theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අවුරුද්දට අඩු දරුවන්ට පලතුරු යුෂ සුදුසු නැති බව වෛද්‍යවරුන්ගේ මතයයි

4 අවම කියවීම
අවුරුද්දට අඩු දරුවන්ට පලතුරු යුෂ සුදුසු නැති බව වෛද්‍යවරුන්ගේ මතයයිඅවුරුද්දට අඩු දරුවන්ට පලතුරු යුෂ සුදුසු නැති බව වෛද්‍යවරුන්ගේ මතයයි

ඇත්තවශයෙන් පලතුරු යුෂ දරුවන්ට සෞඛ්‍ය සම්පන්නද? මේ නිසා විශේෂඥයින් දරුවන්ගේ පලතුරු යුෂ භාවිතය පිලිබඳ මාර්ගෝපදේශ දැඩි කර ඇත.

පලතුරු යුෂ (fruit juice) පෝෂ්‍ය ගුණය වැඩි හා දරුවන්  කැමති දෙයක් ලෙස දෙමාපියන් විසින් සලකනු ලබයි. ඊලග පාර ඔබද අධික උෂ්ණත්වයට විසදුමක් ලෙස පලතුරු යුෂ කිරීමට පෙර  එහි අවාසනාවන්ත පැත්ත දෙවරක් සිතනු ඇත.

අවුරුද්දට අඩු දරුවන්ට පලතුරු යුෂ සුදුසු නැති බව වෛද්‍යවරුන්ගේ මතයයි

පලතුරු යුෂ පානය දෙමාපියන් හිතන තරම් ගුණාත්මක නැති බව ඇමරිකානු ළමයින් පිලිබඳ අධ්‍යනය ආයතනයක් විසින් පෙන්වා දෙන අතර පලතුරු යුෂ භාවිතය පිලිබඳ නව මාර්ගෝපදේශ හදුන්වා දී ඇත.ඔවුන් විසින් මේ සම්බන්ධයෙන් සියලුම වයස් වල දරුවන් සදහා පෙර පැවතියාට වඩා දැඩි නීති  නිර්දේශ කර තිබේ.

අලුත්ම වාර්තා පෙන්වා දෙන ආකාරයට පලතුරු යුෂ අපි හිතන විදියට සීයට සීයක් අලුත්  පලතුරු තරම් නැවුම් නැත . මෙම fruit juice වල විටමින් C හා කැල්සියම් වලින් අනූන වන නමුත් දරුවන්ගේ වර්ධනයට වැදගත් වන තන්තු  හා ප්‍රෝටීන් ප්‍රමාණය අඩුය.

ඒ වගේම වැඩි පුර පලතුරු යුෂ ලබා ගැනීමෙන් ඍනාත්මක ප්‍රතිඵල ලැබිය හැක. ආචාර්ය එල්සි තවේරාස් වෙනස් වීම් පිලිබඳ The Straits Times වෙත ප්‍රකාශයක් කරමින්  මෙසේ කියා  තිබෙනවා."අපේ අධ්‍යනයන්ට අනුව ජීවිතයේ මුලික අවධියේ වැඩි වශයෙන් juice බීමට පුරුදු වුන දරුවන් පසු කාලයේදී සෝඩා ඇතුලු පැණි බීම සදහා වැඩි නැඹුරුතාවක් දක්වන බව හෙලී වී ඇත."

වයස අනුව බෙදා වෙන් කරන ලද දරුවන් සදහා වු මේ මාර්ගෝපදේශ මේ සමග ඉදිරිපත් කර ඇත.

අවුරුද්දට අඩු දරුවන්ට පලතුරු යුෂ සුදුසු නැති බව වෛද්‍යවරුන්ගේ මතයයි

වයස අවුරුදු එකට අඩු කුඩා දරුවන්

 මලබද්ධය වැනි රෝගී අවස්ථාවකදී ලබා දුන් වෛද්‍ය උපදෙස් මත හැර කිසිම විටෙකදී අවුරුද්දට අඩු දරුවන්ට fruit juice ලබා නොදෙන්න.

පෙරදී American Association of Pediatrics (AAP) විසින් මාස හයට අඩු දරුවන්ට පමණක්  juice ලබා නොදෙන ලෙස උපදෙස් දී තිබුනි. නමුත් fruit juice භාවිතය හා තරබාරු වීම,දත් කුහර ඇතිවීම අතර සම්බන්ධතාවයක් නව පරීක්ෂණ මගින්  දැන් සොයා ගෙන ඇත.

පලතුරු යුෂ පෝෂ්‍ය ගුණයෙන් අනුනයැයි සැලකුවද වයස අවුරුදු එකට අඩු දරුවන්ගේ පෝෂණය සම්බන්ධයෙන් කිසිදු කාර්යභාරය නොකරන බව වාර්තා මගින් පෙන්වා දෙයි. ඒ වගේම මේ මිල අධික දරුවන් සදහා සකස් කරන ලද යැයි පවසන පලතුරු යුෂ නිෂ්පාදන වලින් දරුවන්ට කිසිම ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ.

වයස අවුරුදු එකේ සිට තුන දක්වා දරුවන්

මේ දරුවන් සදහා juice නිෂ්පාදන භාවිතය අවුන්ස හතරකට අඩු විය යුතු අතර මිලි ලීටර් වලින් නම් එය 118 ක් වේ.

තරමක් වැඩුණු දරුවන්ට දවස පුරා ජලය සමග හෝ නිදාගන්නා වේලාවන්හිදී පලතුරු යුෂ ලබා දීම සුදුසු නොවන බව පරීක්ෂණ සනාථ කර ඇත. එමගින් දරුවන්ගේ දත් අතර රැදෙන පිෂ්ටය නිසා දත්වල කුහර ඇති වීමට හේතුවක් විය හැක.

