මේ 77 හැවිරිදි කාන්තාව විවාහ නොවීම ගැන කිසිසේත් පසු තැවෙන්නේ නැත්තේ ඇයි?

මේ 77 හැවිරිදි කාන්තාව විවාහ නොවීම ගැන කිසිසේත් පසු තැවෙන්නේ නැත්තේ ඇයි?

පැහැදිළිවම විවාහයට වඩා ජීවිතයේ තවත් වැදගත් දේ තිබෙනවා!

ගැහැණු දරුවෙක් ඉපදෙන කොටම ඔවුන්ට ඉක්මනින් හොඳ විවාහයක් කරදීම අරමුණු කරගත් සමාජයක, අවුරුදු 77 ක් වන මේ කාන්තාව විවාහ නොවීම ගැන ඇය ගත් තීරණය ගැන තම සතුට සැනසීම විස්තර කරනවා.

මේ 77 හැවිරිදි ප්‍රීතිමත් කාන්තාව ඇගේ විවාහ නොවීම කතාව Humans of Bombay Series හි දක්වා ඇති අතර ෆේස් බුක් හරහා එයට ඉතා ඉහළ ප්‍රතිචාර ලැබී තිබුනේ මේ සාමාන්‍ය මිනිසුන්ගේ අසාමාන්‍ය ජීවන කතාවක් නිසයි. මෙහි ඇරඹුම වන්නේ ඇය වෘත්තීය තේරීම් කිරීමට එළඹීමත් සමගයි. ඇගේ මේ අත්දැකීම් සමග ඇය විවාහයක් ගැන නොසිතීම ගැන විස්තර කරනවා.

www.facebook.com/humansofbombay/photos/a.188058468069805.1073741828.188056068070045/522411557967826/?type=3

මම කවදාවත් විවාහ වුනේ නැහැ. ඒත් මම ඉතාම ආදරණිය පවුලක හැදී වැඩුනා. මට බාල සහෝදරයන් හතර දෙනෙක් ඉන්නවා. ඔවුන් තාමත් එදා වගේම ආදරෙන් ඉන්නවා. ඒ වගේම ආදරේ නිසා මාව තරමක් නරක් කරන්නෙත් ඔවුන්ම තමයි.

ඇය වැඩිපුරම සතුටට පත්වූ දවස ඇගේ පවුලේ අය ඇය වෙනුවෙන් සුදානම් කළ 75 වන උපන්දින සාදය බව ඇය පවසනවා. ඔවුන් මාව පුදුමයට පත්කරමින් විශාල ශාලාවක බැලුම් ගොඩක් සහ ලොකු කේක් එකක් හදලා හුඟක් සතුටට පත් කළා. හැමෝම එක්ක ජීවත් වෙන්න ලැබීම මම ලැබූ උපරිම සතුටයි. එය මගේ ජීවිතයේ වැඩියෙන්ම සතුටට පත් කළ දවසයි, ඇය පවසනවා.

දැන් ඇය ඇගේ 75 වන වියට එළඹෙන සහෝදරයා වෙනුවෙන් එවැනිම සුන්දර උපන්දින සාදයක් සුදානම් කරමින් ඉන්නේ. ඔහුවත් ඒ වගේම සතුටට පත් කරන්නයි. මගේ ළඟ 1000 කට වැඩිය අපේ පුංචි කාලේ පින්තූර එකතුවක් තියෙනවා.

ඒවා කපලා අලවලා ඔහුව පුදුමයට පත් කරන්න මම සිතාගෙන ඉන්නවා. මේ කතාව විවාහයට වඩා කාන්තාවක් සතුටට පත්වන තවත් බොහෝ දේ ඇති බව කියවෙන කදිම නිදසුනක්.

කාන්තාවක් විවාහයෙන්ම කොටුවෙනවට වඩා නිදහස ඇයට ලැබීම කෙනෙක් අගයන්න පුළුවන්. ඉතින් ඇගේ නිදහසට ගරු කිරීම සමාජයේ වගකීමක්. කවදත් වගකීම් යුතුකම් ගැන කතා කරන theAsianparent Sri Lanka මේ අදහස ඔබට ගෙන ආවා.

theIndusParent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

 

Any views or opinions expressed in this article are personal and belong solely to the author; and do not represent those of theAsianparent or its clients.
කතන්දර ලිපි