theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබේ දරුවාට කොට්ටයක් නොදෙන්න හේතු 5 ක් මෙන්න

5 අවම කියවීම
ඔබේ දරුවාට කොට්ටයක් නොදෙන්න හේතු 5 ක් මෙන්නඔබේ දරුවාට කොට්ටයක් නොදෙන්න හේතු 5 ක් මෙන්න

ඔබේ අලුත උපන් දරුවාට කොට්ටයක් ගන්න ඔබ නොඉවසිලිමත්ද?

බබාට කොට්ටයක් නැති වුනොත් ලොකු හානියක් වෙයි කියා හිතනවාද?

ඒත් ඔබ බොහොමයක් දෙනා හිතනවා වගේ ඇත්තටම ළදරුවන්ව කොට්ටයක් මත තියන්න අවශ්‍ය නැහැ.

ඒ වගේම ඔබේ දරුවා ඉපදි මුල් අවුරුදු දෙක තුල කොට්ටයෙන් ඈත් කර තැබීම ආරක්ෂිතයි. අපි ඇයි එහෙම කියන්නේ කියලා ඔබ දැන් හිතනවාද?

එහෙනම් මේ හේතු 5 ත් කියවලාම බලන්නකෝ.

ඔබේ ළදරුවාට කොට්ටයක් නොදෙන්න හේතු 5

1.ඔබේ දරුවාට කොට්ටයක් ලබා දීමෙන් හුස්ම හිරවෙන්න පුළුවන්

ඔබේ දරුවාට කොට්ටයක් නොදෙන්න හේතු 5 ක් මෙන්න

ඔබේ පුංචි පැටියාට කොට්ටයක් නැතුව නිදා ගන්න අපහසු වේවි කියලා ඔබට හිතෙනවා ඇති නේද? 

සමහර විට දරුවාට හිසට පමණක් නොවෙයි දරුවා දෙපසින් කොට්ට දෙකක් තියන්න තරම් ඔබ උනන්දුයි.

ඔබ මේ සේරම කරන්නේ ඔබේ දරුවාගේ සුවපහසුව වෙනුවෙන් කියලාත් අපි දන්නවා. ඒත් ඇත්ත ඊට වඩා හාත්පසින්ම වෙනස් කිව්වොත් ඔබ පුදුම වේවි.

ඇත්තටම ඔබ ඔබේ දරුවා කොට්ටයක් නැතුව සුවපහසුව හා ආරක්ෂිතව නිදා ගන්නවා. 

බලන්න, ඔබේ දරුවා කොට්ටයක් මත නිදාගන්නා විට ඔහුගේ හිස කොට්ටය තුල ගිලෙනවා නේද?

එවිට  දරුවා හිස දෙපසට හරවන විට ඔහුගේ සියුම් නාස්පුඩු අවහිර කරන්න පුළුවන්.

එවන් අවස්ථාවක දරුවාගේ නාසය හිරවී හුස්ම හිරවෙන්න පුළුවන්. හුස්ම හිරවීමේ අනතුරු බොහොමයක් මාරාන්තික බවද අමතක නොකරන්න.

දරුවාගේ තොටිල්ලෙන් කොට්ට පමණක් නොවෙයි ඇතිරිලි, මෘදු සෙල්ලම් බඩු සියල්ලම ඉවත් කරන්න කියන්නේ අන්න ඒ නිසයි.

2.ඔබේ දරුවාට කොට්ටයක් ලබා දීමෙන් හදිසි මරණ සින්ඩ්‍රෝමය (SIDS) ඉහළ නංවනවා

හිරවීමේ අනතුරු වලට අමතරව කොට්ටයක් තැබීම දරුවන්ගේ හදිසි මරණ සින්ඩ්‍රොමය (SIDS) ඉහළ නංවනවා.

දැන් ඔබ කල්පනා කරනවා ඇති මොකද්ද මේ හදිසි මරණ සින්ඩ්‍රෝමය කියන්නේ කියලා නේද?

හදිසි මරණ සින්ඩ්‍රෝමය කියන්නේ අවුරුද්දට අඩු නිරෝගි දරුවන් හේතු රහිතව නින්දෙන්ම මිය යාමයි.

මෙයට හේතුව හදුනාගෙන නොමැති වුවත් එය මොළයේ ශ්වසනය හා නින්දෙන් අවදීවිම සම්බන්ධ කොටස් වල අඩුපාඩු නිසා ඇතිවන්නක් වෙන්න පුළුවන්.

ළදරුවන්ට කොට්ටයක් ලබා දීමෙන් මෙවැනි ආකාරයට අනපේක්ෂිතව මිය යැම් ක්‍රම ගණනාවකට වෙන්න පුළුවන්.

