවන්ත දරුවෙකු ලැබේවා. ඔබේ කිරි සිහිනය සැබෑවේවා.

මෙම ලිපිය සැකසීමට ‌තොරතුරු ලබාදුන් හා අත්දැකීම් ‌බෙදාගත් සියලුම අම්මලාට අපගේ ස්තුතිය පුද කරනු ලබනවා.

ඔබත් දන්නා මෙවන් ස්ථාන තවත් ඇත්නම් පහතින් ඇති කමෙන්ට් තීරුවේ සටහන් කරමින් අපගේ මිතුරු මව්වරුන් හා බෙදාගන්න.

මුලාශ්‍ර- මුහුණු ‌පොතේ අම්මලාගේ අත්දැකීම් හා ‌තොරතුරු ඇසුරිනි.

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

Featured Image: Trip Advisor; Time Out; All about Sri Lanka

 
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මව්පදවිය
  • /
  •  බබාලා නැති අයට කරන්න පුළුවන් දේවල් හා යා යුතු තැන්
බෙදාගන්න :
  • කාන්තාවකගේ වඳභාවය පෙන්වන සලකුණු සහ රෝග ලක්ෂණ

    කාන්තාවකගේ වඳභාවය පෙන්වන සලකුණු සහ රෝග ලක්ෂණ

  • නොදැන දරුවන්ට ලබා දෙන වැරදි උපදෙස් 6ක්

    නොදැන දරුවන්ට ලබා දෙන වැරදි උපදෙස් 6ක්

  • කාන්තාවකගේ වඳභාවය පෙන්වන සලකුණු සහ රෝග ලක්ෂණ

    කාන්තාවකගේ වඳභාවය පෙන්වන සලකුණු සහ රෝග ලක්ෂණ

  • නොදැන දරුවන්ට ලබා දෙන වැරදි උපදෙස් 6ක්

    නොදැන දරුවන්ට ලබා දෙන වැරදි උපදෙස් 6ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it