theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අලුත උපන් බිළිඳාට එළකිරි නොදිය යුතු හේතු 5 ක්

3 අවම කියවීම
අලුත උපන් බිළිඳාට එළකිරි නොදිය යුතු හේතු 5 ක්අලුත උපන් බිළිඳාට එළකිරි නොදිය යුතු හේතු 5 ක්

අලුත උපන් දරුවෙකුට නම් කිසිසේත්ම එළකිරි දීම සුදුසු නැති අතර එය දිරවීමට දරුවාගේ ඉන්ද්‍රිය පද්ධතිය තවමත් සුදානම් නැහැ.

තවමත් බොහෝ සම්ප්‍රදායික ක්‍රම දරුවන් පෝෂණයේ දී සමහර දෙමාපියන් යොදාගන්නවා. නමුත් හොඳක් කරනවා කියා සිතුවත් ඉන් ඊට වඩා කරදර සිදුවෙන බව ඔවුන් නොසිතන්න පුළුවන්.  උදාහරණයක් හැටියට ඉන්දියාවේ හුඟක් අලුත උපන් දරුවන්ට එළකිරි ලබාදෙන අතර එළකිරි මව් කිරි වලට වඩා ගුණවත්ම පානය ලෙස මේ කොටස සිතුවත් සත්‍ය එය නොවෙයි.

අලුත උපන් දරුවෙකුට නම් කිසිසේත්ම එළකිරි දීම සුදුසු නැති අතර එය දිරවීමට දරුවාගේ ඉන්ද්‍රිය පද්ධතිය තවමත් සුදානම් නැහැ. ඒ වගේම එහි අඩංගු විය හැකි බැක්ටීරියාවන් දරුවාට හානිදායක විය හැකිය. වසරක් ගතවූ පසු දරුවාගේ රුචිකත්වය අනුව එළකිරි ලබාදීමේ වරදක් නැහැ. නව දිල්ලියේ PSRI රෝහලේ වෛද්‍ය රාහුල් පවසන ආකාරයට මව් කිරි වල දරුවාට අවශ්‍ය ප්‍රතිශක්තිය පෝෂණය දරුවාගේ වර්ධනයට ඉවහල් වනවා.

බබාට කිරි

එළ කිරි බිළිඳාට නුසුදුසු වන්නේ ඇයි?

දිරවීම අපහසුයි

බිළිඳුන්ට එළකිරි වල ඇති ඉහළ ප්‍රෝටීන් හා මිනරල් ප්‍රමාණයන් නිසා එය දිරවීම අපහසුයි. මේ නිසා තවමත් මෝරමින් තිබෙන වකුගඩු සඳහා හානිකර වෙන්න පුළුවන්. වෛද්‍ය මන්චන්දා පවසනවා. ඒ වගේම බිළිඳෙකුට අවශ්‍ය යකඩ, විටමින් C මව් කිරි වලින් ලැබෙන අතර එය වෙනත් කිරි වලින් ආදේශකයක් ලෙස ලබාගන්න බැහැ.

අලුත උපන් බිළිඳාට එළකිරි නොදිය යුතු හේතු 5 ක්

යකඩ ඌණතාවට දැඩි බලපෑම් ඇති කරයි

මේ අතර එළකිරි නිසා රක්තහීනතාවය දරුවන් තුළ ඇතිවීමේ අවධානම හා රුධිරය අඩුවීමේ අවධානමක් ඇති බව පැවසෙනවා. ඉන් දරුවාගේ වර්ධනයට අවශ්‍ය යකඩ ප්‍රමාණය නොලැබී යනවා.

ඒ වගේම සමහර දරුවන්ට එනම් 40% ක් දරුවන්ට එළකිරි ලබාදීමෙන් ගැටළු මතුවී තිබෙනවා. බඩේ වේදනා, බඩයාම, ආම්ලික ගතිය ආදිය කෑම දිරවීම නිසා ඇති වෙන්න පුළුවන්.

බිළිඳුන් තුළ අසාත්මිකතා ඇතිවෙන්න පුළුවන්

කිරි ප්‍රෝටීන් වලට ඇති අසාත්මිකතාවයන් කුඩා කල සිටම බලපාන්න පුළුවන්. විද්‍යාඥයන් පවසන ආකාරයට මව් කිරි නොමැතිනම් යකඩ අඩංගු ළදරු කිරි පිටි දරුවාට ලබාදීම සුදුසු බවයි.