පළමුවැන්න මෙම කොට්ට ස්පොන්ජ් හා තාපය රදවා ගන්නා පබළු යොදා ඇති ඒවා නම් ඒවා පළුදු වීමෙන් එම අනතුරුදායක දේවල් එලියට එන්න පුළුවන්.

එම ද්‍රව්‍ය දරුවා හිරකර ගැනීමේ අවදානමක් තියෙනවා.

ඔබේ දරුවාගේ හිසට අධාරකයක් වශයෙන් තබන අශ්ව ලාඩම් හැඩැති කොට්ට නිසා දරුවාගේ චලනයන් අවහිර වෙන්න පුළුවන්.

කෙසේ ‌වෙතත් ඔබේ දරුවා අනපේක්ෂිත අනතුරු වල ‌නොහෙලා දරුවා ඍජු හා සමතලා පෘෂ්ටයක ඇද ඇතිරිලි හා ‌කොට්ට වලින් ‌තොරව නිදි කරවීමට ‌මෙය ‌හොද ‌හේතුවක් ‌නේද?

3.එය අධිකව උණුසුම් වෙන්න හේතු වෙන්න පුළුවන්

ගොඩාක් කොට්ට මනස්කාන්ත විදියට නිෂ්පාදනය කරලා තියෙනවා.

එහිදි ඒ ලස්සන ලබා ගන්න කොට්න් රෙදි වෙනුවට ගොඩාක් දුරට පොලියස්ටර් හෝ වෙනත් රෙදි වර්ග යොදා ගන්නවා. 

ලස්සන කොට්ටයකට ඔබේ වුනත් නෙත් ඇදිලා යනවා නේද? ඉතින් මේ වගේ දහඩිය උරාගන්නේ නැති කොට්ටයක් මත හිස තැබීමෙන් දරුවාගේ සිරුරේ තාපය ඉහළ පහල යන්න පුළුවන්.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

ඒ නිසා අධික දහඩිය දැමීම හෝ අධික උෂ්ණත්වය නිසා දරුවාගේ ජිවිතයට තර්ජනයක් විය හැකි ඒ වගේම මාරාන්තික විය හැකි  හයිපර්තර්මියා තත්වය ඇතිවීමට හේතුවෙන්න පුළුවන්.

ඒ නිසා ඔබේ දරුවා අනවශ්‍ය ලෙස කොට්ටයක් මත තැබීමෙන් වළකින්න ඔබට පුළුවන්.

4.බබාගේ බෙල්ල උළුක්කු වෙන්න පුළුවන්

මේ අත්දැකීම නම් වැඩිහිටි අපිටත් අලුත් අත්දැකීමක් නෙමෙයිනේ නේද?

දරුවන්ගේ කොට්ට බොහොමයක් පැතිලි නොවන අතර ඒවා පුළුන් පුරවා සකස් කර තියෙනවා.

ඒනිසා දරුවා දිගු පැය ගණනක් ඒ මත නිදාගන්නා විට දරුවාගේ බෙල්ල උළුක්කු වෙන්න පුළුවන්.

එයට හේතුව වන්නේ කොට්ටය මත බෙල්ල පිහිටිය හැකි අසීරු ඉරියව්වයි.

ඔබේ දරුවාට එවන් අනවශ්‍ය වේදනාවන් ලබා දීම අවශ්‍ය නැහැ නේද? බබාගේ හිස කොට්ටයකින් තොරව ආරක්ෂිත ඉරියව්වකින් තැබීමට නිතර වගබලාගන්න.

5.ඔබේ දරුවාට කොට්ටයක් ලබා දීමෙන් පැතලි හිස් සිනඩ්‍රෝමය නම් තත්වය ඇතිවෙන්න පුළුවන්

ඔබේ දරුවාට කොට්ටයක් නොදෙන්න හේතු 5 ක් මෙන්න

හදිසි මරණ සින්ඩ්‍රොමය ඇතිවීම වැළැක්වීමට අපි දරුවා කොට්ටයක් මත තබන විට උඩුකුරුව නිදි කරවනවා නේද?

දරුවා දිගු පැය ගණනක් උඩු අතට නිදාගෙන සිටින විට හිස පිටුපසට පීඩනයක් ඇතිවෙනවා.

කාලයක් තිස්සේ එසේ වෙන විට හිස පිටුපස හැඩය පැතිලි හැඩයක් අරගන්න පුළුවන්. මේ තත්වය පැතලි හිස් සින්ඩ්‍රොමය නම් වෙනවා.