ඒ වගේම කලබලකාරී දරුවන් සංසුන් කිරීමටත් බඩේ අජීර්ණ අවස්ථාවන්හිදීද දෙමාපියන් මෙය භාවිතයෙන් වැලකිය යුතුය .ඒ වගේම ප්‍රමාණය ඉක්මවා juice පානය නිසා බඩේ අජීර්ණ හා අපහසුතා ඇති වීමට ඉඩ ඇත .

අවුරුදු හතරේ සිට හය දක්වා දරුවන්

දවසේ fruit juice භාවිතය අවුන්ස හතරත් හයත් අතර වේ. එය මිලි ලීටර් වලින් නම් 118 ත් 177 අතර වේ.

අවුරුදු හතත් දහ අටත් අතර දරුවන්

දිනපතා juice භාවිතය අවුන්ස අට නොඉක්මවිය යුතු අතර මිලි ලීටර් වලින් නම් එය 236 වේ. මෙම කෝප්පයක ප්‍රමාණයද දිනකට නිර්දේශිත පලතුරු භාවිතය කෝප්ප දෙකක් දෙකහමාරක් අතර ප්‍රමාණයට අයත් වේ.

ඔබ තවදුරටත් පැහැදිලි කිරීමට කැමති නම් ඇමරිකානු ළමයින් පිලිබඳ  අධ්‍යන අංශයේ වෙනස්වීම ලෙස සාරාංශ ගත කර ඇති පහත විඩියෝව බලන්න .

අවුරුද්දට අඩු දරුවන්ට පලතුරු යුෂ සුදුසු නැති බව වෛද්‍යවරුන්ගේ මතයයි

දෙමාපියන්ට උපදෙස්

මෙහි ඇති උපදෙස් ඔබට හා ඔබේ පවුලට පලතුරු යුෂ භාවිතය පිලිබඳ නව මාර්ගෝපදේශ සදහා හුරු වීමට මග පෙන්නාවි.

  • පලතුරු යුෂ වෙනුවට කිරි හෝ ජලය දෙන්න

මේද අඩු හෝ මේද රහිත කිරි  පලතුරු යුෂ භාවිතයෙන් ඈත් කිරිමට යොදා ගන්න පුලුවන් .ඒ වගේම කියන්න ඕනි වතුර වීදුරුවකින් ලැබෙන නැවුම් බව වෙන කිසිවකින් ලබා ගන්න බෑ.

  • අලුත් පලතුරු භාවිතයට හුරු වීම

දරුවෙකුගේ කෑම වේලකට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයන් බොහොමයකින් හා තන්තු වලින් නැවුම් පලතුරු සමන්විත වේ. ඔබට  දරුවාට ගිලීමට පහසු වෙන ලෙස පොඩි කර ගත් හෝ මිරිකා ගත් පලතුරු ලබා දිය හැක .ඔබ කිරී වැරීම ආරම්භ කර ඇත්නම් දරුවාට පලතුරු කුඩා කැබලි ලෙසද ලබා දිය හැක.

  • තනුක කරන්න එපා

Fruit juice ජලය සමග මිශ්‍ර කිරීමෙන් මෙම මාර්ගෝපදේශ අභිබවා යා යැයි ඔබ සිතනවා වන්නට පුලුවන. නමුත් අවාසනාවකට මෙම තනුක කිරීම මගින් ඔබේ දරුවාගේ දත් වලට වන හානිය අඩු නොවන බව වාර්තා මගින් පෙන්වා දෙනවා.

  • යුෂ කිරීම වෙනුවට පලතුරු පොඩි කර ගන්න.

 යුෂ බවට පත් කිරීමේදී පලතුරු වල තන්තු විනාශ වන අතර පොඩි කර ගත් විට එසේ නොවේ.

  • පලතුරු ආහාරයට දීමෙන් පැයකට පසු දත් මදින්න.

Fruit juice මගින් දත් නරක් වීම වලක්වන එනමලය මෘදු කරනු ලබයි .එම නිසා එම එනමලය නැවත ඝන වීමට ඉඩ සලසා දෙමින් දත් මැදීම පැයක් පමණ ප්‍රමාද කරන්න .

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ආහාර සහ පෝෂණය
  • /
  • අවුරුද්දට අඩු දරුවන්ට පලතුරු යුෂ සුදුසු නැති බව වෛද්‍යවරුන්ගේ මතයයි
බෙදාගන්න :
  • වස විස නැති එළවළු, පලතුරු ගෙදරම වවලා බයක් නැතිව දරුවන්ට දෙමුද?

    වස විස නැති එළවළු, පලතුරු ගෙදරම වවලා බයක් නැතිව දරුවන්ට දෙමුද?

  • බබාට පලතුරු නිවැරදි ආකාරයෙන් දිය යුත්තේ කෙසේද?

    බබාට පලතුරු නිවැරදි ආකාරයෙන් දිය යුත්තේ කෙසේද?

  • වස විස නැති එළවළු, පලතුරු ගෙදරම වවලා බයක් නැතිව දරුවන්ට දෙමුද?

    වස විස නැති එළවළු, පලතුරු ගෙදරම වවලා බයක් නැතිව දරුවන්ට දෙමුද?

  • බබාට පලතුරු නිවැරදි ආකාරයෙන් දිය යුත්තේ කෙසේද?

    බබාට පලතුරු නිවැරදි ආකාරයෙන් දිය යුත්තේ කෙසේද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it