මව් කිරි වල ප්‍රෝටීන් මගින් 7% ක කැලරි ප්‍රමාණයක් ලැබෙන අතර මෙය එළකිරි වලට වඩා රසයත් ගුණයත් වැඩියි. මේ නිසා දරුවාට දිරවීමේ අපහසුතා ඇති කරනවා. කිරි කෑමට දීමෙනුත් දිරවීමේ අපහසුතා ඇති වන්නේ ඒ නිසයි. එළකිරි වලට වඩා මව්කිරි වල ඇමයිනෝ අම්ල ඇතුලත් වෙනවා. මෙම ඇමයිනෝ අම්ල අඩුබර උපත් දරුවන් සඳහා වැදගත් වෙනවා. ඊට අමතරව එළකිරි වලින් බඩේ අමාරු, බඩයාම, දිරවීමේ අපහසුතා අසාත්මිකතා, නහය බුරුල් වීම, හතිය, කනේ අසාදනයන්, දද, කුෂ්ඨ ඇති වීමට පුළුවන්.

සුදුසු මේද ප්‍රමාණය අඩංගු නොවන නිසා

එළකිරි වල නිතරම මේදය අඩුයි. එක ලෙස ඇති ද ඝන බව මේ බව තවත් තහවුරු කරනවා. වෛද්‍ය මතයට අනුව අවුරුදු දෙකට අඩු දරුවන්ට එම වයසේදී අවශ්‍ය නිසි පෝෂණය හොඳින්ම ලැබීම වැදගත් වෙනවා. එළකිරි දරුවන්ට ලබා නොදියයුතු තවත් හේතුවක් ලෙස මෙය දකින්න පුළුවන්.

අලුත උපන් බිළිඳාට එළකිරි නොදිය යුතු හේතු 5 ක්

මව්කිරි වලට සම කළ නොහැකියි

මව්කිරි වල ගුණයට සමකළ හැකි කිසිවක් නැති තරම්. ඒ වගේම මව් කිරි බිළිඳුන්ට අත්‍යවශ්‍ය බවත් එමගින් ලැබෙන ආරක්ෂාව හා පෝෂණය අතිමහත්. ලෝක සෞක්‍ය සංවිධානය ඇතුළු බොහෝ වෛද්‍යවරුන් මව්කිරි පමණක් මාස 6 ක් යනතුරු දරුවාට ලබාදීම නිර්දේශ කරන්නේ ඒ නිසයි.

නිසිකල නිසි ආහාර සුදුසු ලෙස ලබා දීම ජීවිත කාලයටම නිරෝගීව ඉන්න ලබාදෙන පදනමක්. මව්කිරි ඒ පදනමේ මූලාරම්භයයි. ශක්තිමත් මූලාරම්භයකට ඔබව යොමු කරන්න theAsianparent Sri Lanka මේ කරුණු ඉදිරිපත් කළා.

theIndusparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Avantika Kukreti

  • Home
  • /
  • ආහාර සහ පෝෂණය
  • /
  • අලුත උපන් බිළිඳාට එළකිරි නොදිය යුතු හේතු 5 ක්
බෙදාගන්න :
  • මව්කිරි, එළකිරි හා පිටිකිරි අන්වීක්ෂයේ ඇසින්

    මව්කිරි, එළකිරි හා පිටිකිරි අන්වීක්ෂයේ ඇසින්

  • රසයි වගේම ගුණයි: ඔබේ දරුවාට ස්මූදීස් (smoothies) වර්ග 4ක්

    රසයි වගේම ගුණයි: ඔබේ දරුවාට ස්මූදීස් (smoothies) වර්ග 4ක්

  • මව්කිරි, එළකිරි හා පිටිකිරි අන්වීක්ෂයේ ඇසින්

    මව්කිරි, එළකිරි හා පිටිකිරි අන්වීක්ෂයේ ඇසින්

  • රසයි වගේම ගුණයි: ඔබේ දරුවාට ස්මූදීස් (smoothies) වර්ග 4ක්

    රසයි වගේම ගුණයි: ඔබේ දරුවාට ස්මූදීස් (smoothies) වර්ග 4ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it