හිසෙහි ඕනෑම තැනක පැතලි ප්‍රදේශයක් ලෙස දිස්වීම මෙහි ප්‍රධාන සාධකයක් ලෙස දිස් වේ.

ඒ නිසා ඔ‌බේ දරුවා ‌කොට්ටයක් මත නිදි කරවන්න එපා. දරුවා නිදා සිටින විට හිසේ ඉරියව්ව නැත්නම් පැත්ත මාරු කරන්න.

කොට්ටයක් බබාට දෙන්න එපා කියන්න හේතු 5 ක් ඔන්න අපි අරගෙන ආවා.

දැන් මොකද ඔබට හිතෙන්නේ පහලින් ඔබේ අදහස් සටහන් කර යන්න අමතක කරන්න එපා.

අපි ඔබට දරුවා ආරක්ෂිතව නිදිකරවීමට ඉගි කිහිපයක් දෙන්න සුදානම්. එහෙනම් ඒ තොරතුරු ටිකත් මේ සමගම දැනුවත් වෙමු නේද?

ඔබේ දරුවාට ආරක්ෂිත නින්දක් ලබා දීමට නම්

ඔබේ දරුවාට කොට්ටයක් නොදෙන්න හේතු 5 ක් මෙන්න

  • සෑම විටම ඔබේ දරුවා මුනින් අතට නිදි කරවන්නේ නැතුව උඩු අතට නිදි කරවන්න
  • දරුවාට වයස අවුරුදු දෙක වෙන තුරු කොට්ට භාවිතා කරන්න එපා..
  • ඔබේ ළදරුවාට පවා කොට්ටයක් තෝරා ගන්නා විට, ඍජු හා පැතලි කොට්ටයක් තෝරාගන්න.
  • දරුවාගේ හිස එක් විශේෂිත පැත්තකට දිගු වේලාවක් ඒ කියන්නේ පැය දෙකකට වඩා වැඩි කාලයක් හරවිලා තිබේ නම්, පීඩනය හේතුවෙන් පැතලි හිස් සින්ඩ්‍රෝමය  ඇතිවීම වළක්වා ගැනීම සඳහා ඉරියව්ව නැත්තම් හිසේ පැත්ත වෙනස් කරන්න.
  • ඔබේ දරුවාගේ තොටිල්ල ඔබේ ඇඳ අසල තබාගන්න.
  •  එය ඔබේ කාමරයේ හීටර් හෝ වෙනත් ඉලෙක්ට්‍රොනික උපකරණ වලින් ඈත්කර තබන්න.

ඔ‌බේ දරුවා ආරක්ෂිතව නිදි කරන්න දැන් ඔබට පුළුවන් ‌නේද?

මේ තොරතුරු ඔබට වැදගත් වේවියැයි අපි හිතනවා. ඔබටත් අදහසක් දක්වන්න අවශ්‍යයද?

නැත්නම් ගැටලුවක් තියෙනවාද? ඒ සදහා පහත කමෙන්ට් තීරුව භාවිතා කර ඒ තොරතුරු අප වෙත එවන්න අමතක කරන්න එපා.

මුලාශ්‍ර

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • දෙමාපියන්ට උපදෙස්
  • /
  • ඔබේ දරුවාට කොට්ටයක් නොදෙන්න හේතු 5 ක් මෙන්න
බෙදාගන්න :
  • බබාලගේ සහ බිළිඳුන්ගේ ඇඟේ වික්ස් තැවරීම හොඳ නැත්තේ ඇයි?

    බබාලගේ සහ බිළිඳුන්ගේ ඇඟේ වික්ස් තැවරීම හොඳ නැත්තේ ඇයි?

  • පැටියාගේ දත් එන කාලෙට ඔබට ප්‍රතික්ෂේප කළ නොහැකි සලකුණු 7 ක්

    පැටියාගේ දත් එන කාලෙට ඔබට ප්‍රතික්ෂේප කළ නොහැකි සලකුණු 7 ක්

  • බබාලගේ සහ බිළිඳුන්ගේ ඇඟේ වික්ස් තැවරීම හොඳ නැත්තේ ඇයි?

    බබාලගේ සහ බිළිඳුන්ගේ ඇඟේ වික්ස් තැවරීම හොඳ නැත්තේ ඇයි?

  • පැටියාගේ දත් එන කාලෙට ඔබට ප්‍රතික්ෂේප කළ නොහැකි සලකුණු 7 ක්

    පැටියාගේ දත් එන කාලෙට ඔබට ප්‍රතික්ෂේප කළ නොහැකි සලකුණු 7 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it